වටරැක රැක දෙන්න දෙවිදුනි "ත්‍රෛනිකායික"
වටරැක හිමි මහනාහිමි සරණ පතයි
තමන් මුහුණ දී සිටින ගැටළුකාරී තත්ත්වයට ත්‍රෛනිකායික මහනාහිමිවරුන් වහා මැදිහත් විය යුතු බව මහියංගණය ප‍්‍රාදේශිය සභාවේ මන්ත‍්‍රී පූජ්‍ය වටරැක විජිත හිමියන් පවසනවා. උන්වහන්සේ පෙන්වා දෙන්නේ එසේ නොවුනහොත් එය සමස්ථ බුද්ධ ශාසනයටම කැළලක් වනු ඇති බවයි.
මහියංගණය ප‍්‍රාදේශිය සභා රැස්වීමට සහභාගි විමට පැමිණි පූජ්‍ය වටරැක විජිත හිමියන්ට භික්‍ෂුන් වහන්සේ ඇතුළු පිරිසක් ඊයේ විරෝධය පළ කළා. ඉන් අනතුරුව පොලිස් ආරක්‍ෂාව යටතේ උන්වහන්සේ ආරක්‍ෂිත ස්ථානයකට රැගෙන ගිය බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. බොදුබල සේනා සංවිධානයෙන් තමන්ට ජිවිත තර්ජන එල්ල වී ඇති බැවින් මහනාහිමිවරුන් මැදිහත් වී ගැටළුව විසඳිය යුතු බවයි පූජ්‍ය වටරැක විජිත හිමියන් නෙත් නිවුස් වෙත කියා සිටියේ.
" ඉදිරියට ඉක්මනින්ම මං හිතන විදිහට මහනායක හාමුදුරුවන් වහන්සේලා මැදිහත් වෙයි කියලා හිතනවා. මොකද? බුද්ධ ශාසනයටත් අභියෝග වන තත්වයක් තමයි ඇති වෙලා තියෙන්නේ. ඒ නිසා ඉක්මනින්ම මහනායක හාමුදුරුවන් වහන්සේලා මැදිහත් වෙලා මේ ප‍්‍රශ්නය විසඳනවා නම් හොඳයි කියලා රටේ ජනතාවත් බලාගෙන ඉන්නවා. "
මහියංගණය ප‍්‍රදේශයේ ජීවත් විමට තමන්ට ප‍්‍රමාණවත් ආරක්‍ෂාවක් නොමැති නිසා පොලිස් රැකවල් යටතේ ඊයේ රාත‍්‍රීයේ තමන් කොළඹට පැමිණි බවයි උන්වහන්සේ කියා සිටියේ. එහෙත් දැන් රැඳි සිටින ස්ථානය ප‍්‍රකාශ කළ නොහැකි බවද උන්වහන්සේ වැඩිදුරටත් කියා සිටියා. අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතා දුරකථනයෙන් තමන් අමතා සුවදුක් විමසු බවද උන්වහන්සේ නෙත් නිවුස් වෙත කියා සිටියා.
" මං දැන් ඉන්න තැන නම් කියන්න බෑ. ඒ තරමටම බොදුබල සේනා ත‍්‍රස්තවාදීන් මා පසුපස ලුහුබදිනවා. කොතනකදි හරි ඔවුන් මුණගැහුණොත් ඉන්න තැන දැනගත්තොත් ඒකාන්තයෙන්ම මා පෙති ගහලා කපලා දාන බව කියනවා. ඒ නිසා ඉන්න තැන කියන්න බෑ. සමාවෙන්න ඕනි. රිෂාඞ් බදියුදීන් ඇමතිතුමත් මන්නාරමේ ඉන්නවා කියලා තමයි එතුමා දුරකතනයෙන් කතා කරද්දි කිව්වේ. "
- See more at: http://nethfm.com/article/6949#sthash.L3zAClD2.dpuf
වටරැක හිමි මහනාහිමි සරණ පතයිවටරැක හිමි මහනාහිමි සරණ පතයි

Last edited: