වන්නි හමුදා නායකයින්ව යුධ අපරාධවලට පැටලව

sampathdishan

Member
Jan 6, 2009
146
6
0
වන්නි හමුදා නායකයින්ව යුධ අපරාධවලට පැටලව

p16.jpg



වන්නි මෙහෙයුමට දායක වූ ජගත් ජයසූරිය, මෙන්දක සමරසිංහ, ජගත් ඩයස්‌, චාලි ගාල්ලගේ, ශවේන්ද්‍ර සිල්වා, නන්දන උඩවත්ත, කමල් ගුණරත්න, ප්‍රසන්න සිල්වා, සුමිත් මානවඩු, රෝහණ බණ්‌ඩාර, සත්‍යපාල ලියනගේ, නිශාන්ත වන්නිආරච්චි යන ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීහු.

* විශේෂ බළකා 4ක නම් සහ ඒවා මෙහෙයවූවන්ගේ නම් කොටින්ට හෙළිවෙලා

* කොටි ආයුධ ජාලයේ තෙවැනියා වූ රාඝවන්ව සිංගප්පූර් රජය විසින් ඇමරිකානු පොලිසියට භාර දෙයි

* කොටි 10000 ක්‌ ඝාතනය කිරීමට සැලසුම් කරන බවට කොළඹ මානව හිමිකම් ක්‍රියාකාරියකු විසින් සාවද්‍ය පුවතක්‌ විකාශනය කරලා

* ඇමරිකානු කොටි එඇජන්ත රුද්‍රකුමාරන්ගේ ලිපියෙන් කොටි හමුදා නායකයකු වූ රමේශ් හැලෙයි

* යුද හමුදා විශේෂ බළකායට යුද අපරාධ චෝදනා නැගීමේ සැලසුමක්‌

* තවත් සාවද්‍ය යුද අපරාධ චෝදනා කොන්ත්‍රාත්කරුවෙක්‌ කැනඩාවේ

* ආරක්‍ෂක ලේකම්ගේ අභියෝගය ජෙනරාල් භාරගත්තේද?

* ඇමරිකානු සී.අයි.එ. ඔත්තු සේවාව අල්කයිඩා නායකයන්ව විනාශ කිරීමට බ්ලැක්‌වෝටර් නමැති පුද්ගලික ආරක්‍ෂක සමාගමට පවරා තිබුණා

"යුද්ධය වෙනුවෙන් දිවිපිදූ ගෞරවනීය සෙබළුන් ඔවුන්ගේ ශක්‌තිය දී ඇති නිසා අප එම ශක්‌තිය පළුදු නොවන අන්දමට ක්‍රියා කළ යුතුයි" - එබ්‍රහම් ලින්කන් (හිටපු ඇමරිකානු ජනාධිපති)

ජනාධිපතිවරණයට ඇත්තේ තව දින 23 කි. පසුගිය දෙසැම්බර් 26 වැනිදා ගි්‍රනිච් වේලාවෙන් 12.47 ට මුළු ලොව පුරා සාවද්‍ය පුවතක්‌ විකාශනය කළ ස්‌විස්‌ කොටි වෙබ් අඩවිය හමුදා බුද්ධි අංශය විසින් ජනාධිපතිවරණයට පෙර රැඳවුම් කඳවුරුවල සිටින කොටි 10000 ක්‌ රහසිගත මෙහෙයුමක්‌ මගින් ඝාතනය කිරීමට සැලසුම් කර ඇතැයි සඳහන් කරනු ලැබීය. මෙකී සාවද්‍ය පුවතේ මෙසේද සඳහන් විය. "වෝ විතවුට්‌ විට්‌නස්‌ නමැති රාජ්‍ය නොවන සංවිධානයට කොළඹ මානව හිමිකම් ක්‍රියාකාරියකු විසින් අනතුරු අඟවමින් රජයේ ඉහළම අංශවල නියෝග මත මහා මිනිස්‌ ඝාතනයක්‌ මෙහෙය වන්නැයි හමුදා බුද්ධි ක්‍රියාකාරීන්ට දන්වා ඇතැයි පවසා තිබේ. අත්අඩංගුවේ සිටින කොටි නායකයන් කීප දෙනකු ලවා රැඳවුම් කඳවුරට ප්‍රහාර එල්ල කර එම ප්‍රහාරය වැළැක්‌වීමේ අරමුණින් ඝාතන මෙහෙයුම දියත් කිරීම අරමුණ වී ඇතැයි ඔහු හෙළි කළේය.

මේ නිර්නාමික මානව හිමිකම් ක්‍රියාකාරියා කොටින්ට සම්බන්ධ වෝ විතවුට්‌ විට්‌නස්‌ නම් වූ සංවිධානය වෙත පැවසූ මෙම සාවද්‍ය පුවතේ අරමුණ වූයේ ශ්‍රී ලංකා රජයත් හමුදාවත් මිනිස්‌ ඝාතන සිදු කරන බව ලෝක ප්‍රජාවට පෙන්නුම් කිරීමයි.

මේ සාවද්‍ය පුවත මොහොතකින් කොටි ජාත්‍යන්තර ජාලය විසින් ද ලොව පුරා විකාශනය කෙරිණි.

මෙලෙස ශ්‍රී ලංකා හමුදාවට එරෙහිව බරපතල අයුරින් කුමන්ත්‍රණකාරී සැලසුම් දියත් වෙද්දී සැඟවී සිටින කොටි ත්‍රස්‌තයන් ජනාධිපතිවරණයට පෙර යම් විනාශකාරී සැලසුමක්‌ ක්‍රියාත්මක කිරීමට උත්සාහ කරන බව නෝර්වේ රාජ්‍යයේ විශ්වාස කටයුතු ආරංචි මාර්ග අනාවරණය කළේය.
 
Last edited:
  • Like
Reactions: GihanFX

sampathdishan

Member
Jan 6, 2009
146
6
0
මේ වන විට ඇ-09 මාර්ගය විවෘත වී යාපන අර්ධද්වීපයේ ඇඳිරිනීතිය ඉවත්වීමත් සමග හිටපු කොටින්ට මේ සැලසුම ක්‍රියාත්මක කිරීමට දොර ඇරී ඇතැයි එම ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කළේය.

"නෝර්වේ කොටි නායක නෙදියවන්ට අවශ්‍ය පළිගැනීමයි. ඔහු වවුනියාවේ සහ යාපනයේ සිටින හිටපු කොටි සමග සම්බන්ධකම් පවත්වනවා. රජයේ ඉහළම අයකු තමයි ඔහු ඉලක්‌ක කර ඇත්තේ" යෑයි වැඩිදුරටත් එම විශ්වාස කටයුතු ආරංචි කියා සිටියේය.

"සතුරු අවස්‌ථාවක්‌ එනතුරු බලා සිටින බව අපි තේරුම්ගත යුතුය. ඊට අවතැන නොදිය යුතුයි"යෑයි ඊශ්‍රායල් ආරක්‍ෂක ඇමැති එහුද් බරක්‌ වරක්‌ පැවසීය.

මේ අතර නව ටෙලෝ සංවිධානය මෙහෙයවන උදයන් හා ඊරෝස්‌ සංවිධානය මෙහෙය වන ප්‍රභා නමැත්තන්ගේ අබිරහස්‌ කටයුතු පිළිබඳව ද අනාවරණය වී ඇත.

මින් උදයන් නමැත්තා නෝර්වේහි කොටි වෙබ් අඩවිය මෙහෙයවූ සේතුරාජන් නඩරාජා සමග සබඳකම් පවත්වන බව අනාවරණය වී ඇත.

මේ සේතුරාජන් දැනටමත් ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට සහය පළ කරන බව දක්‌වමින් කොළඹට පැමිණීමට සැලසුම් කර තිබේ. එඇ කුමක්‌ සඳහා ද? රජයේ බුද්ධි අංශ මගින් විමර්ශනයට ලක්‌ කළ යුත්තේ මිතුරන් ලෙස අඟවමින් පැමිණෙන සතුරන් ගැනය.

නෝර්වේ කොටි නායක නෙදියවන්ගේ ඉලක්‌කය ජනාධිපති ආරක්‍ෂක ලේකම් සහ ජනාධිපති සොහොයුරන් හා හිටපු විශ්‍රාමික ජනරාල්වරයායි.

එක්‌ ගලකින් කුරුල්ලන් දෙදෙනකු මැරීමට උත්සාහ කිරීම මොවුන්ගේ අරමුණ වී තිබේ. මේ අතර ප්‍රභාකරන් සැමරීමේ උත්සවයක්‌ තමිල්නාඩුවේ චෙන්නායි නගරයේ පැවැත්වූහ. මෙහි ප්‍රධාන දේශකයා ඉන්දියාවේ හිටපු අගමැති රජිව් ගාන්ධිව රැවටූ ප්‍රභාකරන්ගේ සගයා වූ කාසි ආනන්දන්ය.

ප්‍රභාකරන්ගෙන් රජිව්ට මරණ තර්ජනයක්‌ නැති බවට පැවසුවේද මේ කාසි ආනන්දන්ය. මේ නිසා ප්‍රභාකරන්ව සැමරීම සඳහා කාසි ආනන්දන් වේදිකාවට ගොඩවූයේ යම් අබිරහස්‌ ක්‍රියාදාමයක්‌ සඳහා ද?

මෙම තත්ත්වය මත රටේ රාජ්‍ය සහ හමුදා නායකත්වයම ඉදිරි දවස්‌ 23 තුළ වඩාත් සුපරීක්‍ෂාකාරී විය යුතුව ඇත.

මෙහිදී කොටි හිතවාදීන් විසින් කරන ප්‍රකාශ ගැන ද දැඩි අවධානය යොමු කළ යුතුය. මේ සතියේදී තමිල්නාඩුවේ ජයා පල්ස්‌ රූපවාහිනි සේවාව අමතමින් කොටි ඝාතක කණ්‌ඩායම බේරාගැනීමට උත්සාහ කළ ද්‍රවිඩ පුවත්පතක ප්‍රධානියකු කළ ප්‍රකාශය මෙසේයි. "කොටි නායක ප්‍රභාකරන් 2005 ජනාධිපතිවරණය වර්ජනය කිරීම නිසා වත්මන් තත්ත්වය ඇති විය. ජනාධිපතිත්, හිටපු හමුදාපතිත් යන දෙදෙනාම ද්‍රවිඩයන්ට විරුද්ධයි. ජනාධිපතිවරයා ද්‍රවිඩ ජාතිකත්වයට විරුද්ධයි. ඔහු ද්‍රවිඩ භූමියේ සිංහල ජනාවාස ආරම්භ කිරීමට සාර්ථකව ක්‍රියා කර තිබෙනවා. උතුර ප්‍රදේශයේ ජනපද ආරම්භ කිරීම සඳහා ජනාධිපති 12 ක ගෙන් යුත් කමිටුවක්‌ පත් කර තිබෙන අතර එහි අරමුණ යාපන අර්ධද්වීපයේ අයට හැර පිටස්‌තරයන්ට ඉඩම් මිලයට ගැනීම තහනම් වන නීතිය විමර්ශනයට ලක්‌ කිරීමයි. මේ අතර ජෙනරාල් ෆොන්සේකා පවසන්නේ ශ්‍රී ලංකාව සිංහලයන්ට අයිති බවත් ද්‍රවිඩයන් සිංහලයන්ගේ ක්‍රියාදාමය මත ජීවත්විය යුතු බවයි.

කොටි ඝාතක සමාගම පරාජය කළ ජනාධිපති හා හිටපු හමුදාපතිවරයා භේදභින්නවී ක්‍රියා කරද්දී සිහි බුද්ධිය ඇති ඕනෑම අයකුට කොටි හිතවාදීන් තවමත් ඉල්ලන්නේ ස්‌වයංපාලනය බව දෙපාර්ශ්වයම අවබෝධ කරගත යුතුය. මේ අතර චැනල් ෆොඅ රූපවාහිනි සේවාවට ශ්‍රී ලංකා හමුදාව ද්‍රවිඩයන්ව ඝාතනය කරන බවට සාවද්‍ය වීඩියෝ පටයක්‌ සැපයූ ජර්මනියේ ෙ-.ඩී.එස්‌. නම්වූ කොටි හිතවාදී සංවිධානය තම ක්‍රියාදාමයට ලොව පුරා සිටින ලක්‍ෂ ගණනක්‌ ද්‍රවිඩයන් ස්‌තුතිය පළ කළ බව පවසා ඇත. එහෙත් ෙ-.ඩී.එස්‌. සංවිධානයේ ෙද්‍රහී ක්‍රියාදාමයට ස්‌තුතිය පළ කර ඇත්තේ කොටිය.

තම මවුබිමට සතුරුකම් කරන්නන් ෙද්‍රහීන් ලෙස ඉතිහාසයට එක්‌වෙයි. එය කිසි දිනෙක වෙනස්‌ කළ නොහැකියි යෑයි ඊශ්‍රායලයට ඔත්තු දුන් වරදට වෙඩි තබා මරා දැමීමට නියමවූ පලස්‌තීන ජාතිකයන් තිදෙනකු පිළිබඳ කළ විමසීමේදී හිටපු පලස්‌තීන නායක යසර් අරපත් කියා සිටියේය. මේ නිසා ෙ-.ඩී.එස්‌. නම්වූ කොටි හිතවාදීන් ද ශ්‍රී ලංකාවේ ඉතිහාසයට එක්‌වන්නේ ෙද්‍රහීන් ලෙසය. මෙම සතියේ ආරක්‍ෂක කරළිය දෙස විමර්ශනය කිරීමේදී සිවිල් වැසියන් මුවාවෙන් කොටි නායකත්වය හා ඔවුන්ගේ පවුල්වල අය මුදාගැනීම සඳහා ඇමරිකානු බලධාරීහු දියත් කළ රහස්‌ සැලසුමේ තොරතුරු රැසක්‌ අනාවරණය විය. මේ තොරතුරු මෙරට ජනතාව වෙත හෙළිවී තිබුණේ නැත. පසුගිය මාර්තු 12 වැනිදා ඇමරිකාවේ වොෂින්ටන් නුවර සිට නවදිල්ලියේ මාධ්‍ය වෙත ලත් වාර්තාවක මෙලෙස දැක්‌විණි. කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානී ෙ-ම්ස්‌ මුරේ විසින් කොටි පාලන ප්‍රදේශවල තොරතුරු සෙවීමේ මෙහෙයුමක්‌ ආරම්භ කර තිබිණි. එහෙත් ශ්‍රී ලංකා රජය කොටි අවි බිම තබන තුරු සටන් විරාමයක්‌ ක්‍රියාත්මක නොකරන බව පැවසීම නිසා මෙවන් මෙහෙයුමක්‌ දියත් කිරීමට බරපතල අනතුරුදායක තත්ත්වයක්‌ ඇති කරන බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට හා ශාන්තිකර කලාපීය ඇමරිකානු හමුදා මූලස්‌ථානය විසින් තීරණය කර තිබිණි.

කෙසේ වෙතත් ඇමරිකානු මැරයන් බළකායේ හෙවත් මැරින් ගලවා ගැනීමේ එකකයේ බ්‍රිගේඩියර් ජෙනරාල් ආර්. එල්. බේලි ප්‍රමුඛ ඇමරිකානු ශාන්තිකර කලාපීය නාවික මූලස්‌ථානයේ හය දෙනකුගෙන් යුත් කණ්‌ඩායමක්‌ මෙරටට පැමිණ තිබේ. මෙම කණ්‌ඩායමට හමුදා මෙහෙයුම් සැලසුම්කරුවෙක්‌ ගුවන් සැලසුම්කරුවෙක්‌, නාවික හා වෛද්‍ය සැලසුම්කරුවෙක්‌ සහ වෛද්‍ය මෙහෙයුම් සැලසුම්කරුවකු ද අයත් විය.
 

sampathdishan

Member
Jan 6, 2009
146
6
0
එහෙත් රජය යුද මුක්‌ත කලාපයේ සිටින සිවිල් වැසියන්ව මුදා දෙන්නැයි ඇමරිකාවෙන් ඉල්ලා තිබුණේ නැත. මේ ඉල්ලීම කර තිබුණේ එරික්‌ සෝල්හයිම් ප්‍රමුඛ ආධාර කණ්‌ඩායමේ රටවල් විසිනි.

එවකට කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලයේ නිලධාරිනිය ලෙස ක්‍රියා කළ කැති ෆොක්‌ස්‌ මෙය සනාථ කරමින් හවායි සිට ඇමරිකානු කණ්‌ඩායමක්‌ ශ්‍රී ලංකාවට සම්ප්‍රාප්ත වූයේ ගලවා ගැනීමේ සැලසුමක්‌ මෙහෙයවීම බවයි.

මෙම ඇමරිකානු හමුදා කණ්‌ඩායම සී -130 හෙවත් චාලි නමින් හඳුන්වන දැවැන්ත ගුවන් යානාවකින් කටුනායකට පැමිණ පසුව ත්‍රිකුණාමලයට හා පලාලි වෙත ද ගොස්‌ හමුදා බලධාරීහු සමග සාකච්ඡා පවත්වා ඇත. මේ වන විට නන්දිකඩාල් ප්‍රදේශය අහසේ ඇමරිකානු හමුදා චන්ද්‍රිකාවක්‌ නිරීක්‍ෂණ කටයුතුවල යෙදී තිබිණි.

එහෙත් වන්නි මෙහෙයුම අවසාන සතියේ මෙකී නන්දිකඩාල් කලපුව ප්‍රදේශයේ තිබූ ඉන්ධන ගබඩාවලට ප්‍රහාර එල්ලවීමෙන් අහස්‌කුස සිසාරා කළු දුම්රොටු ව්‍යාප්ත විය.

ඉන් ඇමරිකානු චන්ද්‍රිකාවේ නිරීක්‍ෂණ කටයුතු බිඳවැටින. මෙවන් තොරතුරු හෙළිවෙද්දී පසුගිය සඳුදා රාත්‍රියේ මෝදර රොක්‌හවුස්‌ හමුදා කඳවුරේ දී නව හමුදාපති ජගත් ජයසූරිය සහ මාධ්‍ය අතර සුහද හමුවක්‌ පවත්වනු ලැබීය. මෙම සුහද හමුවට පැමිණෙන මාධ්‍ය විමර්ශනයට ලක්‌ කිරීම සඳහා මාධ්‍ය අඳබාලයකු සිටියේ නැත. හිටපු හමුදාපතිවරයාගේ සුහද හමුවට පැමිණෙන මාධ්‍ය නිරීක්‍ෂණය කිරීම සඳහා එදා මාධ්‍ය අඳබාලයකු යොදා තිබිණි.

දැන් මෙම මාධ්‍ය අඳබාලයන් කණ්‌ඩායමේ අබිරහස්‌ ක්‍රියාදාමයන් රැසක්‌ අනාවරණය වී ඇත. වන්නි යුද මෙහෙයුම සමයේ නිල නොවන නියෝජ්‍ය හමුදාපතිවරුන් ලෙස ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන්ට තම උජාරුව පෙන්නුම් කළ මෙකී කණ්‌ඩායමේ ක්‍රියාදාමයන් හෙළි කර ඇත්තේ උතුරේ සිටි හමුදා නිලධාරීන් හා බුද්ධි අංශ ක්‍රියාකාරීහු විසිනි. "මාධ්‍යවලට යැමට තහනම් වූ මෙහෙයුම් ප්‍රදේශවලට ද ගොස්‌ මේ කණ්‌ඩායම තොරතුරු රැස්‌ කළා. හිටපු ජෙනරාල්වරයාට එකී තොරතුරු වාර්තා වුණේ නැහැ. එක්‌ අවස්‌ථාවක රහස්‍ය තොරතුරු ලබාදීම ප්‍රතික්‍ෂේප කළ බුද්ධි නිලධාරියකුවත් මාරු කිරීමට මොවුන් දැඩි උත්සාහයක්‌ ගත්තා"යෑයි හමුදා ආරංචි මාර්ග කියා සිටියේය.

මෝදරදී පැවැති ප්‍රභූ හමුවේදී නව හමුදාපතිවරයා දේශපාලනය ගැන කතා කරන්නේ ද යන්න ගැන චරපුරුෂයන් විසින් නිරීක්‍ෂණය කරන බව පෙනුණි.

මේ අවස්‌ථාවට කොටින්ගේ ටැමිල්නෙට්‌ වෙබ් අඩවියට තොරතුරු සපයන්නකු ද ත්‍රිකුණාමල කොටි දේශපාලන නායක එලිලන් සමග සබඳකම් පවත්වන්නකු හා හිටපු ජෙනරාල් වෙත සමීපව ඔහුව විනාශ මුඛයට යොමු කරන ත්‍රිමස්‌කටියර්ස්‌ නමැති මාධ්‍ය අඳබාල කණ්‌ඩායමේ අයකු ද පැමිණ සිටියේය. මේ අතර කොටි ජාත්‍යන්තර ජාලය යළිත් වරක්‌ කම්පනයට පත් වූයේ කේ.පී. ගේ තෙවැනියා වූ සිංගප්පූර් ව්‍යාපාරික බලදේව් නායිදු හෙවත් රාසවන්ව සිංගප්පූර් රජය විසින් ඇමරිකාවේ එෆ්.බී.අයි. පොලිසියට භාරදීමය. රාසවන් කොටි ආයුධ ජාලයේ ප්‍රමුඛයකු යෑයි සිංගප්පූරුවේ තවත් ආයුධ ජාවාරම්කරුවකු වූ හනිපා බින් ඔස්‌මාන් විසින් කළ හෙළි කිරීම කේ.පී. විසින් සනාථ කරනු ලැබීය.

ලංකා කම්කරු කොංග්‍රසයේ ජාතික සංවිධායක යෝගරාජන් සහ නියෝජ්‍ය අධ්‍යාපන ඇමැති සචිතානන්දන් නමැත්තන් ද මේ සතියේදී එකී කොංග්‍රසයෙන් ඉල්ලා අස්‌විය.

කොටි රූකඩය ලෙස ක්‍රියා කළ බී. බී. සී. සේවාවට ප්‍රකාශයක්‌ කළ යෝගරාජන් හා සචිතානන්දන් කොටින්ට එරෙහිව රජය දියත් කළ යුද්ධයේදී රජය ජාත්‍යන්තර ප්‍රජාව නොමග යෑවූ බවට චෝදනා නැගීය.

රජය ජාත්‍යන්තර ප්‍රජාව නොමඟ යෑවූ බව පැවසීමට මොවුන් මෙපමණ කලක්‌ බලා සිටියේ මන්ද? "යුද්ධය අවසානයි ජාතික ප්‍රශ්නයට දේශපාලන විසඳුමක්‌ නැහැ. නැගෙනහිර පළාත් සභාවේ කටයුතුවලට මැදිහත්වීමෙන් රජය බලය විමධ්‍යගත කිරීම කඩාකප්පල් කර තිබෙනවා" යෑයි යෝගරාජන් කියා සිටියේය. කොටි ඝාතක සමාගම විනාශවී තිබියදී යෝගරාජන්ලා උතුර නැගෙනහිරට දේශපාලන විසඳුමක්‌ ඉල්ලීමේ අරමුණ රජය දැන්වත් අවබෝධ කරගත යුතුය.

මේ අතර කොටි සංවිධානයේ වත්කම් රැසක්‌ තම දෙවැනියා වූ ආනන්දරාජා පොන්නයියා හෙවත් අයියන්නා ළඟ ඇතැයි කේ.පී. විසින් හෙළි කර තිබේ.
 

sampathdishan

Member
Jan 6, 2009
146
6
0
මේ සතියේදී කොටි ජාත්‍යන්තර ජාලයේ ක්‍රියාදාමයන් රැසක්‌ ද අනාවරණය විය. කොටි සංවිධානය පරාජය කළ වත්මන් රජය කෙසේ හෝ ශ්‍රී ලංකාවේ පාලන බලයෙන් ඉවත් කළ යුතු යෑයි ඇමරිකානු කොටි එඇජන්ත විශ්වනාදන් රුද්‍රකුමාරන් මේ සතියේදී කියා සිටියේය. ඔහු ජාත්‍යන්තර අධිකරණය, එක්‌සත් ජාතීන්ගේ මහලේකම් බෑන් කී මූන්ට ද ලිපියක්‌ යවමින් වන්නි මෙහෙයුමේ අවසාන සතියේදී නඩේසන් හා පුලිතේවන් මරුමුවට පත්වූ ආකාරය ගැන විමර්ශනය කරන්නැයි ඉල්ලා සිටියේය. එම ලිපියට කොටි හමුදා නායකයකු වූ රමේශ්ගේ නම ඇතුළත් කිරීමට රුද්‍රකුමාරන් ක්‍රියා කර නොතිබිණි.

කොටින් වෙනුවෙන් හඬ නැඟූ නෝර්වේ රාජ්‍යය තාලිබාන් ත්‍රස්‌තයන්ගේ පාසල්වලට අරමුදල් සැපයූ බව නෝවීජියානු ඩැග් බ්ලාඩට්‌ පුවත්පත විසින් හෙළි කර ඇත.

මේ පාසල් වසා දැමීමට පකිස්‌තානයේ රජය ක්‍රියා කර ඇත.

මේ අතර වන්නි මෙහෙයුමේදී කල්මඩු ප්‍රදේශයේ සිට 57 වැනි සේනාංකය මෙහෙයවූ බ්‍රිගේඩියර් සුමිත් මානවඩු මෙම සතියේදී මේජර් ජෙනරාල් ධුරයට උසස්‌ විය. ශ්‍රී ලංකාවට සමීප රටවල යුද හමුදා විසින් වෙඩි ප්‍රහාර එල්ල කිරීමේ දත්ත පාරම්පරික ක්‍රමයට සකස්‌ කරද්දී සරුක යන්ත්‍රයක්‌ මගින් නව ක්‍රමයක්‌ හමුදාවට හඳුන්වා දුන්නේ මේ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියායි. 2006 වසරේදී කළු කොටි ත්‍රස්‌තවාදියකු විසින් මේජර් ජෙනරාල් මානවඩුව ඝාතනය කිරීමට ද උත්සාහ කර තිබූ බව විමර්ශනවලදී හෙළි විය.

වන්නි මෙහෙයුම අවසන් වුවත් මේ ජ්‍යෙෂ්ඨ නිලධාරියා ඇතුළු තවත් නිලධාරීන්ට උසස්‌වීම් ලැබී නොතිබූ බව හමුදා ආරංචි මාර්ග කියා සිටියි.

මේ අතර ශ්‍රී ලංකා හමුදාව යුද අපරාධ කළ බවට නැගෙන චෝදනාව සනාථ කිරීම සඳහා කැනඩාවේ සිටින තවත් අවස්‌ථාවාදියකුත් බලා සිටියේය. ඔහු වෙනින් කවුරුත් නොව වීරකේසරී පුවත්පතේ සේවය කළ ඩී.බී.එස්‌. ජෙයරාඡ්ය. කොටි නියෝජ්‍ය නායකයා වූ මහෙන්ද්‍රරාජා හෙවත් මහත්තයාගේ සමීපතම සගයකු වූ ජෙයරාඡ්ව වරක්‌ රහස්‌ පොලිසිය විසින් අත්අඩංගුවට ගත්ත නමුත් ඔහුගේ මාධ්‍ය කණ්‌ඩායම විසින් එවකට නියෝජ්‍ය ආරක්‍ෂක ඇමැතිව සිටි ලලිත් ඇතුලත්මුදලි ලවා බේරාගනු ලැබීය.

අවස්‌ථාව පැමිණෙන තුරු සිටි ජෙයරාඡ් පසුගිය 28 වැනිදා ලොව පුරා සාවද්‍ය ප්‍රකාශයක්‌ කරමින් යටත්වූ කොටි නායකයන්ව විශේෂ බළකාය විසින් ඝාතනය කළ බව සිද්ධිය ඇසින් දුටුවකු මෙන් කියා සිටියේය.

නඩේසන් යන පුලිතේවන් ඝාතනය වූ මුල්ලිවයික්‌කාල් ප්‍රදේශයේ විශේෂ බළකා හතරක්‌ ක්‍රියාත්මක වූ බවත් රොමියෝ ගොල්ෆ් එකෝ සහ ඩෙල්ටා නමින් හඳුන්වන එම බළකා මෙහෙයවූ කපිතන් සහ මේජර්වරුන්ගේ නම් ද ඔහු හෙළි කරනු ලැබීය.

ජෙයරා- සම වන්නේ දොස්‌තර ජැකිල් ඇන්ඩ් මිස්‌ටර් හයිඩ් නම්වූ ග්‍රන්ථයේ එන එකම මිනිසාගේ ද්විත්ව චරිතයටය.

ජෙයරා-ගේ මේ සාවද්‍ය ප්‍රකාශ තුළින් පැහැදිලි වන්නේ මාධ්‍ය ෙද්‍රඩහියකු විසින් ඔහුට හමුදා බළකාවල සියලු තොරතුරු හෙළිකර ඇති බවය.

මේ ෙද්‍රඩහියා විශේෂ බළකා කණ්‌ඩායම්වල අනන්‍යතාව හෙළි කිරීමෙන් මුළු යුද හමුදාවම පාවාදී තිබේ. ජෙයරා- ක්‍රියාත්මක වන්නේ ද කැනඩාවේ ටොරොන්ටෝ නගරයේ සිටයි. කොටින්ට අවි ආයුධ මිලයට ගැනීමට අරමුදල් සැපයූ කැනඩා ද්‍රවිඩ කොන්ග්‍රසය ක්‍රියාත්මක වන්නේ ද ටොරොන්ටෝ නගරයේය. මේ අතර තමාගේ බැංකු ගිණුම් පරීක්‍ෂා කිරීම සඳහා අවසර දෙන බව ආරක්‍ෂක ලේකම්වරයා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේය. එසේම හිටපු විශ්‍රාමික ජෙනරාල්ගේ බැණාගේ ඇමරිකාවේ ඇති බැංකු ගිණුම් 04 පරීක්‍ෂා කරන්න ලි�ත අවසරයක්‌ දෙන්නැයි හෙතෙම අභියෝගයක්‌ ද කරනු ලැබීය.

මානව හිමිකම් සහ යුද අපරාධ ගැන හිටපු ඇමරිකානු තානාපති රොබට්‌ බ්ලේක්‌ මෙරටට චෝදනා නගද්දී ජනවාරි 1 වැනිදා ඇමරිකානු මාධ්‍ය හෙළි කළේ අල්කයිදා නායකයන්ව ඝාතනය කිරීම සඳහා සී.අයි.එඇ. සංවිධානය විසින් ලබාදී තිබූ කොන්ත්‍රාතුවක්‌ ගැනය. එහෙත් එඇ ගැන මානව හිමිකම් සංවිධාන හඬ නගන්නේ නැත.
 

Shguts

Active member
  • Mar 25, 2007
    1,789
    24
    38
    <3
    Ithin Coolkasun..kohomada??
    Sahenna mahansi wela ne??
    Source 1 damuda??

    p.s - Boss ta kiyanna SF ta madagahala thawath chanda nathi karaganna epa kiyala!!
     

    sampathdishan

    Member
    Jan 6, 2009
    146
    6
    0
    Ithin Coolkasun..kohomada??
    Sahenna mahansi wela ne??
    Source 1 damuda??

    p.s - Boss ta kiyanna SF ta madagahala thawath chanda nathi karaganna epa kiyala!!

    සැවොම අමතනා එක් දෙයක් ඇත - කූල් කසුන් :dull::dull:

    සත්‍ය = මඩ වන්නේ කෙසේද?
     

    dhanusha83

    Well-known member
  • May 24, 2007
    3,533
    62
    48
    Mirigama
    තමන් සමග සටන් කල සහෝදර සෙබලුන් පාවා දුන් මෙවැනි හමුදා නායකයට දිය යුතු හොදම දඩුවම ජනාතිපතිවරණයෙන් ඔහු පරාජය කිරීමයි
     

    sampathdishan

    Member
    Jan 6, 2009
    146
    6
    0
    තමන් සමග සටන් කල සහෝදර සෙබලුන් පාවා දුන් මෙවැනි හමුදා නායකයට දිය යුතු හොදම දඩුවම ජනාතිපතිවරණයෙන් ඔහු පරාජය කිරීමයි

    :yes::yes::yes: