වර්ණ අන්ධතාව (Color Blindness)

Aug 4, 2009
3,094
582
0
Colombo
වර්ණ අන්ධතාව (Color Blindness)

වර්ණ අන්ධතාව (Color Blindness)


ඇතැම් වර්ණ හඳුනා ගැනීමට අපොහොසත් වීම නිසා අප සමාජයේ බොහෝ පිරිසක් වර්ණ අන්ධතාවයෙන් පෙලෙති.කාන්තාවන්ට වඩා පිරිමි පක්ෂය මෙමගින් වැඩිපුර පෙලෙන අතර මේනිසා විවිධ වෘත්තීමය හා සමාජයීය ගැටලු රාශියකට ඔවුන් මුහුණ දෙති.

මිනිස් දෘෂ්ඨි විතානයේ ආලෝකයට හා වර්ණයට සංවේදී විවිධ සෛල ඇති අතර කේතු රූපී (Cone) සෛල ඉන් එක් වර්ගයකි.ඒවාමත රතු ,කොල හා නිල් වැනි විවිධ වර්ණයන් හඳුනා ගැනීමට වැදගත් වන ප්‍රතිග්‍රාහක (receptor) පවතී.නමුත් , ඇස් දෘෂ්ඨි ස්නායුවෙන් හෝ ඇතැම් විට මොළයේ පවතින ආබාධයක් හේතුකොටගෙන මෙලෙස වර්ණයන් හඳුනා ගැනීමේ හැකියාව ඇතමුන්ට අහිමිවේ.

වර්ණ අන්ධතාව ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනු ලැබෙයි.

1. සම්පූර්ණ වර්ණ අන්ධතාවය-
මෙහිදී කිසිඳු වර්ණයක් පුද්ගලයාට හඳුනා ගැනීමට නොහැකි වන අතර මෙම තත්ත්වය අප සමාජයේ ඉතා දුලබ වෙයි.

2. අර්ධ වර්ණ අන්ධතාවය-
මෙහිදී ඇතැම් වර්ණ පමණක් හොඳින් වෙන්කර හඳුනා ගැනීමට රෝගියාට නොහැකි වෙයි.සම්පූර්ණ වර්ණ අන්ධතාව ඇති රෝගීන්ට වඩා මෙවැනි රෝගීන් සුලභ වන අතර ඔවුන් මුහුණ දෙන බාධක හා ගැටලුද අවම වෙයි.මේ සඳහා උදාහරණනම් -
a) රතු-කොළ වර්ණ අන්ධතාව (රෝගියාට රතු කොළ පැහැ වෙන්කර හඳුනා ගැනීමට නොහැකිය)
b) නිල් -කහ වර්ණ අන්ධතාව (නිල් හා කහ පැහැයන් වෙන්කර හඳුනාගත නොහැක.)

මෙවැනි බොහෝ රෝගී තත්ත්වයන් ජානමය මගින් උරුම වීමද විශේෂත්වයකි.

වර්ණ අන්ධතාව ඇතිවීමට බලපාන හේතු

මේ සදහා බලපාන හේතු රාශියක් තිබුනද, බොහෝ පුද්ගලයන්ට මෙම රෝගය උරුම වනුයේ වර්ණ දේහ ආශ්‍රිත සහලක්ෂණ හා අනෙතුත් රෝග ප්‍රවේණිකව උරුම වීමෙනි. බොහෝවිට X ලිංගික වර්ණ දේහය ආශ්‍රිතව මෙම රෝගී තත්ව පරම්පරාවෙන් ඉදිරියට ගමන් කරන අතර මේ නිසාම මෙවැනි රෝග පරිමින් අතර වඩාත් සුලබය. මෙලෙස උරුම වන රෝග කිහිපයකි.

1) x ලිංගික වර්ණදේහයන් නිලීනව පැතිරෙන රතු - කොළ වර්ණ අන්ධතාව
2) 7 වන වර්ණදේහය මගින් පැතිරෙන නිල් - කහ වර්ණ අන්ධතාව
3) දෘෂ්ටි විතානයේ කේතු ආකාර සෛල විනාශ කරවන Cone dystrophy
තත්වය.
4) වයසට යත්ම කහ බින්දුව ප්‍රදේශයේ ඇති ස්නායු සෛල මිය යාමට හේතුවන
රෝගී තත්වය.
5) දෘෂ්ටි විතානයේ ඇති වන Retinoblastoma වැනි පිළිකා තතව
6) දියවැඩියාව

මෙලෙස උරුම වන වර්ණ අන්ධතාව ඇතැතමුන් උපතේදීම පවතින අතර ඇතැමුන්ට ටික කලක් යන විට ක්‍රමානුකූලව මතුවෙයි. මීට අමරතව ප්‍රවේණිකව උරුම නොවන වර්ණ අන්ධතාව ඇති කිරීමට බලපවත්නා වෙනත් හේතු ද පවති.

1) දරුවන් භෞතිකව අපයෝජනයට ලක්කිරීම නිසා (උද- ගැසීම) දෘෂ්ටි විතානයට
හෝ මොළයට හානි සිදුවීම.
2) අනතුරු නිසා (උදා- රිය අනතුරු ) මොළයේ පිටුපස ප්‍රදේශය ඉදිමීම

3) නිසි ආවරන නොමැතිව දිකු වේලාවක් අව්වේ සිටම ආදිය නිසා පාරජම්බුල කිරණ වැඩිපුර ඇසට ඇතුල්වී ඇසේ දෘෂ්ටි විතානයට හානි සිදු වීම


වර්ණ අන්ධතාව සදහා කරනු ලබන ප්‍රතිකාර හා එය වලක්වා ගැනීම

වර්ණ අන්ධතාව විනිශ්චය කිරීමට මිල අධික විද්‍යාගර පරීක්ෂණ කල යුතු නැති අතර සරල වර්ණ සටහන් යෙදූ කාඩ්පත් (Ishihara chart) යොදවා ඉතා නිවැරදිව මෙම රෝගය විනිශ්චය කල හැක.

මෙම රෝගය වැලඳුන පසු එය නැවත නිවැරදි කරවීමට තවමත් කිසිදු ප්‍රතිකාර ක්‍රමයෙන් සොයා ගෙන නැත. නමුත් රෝගියාට සිය දෛනික වැඩ කටයුතු පහසුවෙන් යෙදිම විවිධ පියවර ගත හැක.

1) ඇතම් වර්ණ හදුනාගැනීම තරමක් පහසු කරවන අක්ෂි කාච වර්ග යොදනු
ලබයි.
2) මාර්ග යාඥා , හදිසි තත්ව දන්වන පුවරු ආදියේ විවිධ වර්ණ නොයොදා මෙම
රෝගන්ටද එම සංඥා තෙර්ම් ගත හැකිවන පරිදි සලකුණු යෙදීම ලබයි.
3) නවීන රූපවාහිනී , අන්තර්ජාලයේ වෙඩ් අඩවි, පරිගණක ආදියේ මෙවැනි
රෝගින්ට විවිධ වර්ණ හදුනාගැනීමට උපකාර කරවන මෘදුකාංග අඩංගු කර
ඇත.

මේ නිසා මෙම රෝගය ඇති වීමට නොදී වලක්වා ගැනීම ඉතා වැදගත්ය. මේ ගැන ගත හැකි පියවර නම්;

1) ප්‍රවේණිකව මෙම රොගය පැතිරීම වැලැක්වීමට විවාහ වීමට පෙර තමන් හෝ
තම සහකරු මෙවැනි රෝග වාහකයන් නොවන බවට තහවුරු කර ගැනීමට
වර්ණ දේහ (DNA) පරික්ෂා කරවා ගත යුතුය. විශේෂයෙන් පවුලේ
සාමාජිකයකු මෙම රෝගයෙන් පෙලේ නම් එය ඉතා වැදගත්ය.

2) කුඩාකල සිට හදිසි අනතුරු නිසා හිසට විය හැකි අනතුරු අවම වවන ලෙස
සෑම විටම ආරක්ෂාකාරී හිස් වැසුම් පැලැදීම ආදිය කල යුතුය.

3) අව්වේ දිගු වේලාවක් සිටී නම් UV කිරණ ඇසට වැටීම වැලැක්විමට සුදුදු

අව්කණ්නාඩි භාවිතා කල යුතුය.

වර්ණ අන්ධතාවයෙන් පෙලෙන රෝගින් මුහුන දෙන ගැටලු

වර්ණ අන්ධතාවය ඇතැමුන්ට ඉතා සුථ වශයෙන් පැවැතුනද ඇතැමුන්ට එය ඉතා සංකීර්ණ ලෙස පවතී. එම් නිසා එවැනි පුද්ගලයන් තම රෝගී තත්වය නිසා විවිධ ගැටලු වලට මුහුනු පාති.
කුඩා ළමුන් වර්ණ අන්ධතාවයන් පෙලේ නම් එමගින් ඔහුගේ මානසික හා සමාජයීය වර්ධනය අඩාල විමටද පුලුවන. මෙය ළමයාගේ අධ්‍යාපන කටයුතු මෙන්ම ඇතැම් විට ක්‍රීඩා වල නිරායාසයන් යෙදීමට දරුවාට බාධාවක් වෙයි. මේ නිසා ළමයාට අනික් සම වයස් ළමුන් අතර කොන්වීමේ ඉඩක් පවතින අතර එමනිසා දරුවා මානසික ආතතියෙන් පෙලීමට වුවද පුළුවන.
වැඩිහිටි ‍රෝගින් මුහුන දෙන විශේෂ ගැටලුවකි රිය පැදවීමේදී මතුවන අපහසුතා. මාර්ග සංඥා එකවර හදුනාගැනීමට නොහැකි විම නිසා විවිද අනතුරු වලට ගොදුරු වී දැඩි පීඩා විදීමට ඔවුන්ට සිදුවෙයි. එබැවින් ඇතැම් රටවල මෙවැනි රෝගින්ට රිය පැදවීම තහනම් කොට ඇත.
මොවුන් මුහුණ දෙන තවත් ප්‍රධාන ගැටලුවකි සුදුසු රැකියාවක් සොයා ගැනීමේදී ඇතිවන ගැටලු රියදුරු වෘත්තීන් , ගුවන් නියාමක වරු, වෛද්‍යවරු හා චිත්‍ර ශිල්පීන්, ගෘහ අලංකරණය කරනවුන් ලෙස ඔවුන්ට සේවය කිරිම ඉතා අපහසු වන අතර එය ඉතා අවදානම් ද වෙයි. නියමිත රැකියා නොමැති වීමෙන් ඔවුන් විවිධ ආර්ථික ගැටලු වලින් පෙලෙති.
එමෙන්ම රූපවාහිනී , පුවත් පත්, අන්තර්ජලය හෝ චිත්‍ර පටියක් බැලීම ආදීයේදීද ඔවුන් වර්ණ හදුනාගත නොහැකිව සමාජයීය ගැටලු රාශියකට මුහුන දෙති.

:rolleyes::rolleyes::rolleyes::love::love::rolleyes::rolleyes::rolleyes:


 
  • Like
Reactions: Shut_Down

nadun Prabath

Well-known member
  • May 19, 2009
    423
    339
    63
    Ane machan mama Spects Danawa.. Mata eka Gelewwama monawathma pehedili nehe.. Mehema giyoth mata pennema nethiweida..? Ane mataa bayai... Lens 1th dala thiyenne high power 1k ... meka opertion 1kin Hadaganna beridaa?
     
    Aug 4, 2009
    3,094
    582
    0
    Colombo
    Ane machan mama Spects Danawa.. Mata eka Gelewwama monawathma pehedili nehe.. Mehema giyoth mata pennema nethiweida..? Ane mataa bayai... Lens 1th dala thiyenne high power 1k ... meka opertion 1kin Hadaganna beridaa?


    මමත් මචන් Doctor කෙනෙක් නෙමේයි නේ ....
    මට මේකට උත්තර දෙන්න බැහැ.....
    Doctor කෙනෙක් හම්බ වෙයන්.....:love::love:
     

    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    Ane machan mama Spects Danawa.. Mata eka Gelewwama monawathma pehedili nehe.. Mehema giyoth mata pennema nethiweida..? Ane mataa bayai... Lens 1th dala thiyenne high power 1k ... meka opertion 1kin Hadaganna beridaa?

    Barima unoth witharak operation walata yanna. kannadiyen barinam contact lense danna.
     

    Shut_Down

    Well-known member
  • Aug 20, 2010
    1,428
    250
    83
    start menu එකේ..
    රතු-කොළ වර්ණ අන්ධතාවය මෙන්න මෙයාටත් තියෙනවලු..
    03facebook.xlarge1.jpg


    rep +++