"‘රණතුංගීකරණය’ නම් වචනය මා මුල් වරට ලීවේ ශ්රී ලංකාව ක්රිකට් ලෝක ශූරයන් වීමෙන් වීමෙන් පස් මසක ඇවෑමෙනි. එනම්, 1996 අගොස්තු මාසයේ ය. ‘හිරු’ සඟරාවට ම විසින් ලියැවුණු ‘ක්රිඩයකාගේ ඍජුකෝණාශ්රය’ නම් කොලම තුළ ය. ඒ, වරුණ වරාගොඩ නම් විශිෂ්ඨ ක්රිකට් ක්රීඩකයාට සිදුවූ සන්තෑසිය ගැන ය.
වෙලෙඳසේවා ක්රිකට් ‘ඒ’ කාණ්ඩයේ තරගාවලියේ අවසන් තරඟය පැවතියේ ‘යූනියන් ඇරෂුවරන්ස්’ සහ ‘හැටන් නැෂනල්’ පිල අතර ය. එහිදී, ලෝක ශූර පතරංග ක්රිඩකයන් රැසකගෙන් සමන්විත වූ යූනියන් ඇෂුවරන්ස් පිල පරදා හැටන් නැෂනල් පිල ශූරතාව හිමිකර ගති. වරුණ වරාගොඩගේ නියාමකත්වයෙන් ය. ජය තහවුරු කරගනිමින් විශිෂ්ඨ පිති හරඹයක නිරතවණු වරාගොඩ අවසන් තරගයේ වීරයා ද විය. අසංක ගුරුසිංහගෙන් පසු ඔහුගේ තැන හිමි කරගන්නට තරම් කෞෂල්යයකින් හෙබි, වරාගොඩට වළ කැපුවේ ද ගුරුසිංහට ගුරුකං කර පළවා හැරි බලවේගය ම ය.
වරුණ වරාගොඩ පිත්තෙන් පෙළහර පානා මොහොතේ ‘තමුසෙ මෙහෙම ගහලද සිලෝන් ගහන්න හිතන් ඉන්නෙ?’ කියා පිටිය මැදදීම තර්ජනය කළ මිනිසා තමන් කියූ දෙය ම ඉෂ්ට කළේ ය. ලෝක ශූර නායකයාගේ ශුද්ධ වූ මමංකාරය එකෙල මෙකෙල කළ වරුණ වරාගොඩ නාමය ලංකාවේ ක්රිකට් තුළ ආගිය අතක් නැතිවිය."
https://theleader.lk/featured/20184-2023-11-10-06-46-16