නෑ බං. කැම්පස් කාලේ පාඩම් කලේ නැත්නම් කෙළ වෙනවනේ. ඔය එලාම් එක වදින්නේ මහ පාන්දර එකට දෙකට. එතකොට මතක් වෙනවා අෆ්ෆා පැය 4ක් නේද නිදා ගත්තේ දැන් ඉතින් ආයේ පැය 20 ක් යනකන් පාඩම් කරන්නයි ලෙක්චර්ස් අහන් ඉන්නයි එපාය කියලා. එතකොට පුදුම අප්පිරියාවක් තරහක් ආවා. ඒ තරහත් එක්ක කාලයක් යද්දි එලාම් එක වදිද්දි ඕක එපා උනා බං.
මම මේ ලෝකේ අහන්න අප්පිරියම මියුසික් එක එලාම් එක කියලා මට තේරුනේ මගේ ප්‍රියතම සිංදුව මට ඇහෙද්දිත් එපා වෙන මට්ටමට පත් උනාම. බොරුනම් උඹේ කැමතිම සිංදුවත් ෆෝන් එකේ එලාම් එකට දාගෙන මාසයක් ඉඳලා බලපන්කෝ.