වර්චුසා ආයතනයේ සේවය කළ මුස්ලිම් ජාතික තර&#3540

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    40,026
    35,964
    113
    වොන්ඩර් ලැන්ඩ්
    වර්චුසා ආයතනයේ සේවය කළ මුස්ලිම් ජාතික තර&#3540

    පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ යැයි සැකපිට අත්අඩංගුවට ගත් වර්චුසා ආයතනයේ සේවය කළ මුස්ලිම් ජාතික තරුණයා සම්බන්ධයෙන් වසර 03කට පෙර සිට ඉන්දීය බුද්ධි අංශ මඟින් තොරතුරු විමර්ශනය කර තිබෙනවා.
    මෘදුකාංග ඉංජිනේරුවෙකු ලෙස සේවයේ නිරතව සිටි ඔහු IS ත්‍රස්ත සංවිධානය හා සම්බන්ධ 24 හැවිරිදි වියේ පසු වූ ආදිල් අමීස් (Aadhil Ameez) නම්
    තරුණයෙක්.

    250කට අධික පිරිසකට මරු කැඳවමින් හෝටල් සහ දේවස්ථාන ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කළ කණ්ඩායම් 02 අතර ප්‍රධාන පුරුක මොහු ලෙසයි සැළකෙන්නේ.

    මේ වන විට ආදිල් පොලිස් අත්අඩංගුවේ පසුවන අතර ඔහු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධ කර නොමැති නමුත්,



    පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර රොයිටර් පුවත් සේවයට අදහස් දක්වමින් සඳහන් කර ඇත්තේ පාස්කු ප්‍රහාරය එල්ල කර දින 04කට පසු එනම් අප්‍රේල් 25 වනදා ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

    ඒ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා රොයිටර් පුවත් සේවය වෙත මේ බව පවසා තිබුණා.

    එමෙන්ම ඉන්දියානු ජාතික පර්යේෂණ බුද්ධි ආයතනය (NIA) සහ ගුජරාට් ප්‍රාන්තයේ පොලීසිය මඟින් ලංකාවේ පර්යේෂණ කටයුතු වෙනුවෙන් සහය ලබා දෙන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

    LinkedIn හරහා පෙනී සිටින ආදිල් වෘත්තිමය මෘදුකාංග ඉංජිනේරුවරයෙකු ලෙස කටයුතු කරන බවත් වෙබ් නිර්මාණකරුවෙකු මෙන්ම පරිගණක විද්‍යාව සම්බන්ධයෙන් ශාස්ත්‍රපති උපාධිධාරියෙකු ලෙසත් කටයුතු කරන බව සඳහන්.

    තවද ඔහු එක්සත් රාජධානි විශ්වවිද්‍යාලයක දේශපාලන විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී උපාධිධරයෙකු ලෙසත් කටයුතු කරනු ලබනවා.

    ආදිල් වෙනුවෙන් පෙනී සිටීමට තවමත් නීතිඥවරයෙකු නොමැති බවත් ප්‍රහාරයෙන් පසුව පනවන ලද නව හදිසි නීති රෙගුලාසි යටතේ දින නියමයක් නොමැතිව ඔහුව රඳවා තබා ගැනීමේ හැකියාව පවතින බවත් වාර්තා වනවා.




    අලූත්ගම ප්‍රදේශයේ ජීවත් වන ඔහුගේ පියා වන එම්. ආමීස් මෙම සිද්දිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් සඳහන් කරන්නේ, “චෝදනාවන් බොරුවක්” බවයි.

    ඉන්දියානු බුද්ධි අංශ විසින් 2016 වසරේ සිට ආදිල්ව අධීක්ෂණය කර ඇති අතර ඉස්ලාමීය රාජ්‍ය ක්‍රියාකාරී සැකකරුවන්ට එරෙහිව ආදිල් හට ඉන්දියානු උසාවිවල චෝදනා 02ක් ද ගොනු කර තිබෙනවා.

    රොයිටර් පුවත් සේවය වාර්තා කරන පරිදි අහමාබාද් ප්‍රදේශයේ යුදෙව් දේවස්ථානයකට පහර දීමට සැලසුම් කළ පුද්ගලයින් දෙදෙනෙකු සමඟ සබඳතා පැවැත් වූ බවට ද ආදිල් හට චෝදනා එල්ල වී තිබෙනවා.

    එමෙන්ම ඔහු 2016 වසරේ IS ව්‍යාප්තියට සැකකරුවන් වූ දෙදෙනෙකුට ප්‍රචාරණ ද්‍රව්‍ය ලබාදුන් බවට ද චෝදනා ලබා සිටිනවා.

    ඉන්දියානු බුද්ධි අංශ මඟින් අප්‍රේල් මාසයේ දී එල්ල වීමට තිබූ ප්‍රහාර සම්බන්ධයෙන් තුන් වතාවක් ශ්‍රී ලංකාවට අනතුරු අඟවා ඇතැයි ද සඳහන්.

    ශ්‍රී ලංකා පොලිස් අපරාධ විමර්ශන දෙපාර්තුමේන්තුවේ නිලධාරින් දෙදෙනෙකු සහ හමුදා නිලධාරීන් දෙදෙනෙකු සඳහන් කර ඇත්තේ පාස්කු ප්‍රහාරය සහ ආදිල් යන කණ්ඩායම් දෙක අතර ඇති සම්බන්ධතාවය කුමක් ද යන්න පර්යේෂණ කටයුතු දිගින් දිගටම සිදුකරන බවයි.

    එහිදී ආදිල් ප්‍රහාරයේ නායකයෙක් ද ඩිජිටල් යටිතල පහසුකම් සැපයූ කෙනා ද යන්න සොයා බලන බව සඳහන්.

    ආදිල් අන්තර්ජාලය භාවිත කරමින් පෙනී සිට ඇත්තේ මාධ්‍යවේදියකු ලෙස බවත් ඔහු සියලු කටයුතු සිය නිවසේ සිට සිදුකර ඇති බවත් හෙළිවී ඇතැයි වාර්තා වනවා.

    එමෙන්ම ඔහු ත්‍රස්තවාදීන්ගේ සන්නිවේදන හා පුහුණුව සම්බන්ධයෙන් ද සොයා බලා ඇති බවයි හෙළිදරව් වී ඇත්තේ.

    පාස්කු ප්‍රහාරයට දින 04කට පසු පොලිස් ආදිල්ගේ නිවස පරික්ෂා කර බැලීමේ දී ප්‍රහාරයට සම්බන්ධ සියලු ලේඛන (File Folders) පරිගණකයෙන් ඉවත් කර (Delete) ඇති බව දැනගන්නට ලැබී තිබෙනවා.


    :angry:
     
    • Like
    Reactions: mata renta barai

    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    දෙක දෙනකොට ඔක්කොම කියන්න ඇති...මුන්ව ප්‍රසිද්ධ කරන්න ඕන හන්ගන්නෙ නතුව සාක්ශි ඇතුව.එතකොට ඉවරයි.
     

    Tharixxx

    Well-known member
  • Apr 26, 2010
    2,777
    1,038
    113
    Kandy
    Me inne dial eka

    13474220-7026433-image-a-12_1557822225118.jpg

    Source
     
    Last edited:

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,614
    25,967
    113
    ඌට දැන් ගොඩක් දේවල් දැනෙන්නෑ බන්... පනපිටින් ම කන්‍යාවියෝ එක්ක ඇති.