http://www.time.com/time/world/article/0,8599,1947807,00.html
Sunday, Dec. 20, 2009
Politics have unraveled the Fonseka-Rajapaksa alliance. In his interview with TIME, Fonseka repeated charges, first published in a Sri Lankan newspaper, the Sunday Leader, that Gotabaya Rajapaksa had given orders that top LTTE commanders not be allowed to surrender. "This is well known to all those who were there in the field," Fonseka said. "[The Defenwe Secretary] was supposed to have said, 'Whether anybody comes with white flags or no, finish off everybody.' I was the Army Commander, they never passed that message to me, never even consulted me. I only came to know this after two days after everything was over. And I never gave any instructions about the white flags." Fonseka told TIME that, during a recent visit to the U.S., immigration authorities had attempted to interview him about alleged war crimes committed by the Defense Secretary but he declined because he was still a government officer.
http://www.bbc.co.uk/sinhala/news/story/2010/02/100208_fonseka_war_crimes.shtml
08 February, 2010
"I am definitely going to reveal what I know, what I was told and what I heard. Any one who has committed war crimes should definitely be brought into courts," Gen. Fonseka said.
"Those who reveal the truth are not traitors" he added.

මෙතන ප්රශ්නය අපේ රටෙ ප්රජාතන්ත්රවාදය සම්බන්ඳවයි......
නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමට ඇති අයිතිය පිළිබඳවයි.....
මුලදී ඔය වගේ දෙයකදි කතා කරන්න විපක්ෂයක් හරි හිටියා..ඒත්..
දැන්..ජේ.වී.පී. කට්ටියත් කොහේද කියලා නැහැ...ශක්තිමත් විපක්ශයක් තිබීම ජනතාවගේ පැත්තෙන් ගුණදායකය...
මහින්ද ද,ෆොන්සේකද කියන එකට වඩා.......
එකම තැටිය තමයි උඹලට තියෙන්නේ.
වැරදි පෙන්නපු ගමන් UNP එකත් ඒවා කරා කියනවා.
ඇයි දෙයියනේ UNP එක වැරදි කරපු නිසානේ අපි 2005 මෙයාලට චන්දෙ දුන්නේ.
ඉතින් මෙයාලත් ඒ වැරදීම කරනකොට අපට මොකක්ද කියන්න තියෙන්නේ.
මටනම් UNP උනත් එකයි මුන් උනත් එකයි වැරැද්ද වැරද්දම තමයි
කරුණලා පිල්ලෙයාන්ලා කොටි නැවත ඇති වෙන එක වලක්වනවද නැද්ද කියන එක හිතල බලන්න නම් දාගෙන ඉන්න කන්නාඩි ගලවන්න ඕන.
මෙච්චර වැරදි කරපු උන්ව නඩු නැතිව තියාගන්න පුලුවන්ද උන් ආණ්ඩුවට උදවු කරනවා කියලා.
එකෙන් කියවෙන්නේ කොච්චර වැරදි කරත් ආණ්ඩුවට උදවු කරනවානම් ගැලවීමක් තියනවා.
දුමුන්දලා මර්වින්ලා වගේ අයට ඇයි නාම යෝජනා දෙන්නේ.
එහෙම දුන්නේ නැත්නම් ජනතාව එයාලට චන්දෙ දෙන්නේ නැහැනේ
ඇයි ඒ වැරැද්ද දකින්නේ නැත්තේ.
දැන් මේවත් UNP එකෙන් කරා කියලා ලිස්සන්න එපා.
sira kathawa....

හමුදාපති කෙනෙක් කියන්නෙ දැඩි නීති යටතේ තමන්ගෙ සෙබළු පාලනය කරන (එසේ විය යුතුයි ) පුද්ගලයෙක්.ලෝකෙ දරුණුම ත්‍රස්තවාදී කණ්ඩායමක් සමග සටන් කරල ජය ගත්තහම ඔහුටත් නොදැනීම ඔහුතුල බලය පිළිබද අදහස් මතුවෙනව
ඒකට වෙනත් පාර්ශව වලින් ලැබෙන දිරිගැන්වීම් නිසා ඔහුට සියලු පුද්ගල අභිමානයන් අමතක වී යුද්ධය පවතින සමයේ තමාට පහත් ලෙස අපහස කල පිරිස් සමග එක්වී
රජපුටුව සිහිනෙන් දකිමින් දේශපාලන මඩ ගොහොරුවට පනින මේ සෙන්පතියා වේදිකාවේදී විරුද්ධ පාර්ශව විසින් කිසිදු දිනක නොලත් ආකාරයේ නින්දා අපහාස විදීමට සිදුවෙනව
උපහාසයට ලක්වෙනව, මෙම පීඩන පරිසර දරාගත නොහැකි වන මොහු කිසිදිනක තම මුවින් පැවසීමට සිත නොසිටි වදන් පිට කරමින් දහසක් ලේ මස් අට නහර පුද දී ලබා ගත් ජයග්‍රහණය
තමා සන්තක කරගැනීමට බරපතල ප්‍රකාශ (යුද්ධය පිළිබධ ) සිදු කරනව.අවසානයේ ජීවිතයේ ප්‍රථම වරට සටනකින් පරදින මොහු ඉතා අසරණ තත්වයට පත්වෙනව. රට බේරා ගත් සෙන්පතියා
කියමින් මොහුව මේ අගාධයට අද දැමු කුහක දේශපාලන නායකයන් ඔහුව අතහැර දමනු ලබනවා. සමූල ඝාතකයෙකු ලෙස මොහුව හංවඩු ගැහු BBC සිංහල සංදේශයට රහසින් අමතන මොහු හඩා වැටෙමින්
ජාත්‍යන්තර ප්‍රජාවට මැදිහත් වන ලෙස අයදිනව....මෙසේ යමින් තමන් දිවි පරදුවට තමා රැකගත් මාතෘ භූමියට ද්‍රෝහියෙක් වීමට සිදුවෙනවා.වරද කරුවෙකු වෙන මොහු තමාගේ නිදහස සදහා සටන් කරන විට
තමාගේ දේශපාලන මිතුරෝ බොරදියේ නිල්තල්මසුන් සොයමින් තම තමන් ගේ දේශපාලන නිරුවත වසා ගැනීමට මෙතුමන්ව යොදා ගන්නව. මෙසේ දිව යන කලෙක අභිමානයෙන් සිටි වීරවරයෙකුගේ සෝචනීය නාටකයේ පිටපත් තවමත් ලියවෙමින් රග දැක් වෙනව. ඔබත් එහි සුළු චරිතයක් හෝ රගපා තිබේද ......
-sherlock.-

well, for the first time I see some meaning here. Nice thoughts machan !. It's all what politics is. No matter who you vote for, they know what they saying and doing. Only the voters get busted.




maru thread ekaelakiri eke wadi hariyak inne iskole yana podi bachcha kolle neda?
![]()


මෙහෙම ත්‍රෙඩ් එකක් දකින්නත් ආසයි. මම උඩින් උඩින් කියෙව්ව. මම හිතුවෙ රිප්ලයි දෙක තුනක් යන්කොට කට්ටිය කුණුහරුප ඇදබාන්න පටන්ගනී කියල. ඒ උනාට මම මේ ත්‍රෙඩ් එකේ කුණුහරුප මුකුත් දැක්කෙ නෑ. (මිස් උනාද දන්නෙ නෑ) කට්ටිය පොයින්ට් එකට කතා කරනව. වැඩේ ලස්සනයි.

වරෙව්. මහින්ද,... 11-20-2011 08:58 AM machan eya waradi wenne me mathaya wenuwen digatama penee indala jathyantharayata eka genichchoth witharayi.eth miniha ehema kiwuwe naha kiyanawa (Mr Dilshan)-6![]()
මගේ අමිමෝ 2005 unp එකට චන්දය දුන් කෙනෙක් දැන හොයාගන්ඩත් බැ.
ඔක්කොම කියන්නෙ අපි 2005 නමි දුන්න දැන් එපා වෙලා කියල මොන බොරැද?
මේ අද ෆොන්සේකා වෙනුවෙන් පෙනි සිටින කිසිවෙක් 2005 ජනාධිපතිවරනයෙදි මහින්දරාජපක්ෂ දිනවිම සදහා චන්දය දුන් අය නෙවේ.ඇයි එහෙම කියන්නෙ එදත් තිබිබෙ රටටද නැත්නමි දෝහිත්වයද කියන දේ,අදත් තියෙන්නෙ රටද නැත්නමි දෝහිත්වයද කියන.දේ ඒදා රට හොදයි කියල පිළිගත්ත කිසිකෙනෙක් අද ඒ දෝහිත්වය නියෝජනය නොකරයි.මන්ද යත් 2005 යනු රටේ බුද්ධිමත් ජනතාවගේ උචිචතම තින්දුව වන අතර ඒ තින්දුවේදි නිවරදිව හිටගත් සියලුදෙනා අද දක්වාම ඒ තිරනයේ රැදි සිටි.ඔයාල 2005 මහින්දට දුන්න කියන්නෙ පටිට පල් බොරැ![]()
100% eththa bro ++

ගැටගසා වැට කඩුලු
වෙන්වී සියල්ලෙන්
උත්සහය නිබදවම
රජ කරනු තනිවවම
එකට සිට දිගු ගමන
අවේ අපි සියලු දෙන
අමතකද ජය නැගුම
දුටුවන් මවිත කල
ලොල් වී නුබ පැහැදිලිව
රැවටී වහසි බස් මත
පෙනෙන අවසන නුදුරකම
නුබේ වල නුබ කපාගෙන
FRIDAY, DECEMBER 11, 2009
ඔහු ඒ මතය ජාත්‍යන්තරයට ගෙනියපු විදිය දාපු පෝස්ට් එකටම තමයි උඹ මේ රිප්ලයි කරලා තියෙන්නෙ. ඔහු දෙයක් කියලා වැරදුනාට පස්සෙ එහෙම කිව්වෙ නෑ කියන එකෙන් කාටවත් ඇති වැඩක් නෑ. කියපු බවට ඕනිතරම් සාක්ෂි තියෙනවා. ඒව තමයි ඔය දීලා තියෙන්නෙ. වැඩේ වැරදුනාම press conference තියලා කිව්වා Sunday Leader එකෙන් නොකියපු දෙයක් දාලා කියලා. ඒ ජනාධිපතිවරණයට කලින්නෙ. ඒත් BBC එකේ ආපහු ප්‍රවෘත්තිය පල වෙන්නෙ ජනාධිපතිවරණයෙන් පස්සෙ. හරිම පරස්පරයි නේද? ඔහු නිදහසේ හිටියානම් මොනා කරයිද කියලා දෙයියෝ තමයි දන්නෙ.
කියපු දෙයක් කිව්වෙ නෑ කියලා අත පිදගන්න බෑනෙ. ඔහු කියපු කතාව පිලිඅරගෙන තමුන් අතින් උන වැරැද්දට රටේ ජනතාවගෙන් සමාව ගත යුතුයි. මොකද ඔහුට ඇත්තටම ආදරේ කළ ජනතාව 58% + 42x(1/2)% පමණ සිටියා.
මම ඉදිරිපත් කරපු සාධක වලට නිවැරදි පිලිතුරු දෙන්නෙ නැතිව උඹ උඹේ හිත රවට්ට ගත්තාට වැඩක් නෑ.
.
සුදු කොඩි රැගෙන යටත් වීමට පැමිණෙන කොටි නායකයන්ට වෙඩි තබා මරා දමන්නැයි ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ එවකට බ්‍රිගේඩියර් ශවේන්ද්‍ර සිල්වාට උපදෙස් දුන් බව තමන්ට පුවත්පත් කලාවේදියකුගෙන් දැගනගන්නට ලැබුණු බව හිටපු හමුදාපකි සරත් ෆොන්සේකා සන්ඩේ ලීඩර් මාධ්‍යකාරිනී ෆ්රෙඩ්රිකා ජෑන්ස්ට ප්‍රකාශ කර ඇති බව දැන් ලංකාවේ අධිකරණය පිළිගෙන ඇත.
හිත රවට්ට ගැනීමක් නැහැ මචන්
කවුද හිත රවට්ටගෙන තියෙන්නේ කියල පොඩ්ඩක් මේකත් කියවලා බලපන්,

හිත රවට්ට ගැනීමක් නැහැ මචන්
කවුද හිත රවට්ටගෙන තියෙන්නේ කියල පොඩ්ඩක් මේකත් කියවලා බලපන්,
හිත රවට්ට ගැනීමක් නැහැ මචන්
කවුද හිත රවට්ටගෙන තියෙන්නේ කියල පොඩ්ඩක් මේකත් කියවලා බලපන්,
අවසානයේ සරත් ෆොන්සේකා ද තමන් එම ප්‍රකාශය කළ බව පිළිගෙන ඇති අතර එම ප්‍රකාශය පිළිබඳ පරීක්ෂණයක සාක්ෂිකරුවකු වීමේ සූදානමක් ද ප්‍රකාශ කර තිබේ
නැ නැ ඔය නිවුස් එක තනිකර වැරදියි.අධිකරනය පිළිගත්තෙ යුධ අපරාධ රටතුල උනා කියනදේ නෙමේ.අධිකරනය පිළිගත්තෙ එහෙම දෙයක් උනේ නැ,ෆොන්සේකා එහෙම දෙයක් උනා කියනවනමි ඒක බොරැ කතාවක් එක කියුවට තමයි අවුරැදු 3කට හිරේට දාන්නෙ ඔන්න තින්දුව තින්දුව හරියට කියවන්න ඔනේ.
ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ බ්‍රිගේඩියර් ශවේන්ද්‍ර සිල්වා අධිකරනයට ගෙනල්ල ඇහුවනේ ෆොන්සේකා මේ කියන කතාව ඇත්තද කියල එයාල කියුවෙ නැ කියල. ඔතනයි තින්දුව හරියට කියවන්න.
අනික BBC කියන්නෙ එක දෙක කරන ජාතියක්නෙ.අනික මේ ආණ්ඩුව ජාතයන්තර රටවල් තඔ සතෙකට මායිමි කරන්නෙ නැ. නැත්නමි කවදාවත් මහින්ද රාජපක්ෂට යුද්ධය ඉවර කරන්ඩ වෙන්නෙ නැ.අපි ආණ්ඩුවත් එක්ක ඉන්නකන් සුද්දට කරන්ඩ පුලුවන් ඉට්ගෙඩියක් නැ.![]()
අධිකරණය පිළිඅරන් නෑ සුදුකොඩි ගෙනාපු උන්ට වෙඩිතිබ්බයි කියල , අධිකරණය පිළිගත්තෙ එහෙම ප්‍රකාශයක් සරත් ෆෝන්සේකා කරයි කියල. ප්‍රකාශයේ සත්‍ය අසත්‍ය තාවය නොව වැරැද්ද , එහෙව් ප්‍රකාශයක් කර ජාතීන් අතර අසමගියක් , විරසකයක් මෙන්ම රාජ්‍ය ද්‍රෝහී ක්‍රියාවක් සිදුකිරීමයි

සරත් ෆොන්සේකා කල ද්‍රෝහී ප්‍රකාශය පිලි නොගන්නා අය පොඩ්ඩක් පාට කණ්ණාඩි ගලවලා අවබෝධයෙන් මේ කියන දේ බලන්න. ඔහු තමා කරපු වැරැද්ද පිලිගන්නා තුරු ඔහු වෙනුවෙන් පෙනී සිටීමත් ද්‍රෝහීකමක්. නමුත් ඔහුට තවමත් අවස්ථාව තියෙනවා නිවැරදි මාවතට එන්න. නමුත් ඔහු තම වැරැද්ද පිලි නොගන්නා තුරු ඔහු ඉතිහාසයේ කුණු කූඩයට විසි වූ චරිතයක් පමණක් වේවි. ඒක රටේ අවාසනාව.
මේ තියෙන්නෙ ඔහු ජනාධිපතිවරණය කාලෙම සහ ඊට පසු TIME සහ BBC වලට කරපු ප්‍රකාශ. මේවා Sunday Leader එකේ කියපුවා අරගෙන TIME හෝ BBC වල පල කරපුවා නෙමෙයි. ඔහු ඒ ජාත්‍යන්තර මාධ්‍ය වලට කෙලින්ම දීපු සම්මුඛ සාකච්ඡා.
From TIME,
HTML:http://www.time.com/time/world/article/0,8599,1947807,00.html
From BBC,
HTML:http://www.bbc.co.uk/sinhala/news/story/2010/02/100208_fonseka_war_crimes.shtml
මේ BBC එක දාලා තියෙන කතාවෙ press conference එක මට හොඳට මතකයි. නමුත් ඒකෙ videos හොයාගන්න නැහැ. දැන් මේවා දැන දැනත් ෆොන්සේකා නිවැරදියි කියන අයට මට කියන්න තියෙන්නෙ මෙච්චරයි.
මහින්ද ව පරාජය කල හැකි නායකයෙක් පෙනෙන තෙක් මානයේ නෑ. නමුත් ෆොන්සේකා ඔහුට අභියෝගයක් එල්ල කලා. ඒ නිසා ඔහු මොන වැරැද්ද කලත් මහින්දට එරෙහි නිසා බහුතරයක් ෆොන්සේකා වෙනුවෙන් පෙනී සිටිනවා. පැහැදිලිවම මහින්ද කෙනෙක් නොසිටියානම් ඔවුන්ට ෆොන්සේකා කෙනෙක් ද අවශ්‍ය නෑ. හතුරාගේ හතුරා තමාගේ මිතුරා කරගැනීමේ න්‍යායයෙන් රට අවධානමට ලක් කිරීමනම් කිසිසේත්ම අනුමත කරන්න බෑ.
ඔහු ඇතුලු ඔහුගේ දේශපාලන සගයන්ට අවශ්‍ය වූයේ මහින්ද, ගෝඨාබය යුධ අධිකරණයට දක්කා හෝ රටේ බලය ලබා ගැනීමයි. නමුත් ඔවුන්ට මේ රටේ බුද්ධිමත් ජනතාවගෙන් බහුතරය ජානාධිපතිවරණයේ දී නියම පිලිතුර ලබා දුන්නා. ඔබ තව දුරටත් මිත්‍යාවක එල්බ ගැනීමෙන් සිදු වන්නේ මහින්දගේ ආණ්ඩුව කරන වැරදි වැඩ වලදී ද ඔහුට විරුද්ධව මතයක් ගොඩ නැඟීමට නොහැකි වීමයි. පළමුව ෆොන්සේකා රටේ ජනතාවගෙන් සමාව ගත යුතුයි. ඉන්පසු ඔහුට පුලුවන් රට වෙනුවෙන් ඉදිරිපත් වන්න.
.
ෆොන්සේකා නිවැරදියි කියන, මහින්දට සාප කරන අයගෙන් මේකට පැහැදිලි පිලිතුරක් ඕනි.
මේ links එවපු jamiezue සහෝදරයට ස්තුතියි.
.

100% ඇත්ත කතාව ඔහුන් කිසිවිටක බුද්ධිය මෙහෙයවා කටයුතු කරන පිරිසක් නොවේ.