ඕකේ අන්තිමට කියලා තියන දෙයින් තමයි සම්පූර්ණ විස්තරයේ අර්ථය එලියට එන්නේ.
"හෑව නයිස් ඩේ" ඕස්ට්‍රේලියාවේ සුදු තැපැල් සේවකයා මට කී අයුරින් මම ලංකා තැපැල් සේවකයාට කීවේය. ඔහු තිගැස්සී මා දෙස බැලීය.
හැමෝම කතා කරන්නේ තැනක තියන කස්ටමර් සර්විස් එක ගැන විතරයි. නමුත් ඒ කස්ටමර් සර්විස් එක දෙන සේවකයන්ට, නිලධාරීන්ට ගනුදෙනු කරුවන් වචනෙකින්, සිනහවකින් ප්‍රතිචාර දක්වනවාද? බස් එකකට නැග්ගම කොන්දොස්තර එක්ක හිනා වෙන්නේ කීයෙන් කී දෙනාද, නමුත් කොන්දොස්තරගේ කස්ටමර් සර්විස් එක බලාපොරොත්තු වෙනවා. ඒ දේම තමයි ඔය තැපැල් කාර්යාලයෙත් තියන්නේ. කව්න්ටරේ ඉන්න අයට ලේසියෙන් ගනුදෙනු කරුවෙක් ස්තූති කරනවද? නෑනේ. නිකමට ඔය සේවකයෙකුට ස්තූති කරලා බලන්න. ඒ මිනිස්සු අඩුම තරමේ හිනා වෙයි. තමන්ගේ අතේ වැරදි තියාගන අනුන්ට ඇගිල්ල දික් කරලා වැඩක් නෑ. ඇයි අර සේවකයා තිගැස්සිලා බැලුවේ. හේතුව තමයි ඒ මනුස්සයට ලේසියෙන් කෙනෙක් සුභ දවසක් ප්‍රර්ථනා කරලා නෑ.
මේකට තව දෙයක් කියන්ඩ ඕනේ තැපැල් දෙපාර්තමේන්තුවේ සේවක හිඟයක් තියනවා සමහරු දවස් දෙකක් විතර එක දිගට වැඩ කරනවා පුදුම ආතතියකින් වැඩ කරන්නේ සමහර කාර්යාලවල මූලික පහසුකම් වත් නෑ තව ඕන තරම් කියන්ඩ පුළුවන් හිනාවෙන්ඩ නෙමෙයි මචං ඒ මිනිස්සු අඬනවා එහෙම කරලත් හම්බෙන්නේ සොච්චම් පඩියක් රජයේ සේවකයන්ගේ පඩිය ගැන මන් කියන්ඩ ඕනේ නෑනේ. ඕස්ට්‍රේලියාවෙත් එහෙම කියල උඹල හිතනවද එහෙයි මෙහෙයි සමාන කරන්ඩ කලින් මේවත් හිතන්ඩ ඕනේ මචං .





