වයස_145_සීයා

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
ගොතෝ සීයා වයස 'එකසිය හතළිස් හයේදී' මිය යයි



_91056330_mbah1.jpg


මෙතෙක් ලොව වැඩිම කලක් ජීවත් වූ බව විශ්වාස කෙරෙන පුද්ගලයා දිවියෙන් සමු ගෙන තිබේ.
මධ්‍යම ජාවා කලාපයේ සිය ගම්මානයේදී අවසන් හුස්ම හෙලූ ඉන්දුනීසියානු ජාතික සොදිමෙජ්ජෝ ගේ වයස අවුරුදු එකසිය හතළිස් හයක් බව පැවසේ.
'බ්හ් ගොතො' හෙවත් 'ගොතෝ සීයා' ලෙසත් ඔහු හඳුන්වනු ලැබිණි.
සොදිමෙජ්ජෝ සතුව තිබූ ලියකියවිලිවලට අනුව ඔහු උපත ලබා ඇත්තේ 1870 වසරේදීය.
නමුත් අලුත උපන් දරුවන්ගේ නම් ලේඛන ගත කිරීම ඉන්දුනීසියාව විසින් ආරම්භ කරනු ලැබුවේ 1900 වසරේදීය.
සෞඛ්‍ය තත්වය අයහපත් අතට හැරීමත් සමග පසුගිය අප්‍රේල් 12 වෙනිදා ඔහු රෝහල් ගත කෙරුණු අතර දින හයකට පසු යළි සිය නිවස බලා යා යුතු බව ඔහු පවසා තිබේ.
කෙසේ නමුත් රෝහලේ සිට පැමිණීමෙන් අනතුරුව ඔහු අල්ප වශයෙන් ආහාර ලබා ගත් බව ඔහුගේ මුණුපුරා පැවසීය.
දිගුකල් ජීවත් වීමේ රහස



_95853114_bbc-mbahgothosedangberjalan.jpg


බීබීසී සමග පසුගිය වසරේ පැවති සාකච්ඡාවක දී දිගුකල් ජීවත් වීමේ රහස කුමක්දැයි විමසූ අවස්ථාවේ ඔහු ඊට හේතු වශයෙන් කියා සිටියේ "ආදරය දක්වන සහ රැක බලා ගන්නා පුද්ගලයන් තමන් සමග සිටින බවය.


නිල වාර්තාවලට අනුව ලොව වයස්ගතම පුද්ගලයා ලෙස සැළකෙන ඉතාලියේ එමා මොරානෝ පසුගිය අප්‍රේල් 16 වෙනිදා දිවියෙන් සමුගත්තේය.


නිසි පරීක්ෂාවකට ලක් කොට සොදිමෙජ්ජෝ ගේ වයස තහවුරු කර ගතහොත් ඔහු එමා මොරානෝට වඩා වයසින් වැඩි වනු ඇත.
 
  • Like
Reactions: HSW

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මොනාද බං මේ ජීවිත මට නම් උපරිම 65 ක් ඇති. ඔහොම ජීවත් වෙලා දුක් විඳිනවට වඩා ඒක සැපයි.
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    මොනාද බං මේ ජීවිත මට නම් උපරිම 65 ක් ඇති. ඔහොම ජීවත් වෙලා දුක් විඳිනවට වඩා ඒක සැපයි.
    ඒ අපේ පරම්පරාවටනේ බන් ඔච්චර කල් ඉන්න එක දුකයි වගේ පෙන්නේ. මොකද වයස 40 පනිද්දී තියෙන්ඩ ඕන ඔක්කොම ලෙඩ ටික හැදිලා ඉවරනේ.
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඒ අපේ පරම්පරාවටනේ බන් ඔච්චර කල් ඉන්න එක දුකයි වගේ පෙන්නේ. මොකද වයස 40 පනිද්දී තියෙන්ඩ ඕන ඔක්කොම ලෙඩ ටික හැදිලා ඉවරනේ.

    ඒ උනාට බලපන් වකු‍ටු කොන්දෙන් යන හැටි. :dull::dull: