~~//...වයස 60යි-හාදු 1යි දින හතක් රිමාන්ඩ්..!!!

FUNdaMANTAL

Member
May 19, 2011
1,794
670
0
Colombo
~~//...වයස 60යි-හාදු 1යි දින හතක් රිමාන්ඩ්..!!!

වයස 60යි-හාදු 1යි දින හතක් රිමාන්ඩ්

aDoKO.jpg



අසේල කුරුළුවංශ -19-03-2012 දිනමිණ

බස් රථයක දී කාන්තාවකට හාදුවක් දුන් හැට හැවිරිදි පුද්ගලයකු කාන්තාවගේ පැමිණිල්ල මත පේරාදෙණිය පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
මහනුවර වටදෙණිය පෞද්ගලික බස් රථයේ දී පෙරේදා (17) වූ මේ සිද්ධියෙන් පසු බස් රථය තුළ දැඩි නොසන්සුන්තාවක් සිදුව තිබෙන අතර සැකකාර පුද්ගලයා කොන්දොස්තරවරයාට ද පහර දී ඇත. සිද්ධිය පිළිබඳ පේරාදෙණිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ජාලිය හීන්කෙන්ද මහතාගේ උපදෙස් මත පොලිස් සැරයන් 26112 ගුණරත්න මහතා පරීක්ෂණ පවත්වා සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මේ මස 22 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.