වගකීමෙන් තොර ෆාමසි උපදෙස්
ඖෂධ භාවිතය සහ ඖෂධ වෙළෙඳසල්වල අනුගමනය කරනු ලබන පිළිවෙත් වැනි කරුණු මා විසින් මෙතෙක් පුවත්පතකට ලියනු ලැබ නොමැති විෂයයන් අතර වේ. එවැනි විෂයයක් පිළිබඳව ලිවීම සඳහා එම විෂයය පිළිබඳව අධ්‍යයනයක් කර නොමැත්තෙමි. එහෙත් ඒ නුපුරුදු විෂයය පිළිබඳව යමක් ලිවීමට දැන් සිදු වී තිබේ. ඒ පෞද්ගලිකව අත්විඳීමට සිදු වූ අත්දැකීමක් හා එතුළ ගැබ් ව ඇති පෞද්ගලිකත්වය ඉක්මවා ගිය වැදගත්කම නිසා ය.
මේ ලිපියට වස්තු බීජය වන්නේ වෛද්‍යවරයකු විසින් අප ගේ කුඩා දියණියට නියම කරන ලද ඔසුවක් මිල දී ගැනීම සඳහා එම බෙහෙත් වට්ටෝරුව ද රැගෙන පෞද්ගලික ඔසු වෙළෙඳ සලකට (ෆාමසියකට) යැම ය. කොළඹට නුදුරු ව පිහිටි මේ ඔසුසල සාමාන්‍යයෙන් අප ඖෂධ මිල දී ගැනීමට යනෙන සුපුරුදු ඔසු සලකි. එහි දී මා ලබා දුන් බෙහෙත් වට්ටෝරුවට අදාළ ඖෂධය මා වෙත ලබා දෙන ලදි. එය දියරමය ඖෂධයක් විය. ඒ කාර්යයේ යෙදුණේ අදාළ ඔසුසලේ සිටි නවක වෙළෙඳ සේවිකාවකි. මින් පෙර එම ඔසු වර්ගය දියණියට ලබා දී නොමැති නිසා මම එය ලබා දිය යුතු ආකාරය හා මාත්‍රාව පිළිබඳව ඇගෙන් විමසා සිටියෙමි. අදාළ සේවිකාව එහි සිටි ජ්‍යෙෂ්ඨ සේවකයකු ගෙන් ද විමසා අදාළ ආවරණයේ ඇතුළු පැත්තේ උපදෙස් ලියා දුන්නා ය. එහි සඳහන් වූයේ "තේ හැඳි 1/2 බැගින් දවසට තුන් වරක් පළමු වැනි දවස බෝත(ල)ය සොල(වන්න)" යනුවෙනි. (ඡායාරූපය 1). ඇය ඒ බව මා හට වචනයෙන් ද පැවසූ අතර මුල් වරට ලබා දීමෙන් දින හතකට පසුව යළිත් එසේම තුන් වරක් ලබා දිය යුතු බව ද කීවා ය.
සාමාන්‍යයෙන් ඖෂධ, ආහාර හා වෙනත් වෙළෙඳ භාණ්ඩ මිල දී ගත් විට එහි ආවරණයේ ඇතුළත් උපදෙස් හා ආවරණයේ සඳහන් දේ කියවීම මම සිරිතක් ලෙස සිදු කරමි. මේ නිසා ම දියණියට ලබා දුන් බෙහෙතේ ආවරණය ද කියවූයෙමි. එහි සඳහන් එක් වැකියක් කෙරේ මගේ අවධානය යොමු විය. එහි සඳහන් වූයේ තනි මාත්‍රාවක ප්‍රතිකාරයක් යන අරුත් දෙන Single dose treatment යන වැකියයි (ඡායාරූපය 2). ඒ අනුව අදාළ ඔසු සලෙන් මා වෙත ලියා දුන් උපදේශය වැරැදි බව මට පැහැදිලි විය. මේ නිසා වහාම ළමා රෝග වෛද්‍යවරයා හමු වී මේ බව දැන්වූ අවස්ථාවේ ඔහු අදාළ ඖෂධ වෙළෙඳසල මගින් සිදු කර ඇති වරදේ තරම පෙන්වා දුන්නේ ය.
වෛද්‍යවරයා ලබා දුන් බෙහෙත් වට්ටෝරුවේ සඳහන් වූයේ (ඡායාරූපය 3) පළමු දින තේ හැඳි භාගයක් (1/2 tsp D1) යනුවෙන් හා දින හතකින් තේ හැඳි භාගයක් (1/2 tsp D7) යනුවෙනි. දිනකට තුන්වරක් යන අරුත් දෙනtds හෝ tdi යන්න එහි සඳහන් නො වී ය. පසුව දැනගන්නට ලැබුණු ආකාරයට අදාළ ඔසු සලේ සිටි සේවිකාව සුදුසුකම් ලත් ඖෂධවේදිනියක් ද වන්නී ය.
මෙහි ඇති වැදගත් කරුණ වන්නේ අදාළ මාත්‍රාව ඉක්මවා උක්ත ඔසුව ලබා දුන්නේ නම් ඇති විය හැකි ව තිබූ තත්ත්වයයි. සාමාන්‍යයෙන් ඖෂධවල මාත්‍රාව නියම කරනු ලබන්නේ දේහ බර අනුව ය. එය රෝගියා ගේ වයස හා දේහ බර යන සාධක මත තීරණය වේ. දරුවන්ට හා වැඩිහිටියන්ට එක ම ඔසුවක් ලබා දෙන අවස්ථාවල දරුවන්ට ලබා දෙන මාත්‍රාව බොහෝ අඩු ය. අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි මාත්‍රාවක් ලබා දීමෙන් විවිධ ආබාධ ඇති වීමේ ඉඩක් පවතී. මේ නිසා බෙහෙත් නියම කරන වෛද්‍යවරයා ගෙන් ඒ අවස්ථාවේ දී ම අදාළ බෙහෙත් ලබා ගන්නා ආකාරය පිළිබඳව විමසා සිටීම මේ තත්ත්වය වළක්වාගැනීම සඳහා හොඳ ම ක්‍රමයයි. ඒ උපදෙස් හා ඖෂධවේදියා බෙහෙත් ගත යුතු ආකාරය සඳහන් කරන ආකාරය සංසන්දනය කිරීම පසුව සිදු කළ හැකි ය.
වරදින්නේ කාට ද?
මේ අත්දැකීම මට සිහිපත් කළේ වසර ගණනාවකට පෙර සිංහල පුවත්පතක පළ වූ සිØවීමකි. එය වෛද්‍යවරයකු අතපසු වීමකින් වැරැදි ඔසුවක් නියම කිරීමක් හා සම්බන්ධ සිදුවීමකි. මතකයේ හැටියට වයඹ පළාතේ වෙරළාශ්‍රිත ප්‍රදේශයක දී වූ එම සිදුවීමේ දී පෞද්ගලික වෛද්‍යවරයකු වෙත ප්‍රතිකාර ගැනීමට රැගෙන ආ ළදරුවකු ගේ රෝගී තත්ත්වයක් සඳහා නියම කර තිබුණේ ඉස්සන්ට ලබා දෙන බෙහෙතකි. වෛද්‍යවරයා ඉස්සන් වගාවේ යෙදුණු අයකු වූ අතර එම ළදරුවාට ප්‍රතිකාර නියම කරන අවස්ථාවේ දී ඔහු තවත් මිතුරකු සමඟ ඉස්සන් වගාවට වැළඳෙන රෝග පිළිබඳව සාකච්ඡාවක යෙදී සිට ඇත. වාසනාවකට මෙන් ළදරුවා ගේ මව බෙහෙත් මිල දී ගැනීමට ගිය ඔසු වෙළෙඳසලේ සිටි ඖෂධවේදියා මේ ඖෂධය වැරැදීමකින් නියම කරන්නට ඇති බවට සැක කර ඒ පිළිබඳව විමසීමක් කර තිබේ. ඒ නිසා වීමට ගිය අවාසනාවන්ත සිදුවීමක් වළක්වාගත හැකි විය.
මේ ආකාරයෙන් අපට විටින් විට කියවන්නට හා අසන්නට ලැබෙන්නේ වෛද්‍යවරුන්ට සිදු වන වැරැදීම් නිසා වන අවාසනාවන්ත සිදුවීම් පිළිබඳව ය. ඖෂධ අලෙවිසල්වල සිදු වන
වැරැදීම් ගැන අසන්නට කියවන්නට ලැබෙන්නේ අඩුවෙනි. එහෙත් ඒ ගැන ද අපේ අවධානය යොමු විය යුතු බව මට සිතුණේ මා ද අත්විඳි අත්දැකීමෙන් පසුව ය.
අපේ රටේ ඖෂධ වෙළෙඳසල්වල පිළිවෙත්
මේ පිළිබඳව කරුණු සොයා බැලූ මට දැනගන්නට ලැබුණේ ඖෂධ වෙළෙඳසලක් පවත්වාගෙන යැමට බලපත්‍රයක් අවශ්‍ය බවත් එසේ ම සුදුසුකම්ලත් ලියාපදිංචි ඖෂධවේදියකු එහි සිටිය යුතු බවත් ය. එසේ ම මේ බලපත්‍ර දෙක ම අදාළ වෙළෙඳසල තුළ ප්‍රදර්ශනය කිරීම අවශ්‍ය ය. අපේ රටේ බෙහෙත් වෙළෙඳසල් පවත්වාගෙන යන්නන් අතර ඒ සඳහා සුදුසුකම් ඇති ඖෂධවේදීන් නො වන පිරිස් ද සැලකිය යුතු ප්‍රමාණයකින් සිටින බව රහසක් නො වේ. එය උක්ත කරුණ පිළිබඳව සිදු කර ඇති අධ්‍යයනවල දී හෙළි වී ඇත.
වාර්තාවල සඳහන් ආකාරයට එක ම ඖෂධවේදියකු ගේ බලපත්‍රයක් යටතේ විවිධ වෙළෙන්දන් ෆාමසි පවත්වාගෙන ගිය අවස්ථා ද රටේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වී ඇත. මෙවැනි බලපත්‍ර සඳහා මාසිකව අදාළ ඖෂධවේදියාට මුදල් ගෙවීමක් ද සිදු වන බව වාර්තා වී තිබේ. ඒ වන විට ඖෂධවේදී පාඨමාලාවක් හදාරමින් සිටින හෝ පුහුණු වන හෝ සේවකයන් යොදාගනිමින් අදාළ වෙළෙඳසල් පවත්වා ගෙන යන ආකාරය ද වාර්තා වී ඇත. එහෙත් ඇතැම් අවස්ථාවල දී නුපුහුණු සේවකයන් ද යොදා ගන්නා අවස්ථා දැකගත හැකි ය. අපේ රටේ ඖෂධ වෙළෙඳසල් අතරින් සැලකිය යුතු ප්‍රමාණයක් පවත්වාගෙන යනු ලබන්නේ අනකුත් ද්‍රව්‍ය ද අලෙවි කරනු ලබන අලෙවිසලක් (ග්‍රොසරියක්) හා සමග ය. මේ නිසා ඇතැම් විට ග්‍රොසරියේ සේවකයා ද බෙහෙත් අලෙවි කිරීමෙහි නියෑළෙන අවස්ථා දැකගත හැකි ය. එවැනි නුපුහුණු සේවකයන් අතින් ඖෂධ නිකුත් කිරීමේ දී වැරැදි සිදු වීමට අවස්ථාවක් තිබේ. එය වැරැදි ඖෂධය නිකුත් කිරීමේ පටන් වැරැදි උපදෙස් ලබා දීම දක්වා විය හැකි ය.
කෙසේ වෙතත් තම රෝග සඳහා ප්‍රතිකාර ලබා ගැනීමේ දී හා ඖෂධ මිල දී ගැනීමේ දී පාරිභෝගිකයන් ලෙස අප ද වඩාත් සැලකිලිමත් විය යුතු කරුණු ගණනාවක් තිබේ. ඉන් එකක් නම් වෛද්‍යවරයා ලබා දුන් බෙහෙත් වට්ටෝරුව ඔසු වෙළෙඳසල වෙත ගෙන යැම ය. මෙසේ නො කර මතකයෙන් බෙහෙත් ඉල්ලා සිටින අවස්ථා අප ද නිරීක්ෂණය කර ඇත. විශේෂයෙන් දියවැඩියාව, අධික රුධිර පීඩනය වැනි දිගුකාලීන ප්‍රතිකාර ලබා දිය යුතු රෝග වැළඳුණු රෝගීන් මේ ආකාරයෙන් කටයුතු කරනු දැකගත හැකි ය. වෛද්‍යවරයකු බෙහෙත් නියම කරන්නේ කිසියම් කාලයක් සඳහා ය. ඒ අදාළ කාල සීමාවෙන් පසු නැවතත් රෝගියා පරීක්ෂා කිරීම අවශ්‍ය වන නිසා ය. මෙවැනි අවස්ථාවල දී දිගින් දිගට ම එක ම ප්‍රතිකාරය ගැනීමේ අවදානම ඇත්තේ රෝගියාට ය.
අනෙක් අතට තවත් බරපතල තත්ත්වයක් නම් ඇතැම් රෝගීන් සඳහා බෙහෙත් වට්ටෝරුවක් නොමැති ව බෙහෙත් මිල දී ගැනීමට යැම ය. ඒ
තමන්ට කලින් වැළඳුණු අසනීපය ම යළිත් වැළඳුණ හොත් කලින් ලබා දුන් බෙහෙත් යළිත් මිල දී ගැනීමට යැම ය. එසේ ම ඇතැම් පුද්ගලයන් තමන්ට ඇති රෝගය පවසා සුදුසු බෙහෙත කුමක් දැයි විමසන්නේ ද බෙහෙත් වෙළෙඳසලේ වෙළෙන්දන් ගෙනි. පෞද්ගලික වෛද්‍යවරයකුට මුදල් ගෙවීමට සිදු වීම මුදල් නාස්තියක් ලෙස සිතීම හා ඊට කාලය නොමැති වීම මේ සඳහා හේතු ලෙස දක්වනු දැකගත හැකි ය. පළමු කරුණ සඳහා බලපාන්නේ දරිද්‍රතාවයි. එහෙත් ඒ මෙරට රජයේ රෝහල්වල වෛද්‍ය සේවය මෙන්ම ඖෂධ ද (සැලකිය යුතු ප්‍රමාණයක්) නොමිලේ සැපයෙන බව රහසක් නො වේ.
කාලය නොමැති වීම නිසා අසනීප වැළඳුණු විට සෘජුව ම ඔෂධ වෙළෙඳසල් කරා යන දැන උගත් හා වත්පොහොසත්කම් ඇති පිරිස් ද අපට හමු වී ඇත. එය නිදහසට කරුණක් නො වේ. එහි දී සිදු විය හැකි අතපසු වීමක බලපෑම ඇති වන්නේ තමන්ට ම ය. මේ අනුව ඖෂධ භාවිතය සම්බන්ධව අප සතු ව ද කිසියම් වගකීමක් ඇති බව අමතක නො කළ යුතු ය.
ධනේෂ් විසුම්පෙරුම-විදුසර