වර්ණපාල තියරිය සමඟ ඉල්ලන් කෑම

blue_in_rio

Well-known member
  • වර්ණපාල තියරිය සමඟ ඉල්ලන් කෑම

    මට මේක මතක් උනේ අද වෙච්චි වැඩක් නිසා.(උනේ මොකක්ද අහන්න එපා දැන් ) :dull::dull:

    උබලා අහලා ඇතිනේ වර්ණපාල තියරිය.අහලා නැත්නම් දිගටම කියවන් පල.ඒක යූස් කොරන්න ගිහින් අපේ මෑත කාලේ කැම්පස් බුවෙකුට වෙච්චි වැඩක් තමා මේක :sorry::sorry:

    මේ කියන එකා ඉගෙනගත්තට එච්චර ඩයල් එක නෙමෙයි.අමාරුවෙන් කැම්පස් සිලෙක්ට් උනාට පැත්තකට වෙලා හිටපු ඩයල් එකක්.හැබැයි මූට කැම්පස් එකේ යාලුවෝ නම් හිටියා.උබලා දන්නවනේ ඉතිං කැම්පස් ජීවිතේ හැටි, ටික දවසකින් හැම එකාටම කෙල්ලො ඉන්නවා.කෙල්ලන්ට කොල්ලො ඉන්නවා.අපේ එකාටත් හිතුනා කෑල්ලක් කරන්න.මූට ඕනා උනේ කැම්පස් එකේම ලස්සනටම හිටපු එල කෑල්ලකට බහින්න.මුගේ තියෙන පෙනුමට කෑලි සෙට් වෙන් නැති නිසා, මූ මේ සිද්දිය උගේ යාලුවන්ට කිව්වා. :yes::yes:

    යාලු සෙට් එකේ හිටියා මේ වර්ණපාල තියරිය ගැන අහපු එකෙක්.ඌ ඉතිං මූට කිව්වා, මචං වර්ණපාල කියන්නෙත් ඉස්සර කැම්පස් ආපු වැඩි පෙනුමක් නැති ඩයල් එකක්.ඌට සුපිරි කෑලකට බහින්න හිතිලා, ඌ කලේ ඒ කෙල්ල උගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් කියලා, මුලු කැම්පස් එකේම ප්‍රසිද්ධ කරපු එක.අන්තිමට කෙල්ලට වෙන කොල්ලෙක් සෙට් උනෙත් නැතුව, මූටම සෙට් උනා.උබත් කරලා බලපන් කියලා. :cool::cool:

    ඔන්න දැන් අපේ ඩයල් එකත් පහුවදා ඉඳන්ම වැඩේට බැස්සලු.මූ යාලුවන්ට කියලායි, මූම කියලයි, කැම්පස් එක හතර වටේම දැන් කතාව යනවලු අර කෙල්ල මුගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් කියලා.මූටත් දැන් පට්ට හැපීලු.මූට කෙල්ල සෙට් වෙන්න ඔන්න මෙන්න සීන් එකක්ලු දැන් යන්නේ.දවසක් මූ ලෙක්චර්ස් ඉවර වෙලා බෝඩිමට යද්දි, වෑන් එකක් ඇවිත් මුගේ පාර හරස් කරලා නතර කරාලු.හය හත් දෙනෙක් බැස්සලු.එකෙක් ඇවිත් මුගෙන් ඇහුවලු, උබද අහවල් කෙල්ලගේ බෝයි ෆ්‍රෙන්ඩ් කියන එකා කියලා.මූත් ඉතින් ලොකු සීන් එකෙන් කිව්වලු ඔව් කියලා.එතකොට අරුන් සෙට් එක මූට නෙලුවලු නෙලිල්ලක් ආයේ අර කෙල්ල දිහා බලන්නවත් බැරි වෙන්න.උන් ටික ආයෙම යද්දි මූ අමාරුවෙන් ඔලුව උස්සල ඇහුවලු, ඇයි තොපි මට නෙලුවේ කියලා.එතකොට එකෙක් ඇවිත් මූට කියනවලු, "යකෝ හරකා උනාට උම්බෑ කියන්න එපා.එතකොට හැමෝම දැනගන්නවා තෝ හරකා කියලා.අපේ අහවලාගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් තමා අර කෙල්ල, උබ ඒකිත් එක්ක යලු වෙච්චි නිසා උබට නෙලුවේ" කියලා. :baffled::baffled:

    කොහොමද කෙල්ල එක්ක යාලුවෙන්නෙත් නැතුව ඌට සෙට් වෙච්චි පෝරියල් එක.අන්න ඒකයි කියන්නේ, හැම තියරියම, හැම එකාටම හරියන් නෑ කියලා.මොන දේ කලත් හොදට හොයලා බලලා කරන්න ඕනා.යාලුවො උනත් අපිට සප් එකට කරන දේවල් නිසා, සමහර විට අපිට කෙලවෙන්නත් පුලුවන්. :D:D
     
    • Like
    Reactions: virajkavn

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,375
    13,281
    113
    33
    ෆින්ලන්ඩ්
    වර්ණපාල තියරි kiyanne okata nemai bun...
    oita wada wenas.. single game 1a... wate yem mokuth nehe...

    thaniyen gahna game 1k...detail atuwa passe dannum..
     

    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    වර්ණපාල තියරිය කියන්නේ හිටපු උසස් අධ්‍යාපන ඇමති විෂ්වා වර්ණපාල කැම්පස් ඉන්න කාලේ කෙල්ලව යාලු කරගන්න අනුගමනය කරපු තියරිය. කෙල්ල ඈතින් යනකොට හොස්ටල් එකේ හැංගිලා ඌම කෑගහනවලු "වරණපාලගේ කෙල්ල" කියලා.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,747
    1
    15,145
    113
    ඔ්ක එලකිරියෙ කරපන්. ගහන්න බෑනෙ. ඔ්න නම් රෙපක් කපයි :P
    මේකෙ කෙල්ලෝ ඉන්නවද කියල නම් අහන්න එපා
     

    blue_in_rio

    Well-known member
  • වර්ණපාල තියරි kiyanne okata nemai bun...
    oita wada wenas.. single game 1a... wate yem mokuth nehe...

    thaniyen gahna game 1k...detail atuwa passe dannum..

    වර්ණපාල තියරිය කියන්නේ හිටපු උසස් අධ්‍යාපන ඇමති විෂ්වා වර්ණපාල කැම්පස් ඉන්න කාලේ කෙල්ලව යාලු කරගන්න අනුගමනය කරපු තියරිය. කෙල්ල ඈතින් යනකොට හොස්ටල් එකේ හැංගිලා ඌම කෑගහනවලු "වරණපාලගේ කෙල්ල" කියලා.

    ඔව් ඔව් බන්, මම කියපු එකේ පොඩි පොඩි අඩු පාඩු තියෙනවා.ඒක නෙමෙයිනේ බන් වැඩේ, නිකන්ම බූරුවෝ වගේ මේවා කරන්න ගියාම ගුටිකන්න වෙන එකනේ :D:D
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,488
    3,170
    113
    斯里蘭卡
    වර්ණපාල තියරිය කියන්නේ හිටපු උසස් අධ්‍යාපන ඇමති විෂ්වා වර්ණපාල කැම්පස් ඉන්න කාලේ කෙල්ලව යාලු කරගන්න අනුගමනය කරපු තියරිය. කෙල්ල ඈතින් යනකොට හොස්ටල් එකේ හැංගිලා ඌම කෑගහනවලු "වරණපාලගේ කෙල්ල" කියලා.
    :lol::lol::lol::lol: