තිදෙනෙකු අතරින් දෙදෙනෙකු එක්වේ..ලස්සනයි...ඒත් ඇයි අනේ දුක හිතෙන ඒවම ලියන්නෙ..?

තිදෙනෙකු අතරින් දෙදෙනෙකු එක්වේ..
ආදර ගගුලක් පෙරට ඇදේ...
කාටද ඔබෙ අත හිමි වන්නේ..
මා වාගෙම ඔහු විමසන්නේ....
කිසිවෙකු රිදවා හිනැහෙනු බැහැ මට
එබැවින් ඔබගෙන් බැහැර යමී...
ඔබටද ඔහුටද සුභ පතමී !![]()

MACHAN YOU ARE WRITING SO BEAUTIFULLY. I AM A FAN OF YOU. GOOD LUCK & KEEP IT UP.
REP5+
Thanks a lot machan..
more 2 come

දෙතොලඟ මිමිණු සුමිහිරි ගී පද ........ අසුනේ
කන්කළු නාදේ මැද තත් හඬ .......... ගිටාරේ
අරුමෙකි කෙලෙස මේ ලෙස පද .... ගැලපුවේ
හෙළි වන්නේ හොද කෙලි එලි වෙන ... ජාමේ
ඔබ හිත කියයි නම් පද වැල් මිහිරි කියා
බාර ගනිමි එය මාගේ සිරස නමා
මින් පෙර දැක නැතත් ඔබ මාගේ කවිය නගා
අද දැක ගන්න එයටත් මම හුරුය හොඳා
ඔබ හිත කියයි නම් පද වැල් මිහිරි කියා
බාර ගනිමි එය මාගේ සිරස නමා
මින් පෙර දැක නැතත් ඔබ මාගේ කවිය නගා
අද දැක ගන්න එයටත් මම හුරුය හොඳා
නොදත් නිසයි ඇස් අදහා ගත් ...... නොවුයේ
නිසා නොවේ දස්කම් අඩුවෙන් ....... තැකුවේ
කි දෙය සැබැයි එය උපතින් ගෙන ...... ආවේ
මැණිකක් නොවේද ඔබ අපේ එළකිරි ..පවුලේ




![]()
එළකිරියේ ත්රෙඩ් රැලි අතු පතරේ...
ලොකු අය නොමදත් ලොකු දේ පැතිරේ...
යන එන කල ලැබ කවි සිප් සතරේ...
මගේ ත්රෙඩ් එකෙත් පෙම් පැණි ඉතිරේ....
ලියන ගමන් කවි සීපද පේලී....
අතර මැදින් පනිනා පෙම් කෑලි....
දකින විටදි මේවා හරි මහිරී.....
අක්කා අද හෙට වෙයි මනමාලී...
![]()
එළකිරියේ ත්රෙඩ් රැලි අතු පතරේ...
ලොකු අය නොමදත් ලොකු දේ පැතිරේ...
යන එන කල ලැබ කවි සිප් සතරේ...
මගේ ත්රෙඩ් එකෙත් පෙම් පැණි ඉතිරේ....
ලියන ගමන් කවි සීපද පේලී....
අතර මැදින් පනිනා පෙම් කෑලි....
දකින විටදි මේවා හරි මහිරී.....
අක්කා අද හෙට වෙයි මනමාලී...