වත්තෙන් එහාට නොහැමිනුන ගෝඨාගේ හුලං

hadun

Member
Sep 13, 2007
24
5
3
වත්තෙන් එහාට නොහැමිනුන ගෝඨාගේ හුලං


ගොඨාභය රාජපක්ෂ පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කිරීමේ මෙරට දේශපාලනයේ විප්ලවීය සන්ධිස්ථානයක් වනු ඇතැයි ද එය මෙරට බහුතර ජනතාව විසින් ඉහළින් පිළිගනු ඇතැයිද රාජපක්ෂවාදී පිරිස් අපේක්ෂාසහගතව සිටියත් එය මාධ්‍ය සංදර්ශනයකින් පමණක් කෙළවර විය.


මහින්ද රාජපක්ෂ විසින් ගෝඨාභයගේ නම කියන විටම දසත රතිඥ්ඥා පුපුරුවා එය උත්සවශ්‍රීයෙන් සමරණ ලෙස රාජපක්ෂ පිළෙහි සියලු සංවිධායකවරුන් හිතවතුන් දැනුවත් කර තිබුණද ඒ බලාපොරොත්තු වූ තරමින් සිදු වූයේ නැත. එමෙන්ම ගොඨාභයව නම් කිරීමත් සමඟ සමාජ ජාලා තුල දකින්නට ලැබුණේ බරපතල ලෙස ගෝඨා විරෝධයක් දළුලන අන්දමයි. ගෝඨාබයට එරෙහිව තිබෙන චෝදනා සම්බන්ධයෙනුත් එම චූදිතයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවීමගැන වත්මන් පාලනයට එරෙහිව විවේචන එල්ල කරමින් පළ කර තිබූ ප්‍රකාශයන් තුල බහුතර ප්‍රජාවක් ගෝඨාභයගේ දේශපාලන ආගමනය සම්බන්ධයෙන් නොසතුට පළ කර තිබිණි.

ගෝඨාභය දේශපාලන වේදිකාවට ආධුනිකයෙකි. ඔහු මීට පෙර දේශපාලකයකු ලෙස කටයුතු කර නැත. කිසිදා බහුජන සංවිධානයක් තුල කටයුතු කර නැත. ඔහුට ජනතාව හා බද්ධ වූ සංවිධානයක් තිබුණේද නැත. මහින්ද රාජපක්ෂ නාමය විකුණා ගොඩ නැගූ පොදු ජන පෙරමුණ තුල ඔහු කිසිදු තනතුරක් දරන්නකු ද නොවේ. යම් ලෙසකින් ඔහු ජනාධිපතිවරණය ජය ගත්තද පොදු ජන පෙරමුණෙහි නායකත්වය හෝ වෙනත් තනතුරක් හෝ ඔහු නොදරණු ඇත. ඊට ඔහුට හැකියාවක් නැත. මන්ද එහි නායකයා ලෙස මහින්දත් අනෙක් සියල්ල පාලනය කිරීම බැසිල් රජපක්ෂත් විසින් සිදු කරනු බැවිනි. මේ නිසා ගොඨාභය කියන්නේ එදා සිට අදත් හෙටත් පොදු මහ ජනතාවගෙන් වියුක්ත සහ එසේ ඉදිරියටත් වීමට නියමිත පුද්ගලයෙකි.

ජනතාව සමග උරෙන් උර ගැටී දේශපාලනයේ යෙදෙන්නෙකුගෙන් ජනතාව බලාපොරොත්තු වන දෑ ගොඨාභයගෙන් බලාපොරොත්තු විය නොහැක. ඔහු හිටපු හමුදා නිලධාරියෙකි. හමුදාව සම්බන්ධයෙන්ම රාජ්‍ය නිලධාරියකු ලෙස කටයුතු කළ අයෙකි. ඔහු පුහුණුව ලැබුවේ පොදු ජනතා සේවය වෙනුවෙන් නොවේ. රජයේ නියෝග අනුව කටයුතු කරන්නටය. ජනතා ප්‍රශ්න ඔහු විසඳන්න පුහුණු වුණේ ඉහලින් එන නියෝග අනුව මිසක් ජනතාවගේ වුවමනාව සලකා බලා ඒ අනුව නොවේ. ඉදිරියටත් ඒ එසේම වෙනවා හැර වෙනසක් වීමට නොහැකිය. ඊයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කිරීමෙන් පසුව ඔහු කළ ප්‍රකාශයෙන්ද පැහැදිලි වූයේ මේ ඔහුගේ නිළධාරිවාදී ස්වභාවයය. ඔහු ඉදිරියටත් කටයුතු කරන්නේ එසේම බව පැවසිනි. එවකට සහෝදරයා ජනාධිපති වූ නිසාම ඔහුට පවතින නිති රීති සම්මතයන් නොසලකා කටයුතු කිරීමේ උද්දච්ච හිතුවක්කාරී බලයක් ආරෝපණය වී තිබිණි. එය තමගේ සමත්කමක් ලෙස ඔහු පෙන්වා දීමට උත්සහ කළද එවා නිති විරෝධී වැඩ බවත් ඔහුට එරෙහිව දැනට තිබෙන නඩු හබ වලින්ද තහවුරුව තිබේ. ජනාධිපතිවරයකුගේ බලය අත්පත් කර ගත් විට සිදුවීමට නියමිත කුමක්ද යනන් ගැන ඔහුගේ ප්‍රකාශය තුලින්ම අවබොධ කර ගැනීම අපහසු නැත.

ඒ කොහොම වූවත් ඊයේ ගෝඨාබය ජනාධිපති අපේක්ෂකයා ලෙස බාර ගැනීමට මේ රටේ මහින්ද රාජපක්ෂ හිතවතුන් පවා එතරම් කැමැත්තක් නැති බව පැහැදිලි විය. රටේ තැනින් තැන පිට්ටනි වල ගෝඨාභය එන 'සුබාරංචිය' සජීවව පෙන්වීමට පුලුල් තිර සකසා ලොකු සන්දර්ශන පැවැත්වීමට කටයුතු කර තිබුණද එවා නරඹන්නට සෙනග ආවේ නැත. එම පක්ෂ හිතවතුන් සහ පවුල්වල ළමා ලපටින් මිස සාමාන්‍ය ජනතාව ආවේ නැති බව පැහැදිලිව පෙනෙන්නට තිබිණි.. ගෝඨාබය පාර්ශ්වය බලාපොරොත්තු වූයේ මිනිස්සු පාරවල් ගානේ කිරිබත් පිස ඒ කකා බීබී මේ සමරනු ඇති බවය. එහෙත් එහෙම වූයේ නැත. ඒ ගෝඨා කියන්නේ මහින්ද නොවන බවට වැටහීමක් මිනිස්සුන්ට ඇති බවය.

මහින්ද රාජපක්ෂ විසින් ගොඨාභයව ජනාධිපති අලේක්ෂකයා ලෙස නම් කළේද එය තමන්ගේ තීරණයක් නොවන බව කිහිපවරක්ම අවධාරණය කරමිනි. එය පාක්ෂික හිතවතුන්ගේ ජනතාවගේ ඉල්ලීමක් පිට සිදු කෙරුණක් බවට ඔහු පැහැදිලි කළේය. මේ බව ඔහු ඊයේ ජාත්‍යන්තර මාධ්‍ය වලට ලබා දුන් සම්මුඛ සාකච්ඡාවලදීද අවධාරණය කර පවසා තිබිණි. එහෙම කියන්න ඇත්ත හේතුව දන්නේ ඔහුය. එය කොහොම වුණත් මහින්දට , ජනතාවගේ ඉල්ලිම නිසා තමන් මේ තීරණය ගන්න බව පැවැසීමට තරම් පදම් වෙච්ච දේශපාලනඥයකු ලෙස හැකියාව තිබුණද එය ගෝඨාබය කීයටවත් කරන්නෙ නැත. ඔහුට ජනතාවගේ වුවමනාව වැඩක් නැත. ජනතා ප්‍රශ්න විසඳනන්න කියා ඔහුගේ වැඩ පිලිවෙලක්ද නැත. එහෙම දැක්මක්ද නැත. කවුරුන් හෝ ලියා දෙන ප්‍රකාශයක් කියවනවා, නියෝගයක් ඉටු කරනවා විනා ඔහුට අදහස් නැත. (එහෙම තමන්ගේ අදහස් ඇතිව කටයුතු කළ අවස්ථා සියල්ලම නීති විරෝධී කටයුතුවලින් නිම වී තිබේ.) ඒ බව ඊයේ දිනයේදීම රට වැසියා තේරුම් ගත්තේය. එහෙත් පම්පෝරිය නම් අවශ්‍ය ප්‍රමාණයටත් වඩා තිබේ. මං මං ගගා කරන පම්පෝරිය හැර ඊයේ ප්‍රකාශයෙහි ඔහුගේ කියා වෙන යමක් තිබුණේ නැත.
 

Thushara buddhika

Active member
  • Aug 30, 2006
    245
    221
    43
    මොක්ක= ද බං මේ,,,,,,,, කාමර ඇත=ලට වෙලා හින බලන එවුන්ද කොහෙද?? යකෝ මිනිස්සු එක්ක කථා කරල බලපන් මොනවද කියන්නෙ කියලා..........
     

    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    මේවා ලියන UNP කාරයන් ට ෆොන්සේකා එනකොට ඔය ප්‍රශ්න තිබ්බේ නෑල්ලු :P
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    රුපියල් 2500 ට වත්ත වටේ රෙද්දක් ගැහුවම කොහොමද බෝල වත්තට හුලං හමන්නේ....
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    සිංහල බහුතරය ගෝටාට තියෙනවා.unp එකට කැඩෙන චන්ද්‍යි තව කවුරුහරි ආවොත් 3වෙනියා විදියට උටයි කැඩුනොත් චන්ද අඩුවෙයි. තව දෙමල චන්ද ටිකක් හම්බුනොත් හරිඅන්තවාදී මුස්ලිම් උන් නම් දෙන්නෙ unp එකටයි unp එකේ උන් මේ පාර්ත් තම්බි චන්ද් ටික අරගෙනතම්බින්ට ඕන ඕන විදියට රට කරන්න දෙන එකයි වෙන්නෙ.
     

    Matin Ayya

    Member
    Mar 8, 2017
    181
    17
    0
    සිංහල බහුතරය ගෝටාට තියෙනවා.unp එකට කැඩෙන චන්ද්‍යි තව කවුරුහරි ආවොත් 3වෙනියා විදියට උටයි කැඩුනොත් චන්ද අඩුවෙයි. තව දෙමල චන්ද ටිකක් හම්බුනොත් හරිඅන්තවාදී මුස්ලිම් උන් නම් දෙන්නෙ unp එකටයි unp එකේ උන් මේ පාර්ත් තම්බි චන්ද් ටික අරගෙනතම්බින්ට ඕන ඕන විදියට රට කරන්න දෙන එකයි වෙන්නෙ.


    මුස්ලිම් දෙමළ අයගෙත් පොඩි සපෝට් එකක් තියනව. සුමන්දිරන්ලට පොඩ්ඩක් බඩේ පාර වදින සීන් එකක් තියෙන්නෙ... ඒකතමා පුක ඉරාගෙන දඟලන්නෙ...
     

    Similar threads