වර්ණාන්ධ දිවයින - පින්ජිලැප්

Kodiya97

Well-known member
  • Feb 22, 2018
    10,610
    22,757
    113
    අම්බකිස්ස
    පින්ජිලැප් කියන්නේ පැසිෆික් සාගරයේ තියේන ලස්සන කුඩා දූපතක්.අයිති වෙන්නේ මයික්‍රෝනීසියාව කියන ෆෙඩරල් දූපත් රාජ්‍යයට.මුලු දූපතම වර්ගකිලෝමීටර් 1.8 යි මුලු මයික්‍රෝනීසියාවම වර්ගකිලෝමීටර් 702යි හිතා ගන්න පුලුවන්නේ දූපතේ පොඩි.දූපතේ හැඩය හරියට උලුදු වඩයක් වගේ.මම පහලින් දානන් දූපතේ ෆොටෝ වගයක්
    1570c2b0dd73fa2876ae77b956a41877.jpg


    The%2520Island%2520of%2520the%2520Colorblind_06.jpg


    මේ දූපතේ විශේශතවය තමයි දූපතේ මුලු ජනගහනයෙන් 10%ක් වර්ණාන්ධතාවයෙන් පෙලෙනවා.ඒ කියන්නේ එයාලට හැමදේම පෙන්නේ කලුයි සුදුයි විදිහට විතරයි.පාට පෙන්නේ නෑ.තවත් 30%ක් ඉන්නවා එයාලාට මේ වෙනකොට වර්ණ පෙනුනත් එයාලගෙන් ලමයින්ට වර්ණාන්ධතාවය ඇතිවෙන්න පුලුවන්.


    වර්ණාන්ධතාවය ඇති වෙන්න ඇහේ තියන වර්ණහදුනා ගැනීමට හේතු වෙන කේතු සෛල පිහිටන්නේ නැති නිසා.(ඇහේ දෘෂ්ටි විතානයේ තියනවා සෛල වර්ග දෙකක් එකක් යශ්ටි සෛල ඒක තමයි කලු සුදු දෘෂ්ටියට නැත්තං අදුරු තත්ව වලදී පෙනීමට උපකාරී වෙන්නේ.කේතු සෛල ආලෝක තියන වෙලාවට සහ වර්ණ හදුනා ගැනීමට දායක වෙනවා) මේහෙම උපතිනම කේතු සෛල නැති වෙන්න හේතුව ජානමය රෝගී තත්වයක්.මේක අපේ රටවල් වලත් තියනවා හැබයි මෙච්චර ලොකු ප්‍රතිශතයකින් නෙමෙයි.


    1775 දී මේ දූපතට ඉතා විශාල සුලි කුනාටුවක් ඇවිල්ලා තියෙනවා.ඒකෙන් බේරිලා තියෙන්නේ 20 දෙනෙක් විතරයි.ඒ වෙලාවෙදී දූපතේ රජතුමා තීරණය කරලා තියෙනවා දූපත අත ඇරලා නොයා ඉන්න පිරිසගෙන්ම දූපත ජනාවාස කරන්න.මේ වගේ තත්වයක් අපි විද්යාවෙදි හදුන්වන්නේ population bottleneck එකක් කියලා.කලින් විශාලව තිබුන ප්‍රජාවක් එකවරම බාහිර බලපෑමක් නිසා අඩු සමාජිකයන් සංඛ්‍යාවකට අඩු වෙලා යනවා.
    wujiu4CbQl6gWEriA8Yy_population_bottleneck.jpg



    මේකෙදි වෙන ගැටලුව තමයි ගහනය තුල තියෙන සමහර්ක් ජාන ගහනයෙන් ඉවත් වෙලා යනවා ඒකට කියනවා genetical bottleneck කියලා.හිතන්න්කෝ මෙහෙම උසේන් බෝල්ට්ට වේගයෙන් දුවන්න පුලුවන් වෙලා තියෙන්නේ එයාගේ තියෙන ජාන සැකැස්ම නිසා ඒක එයාගේ තියන දුරලභ ජාන සැකැස්මක් අපි ලග නැති.එයා ලෝකෙට එයාගෙන් දරුවෙක් නොදී මියගියොත් ඒ ජානයේ ඉදිරියට නැති වෙලා යනවා.
    sea-otter-genetic-bottleneck.png


    අනිත් ගැටලුව තමයි සමහරක් රෝග වලට හේතුවෙන නරක ජාන තියන කෙනෙක් ඉතුරු වුනොත් එයාගෙන් පස්සේ ඉන්න හැමෝටම ඒ ජානය ගමන් කරනවා.ඒකට හේතුව එයා මුල් කරගෙන තමයි ඉස්සරහට ගහනය වර්ධනය වෙන්නේ.


    පින්ජිලැප් දිවයිනෙත් වුනේ මේක රටේ රජතුමාට ඒ වෙනකොට වර්ණාන්ධතාවය තිබිලා තියෙනවා.එයාගේ පස්සේ පරම්පාවරට එයා මේක බෝ කරන්න පටන් අරන් තියෙනවා.හැබැයි මේක බෝ වෙන්න පටන් අරන් කියලා දැන ගන්නකොට රජතුමාගෙන් පස්සේ පරම්පරා 4ක් ගිහින් තියෙනවා.මොකද ඒ වෙද්දි තමයි පිටතට මේක පේන තරමටම වර්ධනය වෙලා තියෙන්නේ.මුලින් 2.7%ක් වගේ පිරිසකට වර්ණාන්ධතාවය තිබුනත් දැන් 10% කට වගේ පිරිසකට පැතිරිලා තවත් 30% ක් වාහකයෝ විදිහට රහසිගත්ව හැන්ගිලා ඉන්නවා.


    මේ වෙද්දු දූපතේ ජනගහනය සැලකිය යුතු මට්ටමකට ඇවිල්ලා තියෙනවා ඒ කියන්නේ දූපත population bottleneck එකෙන් recover වෙලා තියෙනවා හැබයි genetical bottleneck එකෙන් බේරෙන්න බැරි වෙලා තියෙනවා.සහ ඒක එන්න එන්න වර්ධනය වෙනවා.


    මේකෙදි වෙන අතුරුප්‍රතිඵල තමයි ලැබෙන අන්තරාභිජනනය ප්‍රජනිතයන්ගේ සෞඛ්‍ය දුර්වල වෙන එක සහ නිසරු ජනිතයෝ බිහි වෙන එක.ක්‍රමයෙන් ගහනය විනාශ වෙලා යනවා.


    මේක ගැන ලියන්න හිතුනේ දහයියාගල රක්ශිතේට කරපු විනාශ නිසා.දහයියාගල කියන්නේ බෝගහපට්ටියයි උඩවලවයි අතර අලින්ට මාරු වෙන්න තියන කොරිඩෝව.ඕක මැදින් විනාශ කලාම අලි කොටසක් උඩවලවටත් තව කොටසක් බෝගහපට්ටියටත් හිර වෙනවා එයාලට අභිජනනය කරන්න වෙන්නේ ගහනය ඇතුලේ විතරයි.කලින් වගේම දැන් මෙයාලත් population bottleneck එකක් වෙනවා.වෙලා කාලයත් සමග උඩවලවෙයි බෝගහපට්ටියෙනුයි දෙකෙන්ම අලි නැති වෙලා යනවා.උදාහරණය තමයි සිංහරාජය.සිංහරාජය වෙනත් වනාන්තරයකට සම්බන්ධයක් නැති නිසා ඒකේ හිටියේ හුදකලා අලි ගහනයක්.අද වෙද්දි ඒ අලි ගහනය පිරිමි අලි දෙන්නෙකුට විතරක් සිමා වෙලා තියෙනවා.තව නුදුරු දවස්කින් සිංහරාජයෙන් අලි වඳ වෙලා යනව අපෙ ඇස් පනාපිටම.උඩවලිනුයි බෝගහපට්ටියෙනුයි අලිත් දැන්ම නැත්තත් තව අවුරුදු 100කින් විතර අලි නැති වෙලා යනවා.


    ඊයේ ඉස්මතු වුන Crudia zeylanica කියන්නෙත් මේ විදිහට population bottleneck එකක් සහ genetic bottleneck එකක් වුන ගහක්.ඒකේ ඇට පැල කරලා තියෙනවා,ඒකේ අතු අපේ ගෙදර හිටවලා තියෙනවා ගහක් කැපුවට කමක් නෑ වගේ කතා හැම තැනම තිබුනා.ඔවර් ඇක්ටින් දගලානා වගේ කතාත් එක්ක.හැබයි ඒ එකක්වත් ගහනයක් විදිහට හැසිරෙන ශාක නෙමෙයි.එකම ගහකින් ලබාගත්ත බීජ හෝ අතු වලින් පැල කරපු ගස්.එතකොට අපිට සාර්ථක ප්‍රජනිතයක් ඒකෙන් ලබා ගන්න බැහැ.අනික ඔතන තව ගොඩාක් පාරිසරික සාධක තියෙනවා බලන්න.සමහරවිට ඔය ගහ මගින් විතරක් පෝශනය වෙන්න කෘමියෙක් හිටියොත් ගහ ඉවත් කිරීමත් එක්ක කෘමියා විනාශ වෙලා යනවා.අර පැල හැදිලා එනක්ල් කෘමියා ඉන්නේ නෑනේ.
    9c7e421b1ac6cc4dda556e3457624265_XL.jpg


    අවසාන වශයෙන් කියන්න ඕනි පරිසර දූශනය නොකර සංවර්ධන කරන්න බෑ.එහෙම කියනවා නන් හරි අන්තික වෙලා ගස් කපනවට බනිනවා හරි මෝඩ වැඩක්.හැබයි හරිත තාක්ෂණය දියුනු වෙලා තියෙන කාලෙක් තිරසාර සංවිධානය ගැන කතා කරනකාලේක පිස්සෙක් පිස්සෙක් වගේ තේ වවන්නයි,ගම්මිරිස් හිටවන්නයි වගේ දේවල් වලට කැලෑ කපන එකට විරුද්ධ වෙන්න වෙනවා.
     

    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    @hirugalbandara මේක කියවල තෙරුම් ගනින් රතු දක්ත පොතක් තියෙන්නෙ හැදුනෙ ඇයි කියල ක්ලෝණීකරණය, පටක රෝපණය තියෙද්දි.
    මේ විදියට ගියොත් උබත් රතු දත්ත පොතට යනවා .
    පොඩක් ලෝකේ ගැන ඉගන ගනින්
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,286
    24,466
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    මේ විදියට ගියොත් උබත් රතු දත්ත පොතට යනවා .
    පොඩක් ලෝකේ ගැන ඉගන ගනින්
    ‍ගේ මුල්ලෙ රතු පිටකවරෙ දැම්ම පොත නෙමේ බන් රතු දත්ත පොත කියන්නෙ. අනිත් පොරට බිඳක් හරි තෙරෙනෙවා. :lol:
     
    • Haha
    Reactions: dinuksha_asela

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,864
    8
    35,452
    113
    The cause of this is due to CNGB3 on Chromosome 8, the gene for the most common form of rod monochromatism. The CNGB3 gene provides instructions for making one part (the beta subunit) of the cone photoreceptor cyclic nucleotide-gated (CNG) channel. These channels are found exclusively in light-detecting (photoreceptor) cells called cones, which are located in a specialized tissue at the back of the eye known as the retina.
    Any mutation with any one of the genes CNGA3, CNGB3, GNAT2 and PDE6C, have been linked to causing rod monochromatism.
     
    • Like
    Reactions: Kodiya97

    manjula_nadeeka

    Active member
  • Mar 31, 2009
    398
    68
    28
    Colombo
    ඇත්ත කතාව. නමුත් මෙයා දේශපාලුවෙකුට විරුද්ද වුනා ඒක තමය් වැරැද්ද

    ඇත්ත කතාව. නමුත් මෙයා දේශපාලුවෙකුට විරුද්ද වුනා ඒක තමය් වැරැද්ද
    ------ Post added on Feb 10, 2021 at 8:14 PM
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,610
    22,757
    113
    අම්බකිස්ස
    ගහ වෙන තැනක හිටවන්න තරම් දියුණුයි නේ?
    ඔව් ඔයිට කලින් ලංකාවේ ගස් හිටවලා තියනවා වෙන තැන්වල.. මෙතනදී ගහ හිටවන එකට වඩා පරිසර පද්ධතිය ආරක්ෂා කරන්න පුලුවන් නන් වටිනවා.සමහරවිට ගහ වෙන තැනකට ගෙනිච්චම ගහ කාලයක් ගිහින් මැරෙන්න පුලුවන්.. .මට කියන්න ඕනි වුනේ ඇට දැම්මා අතු හිටෙව්වා කියලා විතරක් අපිට සංරක්ෂණය කරන්න බෑ.in situ conservation කරන්නත් වෙනවා.. මේක මම ලියනකොට දහයියාගල ප්‍රශ්නේ විතරයි තිබුනේ ඉවර වෙනකොට තමයි මේ ගහේ ප්‍රශ්නෙත් මතු වුනේ
     
    • Like
    Reactions: shenat

    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    ‍ගේ මුල්ලෙ රතු පිටකවරෙ දැම්ම පොත නෙමේ බන් රතු දත්ත පොත කියන්නෙ. අනිත් පොරට බිඳක් හරි තෙරෙනෙවා. :lol:
    උබ පොත් තියන්නේ ගේ මුල්ලෙද ,
    උබේ කතා වලින් උබ ගැන මට තේරුම් ගන්ට පුළුවන් ,
    ඊලග ආත්මෙවත් මෝඩයෙක් වෙන්ට එපා කියල පතනවා .

    මේ ආත්මේ නම් මේ විදියටම මෝඩයා වගේ ඉන්ට වෙනවා බන් උබට
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,286
    24,466
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    උබ පොත් තියන්නේ ගේ මුල්ලෙද ,
    උබේ කතා වලින් උබ ගැන මට තේරුම් ගන්ට පුළුවන් ,
    ඊලග ආත්මෙවත් මෝඩයෙක් වෙන්ට එපා කියල පතනවා .

    මේ ආත්මේ නම් මේ විදියටම මෝඩයා වගේ ඉන්ට වෙනවා බන් උබට
    මට තේරුම් කරහංකො ඔය ගහට කරන process එක. පටක රෝපණය කරල ගහ බේරගන්න හැටි. උඹ බුද්ධිමත්නෙ.
    ගොන් පාට් නොදා ගිහින් ඉගෙන ගෙන වරෙන් බන්. පටක රෝපණය කරල පැල ගත්තත් ඔය ගහ වඳ්වෙන්න හේතුවක් තියෙනව. ඔය ගහ වගේ, ඔය ආයු කාලෙට එන්න පටක රෝපණයෙන් ගත්ත පැලයක් හදන්න ලේසියි කියල හිතනවද. ඒකත් පටක අරන් ගහ කපල දැම්මට පස්සෙ. අන්තිමේ ගහත් නෑ. ඔය අං තට්ටුව පොඩ්ඩක් අතගාලා කල්පනා කරල බලපන්.
    මීට වඩා කොහොමත් ගොනෙක්ට තෙරුම් කරන්න බැ
     
    Last edited: