මෙම සිදුවීම සත්‍ය සිදුවීමක් නොවේ. මෙහි චරිත සියල්ල මනඃකල්පිතය.
හ්ම්…
යනවා ඉවරයක් නැති බස් එකේ ගමන් ගන්න වෙලාව අනන්තයක් වගේ හිතට දැනෙන්න පටන් අරගෙන දැන් අනන්ත වෙලාවක්. පන්තියට යන්නත් තව වෙලා තියෙනව. පන්තියට යන්නෙ නම් හොඳ හිතකින් නෙවෙයි. බස් එකට නඟින්න කලින් දුරකථන කතාවෙන් බහින්බස් වුන තරහත් අරගෙනයි බස් එකට නැග්ගෙ. ඇයත් එක්ක තරහ වෙලා කතා නැතිව ඉන්නකොට දැනෙන අනන්ත පාලුව අනන්ත කාලයකට පරිවර්තනය වෙලා වගෙයි.
මිනිස්සු ඔහේ ඉස්සරහට ඇවිදිනව. මහපාරේ ගාලගෝට්ටිය මැද්දෙ පාරෙ පැත්තකට වෙලා ඔහේ නිදාගෙන ඉන්න බල්ලො දැක්කම පුදුමත් හිතෙනව. වෙන්න ඇත්නම් බල්ලෙක්…
බස් එක හරි පාලුයි. මිනිස්සු කිහිපදෙනෙක්ම බලාගත්තු අතේ බලාගෙන ඔහේ ඉන්නව. බස් එකත් එක්ක දෙපැත්තට වැනෙනව. සාක්කුවෙ ෆෝන් එක තිබුනත් අතට ගන්න හිත නැත්තෙ ෆෝන් එකේ ඇය නැති නිසා. වෙනද නම් බස් එකේ ගමනට සමගාමීව අතත් වේගයෙන් වැඩකරනව.
විනාඩි තුනෙන් තුනට ෆෝන් එක දෙදරනකන් බලාගෙන ඉන්නෙ පුදුම ආසාවෙන්. ගමන යනව වත් නොතේරෙන තරම්. බස් එකෙන් බහින්න කියල කොන්දොස්තර කෑ ගහල කියනකන්, හිත තිබුනෙ ඇඟිලි තුඩු වල.
සාක්කුවෙ ෆෝන් එක අතට අරගෙන බැලුවෙ එයාගෙන් එක කෙටි පණිවිඩයක් හරි ඇවිත්ද කියල.
නෑ.
“අදින් පස්සෙ අපි දෙන්නගෙ සම්බන්දෙ ඉවරයි. මීට පස්සෙ මට ඔයා එක්ක කිසි කතාවක් නෑ. මට කතාකරන්න හිතන්න එපා ආයෙත්. මම ඔයාට ආයෙත් කතා කරයි කියල හිතන්නත් එපා.”
ඒ ඇගේ අවසන් පණිවිඩය.
කතා කරන්න ඕනෙ එයාට.
…
ඔහ්. හිතුව විතරයි. මෙන්න එයා කතා කරනව. මොකද කරන්නෙ? කතාකරනවද? නැද්ද?
නෑ. එක්කො ඕනෙ නෑ. දැන් කතා කරල තේරුමක් නැහැ.
ආයෙත් මගෙ තනිය.
බස් එක ටික ටික පිරුනත්, තාම බස් එක පාලුයි. මූසලයි. බස් එකත් පැද්දිල්ලෙ තමන්ගෙ ගමනේ…
ආයෙත් නැවතුමක්. මම දොර දිහා බලාගෙන හිටියෙ බලාපොරොත්තුවක් නැතිව. නිකමට වාගේ…
ඔහ්. හරිම ලස්සන ගෑනු ළමයෙක්. හරි අහිංසක පාටයි. අනේ… මගෙ ළඟින් වාඩි වෙනව නම්… මට නොදැනිම වගේ ඇගේ ඇස් දෙක දිහාවට මගේ ඇස් දෙක හැරුණ. ඇසින් නොදැනි කෙරුණ ආරාධනාව පිළිගන්න වගේ ඇයත් ඇවිත් වාඩි වුනේ මගේ ළඟින්. මට දැනුනෙ ඈ මගේ සිහින කුමරිය වගේ. හරි අහිංසක පෙනුම. මං හිතන්නෙ නුගේගොඩ පන්තියකට යනවා වෙන්න ඕනෙ. ඇය මගේ වයසෙමද මන්ද, උකුළ උඩින් තියාගන්න ෆයිල් කවරෙ උඩින් අත් දෙක එකතු කරල තියාගත්ත ඈ, ඉදිරිය බලාගෙන. මගේ කළු ඉංගිරියාව හැරෙන්නෙම ඇය දිහාවට. ඈ මගේ නම්…
ඈ මගේ දිහා හොරැහින් බලාගෙන ඉන්නවා කියල මටත් දැනෙන්න පටන් අරගෙන. සුළඟට එහෙ මෙහෙ දුවන ඇගෙ අකීකරු කොණ්ඩය මගෙ මුහුණෙත් වදින්නෙ මගෙන් මොනවහරි දෙයක් ඉල්ලනව වගේ. ඇගේ ලස්සන හරියටම පෙනුනෙ හුළඟට එහෙ මෙහෙ දුවන ඇගෙ කොණ්ඩය හදාගන්න කොණ්ඩයත් ඇගේ අතත් දඟලන දැඟලිල්ල දැක්කාම.
කොණ්ඩයත් එක්ක දඟලපු අත්ල එක්පාරටම පහත් වුනේ මගේ කකුල උඩට. හදවත ගැහුනෙ විදුලි වේගයෙන්. මේ හැමදෙයක්ම වෙන්න ගියේ සුළු මොහොතයි. ඒකට මොහොතක් කියන්නත් බැරි තරම්. ඇත්තටම කාලය ඒ මොහොතේ ගමන් කළේ නෑ.
“වනචර කෙල්ල!”
හිත එහෙම කියන මොහොතේම ඇය මගේ දිහාවට බොහොම අහිංසක විදිහට හිනාවෙලා…
“අනේ… සොරි.”
මම හිනාවෙලා… “ඉට්ස් ඕකේ” කිව්ව. මට හිතත් එක්කම තරහයි. ඈට “වනචර කෙල්ල” කිව්වට.
මට ඇගෙන් කොහේද ඈ යන්නෙ කියල අහන්න ඕනේකමින් හිත පිරුනෙ ඒ වෙලාවෙ. මම අහන්න හදනකොටම, ඈ අසුනෙන් නැගිට්ට. මම ප්‍රමාද වැඩියි. ඇය බසයෙන් බැහැලත් ඉවරයි…
ආයෙත් මගෙ තනිය.
මගෙ හිතට ඇතිවුනේ වරදකාරී හැඟීමක්. මගේ ගැහැනු ළමය එක පැත්තක මාත් එක්ක විරසක වෙලා ඉඳිනකොට කොහෙන්වත් කඩාපාත්වුන කෙල්ලෙක් ගැන මොකක්දෝ හිතක් පහළ කරගෙන.
මගෙ ගෑනු ළමයට කතා කරන්න ඕනෙ.
…
ඔහ්. කෝ මගෙ ෆෝන් එක…
කෝ දෙයියනේ මගේ ෆෝන් එක?
වනචර කෙල්ල.