වර්චුවල් රියැලිටි (VR) ගැන අනිවා දැනගන්න ඕන ස&
වර්චුවල් රියැලිටි කිවුවම ඒක ගැන දන්න අයට අමුතුවෙන් මොකුත් කියන්න ඕන නැහැනෙ. හැබැයි බාගෙට දන්න අයට වර්චුවල් රියැලිටි කියන්නෙ මුළු ලෝකෙම නොපෙනෙන්න පත කණ්නාඩි දෙකක් දාලා වහලා පෙන්නන මැජික් ලෝකයක් වගේ දෙයක්. වර්චුවල් රියැලිටි ගැන මෙලෝ අල බෝලයක් නොදන්න අයට ඒක නිකං මෙහ් වගේ හැඟීමක් විතරයි. හැබැයි ඉස්සරහට ලෝකෙ වර්චුවල් රියැලිටි කියන දේ දැනට වඩා හොඳ උපයෝගිතාවයක් එක්ක වැඩ කරන්න ඉඩ තියෙනවා. ඇත්තම කිවුවොත් ප්‍රධානම කාරණාවක් වෙන අධ්‍යාපනය කියන දේට වර්චුවල් රියැලිටි වලින් ලොකු උදවුවක් ගන්න පුළුවන්. එහෙනං අපි කතාකරමු වර්චුවල් රියැලිටි එහෙමත් නැත්තං VR ගැන තේරෙන සිංහලෙන්.
1. මොකද්ද වර්චුවල් රියැලිටි කියන්නෙ?
මිනිසා විසින් පරිගණක ඇසුරෙන් මවපු ඔබ දැන් ජීවත් වෙනවට වඩා වෙනස් යථාර්ථයක් විදියට වර්චුවල් රියැලිටි හඳුන්වන්න පුළුවන්. වැඩේට මුලින්ම ඕන VR Headset එකක්. ඒකෙදි වඩා ලාභදායී වගේම අධි මිල ඔප්ෂන්ස් හොයාගන්න පුළුවන්. සම්පූර්ණයෙන් ඇස් සහ බාගෙට කම්මුල් එක්කම වැහෙන වර්චුවල් රියැලිටි හෙඩ්සෙට් එකකින් ඔයා ජීවත් වෙන ලෝකෙන් ඔයාව මුදවනවා. ඇස් දෙකටම සෙට් වෙන ලෙන්ස් දෙකකින් දකින ලෝකෙ ඔයාව පිස්සු වට්ටාවි. ඔයාට පිටින් ඔයා දිහා බලං ඉන්න අයට නං ඔයාගෙ විකාර දැකලා හිනාගියාට ඔයාට නං පුදුමාකාර හැඟීමක් දැනේවි. නිකමට හිතන්නකො මෙහෙම. ඔයා ආස නැද්ද ෆිල්ම් එකක් ඇතුළෙ ඉඳන් ෆිල්ම් එක බලන්න? අත්ලාන්තික් සාගරේ පාවි පාවි ටයිටැනික් ගිලෙන හැටි බලන්න. දැන් ඔය වර්චුවල් රියැලිටි හෙඩ්සෙට්ස් හරහා වඩා යථාර්ථවාදී රූප වගේම ඇනිමේෂන් හෝ කිසිදා නොවෙන දේත් මවන්න පුළුවන්. ඒ හින්දා තමුන් ඉන්න යන්නෙ මැජික් එකක් ඇතුළෙ විත්තිය හිතේ ධාරණය කරගෙනම මේ ගේමට බහින එක හොඳයි. නැත්තං ඉතින් ගේම් එහෙක මොකෙක්හරි පිහියෙන් ඇන්නොත් ඇත්තටම මලා කියල හිතේවි. ඒ නිසා මෙහෙම කියන්නම්. වර්චුවල් රියැලිටි ඇතුළෙ ඕන දෙයක් වෙන්න පුළුවන්.
2. මොකද්ද මේකෙ ඔග්මන්ටඩ් රියැලිටි එක්ක තියෙන වෙනස
ඔය අස්සට තියෙනව ඔග්මන්ටඩ් රියැලිටි කියල එකකුත්. බොහෝවිට ප්‍රධාන පෙළේ තාක්ෂණික තර්ක අතර කියවෙන්නේ ඔග්මන්ටඩ් රියැලිටි කියන දේ වර්චුවල් රියැලිටිවලට වඩා අනාගතේටත් ප්‍රයෝජනවත් වේවි කියලයි.මේ දෙකේ වෙනස මොකද්ද කියල හොයද්දි කියන්න තියෙන්නෙ මෙහෙම දෙයක්. වර්චුවල් රියැලිටි කියන්නෙ ඉන්න තැනින් වෙනස් ලෝකෙකට අපිව ගෙනයාමක්. හැබැයි ඔග්මන්ටඩ් රියැලිටි කියන්නෙ ඉන්න ලෝකය ඇතුළෙ අපිට අවශ්‍ය මැවීම් කරන්න උදවු වෙන දෙයක්. ඕකට හොඳම උදාහරණෙ තමයි ගූග්ල් ග්ලාස් එක. නිකමට මෙහෙම කියන්නංකො. වර්චුවල් රියැලිටි වලින් ගේම් එකක් ගහද්දි ඔයාට තනියමයි සෙල්ලම් කරන්න වෙන්නෙ. ඔයා කිට්ටුව ඉන්න වෙනිං කෙනෙක් එක්ක සෙල්ලං කරන්න වෙන්නෙ නෑ. මොකද ඔයාට එයාව පේන්නෙ නෑ. ඔයාට සම්පූර්ණයෙන්ම මවපු ලෝකයකුයි පේන්නෙ. හැබැයි ඔග්මන්ටඩ් රියැලිටිවලින් ගේමක් ගහද්දි ඔයාට තවත් කෙනෙක් එක්ක සෙල්ලං කරන්න පුළුවන්. මොකද ඔයාට එයාව පේනව. දෙකෙන් මොකද්ද හොඳ කියලනං අපි කියන්නෙ නෑ. මොකද ඒක හොඳ වෙන්නෙ ඔබේ අවශ්‍යතාවයට අනුව.
3. අත ලඟ ඇති ගැජට්
වර්චුවල් රියැලිටියට අපිට යන්නනං ඕන වෙන ප්‍රධානම දේ තමයි VR Headset එක. VR Headset එකක් ෆෝන් එකකට සෙට් කරගෙන වගේම ටිකක් වැඩි ගාණක් දීලා කළොත් කම්පියුටරේකින් පාලනය වෙන විදියටත් වැඩ කරන්න පුළුවන්. මේ කියන්න යන්නෙ ඒකට සෙට් වෙන විවිධ වූ තාක්ෂණයන්ගෙන් දියුණු වෙච්ච VR Headset පහක් ගැන විස්තරයක්. ඒකෙන් ගණං අඩු වැඩියෙන්, තාක්ෂණය අඩු වැඩියෙන් තෝරගන්න ගැජට් තියෙනවා. වර්චුවල් රියැලිටි කියන්නෙ එක දෙයක් වුනාට ඒක විවිධ විදිවලට නිකුත් වෙනවා.
Google Cardboard
තියෙන ලාභම ක්‍රමේ තමයි මේ. ඕන කරන්නෙ ෆෝන් එක විතරයි. හදාගන්න විදිය හරිම ලේසියි. “The cheapest ticket to Mars” කියලයි මේක ගැන මාකටින් පාර දෙන්නෙ. කාඩ්බෝඩ් සෙට් එක ගෙන්න ගන්නවනං ඩොලර් පහළොවක් විතර තමයි වෙන්නෙ. හැබැයි කරුමෙටම දැන් පිටකොටුවෙ ඊට වඩා ලාබෙට වීආර් හෙඩ්සෙට් තියෙනව. ඔයාට තියෙන ස්මාට්ෆෝන් එක කාඩ්බෝඩ් කෑල්ල අස්සට තියල හිරකරගෙන ලෝකෙ වටේ බලන්නයි තියෙන්නෙ. මේක ඉතිං වර්චුවල් රියැලිටි විඳින්න තියෙන හොඳම විදිහ නෙමෙයි කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ. ඔලුවට සෙට් වෙන්නෙ නැති නිසා එක අතකින් අල්ලගෙනයි බලන්න වෙන්නෙ. ෆෝන් එක හොඳයිනං විතරයි ටිකක් හරි හොඳට පේන්නෙ. මොකද මේ තමයි ඒ වෙනුවෙන් තියෙන බේසික්ම දේ. පිටකොටුවෙන් පන්සීයට ගන්න වීආර් හෙඩ්සෙට් එකකින් වුනත් මීට වඩා දෙයක් අතිවිඳින්න පුලුවන්.
Samsung Gear VR
ස්මාට්ෆෝන් එකෙන් පින්තූර දාගෙන බලන්න පුළුවන් හොඳම ක්‍රමය විදියට සැම්සන්ග් සමාගමේ මේ නිෂ්පාදනේ හඳුන්වන්න පුළුවන්. දැන් වීආර් වෙනුවෙන්ම වීඩියෝ තියෙන නිසා ඩොලර් පනහකට විතර මිල වෙන මේ VR Headset එකෙන් හොඳඅත්දැකීමක් ගන්න පුළුවන්. හැබැයි ඉතිං මේ දේ කියන්නත් ඕන. ඕක වැඩ කරන්නෙ සැම්සන්ග් සමාගමේ ෆ්ලෑග්ෂිප් උපාංගත් එක්ක විතරයි. ඒක තමයි අවුල. අන්න ඒ වෙලාවට තමයි ඔච්චරට ඔකලස් ටෙක්නොලොජියෙන් පවර් වෙලා නැතත් කොටුවෙ සවලෙන් එකක් වීආර් හෙඩ්සෙට්වලට ගියානං හොඳයි කියලා හිතෙන්නෙ. හැබැයි ඉතින් ඔය කියන සැම්සන්ග්මය සුදුසුකම් සපුරපු කෙනෙකුට ගේම් කන්සෝලර් එකක් එක්ක ගේම් පාරක් ගහන්න, කැරකෙන පුටුවක වාඩි වෙලා අභ්‍යවකාශෙ හක්කලං කොරන්න වගේ දේකට මේ භාණ්ඩෙ සුපිරියි.
Oculus Rift
කළින් සීන් එකේ සැම්සන්ග්ලගෙ වීආර් කුට්ටම හඳුන්වා දෙද්දි අපි කිවුවා ඔකලස් (Ocuclus) කියල වචනයක්. මේ කියන්න යන්නෙ ඒ ඔකලස්ලගෙ සුපිරි සීන් එකක් ගැන. ගාණ ටිකක් වැඩියි පුතෝ. නෝමල් ගන්න ගියොත් ඩොලර් හයසීයක්වත් වෙනව. ඒ ගාණට හොඳ ස්මාට්ෆෝන් එකක් ගන්න පුළුවන් තමයි. හැබැයි ගාණට හරියන්න ආතල් එකත් උපරිමයි. ඇස්වලට තියලා පත ෆෝන් බැඳගෙන ඉන්නව වගේ නෙමෙයි මේ ආතල් එක. වැඩේට සුපිරි කම්පියුටර් එකකුත් ඕන. නැත්තං මේ තද තද ග්‍රැෆික් රෙන්ඩර් කරගෙන හෙඩ්සෙට් කෑල්ලට ගන්න බැහැ. මොකද තාක්ෂණේ උපරිමයි. හෙඩ්සෙට් එකෙන්ම ඉයර්ෆෝන් දෙකකුත් එනවා. ගේමින්වලට තමයි මේක සුපිරියටම හරියන්නෙ.
HTC Vive
දැනට දකින්න පුළුවන් ආතල්ම වීආර් හෙඩ් සෙට් එකක් විදියට මේක හඳුන්වන්න පුළුවන්. ගාණනං මහත්තයො ඩොලර් අටසීයක් වෙනවා. විෂුවල් මරු, මෝෂන් කන්ට්‍රෝලින් හෙවත් ගේම් එකක් ප්ලේ කරද්දි අපේ මූව්මන්ට්ස් හොඳට අඳුනගන්න සීන් එහෙම උපරිමයි. හැබැයි ඉතිං මහත්තයො වියදම ඩොලර් අටසීය විතරක් නෙමෙයි. මුලින්ම ඕන හයිඑන්ඩ් කම්පියුටරයක්. නැත්තං මේක ග්‍රැෆික් දෙන්න වැඩේ ගොඩදාගන්න බැහැ. මේකත් එක්ක එනව මෝෂන් ට්‍රැකින් සිස්ටම් එකක්. ඉතිං මේක වෙනුවෙන්ම ගෙදර වෙනම ඉඩක් හදාගන්නත් ඕන. මේක දාගෙන ඔයා පිස්සෙක් වගේ පිස්සෙක් වගේ ගිහිල්ලා බිත්තිවල හැප්පෙන්න තියෙන ඉඩ මෙයාලා සෙන්සර්වලින් අඳුනගෙන ඔයාට පෙන්නන හීන ඒ ඉඩට විතරක් සීමා කරනවා. නැත්තං ඉතිං බිත්තිවල හැප්පිලා මොලේ තැලෙනවනෙ. ඒ කාමරේ පුරා වයර් ඇදගෙන නටන්න වෙන නිසා වීආර් වෙනුවෙන්ම සල්ලියි කාමරේකුයි වෙන්න කරන්න පුළුවන්කම තියෙනව නං විතරක් වැඩේට බහින්න සිද්ධ වෙනවා. දැනට ඉතිං ගන්න තියෙන හොඳම වීආර් ආතල්වලින් එකක් නිසා වයිව්, වර්චුවල් රියැලිටි වැඩේ ආරම්භ කරන මනුස්සයෙකුට නම් ගැලපෙන්නෙ නැහැ.
Sony Play Station VR
හොඳටම හොඳයි කියල අපි රෙකමන්ඩ් කරපු වයිව් ආතල් එකෙන් පස්සෙ අපි දාන්නෙ මේ වීආර් හෙඩ් සෙට් එක. ඒකෙන් අපි කියන්නෙ නෑ මේක ඒකට වඩා හොඳයි කියලා. ඇත්තටම ඒක මේකට වඩා හොඳයි. හැබැයි මේකෙ භාවිතාව වෙනස්. ඩොලර් හාරසීයක් විතර වෙන්නෙ. මේක ගහන්නෙ සෝනි සමාගම. ඒ එයාලගෙ ප්ලේස්ටේෂන්වල ගේම් ගහන මිනිස්සුන්ට ඒ එක්ක පාවිච්චි කරන්න පුළුවන් වෙන්න. මේක ඇත්තටම බෝනස් ෆැක්ට් එකක් විදියට අපි දැම්මා කියලා කියන්නත් පුළුවන්. මේකත් එක්ක ඔය මෝට්ල් කොම්බැට් ගේම් එහෙම ජිජිකෑවු ජිජිකෑව් ගාලා ගහගන්න පුළුවන් ජොයිස්ටික් කෑලි දෙකක් අතේ තියාගෙන. මේක ඉතිං ගේමින් වැඩේදි ප්ලේස්ටේෂන් 4 එකත් එක්ක හොඳ ආතල් එකක් ගන්න පුළුවන් දෙයක් වුනාට මෝෂන් ට්‍රැකිං අතින් බලද්දි නං වයිව් තරංවත් ඔකලස් තරංවත් හොඳක් නැහැ.
Daydream View
ගූග්ල් සමාගමේ නිෂ්පාදනයක් වෙච්ච මේක කාඩ්බෝඩ් වැඩේට වඩා සුපිරි නිසාත්, සැම්සන්ග් වගේ එක බ්‍රෑන්ඩ් එකකට සීමා නොවෙන නිසාත්, ඒ විදියට බැලුවම දැන් ඕනම ස්මාට්ෆෝන් එකක් තියෙන මනුස්සයෙකුට අඩු ගාණට වැඩි ආතල් ගත හැකි තරාදිය හොඳටම තුලනය කරන ගැජට් එක තමයි මේ. සැම්සන්ග් ගියර් එකේ ගාණටම වගේ තමයි යන්නෙ නං. ෆිල්ම් වැඩේටත් ගේම් වැඩේටත් හොඳට සෙට් වෙනවා.
4. මොනව වෙනුවෙන්ද දැනට භාවිතා වෙන්නෙ?
ලංකාවෙනං මිනිස්සු තාම අඩුවෙන් තමයි වර්චුවල් රියැලිටි තාක්ෂණේ පාවිච්චි කරන්නෙ. ඒ කරන්නෙත් ගේමින්වලටයි, ෆිල්ම් බලන්නයි. ඒත් වීආර් ඊටවඩා ප්‍රයෝජනවත් දේවල්වලට භාවිතා කරන්න පුළුවන්.
ෆිල්ම්/ලයිව් ෂෝ බලන්න
ෆිල්ම් බලද්දි වීආර්වල හොඳේ තියෙන්නෙ ෆිල්ම් එක ඇතුළෙ ඉඳගෙන ෆිල්ම් එකේම කොටස් කාරයෙක් වගේ ෆිල්ම් එක බලන්න පුළුවන් වීමයි. ඒ වගේ දෙයක් වඩා යෝග්‍ය වෙන්නෙ තමුන්ගෙ ප්‍රියතම සංගීත කණ්ඩායමේ ලයිවු ෂෝ එකක් බලද්දි වගේ තමයි. දැන් ඒ තාක්ෂණේ ලයිවු ස්ට්‍රීම් කරගෙනත් බලන්න පුළුවන් නිසා හුඟක් වටිනවා.
ඩිසයිනින් වැඩට
ග්‍රැෆික් බුවාලටත් හොඳයි. ග්‍රැෆික් කිවුවට මේ ලෝගෝ ඩිසයින් කරන අයට නෙමෙයි. ගේම්ස් ඩිසයින් කරන අයට වගේම ආකිලාටත් (Architect) මේ වැඩේ ප්‍රයෝජනවත්. නිකං හිතන්නකො මෙහෙම ගෙයක් ඩිසයින් කරන මනුස්සයෙකුට පොලොවෙ පය ගහල තමන් වටේට ගේ ඩිසයින් කරගන්න පුළුවන්නං වටිනවනෙ නේද? නැත්තං අලුත් කාර් එකක් ඩිසයින් කරන මනුස්සයෙකුට.
ගේමින් (gaming) තවත් ආතල් වෙන්න
තමුන්ගෙ ටෲප් එකත් එක්ක යුද්ධ කරද්දි ගේමින් වගේ දේකට වීආර්වලින් හොඳ මැදිහත් වීමක් කරන්න පුළුවන්. වමට දකුණට ස්ක්‍රොල් කර කර පාවිච්චියට පට්ට අමාරු ගේමින් මවුස් එකකින් වැඩ දානවට වඩා සරලව ඔලුව කරකෝලා වටපිට බල බල ගේම ගහන්න පුළුවන් වෙන එකත් ලේසියක්නෙ නේද?
අධ්‍යාපනේට
අපි කලින් කිවුව වගේ ඉගෙනගන්නත් පාවිච්චි කරන්න පුළුවන්. ෆිසික්ස් වගේ ප්‍රැක්ටිකල් විෂයයක් වගේම, වෛද්‍ය වෘත්තියේ අන්තරායකර සැත්කම් ප්‍රැක්ටිස්, අජඨාකාශගාමියොන්ගෙ උඩ ගිහිල්ලා කරන්න තියෙන වැඩවල ප්‍රැක්ටිසස්, බෝම්බ නිෂ්ක්‍රීය කරන්නොන්ගෙ ටෙස්ටින් වන්ටූත්‍රී වැඩ නොමැරී කරන්නත් වීආර් පාවිච්චි කරන්න පුළුවන්. එහෙමත් නැත්තං ටෝං ගාලා සීගිරි ගිහින් එන්නත් පුළුවන් ආධ්‍යාපනික ට්‍රිපක් විදියට. යන්න බැරිවුනා කියල නාහෙන් අඬන්න දේකුත් නැහැනෙ.
සංචාරක ක්ෂේත්රයට
ටුවරිසම්වලටත් හොඳට පාවිච්චි කරන්න පුළුවන්. හොටේල් ඇතුළේ වර්චුවල් රියැලිටි කාමර ටිකක් හදලා සුද්දොන්ව විල්පත්තුව ඇතුළට අතෑරලා පෙන්නුවනං නියමටෙ රටට සුද්දො අද්දන්න තිබුනා. ඒ වගේම ඔය යන්න අමාරු ගමන්(අභ්‍යවකාශෙ, මුහුදු පතුළෙ) වගේ එවුවත් සුපිරියට අත්විඳින්න මේක පාවිච්චි කරන්න පුළුවන්.
නිදහසක් අත් විඳින්න
ඔන්න අනිත් වැඩේ තමයි මේ. පොඩි නිදහස් පරිසරයක් හදාගන්නත් වීආර් පාවිච්චි කළෑකි. වටපිට කඨෝර ඝෝෂාවෙන් මිදිලා පොඩ්ඩක් ඔලුව එකලස් කරගන්න, භාවනා පාරක් දාන්න වගේ දේකටත් වර්චුවල් රියැලිටිය භාවිතා කරන්න පුළුවන්.
ෂොපින් වැඩ ලේසි වෙන්න
වෙළඳපොලට හොඳ වෙනසක් මේකෙන් ඇති කරන්නත් පුළුවන්. වින්ඩෝ ෂොපින් කරන්නත් වින්ඩෝ එක ගාවට යන්න එපැයි. මේකෙ එහෙම ඕන නැහැ. කඩේ සයිට් එකට ගියා. වීආර් වීඩියෝ එකට සෙට් වුනා. කඩේ පුරා රවුම් ගැහුවා. හිතට හරි ගිය ටික ඔන්ලයින් ඕඩර් කළෑකි. ඒ වගේම පුතෝ රියල් එස්ටේට් වැඩේටත් මේක ගොඩ. කැමති ගෙදර ඇතුළ බලලා, හිතට හරියනවද නැද්ද කියලා හිතන්න, ඉඩම වටේ කරක් ගහන්න වගේ දේවල් කරන්නත් පුළුවන්නෙ.

Copy By Aniwa .lk

+8