වතිකානුව ලෝකයේ වැඩිම අපරාධකරපු රට

Core

Member
Jan 23, 2010
3,120
195
0
Milky Way/Local Cluster/Local Sol/Earth
වතිකානුව ලෝකයේ වැඩිම අපරාධකරපු රට

වතිකානුව ලෝකයේ වැඩිම අපරාධකරපු රට


pope_benedict1.jpg
පාප්තුමාගේ බිතාන්‍ය සංචාරය සමග (සැප්තැම්බර් 16 - 19) බිතාන්‍ය ජාතික උගතුන් ගණනාවක් ම පාප් ට විරුද්ධව නොයෙකුත් අදහස් ඉරිපත්කර තිබීම වැදගත් ලෝක ප‍්‍රවෘත්තියකි. වෙනත් රටවල නම් විරෝධතා ප‍්‍රකාශකිරිම සදහා බිහිසුණු ක‍්‍රියා සිදුවේ. එක්කෝ විථිවලට බැස උද්ඝෝෂණ ලීලාවෙන් නොයෙකුත් සටන්කාමි ක‍්‍රියා සිදුකෙරේ. එහෙම නැතිනම් උපවාස පවත්වමින් සිය දිවි නසාගන්ඩ තර්ජණය කරන්නන් දකින්ට පුලූවන. මේ ක‍්‍රම දෙකටම වෙනස් දෙයකි බිතාන්‍යයේ දකින්ඩ ලැබෙන්නේ. ඒ මාධ්‍ය ඔස්සේ කෙරෙන තියුණු සංවාද හා විවේචනයයි. බිතාන්‍යය උගතුන්ගේ රටක් බව මෙයින් පැහැදිලි වේ.
පාප්ගේ සංචාරයට ඇතැම් ක‍්‍රිස්තියානි පිල් සෘජුවම විරුද්ධතාවය දක්වද්දී මානව හිමිකම් පිළිබදව කටයුතු කරන සංවිධාන හා නොයෙකුත් නිදහස් මතධාරින් පාප්ගේ සංචාරයටට ඔවුන්ගේ බලවත් අකමැත්ත ප‍්‍රකාශ කරති. මෙයින් පාප්තුමාට බොහෝ දෙනෙක් සෘජු විරෝධතාවයක් දැක්වීමට හේතුව ළමා අපචාරවලට සම්බන්ධ කතෝලික පුජකවරුන් ට විරුද්ධව නීතිමය ක‍්‍රියා නොකර ඔවුන් රැකීමට පාප් උත්සාහ දරන බවක් ඔවුන් දකින බැවිනි.
මේ හැරෙන්නට පාප් ගේ සංචාරයත් සමගම පාප්වරු පිළිබදවද නොයෙකුත් තොරතුරු හෙළිවෙන්ට පටන් ගෙන ඇත. එම තොරතුරු විභාග කරද්දි පෙනෙන්නේ රටක් වශයෙන් ගනිද්දී ලෝකයේ වැඩිම අපරාධකර තියෙන්නේ වතිකානුව බවයි. ලෝකයේ මහා මනුෂ්‍ය ඝාතන, මනුෂ්‍ය සංහාර, ගම් නගර පුලූස්සා දැමීම් මේ ආදී අපරාධ වැඩිම ප‍්‍රමණයක් පාප් වරුන්ගේ අණ නිසා සිදුවී තිබේ. දකුණු ඇමරිකාවෙහි පමණක් පාප්ගේ අණ යටතේ ඝාතනය කෙරූ මනුෂ්‍ය සංඛ්‍යාව කෝටි ගණනකි. එමනිසා ලෝකයේ වැඩිම අපරාධකර ඇත්තේ පාප් තනතුර විසිනි.
වතිකානුව හා පාප්වරු කර තියෙන අපරාධ පිළිබදව සැලකිල්ල යොමුකරන කිසිවෙකුට කතෝලික පුජකවරුන් ලංකාවේ සිදුකර තියෙන ඝාතන හා විනාශකිරීම් ගැන කතාකරන්ට උවමනා නැත. එය ශ‍්‍රී ලංකාවේ උගතුන් අතර සංවාදයට ලක්විය යුතු කාරණයකි. විශේෂයෙන් කතෝලික පලාත වශයෙන් සැලකෙන බස්නාහිර පලාතේ උගතුන් මේ කාරණය ගැන විශේෂ සැලකිල්ල යොමුකළ යුතුයි. හේතුව පරංගින් සහ වතිකානුව මෙහෙයවු කතෝලික පාදිලිවරුන් ඝාතනය කරපු, මිනිස්සු , විනාශකරපු පවුල් හා පිලිස්සු ගම් නගර ඉතාම වැඩි ප‍්‍රමාණයක් ඇත්තේ මෙම ප‍්‍රදේශයේ නිසා ඒ විනාශකළ හැම දෙයක් පිළිබදව සම්බන්ධය ඇත්තේ (වඩාත්ම) මෙම පලාත් වාසින්ට බැවිනි.
ඉතිහාසයේ කිමිදෙමින් අතීත තොරතුරු සොයමින් හපන්කම් කළ පුද්ගලයෝ සිටිති.මෙවැන්නෝ ඇමරිකාවේ කලූ ජාතිකයින්ගේ ඉතිහාසය සොයමින් ඔවුන්ට වහල් ස්වාමිවරුන් කළ අපරාධ හෙළිකළ ගවේෂකයින් ගණනාවක්ම ඉදිරිපත් කර තිබේ. ජෙෆ්රි රොබට්සන් නැමැති ප‍්‍රසිද්ධ නිතිඥයා ප‍්‍රකාශයට පත්කර තියෙන The Case of the Pope: Vatican Accountability for Human Rights Abuse (published as a Penguin) ග‍්‍රන්ථය මගින් පාප්ගේ මානව හිමිකම් උල්ලංඝණය කිරීම් ගැන තොරතුරු ඉදිරිපත්කර තිබේ.

පරංගින් සහ ඔවුන් මෙහෙයවු වතිකානු පාදිලිවරු ශ‍්‍රී ලංකාවට හා ශ‍්‍රී ලංකාවේ වැසියන්ට සිදුකළ අපරාධ ගැන සොයමින් තොරතුරු ඉදිරිපත් කරන මෙවැනි ගවේෂකයින් ලංකාවටත් අවශ්‍යයි.


 
  • Like
Reactions: $hiñe

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ලෝකෙයේ හැම ප්‍රදාන ආගමකින්ම සෑහෙන්න ලේ වැගිරීම් වෙලා තියන්ව. ආගමයි දේශපාලනයයි අත්වැල්බැදගෙන හිටියේ ඉස්සර. දේශපාලන බලය වෙනුවෙන් ආගම් යොදාගෙන වෙච්ච මිනිස් සන්හාර බිලියන ගානක් වෙන්න ඇති.