වදිනෙමු බැති සිතින් තෙරණිය යශෝධරා...
අතිශයනි ම සමෘධිමත් රඡගහ නුවර ආසන්නයේ මනරම් අසපුවක් විය. විසල් තුරුලතාවලින් සෙවණ දුන්, සුගන්ධවත් මල්ගොමු සිසිල් පැණ් පොකුණු ආදියෙන් දුටු දුටුවන්ගේ සිත් පහන් කල ඵ් ශාන්ත අසපුවේ භාග්්‍යවතුන් වහන්සේගේ ශ්‍රරාඅවක දියණියන් බොහෝ පිරිසක් දහම් සුවය විදමින් වැඩ සිටියහ.
ගුණනැණ තෙදින්, නිහතමානී බවින් ඵ් අසපුව තවතවත් ශෝභමාන කරමින් වැඩසිටි යශෝධරා මහ රහත් තෙරණියට දිනක් මෙබදු සිතිවිල්ලක් ඇතිවිය.
“ නන්ද, මා පුත් රාහුල භ්රද්ර, අගසව් දෙනම, සුද්ධෝදන මහරඡ , ප්‍රඡාපතී ගෝතමී ආදි නිකලෙස් හදවත්වලින් වැඩසිටි මහ රහත් තෙරණූවෝ ද සෘද්ධිබල ලාභී තෙරුන්වහන්සේලා ද කෙලෙස් ගෙවා දමා නිවී යන තෙල් පහන් ලෙස නිවන් පුර වැඩියා. සම්බුදු රඡාණන් වහන්සේ ඡීවමානව සිටිද්දී ම මමත් පිරිණිවන් පාන්න ඕන.” තම ආයුශ ගෙවී ඇති බව දුටු ඵතුමිය පිරිනිවන් පැමට අවසර ගැනීමට සිතුවා. දස දහස් ගනන් භික්ෂුණීන් පිරිවරා ඵතුමිය මේ පිටත් වන්නේ සාරාසංඛ්්‍යය කල්ප ලක්ෂයක් මුළුල්ලේ අප්‍රමාණ කැපකිරීම් කරමින් ඉමහත් සෙනහසින් අප මහා බෝසතාණන් වහන්සේ සමග ඵකට ම ආ ගමනේ නිමාව සටහන් කරන්නට ය. ඉපදෙන මැරෙණ සසරට යලි කිසිදිනක නො ඵන ලෙසින් නිවන් පුර වැඩීමට ය.
භාග්‍යවතුන් වහන්සේගේ රත් පියුම් පැහැගත් සිරිපා යුගල මහත් බැතියෙන් වන්දනා කළ යශෝධරා තෙරණිය ඵකත්පස්ව සිට මෙසේ වදාළා ය.
“ ස්වාමීනී , දැන් මගේ වයස අවුරුදු හැත්තෑ අටක්. මගේ වයස මුහුකුරා ගිහින්. මරණය නැමැති ප්‍රපාතය ළගට ම අවිල්ලයි ඉන්නේ. ඡිවිතේ පවතින්නේ තව පුංචි කාලයක්. මම ඔබ වහන්සේව හැර යනවා. ඔබ වහන්සේගේ උපකාරයන් මම මට පිහිට සලසා ගත්තා. ස්වාමීනී, මම අද රාත්‍රයේ පිරිනිවන් පානවා. ඡරා මරණ, ශෝක වැළපීම්, සුසුම් හෙලිම් නැති ඵ් ශාන්ත සුන්දර නිවන කරා යනවා.
ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, මෙතන බොහෝ පිරිසක් රුස් වෙලා ඉන්නවා. ඵ් කිසිවෙක් මගේ වරදක් දකී නම් ඔබ වහන්සේ ඉදිරියේ මට සමාව ලබා දෙත්වා. ඔබ වහන්සේ සමග ඵකට ම ආ සසර ගමනේ දී මා අතින් ඔබ වහන්සේට යම් වරදක් වුවා නම් මට සමාව ලබා දෙන සේක්වා”..
සසර ගමනේ තමන් වහන්සේට මහා ශක්තියක් වු, අශිර්වාදයක් වු ඵතුමියගේ වදන් ඇසු භාග්‍යවතුන් වහන්සේ “නිවනය යන ඔබට කුමක් කියන්නැදැයි” වදරා, මගේ අනුශාසනාව කරන්න. සෘද්ධි දක්වන්න. මේ සාසනයේ කිසිවෙක් යශෝධරා තෙරණිය උත්තරීතර ඥාන ලබා නැතැයි සැක කරයිනම් ඵ් සැක දුරු කරන්න”යැයි වදාළහ.
යශෝධරා මහ රහත් තෙරණිය භාග්‍යවතුන් වහන්සේට වන්දනා කොට මෙසේ වදාළා ය. “ස්වාමීනී ,ශාක්‍රය කුලයේ උපන් සියලු ස්ත්‍රී ලකුණූවලින් පිරිපුන් වු මම යශෝධරා. ගිහිකල ඔබ වහන්සේගේ ප්‍රඡාපතිය(බිරිද) වුණා. ඔබ වහන්සේගේ නිවසෙහි ඵක් ලක්ෂ අනු දහසක් ස්ත්‍රීන්ට මම අග්‍රර වුණා. ඉසුරුමත් වුණා. රූප ශෝභාවෙන්, අචාර ගුණයෙන් යුතුව යොවුන් වයසේ සිටි මම ප්‍රියමනාප වචන ඇති කෙනෙක්. හැම දෙනාටම සැලකුවේ දෙවියන්ට වගේ ගෙෘරවයෙන්. ඔබ වහන්සේගේ නිවසේ සිටි නන්දන වනයේ දෙවගනන් මෙන් සුන්දර වු කන්්‍යාවන් ලක්ෂයකට මම අග්‍රර උණා. ස්වාමීනී භාග්‍යවතුන්වහන්ස, මේ ලෝකයේ රූප ස්වභාවයෙන් මම දෙවෙනි වුණේ ඔබවහන්සේට පමණයි. ”මෙසේ සිංහනාද කළ යශෝධරාවෝ අහසට පැන නැග භාග්‍යවතුන් වහන්සේගේ අනුදැනුමින් නොයෙක් සෘද්ධි දැක්වුවා ය.
සක්වල හා සමාන ව මැවු කයකින් යුතු හිස උතුරු දිවයිනේ ද පියාපත් යුවළ පුර්ව විදේහ, අපරගොයාන දිවයින් වල ද පිල්කළඹ දකුණු මුහුදේ ද ශඛාව මහාමේරු පර්වතයේ ද තුඩු සක්වළ ගිරෙහි ද පිහිටි දෙඇස් හිරු සදු වු පියාපත් නොයෙක් වෘක්ෂ ශාඛාවන්ගෙන් සැදුණු ලිහිණී රුවක් මවා, මුල් සහිතව උදුරාගත් දඹ රුකකින් පවන් සලමින් භාග්‍යවතුන් වහන්සේට වන්දනා කළා ය. ඇත් රුවක් ද අස් රුවක් ද පර්වතයක් ද මහ සයුර ද හිරු සදු ද මහාමේරුව ද ශක්‍රයාගේ රුව ද මැවිවා ය.
“ස්වාමීනී මම යශෝධරා වෙම්. ඔබ වහන්සේගේ පා වදිමි” යි කියමින් දහසක් ලෝක ධාතු විකසිත පද්මයකින් වැසුවා ය. බ්‍රහ්ම වේශය ද මැවිවා ය. අනිත්යත, දුක්ක, අනාත්මය ප්‍රකට වන ධර්මය දේශනා කළා ය.
“ස්වාමීනී මම සෘද්ධිබල ලැබුවා. දිව්‍ය ශ්‍රවණයෙහිත් අනුගේ සිත් දන්නා නුවණේ ද මම දක්ෂ වුනා. පෙර විසු කද පිළිවෙළ මට දකින්න පුළුවන්. සියළු ආශ්‍රර ව ක්ෂය කලා. දැන් මා හට පුනර්භවයක් නෑ. අර්ථ, ධර්ම, නිරුක්ති, ප්රුතිභාන ඥානය ලබා ගත්තා.
ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, පෙර ඡිවිතවල මම යම් පිනක් රැස්කළා නම් ඵ් ඔබ වහන්සේ නිසා ම ය. අභව්‍ය ස්ථාන දුරුකොට, වැරදි හැසිරීම් දුරුකොට ඔබ වහන්සේ උදෙසා මගේ ඡීවිතය පුඡා කළා. ස්වාමීනී, නොයෙක් දහස් කොටි ගණන් ඡීවිත වල ඔබ වහන්සේ භාර්යාව ලෙස මාව අන් අයට දන් දුන්නා. ඔබ වහන්සේගේ යහපත කැමති මාගේ සිතේ අසතුටක්, ද්ව්ෂයක් අති වුණේ නෑ. ඵ් වගේ ම දහස් කොටි ගණන් ඡීවිත වල දාසියක් විදිහට මාව දන් දුන්නා. බොහෝ දුක් උසුලමින් බැලමෙහෙවර කරන වෙලාවකවත් මගේ සිතේ ඔබ වහන්සේ ගැන අමනාපයක් ඇති වුණේ නෑ. සමහර අවස්තා වල ඔබවහන්සේ මාව දන් දීලා තිබුණේ යක්ෂයන්ට, රාක්ෂයන්ට. ඔවුන් මට බොහෝ දුක් දීලා මාව ආහාරයට ගනිද්දීවත් ඔබ වහන්සේ ගැන තරහක්, අසතුටක් සිතේ ඇති වෙචිච බවක් මම දන්නෙ නෑ. සිංහ ව්‍යඝ්‍රාදීන්ගෙන් අතිවුණ බියෙන් ඔබ වහන්සේ මුදවන්න මගේ ඡීවිතය පුඡා කළ වාර අනන්තයි.
මා සතුව තිබු ස්ත්‍රීන් බොහෝ ඇලුම් කරන පලදනා, වස්ත්‍ර, ආභරණ, ඔබ වහන්සේ වෙනුවෙන් අනුනට දන් දුන්නා. ධනධන්්‍ය, ගම් නියම් ගම්, කෙත් වතු, අප්‍රමානව දන් දුන්නා. මහත් සෙනෙහසින් හදපු මගේ පණනල වුණූ දරුවන් ඔබ වහන්සේ වෙනුවෙන් පරිත්යාග කළා. දන් පිණිස දුන් ඇත්තු, අශ්වයෝ, දැසි දස්සන් ප්‍රමාණ කරණ්න බෑ. “දන් දෙන්න ඕන” කියා ඔබ වහන්සේ කියු කිසිම අවස්ථාවක උතුම් ලෙස දන් දෙන ඔබ වහන්සේ ගැන දොම්නසක් හිතේ ඇති වුණ බවක් මම දන්නේ නෑ. ස්වාමීනී. සසර ගමනෙ දී විවිධ ඡාතිවල ප්‍රමාණ නොකල හැකි තරමේ බොහෝ දුක් ඔබ වහන්සේ උදෙසා මම වින්දා. සැපයේ දී උදම් නො වී දුකේ දී දොම්නස් නොවී සැම තැනක ම ඔබ වහන්සේ උදෙසා ඡීවිත් වුණේ සම සිතින් ම යි.
“මින් සාරාසංඛේ්‍යය කල්ප ලක්ෂයකට පෙර දීපංකර බුදුරඡාණන් වහන්සේ ඔබ වහන්සේට විවරණ දුන් අවස්ථාවේ මා ගැන මෙසේ වදාළා. “තවුස මැය ඔබ හා සමසිත් ඇති, සමක්‍රියා ඇති, ඔබට හිතසුව පිනිස කටයුතු කරන්නියක් වෙයි. මැය මහා දැකුම් ඇති, ප්‍රිය මනාප වු, ප්‍රිය වචන කතා කරන ඔබගේ ධර්මයට දායාද ව, ප්‍රිය භාර්යාවක් වෙන්නීය. ධන හිමියෝ සිය භාණ්ඩාගාරය රකින්නේ යම් සේ ද මෑ ඔබගේ කුසල් දහම් භාණ්ඩාගාරය රකින්නී ය. ඔබට අනුග්‍රරහ කරමින් පාරමී ධර්මයන් පුරන්නී ය. කූඩුව බිද පලා යන සිංහ රාඡයෙකු සේ අරහත්වයට පත්වන්නී ය. ”ස්වාමීනී, මේ දීර්ඝ කාලය පුරා මම ඔබ වහන්සේට උපකාර කළේ ඵ් විදිහට ම ය.
සාරසංඛේ්‍ය්ය කල්ප ලක්ෂයක් ගෙවුණු කල මම ශාක්්‍ය කුලයේ උපන්නා. මට අතිශය සුන්දර රුපයක් ලැබුණා. භෝග සම්පත් යසස් ලැබුවා. සිල්වත් වුණා. බොහෝ ලාභ සත්කාර ලැබුවා. ඔබ වහන්සේ දෙසු දහම් අසා බුද්ධ ශාසනයේ පැවිදි උණා. අරහත්වයට පත් වුණේ පැවිදි වෙලා අඩ මාසයක් ගෙවෙන්නත් කලින්. සියලු භවයන්, කෙලෙස් නසා දාලා, බැදුම් සිද දැමු ඇතින්නියක් වගේ කෙලෙස් රහිත සිතින් වාසය කරන්නේ. ඵ්කාන්තයෙන් ම ඔබ වහන්සේ සමීපයේ මට සිදු වුනේ යහපතන්මයි.
මේසේ සිංහනාද කළ යශෝධරා තෙරණිය භාග්‍යවතුන් සමීපයට පැමිණියා ය. යලි කිසි දිනක මේ සසරේ හමු නොවන්ට අවසාන වරට මහත් බැතියෙන් සමිබුදු සිරිපා යුග වන්දනා කළා. පසුපසින් පසුපසට පැමිණ විහාර දොරටුවෙන් මැත් වන විට දෙතිස් මහා පුරිස ලකුණින් බැබළුණු ඵ් අසහාය සම්බුදු රුව ඵතුමියගේ දෙනෙතින් සදහටම මැකී ගියේ ය.
ඵදා, ඉතා සුන්දර වු ඵ් භික්ෂුණී ආරාමයට ඉහලින් සද මෝදු වුයේ මළානිකව ය. මුළු පරිසරය ම ශෝකාකූල නිහඩ බවකින් වෙලී තිබුණි. රාත්‍රිය ඵළඹෙද්දී අශ්‍රව නැසු රහත් භික්ෂු භික්ෂුණීන් සංවේගයට පත් කරමින්, කෙලෙස් සහිත වුවන්ගේ නෙතට කදුළු ද සුසුම් ද ඵක් කරමින්, හටගත් සියළු දේ නැසී යන සනාතන ධර්මය ලොවට පසක් කරමින් යශෝධරා මහරහත් තෙරණීන් වහන්සේ පිරිනිවන් පා වදාළා ය.
දීපංකර පාද මූලයේ විවරණ ලත් දා පටන් අප මහා බෝසතාණන් වහන්සේ ට උවටැනි කරමින්, උපකාර කරමින් ඵතුමිය ආ ගමන සෑම සිතක ම ඵතුමිය ගැන ගෞරවයක් උපදවයි. ඵතුම්ය තරම් තම ස්වාමියා වෙනුවෙන් ඡීවිතය කැපකළ ඵකම ස්ත්‍රියක්වත් මේ බුද්ධෝත්පාද කාලයේ දක්නට නැත. මාතෘ, සකී, භගිනී, දාසී භාර්යාවක් ලෙස බෝසතුන්ට පාරමී පිරිමෙහිලා ඵතුම්ය කළේ අසිරිමත් කැපවීම කි. සිතුවිල්ලකින් වත් තම ස්වාමියා ඉක්මවා නො ගොසින් ඵතුමිය සුරැකි පතිව්‍රනතාව පුදුම ඵළවන සුළළුු ය. ගෞතම බුදු සසුන තුළ මහා අභිඤ්ඤාවට පත් වු ශ්‍රරාවකයන් වහන්සේලා සිව් නමකි. ඵ් අතර වැඩ සිටි ඵකම භික්ෂුණිය යශෝධරා තෙරණිය යි. ඵ් සා මහත් ගුණ දරගෙන නමුත් ඵතුමිය ගත කළ නිහතමානී දිවිය ආදර්ශමත් ය. ආශ්චර්යවත් ය.
මේ සා මහානුභාව සම්පන්නව අප්‍රමාණ ගුණ දරාගෙන, සම්බුදු ළය මඩලෙහි ඉපද, ගෞතම සසුනඹරේ පහන් තරුවක් බදු යශෝධරා මහ රහත් තෙරණියට අපිගේ නමස් කාරය වේවා! ඵ් අපරිමිත ගුණ කද තවමත් ඡීවමාන කරන යශෝධරා මහ රහත් තෙරණියගේ ධාතූන් වහන්සේලාට අපගේ නමස් කාරය වේවා!