වයි-ෆයි වේගය පරදන්න එන ලයි-ෆයි

May 28, 2015
377
67
0
වයි-ෆයි වේගය පරදන්න එන ලයි-ෆයි

වයි-ෆයි වේගය පරදන්න එන ලයි-ෆයි
web_20151130LIFi-Diagram.jpg


අන්තර්ජාල සේවා ලබාගැනීමේ නවතම තාක්ෂණික ක්‍රමවේදයක් අත්හදා බලමින් සිටින බව අන්තර්ජාල වාර්තා පවසයි. මෙම සේවාව ලයි-ෆයි යනුවෙන් නම් කර ඇත.
වයි-ෆයි නමින් දැනට පවතින රැහැන් රහිත අන්තර්ජාල සේවාවට වඩා සිය ගුණයක් වේගවත් ලයි-ෆයි ක්‍රමයද රැහැන් රහිත අන්තර්ජාල පහසුකම් ලබාදෙන සේවාවකි.
තත්පරයකට ගිගා බයිට් 1 ක ධාරිතාවයකින් යුතු වේගවත් අන්තර්ජාල සේවාවක් ලබාදෙන බව කියන ලයි-ෆයි තාක්ෂණය ස්කොට්ලන්තයේ එඩින්බර්ග් සරසවියේ මහාචාර්ය හැරල්ඩ් ලෑස් 2011 වසරේදී මුල්වරට හඳුන්වාදී ඇත.
මහාචාර්ය ලෑස් සිදුකළ අත්හදා බැලීමකදී එක් එල්ඊඩී බල්බයකින් නිකුත් වන ආලෝකය ආධාරයෙන් සෙලියුලර් කුලුණකින් පිට කරන දත්තවලට වඩා වැඩි දත්ත ප්‍රමාණයක් හුවමාරු කළ හැකි බවද සොයාගෙන ඇත.
විද්‍යාගාරය තුළ කළ පරීක්ෂණ මගින් සෑම තත්පරයකදීම ගිගා බයිට් 1.5 ක ධාරිතාවයකින් යුතු චිත්‍රපට 18 ක් බාගත කැරගත හැකි ලෙස මෙහි වේගය ඇතැයි මහාචාර්යවරයා කියයි.
ලයි-ෆයි ක්‍රමය දෘෂ්‍ය ආලෝක සන්නිවේදනය යොදා ගනිමින් සිදුකරන මෝස් කේත ක්‍රමයකට සමාන බවත් පියවි ඇසට හසු නොවන වේගයකින් මෙය ක්‍රියාත්මක වන බවත් ඔහු සඳහන් කරයි.
නමුත් දෘෂ්‍ය ආලෝකය විනිවිද නොයන බිත්ති හරහා සහ දැඩි හිරු එළිය පවතින එළිමහනේ මෙම ක්‍රමවේදය අසාර්ථකවීමද එහි ඇති අවාසිදායක තත්ත්වයකි.

http://www.lankadeepa.lk/index.php/articles/365336

 
May 28, 2015
377
67
0
වැදගත් තොරතුරු ටිකක් ෂෙයාර් කරාම මොකෙක්වත් බලන්නේ නෑ. කෙල්ලෝ ටිකකගේ ෆෝටො දාද්දි නං සෑහෙන්න බලනවා :D