වතුරවත් නැතිව සිඟිත්තියක් තනියෙන් ඉඳලා

EtthaWitthi

Banned
Nov 19, 2015
64
18
0
www.etthawitthi.com
වතුරවත් නැතිව සිඟිත්තියක් තනියෙන් ඉඳලා

වතුරවත් නැතිව සිඟිත්තියක් තනියෙන් ඉඳලා
2015.11.20
==============================

දින ගණනක් පුරා කිසිදු ආහාරයක් හෝ ජලය නොමැතිව, තම තොටිල්ලට වී තනියෙන්ම සිටි මාස 15 වයසැති කුඩා ළදැරියක් පිළිබඳව අමෙරිකාවේ ටෙනෙස්සි ප්‍රාන්තයෙන් වාර්තා වේ.

ට්‍රේසි ඉනීචන් නැමැති මේ දැරියගේ මව සිරභාරයේ පසු වී ඇති අතර දැරිය ට්‍රේසිගේ මවගේ භාරයේ පසු වී ඇත. ට්‍රේසි පවසන ආකාරයට තම මව සම්බන්ධ කර‍ගැනීමට නොහැකි වූ බැවින් ඇගේ පෙම්වතාව අමතා තම නිවසට ගොස් සොයා බලන ලෙස දැනුම් දී ඇත.

ඒ න විට සුමානයක් ගතව ගොස් තිබී ඇති අතර ට්‍රේසිගේ පෙම්වතා ඇගේ නිවසට ගොස් විපරම් කළත් කිසිවකු ඇස ගැටී නැත.

ඔහු නිවසේ දොර තමන් විසින්ම විවෘත කරමින් නිවසට ඇතුළු වූ වහාම තොටිල්ලේ සිටි කුඩා බ්‍රයර් ‍රෝස් ඇගේ අත තොටිල්ලෙන් එළියට දමා හඬන්නට පටන් ගෙන ඇත. ඇන්තනි නැමැත්තා දැරිය වෙත යද්දී ඇය වියැළුණු දෙතොලින් බොහෝ විඩාබරව සිටි බව වාර්තා වේ.

අවසානයේ ඇනට් ඉනිචන් නැමැති 58 හැවිරිදි ආච්චි අම්මා ඔහුට හමුවන්නේ නාන කාමරයේ මියගොස් සිටියදීය. ඇගේ සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණයේ දී ඊට දින 3 – 5 ක් අතර දී ඇය මියගොස් ඇති බව හෙළිදරව් විය.

එදින සිට කුඩා බ්‍රයර් රෝස් තොටිල්ලට වී සිට ඇත. වහාම රෝහල් ගතකෙරුණු දැරිය තවදුරටත් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.

(ඒ. එෆ්. පී.)


12249646_705848336183851_3512966489294054481_n.jpg