වජොන්ට් වේල්ල

janitht

Well-known member
  • Mar 23, 2008
    244
    674
    93

    ඉතාලියේ වැනීසියේ සිට කිලෝමීටර් සියයක් පමණ උතුරින් පිහිටි අර්ටෝ ඊ කැසෝ පළාතේ ඉතා පටු නිම්නයක , අතහැර දමන ලද පැරණි වේල්ලක් දැක ගත හැකි වෙයි.
    වජොන්ට් වේල්ල නමින් හැදින්වෙන එය වනාහි ඉතිහාසයේ යම් දිනක සිදුවූ මහා ඛේදවාචකයක අතීත නටබුන් දරා සිටින , ව්‍යසනයක් සිදු වන්නට යන බව ස්භාවධර්ම මාතාව විසින් අනතුරු ඇගවුවද එය මායිම් නොකිරීම නිසා සිදුවූ මහා විනාශයක ජීවමාන සාක්ෂියයි.
    දෙවන ලෝක යුද්ධයෙන් පසු උතුරු ඉතාලිය ආර්ථික වශයෙන් නගාසිටුවීමේ අරමුණින් ජල විදුලි බලය ජනනය කිරීම සදහා ජලාශයක් ඉදිකිරීමේ අවශ්‍යතාවක් පැන නැගුණි...ඒ සදහා පටු නිම්නයක් මැදින් ගලා යන වජොන්ට් නැමති ගඟ හරස් කර වේල්ලක් බැද ජලාශයක් ඉදිකිරීමට යෝජනා විය.
    ඒ අනුව වේල්ලේ ඉදිකිරීම 1956 වර්ෂයේ ආරම්භ වී 1960 වර්ෂයේ අවසන් විය...එය වජොන්ට් වේල්ල නම් විය...පොළොව මට්ටමේ සිට මීටර් 262 ක් උස්ව , වක්‍රාකාරව ඉදිකළ වජොන්ට් වේල්ල (Vajont Dam) එකළ ලෝකයේ උසම වේල්ලද විය.
    _ZjbirihrfCSW1oPUFfFcf4bQo6DrXYo4jYPUfBxmOlro-gnA75xxC2MRyEStrFPxX7pe8zsiafT4c14YUFd4vXy69mLw59rCzkdLDRCIm7Upd5GV1gAQsNVB0o8m1fGg7D01IiCi3OXJOn6TI6hy1Rbo_aCFZns-mHnTyc8WDX6qm5ZHe-8kw


    Vajont4.jpg




    වේල්ල ඉදිකිරීම් අතරතුර නිම්නය දෙපස තිබූ කදු බෑවුම් කලින් සිතූ තරම් ශක්තිමත් සහ ස්ථාවර නොවන බව වැටහුණි...නිම්නය දෙපස කදු බෑවුම් වල පුරාණ නායයෑම් කිහිපයක් සිදුවී ඇති බවද , නිම්නය දෙපස තියෙන්නේ පාෂාණමය ස්ථරයක් නොවන බවද පසුව කල පරේෂණයකින් හෙලි වුණි...නමුත් වේල්ලේ නිර්මාණකරුවන්ගේ නිගමනය වූයේ මහා පරිමාණ නායයෑමක් මෙම ප්‍රදේශයේ සිදුවීමට ඇති ඉඩකඩ ඉතා විරළ බවය.
    කෙසේ වෙතත් 1960 වර්ෂයේ පෙබරවාරි මාසයේදී වේල්ලට ජලය පිරවීම ආරම්භ විය...ජලය පිරවීම ආරම්භ කර මසක් ගත වන විට පළමු නාය යාම වාර්තා විය...එම නාය යාම සිදුවන විට ජලාශයේ ජල මට්ටම මීටර් 130 ක් පමණ විය...නායයාම සුළු වූ හෙයින් එය ගැන එතරම් තැකීමක් නොකර ජලාශය පිරවීම දිගටම කරගෙන ගියේය.

    1960 වර්ෂයේ ඔක්තෝම්බර් මාසය වන විට ජලාශයේ ගැඹුර මීටර් 170 ක් පමණ විය...ජලාශය ගග දිගේ කිලෝමීටර් 2 ක් පමණ දුරට විහිදිණි...මේ කාලයදී නැවත වතාවක් සුළු නාය යාම කිහිපයක්ම ජලාශය අවටින් වාර්තා විය.

    එම වර්ෂයේම නොවැම්බර් මාසයේ කදුකරයෙන් විශාල කොටසක් හදිසියේම නාය ගියේය...නාය යාම්ත් සමග පැමිණි පස් කියුබික් මීටර් ලක්ෂ 6 ක් පමණ ජලාශයට පතිත විය...එයින් ජලාශයේ ඇති කල රැල්ල උස අඩි 7 ක් පමණ වූ බව පැවසේ.
    පස් පතිත වීම නිසා ජලාශයේ ජල මට්ටම සීග්‍රයෙන් ඉහළ යමින් තිබිණි...එයට පිලියමක් ලෙස පලනාධිකාරය ජලාශයේ ජල මට්ටම මීටර් 135ක් දක්වා අඩු කිරීමට ක්‍රියා කළේය...ජලාශයට සිදුවන්නට යන අකරතැබ්බය ගැන දිගින් දිගටම පරේෂණ කළ කණ්ඩායම් වල නිගමනය වුයේ සෙමින් සෙමින් ජලාශයට ජලය පිරිවීමෙන් ජලාශය දෙපස ඉවුරු වලට වන බලපෑම අඩුවී නාය යාම් මන්දගාමී විය හැකි බවය.

    ඔවුන්ගේ නිගමනය යම්තාක් දුරට නිවැරැදි විය...ඊලග වසර 3ක පමණ කාලයකට විශාල නාය යාම් ජලාශය අවටින් වාර්තා නොවීය...සැබැවින්ම එම නිහැඩියාව සුපුරුදු පරිදි මහා අනතුරක පෙර නිමිත්තක් විය.
    1963 වර්ෂයේ ගිම්හානයේ මෙම ප්‍රදේශ වලට අසාමාන්‍ය ලෙස වර්ෂාව ඇද හැලෙන්නට විය...අධික වර්ෂාව හේතුවෙන් ජලාශයේ ජලය නිර්දේශිත මට්ටමට වඩා මීටර් 30 ක් පමණ ඉහළ ගියේය...දැන් ජලාශයේ වේල්ල ජල මට්ටම මීටර් 250 හේ සීමාවට පැමිණ ඇත (වේල්ලේම උස මීටර් 262 කි)...ජලය වේල්ල උඩින් දැමීමට තව ඇත්තේ මීටර් 12 කි...මේ වන විට වාන් දොරටු ඇරියද එයින් පිට කරන ජල පරිමාවට වඩා ජල පරිමාවක් වර්ෂාව නිසා ජලාශයට එකතු වෙමින් පැවතිණි.
    දෙවියන්ගේ පිහිටෙන් වර්ෂාව ඉක්මනින් නතර විය...වේල්ල උඩින් ජලය දැමීමේ අනතුර පහව ගියේය...ජල මට්ටම සෙමින් සෙමින් අඩු වේමින් පැවතිණ...නමුත් මහා නාය යාමක පෙර නිමිති ජලාශය දෙපස කදු බෑවුම් වලින් කියා පාන්නට විය...සුළු භූ චලන කිහිපයක්ද වාර්තා විය.
    1963 ඔක්තෝබර් 9 වැන දින ජලාශයේ ජල මට්ටම මීටර් 235 ක් විය...මේ වන විට ජලාශය දෙපස කදු බෑවුම දිනකට සෙන්ටිමීටර 20 ක පමණ වේගයෙන් පහළට ගමන් කරමින් තිබිණි.

    ඔක්තෝබර් 9 වැනි දින රාත්‍රියේ, පූර්ව ආරක්ෂක පියවරක් ලෙස , වේල්ලට පහළින් ඇති ගම්මාන වල ගමනාගමනය සීමා කෙරිණි...තැති ගැන්වී සිටි වේල්ල පහල ජනතාවට "ලොකු අනතුරක් නැත...වැඩිම උනොත් අද රාත්‍රියේ වේල්ලට ඉහළින් වතුර ටිකක් විසි විය හැකිය " යනුවෙන් පණිවිඩයක්ද ලැබිණ...ඉතින් එහෙනම් බය වෙන්නට කාරියක් නැත...ගම්මුන් දෙවියන්ට ස්තුති කරමින් නින්දට ගියහ.

    වේලාව හරියටම රාත්‍රී 10:39 පසු විය...ජලාශයේ එක් පැත්තක මහා නාය යාමක් සිදු විය...තත්පර 30 ත් 40 ත් අතර කාලයක් සිදුවූ මේ මහා නාය යාමෙන් පාෂාණ හා පස් කියුබික් මීටර් මිළියන 260 ක පමණ ප්‍රමාණයක් පැයට කිලෝමීටර් 110 ක පමණ වේගයෙන් ජලාශයට පතිත විය...අසුරු සැණින් පැමිණි මේ මහා පස් කද ජලාශය සම්පුරණයෙන්ම වසා ගත්තේය...එයින් විස්ථාපනය වූ ජලයෙන් නැගි සුනාමි රළ උසින් මීටර් 250 ක් පමණ විය.
    චණ්ඩ වූ සුනාමි රළ වේල්ල උඩින් ගමන් කර පහළ නිම්නයට කඩා පැන එහි තිබූ ලෝන්ගරෝන් , පිරගෝ , රිවල්ටා , විලානෝවා සහ ෆා යන ගම්මාන සම්පුරණයෙන් සෝදාගෙන ගියේය...මිනිත්තු 15 කට අඩු කාලයකදී එම ගම්මාන වල විසු මිනිසුන් 2,000 කට වැඩි පිරිසක් මේ ව්‍යසනයෙන් මිය ගියේය...පවුල් 350 කට පවුලේ සියළුම සාමාජිකයින් අහිමි විය.

    වජොන්ට් වේල්ලේ මහා ඛේදවාචකයේ නටබුන් අදටත් අර්ටෝ ඊ කැසෝ කඳුකරයේ පවතියි...නාය යාම නිසා ජලාශය සම්පුර්ණයෙන්ම පස් වලින් පිරී තිබුණත් වේල්ල නොවෙනස්ව පවතියි...ජල පහරෙන් වැඩිම හානිය වූ ලෝන්ගරෝන් ගම්මානයද නැවත ගොඩ නගා ඇත.
    කෙසේ වෙතත් වජොන්ට් වේල්ලේ අනතුර , ඉංජිනේරුවන් සහ භූ විද්‍යාඥයින් අන්නෝන්‍ය සහයෝගයෙන් කටයුතු කිරීමට අපොහොසත් වීමත් , ස්භාවධර්ම මාතාවගේ අනතුරු ඇගවීම් නොතකා හැරීමේ ප්‍රතිඵල ලෙසටත් හැදින්වූවාට වරදක් නම් නැත.
    පියැසි කවුඵව පිටුවෙනි

    434c2784b830f65087d337f81cabbad5.jpg


    vajont.jpg



    LongaroneVajont.jpg

     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,826
    3,853
    113
    Delaware
    thanks machan danan hitiye na me kathawa
    dan me wellata apu wathura wena paththakata harawalaa athi neda? google map baluwahama poddka awul wage:)
     
    Last edited:
    • Love
    Reactions: janitht

    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,998
    3,452
    113
    Battaramulla, Sri Lanka
    no criminal charges against the company who built this?

    විස්තර හෙව්වා. එහෙම දෙයක් නම් හොයා ගන්න බැරිවුනා බං.

    This was both tragic and a famous disaster at the time.

    Several engineers were given light prison sentences. One engineer committed suicide. It was built by a company called SADE (Società Adriatica di Elettricità) and maintained by Italian ministry for public works. No official compensation paid by the company nor was sued in courts.