View attachment 195724
කාලෙකට පස්සේ නේ ඉතින්
අඩෝ මචන්ලා මෙහෙ ඉන්න එව්වෝ පොලන්ඩ් apply කරන්නේ නිකන් යනවා වගේ , මගේ ඔෆිස් එකේ ඉන්න තේ හදන එකා
(update - උට විසා එක ආව කියහන්කෝ) හිටන් ඇප්ලයි කරපු හින්දා මටත් ඕනි උනා මේ සින් එක පොඩ්ඩක් හොයලා බලන්න, මෙන්න මෙහමයි තොරණේ විස්තරේ එහෙනං ....
පොලන්ඩ් යන්න , විසිට් විසා එකක් හදාගන්න ඇත්තටම පොඩ්ඩක් අමාරුයි , ඉතින් අමාරුයි කියලා නිකන් ඉන්නවද නැනේ ... මොනා හරි ගේමක් ගහන්න ඕනි නේ,
1.ඇයි පොලන්ඩ් ම යන්නේ , වෙන කොහේ හරි පලකූ!!!
පොලන්ඩ් කියන්නේ Europe

(Schengen) වලට අයිතිය තියෙන පොඩි රටක් , කලින් ජර්මන් එව්වන්ගෙන් පොඩ්ඩක් එහෙම කාලත් තියෙනවා , යුද්ධේ (WW1) එවර වෙන කොට රුසියන් එව්වොත් ගහගෙන ඇවිල්ල අන්තිම ගේම ගහලා තියෙන්නේ පොලන්ඩ් වල ඉදලා , එකියන්නේ මේ රට තියෙන්නේ අතර මැද, හරියටම යුක්රේන් වගේ තමා , හැබැයි යුක්රේන් වගේ චෝර නං නැහැ, හොද stable

රටක් , හොදට කන්න බොන්න තියෙන , පොඩ්ඩක් සීතල තියෙන තාමත් රටේ බාගෙට බාගයක් ම කඳු වනාන්තර තියෙන රටක්. (Financially

පට්ටම strong

හොදේ )
2. කොහොමද බන් යන්නේ ?
යන්න ක්‍රම ගොඩක් තියෙනවා ,
a.) Tourist Visa
b.) Employment Visa
c.) Student Visa
මේකෙන් යන්න අමාරුම ක්‍රමේ තමා Tourist Visa. මේ ඉලව්ව කරන්න සැහෙන්න දේවල් පෙන්න ඕනි, ගෙදර දේවල් , කරනා රස්සාව , පොතේ කියක් තියෙනවද අනං මනං විකාර ගොඩයි, ඉතින් බන් අපි යනවද ආතල් ගන්න , හැමෝටම ඕනි කොහොම හරි ගොඩ යන්න නේ .....
2022 මැද ඉදල රටේ පොඩි ප්‍රශ්නයක් ආව , හරියටම රුමේනියා වගේ , රටේ Blue Collar ජොබ්ස් කරන්න පොඩි හිගයක් , පොඩි කිව්වට පොඩිම හිගයකුත් නෙමේ , ටිකක් ලොකු හිගයක් ,,, ඒ කියන්නේ රටේ Executive Jobs (white collar) ජොබ්ස් කරන්න මිනිස්සු ඉන්නවා හැබැයි පොඩි ජොබ්ස් කරන්න කව්රුත් නැහැ . (මේකෙම අනිත් පැත්ත තමා Ireland වල තියෙන්නේ දැන්,) කොහොම හරි මේ දේවල් මෙහම වෙන්න ගොඩක් දේවල් බල පාන්න ඕනි, මම එක හොයා ගන්න සැහෙන්න ගේමක් දෙන්න උනා,
- අවාසනාවනාවකට වගේ කොරෝන හින්ද රටේ සැහෙන්න මිනිස්සු ටිකක් මරුන, දරුනුවටම බලපාවෙ තුන්වෙනි පන්තියේ (අඩු අදායම් ලැබී) පවල් , ආණ්ඩුව තීරණය කර ඒ ගොල්ලන්ට තිබ්බ රස්සම දීලා wages වල ගැන පොඩ්ඩක් වැඩි කරන්න , එත් එකත් වෙලාවේ හැටියට දරුණු වැඩි , මොකද එතකොටත් පුටින් ලොක්ක , කොරෝන එවර වෙච්ච ගමන් යුක්රේන් වලින් ගේම ඉල්ලලා තිබ්බේ, (backup එක තිය ගන්න ඕනි උනා)
- එත් රටේ දැන් උත් ගත වෙලා තියෙන ප්‍රශ්න හැටියට අනිවා මේක විසදන්නම ඕනි ,
- අනිත් එක තමා ඒ කලේ පැරිස් පුනරුදය වගේ දැන් තමා පොලන්ඩ් වල පුනරුදය ඒ කියෙන්නේ කලාත්ම දේවල් වලින් නෙමෙයි , දැන් තමයි ඒ ගොල්ලෝ crypt currency වලට තැන දෙන්නේ , exchange centers දාල මුළු රටම IT වලට තෝතැන්නක් කරන්න තම රටේම මිනිසුන්ගේ එකම බලපොර්ත්තුව. (කිරියේ එව්වන්ට නං කියාපු රට ඕයි)දැනට මත් call centers setup කරලා , පොඩියට ගේම ගහ ගෙන යනවා (small & medium enterprises) හැබයි මගේ පුතේ මුන්ට ඒවාට නං මිනිස්සු ඕනි නැහැ , ඒවාට ඉන්නවා , කානුවක් වත් අතු ගාගන්න තමා එකෙක් වත් නැත්තේ.
- ඉතින් මේ දේවල් හින්ද , රටින් නීතියක් අරන් ආව , minimum wages වලට manpower ගේන්න ගන්න වෙන රටවල් වලින්. මේ නිතිය ඇත්තටම අපිට හොද දෙයක් , ඒ කියන්නේ බල්ලයි පුසයි හරකයි ඔක්කොටම ඉල්ලන්න පුළුවන්, අයි ඉතින් මුකුත් චෙක් කරනවා කියලද , මොන බලන්න ද මේ පොඩි රස්සා කරන මිනිස්සුන්ගේ , බලන්වන් ඉතින් බලන්න තියෙන්නේ ඉතින් ඉංගිරිසි තමයි , වෙන මොන බලන්නද , (ඔක්කොම විස්තර ටික පල්ලට යන්න)
අන්තිම දේ තමා Student Visa, එක නං ඉතින් හැමෝම දන්නවනේ , පොඩි දේවල් ටිකක් කරන්න තියෙන්නේ.
අම්මලට තාතලට සල්ලි තියෙනවන් , බැංකු වල පොඩි පොඩි කනෙක්ෂන් තියෙනවන් , ගනින් සල්ලි පලයං ............... කොර්ස් එක අපි හිතන තරන් ගණන් නැහැ , හැබැයි පාර්ට් ටයිම් කරන්න , හොද වටපිටාවක් නැහැ .. අපි කියමුකෝ ගස් කපන්න, cleaning වැඩ , construction වැඩ තමා කරනවන් , හැබැයි අව්රුද්දෙ බාගයකත් වඩා සීතල තියෙන රටක , පාර්ට් ටියම් කරන්න/හොයන්න ලේසි වෙන්නේ නැහැ . හරි මේක නැතුව අපිට සෙට් වෙනවනේ KFC,PIZZA HUT වගේ තැන් වලට මේවා වල වැඩ කරන්න උන්ගේ language එක ඕනි, මුන්ගේ භාෂාව නැතුව මොන ඉටි ගෙඩියක් වත් කරන්න බැහැ එළියේ ... ඔන්න ඉතින් සිරාම සින් එක ...
General Part Time Earning Method - Payable by Euro
| Part time - Hours Allowed for Work (For Student) | Per Hour Amount (Average) | Total Income - Monthly |
| 20 hours Per week (4 Hours Per day) SAT & SUN Off | 12.00Euro Per Hour | 960.00 Euro per month. |
ඉතින් ළමයි , මේ වගේ දවසකට තැන් දෙකක වැඩ කරොත් ඔබ ගොඩ පුතේ මාස 6යෙන් .
මම දැන් කතා කරන්න යන්නේ Employment කොහොමද යන්නේ , ඕනි කරන්නේ මොනාද , කොචර කල් යනවද විසා එන්න , අතටම කියන තරන් හොදයි ද ?
මම කලිනුත් කිව්වා වගේ employment එකකට ඕනිම එකෙක්ට ඉල්ලන්න පුළුවන්, හැබැයි එක දෙයක් තියෙනවා , උන්ගේ කොම්පැනි එකෙන් උබේ documents , process කරන්න ඕනි, උබලට මම බොක්කෙන් කියන්නේ, මගේ අදුරන යාලුවෝ 9 දෙනෙක් දැන් ගිහිල්ල ඉන්නවා , අතල් එකේ ඉන්නවා , හම්බකරගන්නවා ගෙවල් වලට සල්ලි එවනවා එහෙමයි ඉතින්, ලංකාවේ එව්වන්ට හොද චාන්ස් එකක් තිබ්බට අපිට පොඩි කට්ටක් තියෙනවා මොකද අපිට ලංකාවේ පොලන්ඩ් embassy එකක් නැති හින්ද , අපිට ඔක්කොම පාස් වෙලා general interview එකට යන්න ඕනි embassy ekata. ලගම embassy එක තියෙන්නේ india වල කාපන්කෝ ඉතින් නඩුව ,,,, මේවට විසදුන් තියෙනවා , ඉස්සෙල්ලම process බලමු.
- පළමුව අයදුම් කරුගේ සියලුම documents (passport, police certificate, මෙ වගේ ඔක්කොම දේවල් )
- ඊට පස්සේ කොම්පැනි representative කෙනෙක් මේ දේවල් process වෙන්න දානව. (ඒ කියන්නේ , මෙහෙන් පොලන්ඩ් වලට යවල එහෙන් උබේ offer letter එක ගෙන්න ගන්නවා) - 1 මාසයක් හොදට මතක තියා ගනිල්ලා මේ agency කාරයන්ට නං දෙන්න එපා ගලවනවා උන් සුපිරියටම. එකෙන්ම කොම්පැනි එකට submit කරන්න , ඕනි නං කියහල්ල ඒවත් මෙහෙන් සෙට් කරලා දෙන්නන් , උට පොලන්ඩ් වල කොම්පැනි 5ක් තියෙනවා, ඒ කියන්නේ එකකින් apply කරලා චොර උනොත් තව 4 පාරක් තියනවා try කරන්න ,
- offer letter එක ආවට පස්සේ ඒ කියන්නේ , ඒ රටේ වැඩකරන්න විසා ඉල්ලන්න ඕනි , එකත් එතැනින්ම කරලා දෙනවා .
- අන්තිම දේ තමයි , පොලන්ඩ් එම්බසියට යන එක , මෙහමයි මචන්ලා මගේ යාලුවෝ ටිකෙන් ටික දෙනෙක් ඉල්ලුවේ ඩුබායි ඉදල ඉතුරු ටික කටාර් වලට විසිට් විසා ගෙන ඇවිල්ලා , 9 දෙනාගෙන් 9 ම දෙනාම ගොඩ ගියා . කව්රුත් ලංකාවෙන් ඉන්දියා ගිහින් නං නෙමේ , මොකද ඉන්දියා ගියොත් වැඩේ චෝර වෙන්න ලොකු ඉඩ කඩක් තියනවා.
- මේ ඔක්කොම කරන්න යන්නේ මාස 6 යි. සම්පුර්ණ වියදම ලක්ෂ 7යි,
- රටේ තියෙන සියලුම වරප්‍රසාද වැඩ කරන ප්‍රජාවට එක ලෙසම අයිත්යි.
- වැඩ කරන තැනින් 3 වෙලාම කන්න , ඒ වගේම ඉන්න හිටින්නත් හම්බ වෙනවා , (ඔක්කොම දේවල් රුමේනියා වගේම තමයි බොලව්, කිසි වෙනස් නැහැ)
- හොදම දේ කියන්නේ, මෙහෙ ඇවිල්ල මාස 6 යෙන් හම්බ වෙනවා TRC එක , එකෙන් ඉතින් ගෙන්න ගන්න පුළුවන් මුළු හත් මුතු පරම්පරාවම.
- උබට දෙන විසා එක Schengen හින්ද එහෙ ඉදන් උබට යන්න පුළුවන් රටවල් (Austria, Belgium, the Czech Republic, Denmark, Estonia, Finland, France, Germany, Greece, Hungary, Iceland, Italy, Latvia, Liechtenstein, Lithuania, Luxembourg, Malta, the Netherlands, Norway, Poland, Portugal, Slovakia, Slovenia, Spain, Sweden and Switzerland.)ඉමක් කොනක් නැහැ. බදින්න බැරි ගැනියෙක් නැහැ.
- හරියටම වැඩේ කරගෙන පරිස්සමට හිට්යියොත් අවරුදු පහෙන් citizen apply කරන්න පුළුවන්. කිසිම අව්ලක් නැතුව එකත් හම්බ උන කියන්නේ , ඉතින් උබ ගොඩම තමා ,
- එක දෙයක් කියන්න තියෙනවා උබල මොන කරත් කමක් නැහැ, හැබැයි පුතේ loan නං ගන්න එපා , අයි කියලා අහන්න එපා ගන්න එපා එචරයි ,
උබලට ඕනි , ඕනිම උදව්වක් ඕනි නං කියහල්ල, එචරයි ඉතින් මට කරන්න පුළුවන්.
තැන්ක්ස්