වන්නි හමුදා නායකයින්ව යුධ අපරාධවලට පැටලව
වන්නි මෙහෙයුමට දායක වූ ජගත් ජයසූරිය, මෙන්දක සමරසිංහ, ජගත් ඩයස්, චාලි ගාල්ලගේ, ශවේන්ද්‍ර සිල්වා, නන්දන උඩවත්ත, කමල් ගුණරත්න, ප්‍රසන්න සිල්වා, සුමිත් මානවඩු, රෝහණ බණ්ඩාර, සත්‍යපාල ලියනගේ, නිශාන්ත වන්නිආරච්චි යන ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීහු.
* විශේෂ බළකා 4ක නම් සහ ඒවා මෙහෙයවූවන්ගේ නම් කොටින්ට හෙළිවෙලා
* කොටි ආයුධ ජාලයේ තෙවැනියා වූ රාඝවන්ව සිංගප්පූර් රජය විසින් ඇමරිකානු පොලිසියට භාර දෙයි
* කොටි 10000 ක් ඝාතනය කිරීමට සැලසුම් කරන බවට කොළඹ මානව හිමිකම් ක්‍රියාකාරියකු විසින් සාවද්‍ය පුවතක් විකාශනය කරලා
* ඇමරිකානු කොටි එඇජන්ත රුද්රකුමාරන්ගේ ලිපියෙන් කොටි හමුදා නායකයකු වූ රමේශ් හැලෙයි
* යුද හමුදා විශේෂ බළකායට යුද අපරාධ චෝදනා නැගීමේ සැලසුමක්
* තවත් සාවද්‍ය යුද අපරාධ චෝදනා කොන්ත්‍රාත්කරුවෙක් කැනඩාවේ
* ආරක්ෂක ලේකම්ගේ අභියෝගය ජෙනරාල් භාරගත්තේද?
* ඇමරිකානු සී.අයි.එ. ඔත්තු සේවාව අල්කයිඩා නායකයන්ව විනාශ කිරීමට බ්ලැක්වෝටර් නමැති පුද්ගලික ආරක්ෂක සමාගමට පවරා තිබුණා
"යුද්ධය වෙනුවෙන් දිවිපිදූ ගෞරවනීය සෙබළුන් ඔවුන්ගේ ශක්තිය දී ඇති නිසා අප එම ශක්තිය පළුදු නොවන අන්දමට ක්‍රියා කළ යුතුයි" - එබ්රහම් ලින්කන් (හිටපු ඇමරිකානු ජනාධිපති)
ජනාධිපතිවරණයට ඇත්තේ තව දින 23 කි. පසුගිය දෙසැම්බර් 26 වැනිදා ගි්රනිච් වේලාවෙන් 12.47 ට මුළු ලොව පුරා සාවද්‍ය පුවතක් විකාශනය කළ ස්විස් කොටි වෙබ් අඩවිය හමුදා බුද්ධි අංශය විසින් ජනාධිපතිවරණයට පෙර රැඳවුම් කඳවුරුවල සිටින කොටි 10000 ක් රහසිගත මෙහෙයුමක් මගින් ඝාතනය කිරීමට සැලසුම් කර ඇතැයි සඳහන් කරනු ලැබීය. මෙකී සාවද්‍ය පුවතේ මෙසේද සඳහන් විය. "වෝ විතවුට් විට්නස් නමැති රාජ්‍ය නොවන සංවිධානයට කොළඹ මානව හිමිකම් ක්‍රියාකාරියකු විසින් අනතුරු අඟවමින් රජයේ ඉහළම අංශවල නියෝග මත මහා මිනිස් ඝාතනයක් මෙහෙය වන්නැයි හමුදා බුද්ධි ක්‍රියාකාරීන්ට දන්වා ඇතැයි පවසා තිබේ. අත්අඩංගුවේ සිටින කොටි නායකයන් කීප දෙනකු ලවා රැඳවුම් කඳවුරට ප්‍රහාර එල්ල කර එම ප්‍රහාරය වැළැක්වීමේ අරමුණින් ඝාතන මෙහෙයුම දියත් කිරීම අරමුණ වී ඇතැයි ඔහු හෙළි කළේය.
මේ නිර්නාමික මානව හිමිකම් ක්‍රියාකාරියා කොටින්ට සම්බන්ධ වෝ විතවුට් විට්නස් නම් වූ සංවිධානය වෙත පැවසූ මෙම සාවද්‍ය පුවතේ අරමුණ වූයේ ශ්‍රී ලංකා රජයත් හමුදාවත් මිනිස් ඝාතන සිදු කරන බව ලෝක ප්‍රජාවට පෙන්නුම් කිරීමයි.
මේ සාවද්‍ය පුවත මොහොතකින් කොටි ජාත්‍යන්තර ජාලය විසින් ද ලොව පුරා විකාශනය කෙරිණි.
මෙලෙස ශ්‍රී ලංකා හමුදාවට එරෙහිව බරපතල අයුරින් කුමන්ත්රණකාරී සැලසුම් දියත් වෙද්දී සැඟවී සිටින කොටි ත්රස්තයන් ජනාධිපතිවරණයට පෙර යම් විනාශකාරී සැලසුමක් ක්‍රියාත්මක කිරීමට උත්සාහ කරන බව නෝර්වේ රාජ්‍යයේ විශ්වාස කටයුතු ආරංචි මාර්ග අනාවරණය කළේය.

Last edited:

Dont insult ammawa Shape eke kata karala wisada ganna