මම හිතන්නෙ මට ඕනි කරපු දේ ඕනිවටත් වඩා හොඳට මේ ත්‍රෙඩ් එකෙන් උනා. මම කතා කරේ සමහර අවස්ථාවාදීන් ෆොන්සේකා වෙනුවෙන් ඉදිරිපත් වෙලා ඉන්නෙ ඔහු නිවැරදිකරු නිසා හෝ ඔහුට ඇත්තටම ඇති ආදරයක් නිසා නොවෙයි. නමුත් ආණ්ඩුවට පහර ගහන්න එල්ලෙන්න පුලුවන් හොඳම පුද්ගලයා ඔහු කියලා හිතන නිසායි.
මුල ඉඳන්ම ෆොන්සේකා සුදු කොඩි කතාවක් කිව්වේ නෑ කියන කට්ටියට, නෑ ඔහු එහෙම ද්‍රෝහී කතාවක් කිව්වා කියන සාධක රාශියක් ත්‍රෙඩ් එක තුලදි දුන්නා. මම හිතන්නෙ ඔවුන්ටත් අන්තිමට ඒක පිලිගන්න සිද්ද උන නිසා වෙන්න ඕනි, ආණ්ඩුව KP ලට, කුඩුකාරයන්ට දඬුවම් කරන්නෙ නැත්තෙ ඇයි කියන ප්රශ්නය අන්තිමට දිගින් දිගටම අහන්න ගත්තෙ. අපි පැහැදිලිව ඒවටත් උත්තර දුන්නා. KP, කරුණා ගැනනම් කියන්න තියෙන්නෙ ඔවුන් ජාත්‍යන්තර අධිකරණයකදී යුධ අපරාධ සිදූ නොවූ බව කියන්න පුලුවන් හොඳම සාක්ෂි.
නමුත් ෆොන්සේකා කිව්වෙ තමුන්ට ආරංචි වූ හැටියට යුධ අපරාධ සිදු වූනානම් තමුන් ඒවාට සම්බන්ධ නැති බවත්, සම්බන්ධ අයට විරුද්ධව සාක්ෂි දීමට ඉදිරිපත් වන බවත්. එහෙම කියපු පුද්ගලයෙක් ඉස්සරහට දාගෙන රටේ ප්‍රශ්න කතා කරන්න යාම රටේ ස්වෛරීත්වය හෑල්ලුවට ලක් කිරීමක්. දූෂණ, වංචා චෝදනා හැම ආණ්ඩුවටම එල්ල උනා. නමුත් වෙන කිසිම ආණ්ඩුවකට නොතිබූ දෙයක් මේ ආණ්ඩුවට තාමත් තියෙනවා. ඒ තමයි රටේ ස්වෛරීත්වය වෙනුවෙන් පෙනී සිටීම. ආණ්ඩුව කරන හැම දේම නිවැරදියි කියන මතය නෙමෙයි මේ කියන්නෙ. රටට යහපත් ආකාරයෙන් බලපාන නායකත්වය දෙන්න පෙනෙන තෙක් මානයේ ඉන්න එකම නායකයා මහින්ද පමණක් බවයි. බලය වෙනුවෙන් රටේ කීර්ති නාමය පාවා දෙන්න හැදූ ෆොන්සේකා රටේ දේශපාලන නායකත්වයට සුදුසුයැයි කීම ජාතික අපාරාධයකි.
ඔහු පළමුව කළ යුතු වන්නේ තමා කළ වරදට රටේ (බහුතර) ජනතාවගෙන් සමාව ගැනීමය. ඉන්පසුව වත් මමත්වයෙන් තොරව, වචන ප්‍රවේසමින් යොදාගනිමින් දේශපාලනයට එළැඹිය හැක. නමුත් ඔහු දේශපාලනයට සුදුසු යැයි නොසිතේ. ඔහු පලිගැනීමකට ලක් උනානම් ඒකට අවශ්‍ය සාධක සපයා දුන්නේ ද ඔහුමය. මහින්දගෙන් පලිගැනීමට ජනාධිපතිවරණයට පැමිනි ඔහුට දෛවයේ සරදමකට ලක් වීමට සිදු වීම සාධාරණය. නමුත් පටු දේශපාලන වාසි නොතකා අවංකවම ඔහුට ආදරය කළ ජනතාවට ඔහු විශාල අසාධාරණයක් කලේය. ඒය රටේ අවාසනාවය. අපාය සහය මිත්‍රයන් ආශ්‍රය ඔහුට පමණක් නොව ඔබට, මට මෙන්ම මහින්දට වුවද කෙදිනක හෝ අවාසනාව ගෙන ආ හැක.
මේ ත්‍රෙඩය තුල වෙනත් ත්‍රෙඩ් වල සිදු වන දේවල් සිදු වීමට නොදී මහත්වරුන් සේ තම මතය ඉදිරිපත් කළ පක්ෂ, විපක්ෂ සියලු දෙනාටම මාගේ ස්තූතිය පුද කරමි. මාගේ ඉල්ලීම අනුව කුණුහරුප නොමැතිව රෙප් කැපූ සහෝදරයන් ටද ස්තුතිවන්ත වෙමි. ඒ ඉල්ලීම බැහැර කළ අය ගැන කතා කිරීමෙන් පලක් නැත. මාගේ මතය වෙනුවෙන් පෙනී සිටිමින් මේ ත්‍රෙඩය සාර්ථක කර ගැනීමට සහය දුන් සියලුම සහෝදරයන් ටද රෙප් ලබා දුන් සැමටමද විශේෂ ස්තූතිය හිමි විය යුතුය (එළකිරිය තුල වුව ද බහුතරය නිහඬව ඉවසීමෙන් බලා සිටින බව ලැබුණු විශාල රෙප් ප්‍රමාණයෙන් පැහැදිලි වේ). සාප අවලාද වලින් තොරව තම මතය ප්‍රකාශ කිරීමට තවදුරටත් මෙය වේදිකාවක් කරගන්නා මෙන්ද ඉල්ලා සිටිමි.
සියලු දෙනාටම ජය වේවා!
.