වරෙවු යකෝ 3D නොමිලේම ගෙදරට අවිල්ලෝ ....

Jun 18, 2010
3,322
1,125
0
Katunayake
වරෙවු යකෝ 3D නොමිලේම ගෙදරට අවිල්ලෝ ....

අඩෝ හුට්ටෝ .. අද පත්තරෙත් එක්ක 3D කන්නාඩියක් දෙනවාලු නේ ?
ඔන්න ඔය call එකෙන් තමයි මම ඊයේ උදේ අවදි උනේ .. :confused:

ඉතිං මම එවලේම ට්‍ ෂර්ට් එකක් දාගෙන ගාලූ ටවුමට ගියා .. කඩවල් 16 ක බැලුවත් පත්තර නම් හොයා ගන්න බැරි උනා .
අන්තිමට අස්සක තිබුන පොඩි කඩේකින් තමයි පත්තරේ හොයා ගත්තේ .
අඩෝ අරන් බැලින්නං ඒක කාර්ඩ් බෝඩ් කන්නාඩියක් :P
පත්තරේ නම් ඉතිං කියන්න තරම් දෙයක් නැහැ .. නිකන් පොඩි 3D ගතියක් තිබුනා එච්චරයි .. එක නම් චා .. :rolleyes:
ඒ උනත් මම computer එක on කරලා youtube එකට ගිහිල්ලා 3D videos ටිකක් download කරලා බැලුවා ..
ආහ්හ් .. ඒවා නම් කියන්න දෙයක් නැහැ .. සිරා බන් .. LCD monitor එකේ බලනකොට ආහ්හ් .. මන් කියල වැඩක් නැහැ උබලම බලපන් ..
11.gif

avatartvm.jpg

කොහොම උනත් ඔන්න ඔහොමයි මට 3D උන හැදුනේ ... :D

දැන් අපි ඉස්සෙල්ලම බලමු 3D කියන්නේ මොකක්ද කියල කෙටියෙන් ..
ඊට පස්සේ බලමු කොහොමද අපි ගෙදරදීම 3D කණ්නාඩියක් හදාගන්නේ කියලා .
ඊටත් පස්සේ ම ම උබලට දෙන්නම් එල 3D High Quality Videos ටිකක් .. :love:

Best-3D-TV.jpg

හරී ... අපි ඉස්සෙල්ලම බලමු 3D කියන්නේ මොකක්ද කියල කෙටියෙන් ..

වර්තමානයේ අපට නිතර ඇසෙන වචනයක් බවට මේ කියන 3D Technology එක පත්වෙලා කියෙනවා .3D TV , 3D Monitors හරහා මේ කියන 3D Technology එක අත්විදින්න පුලුවන් බවයි පැවසෙන්නේ. සැබවින්ම 3D Technology ලෙසින් හදුන්වන්නේ කුමක්ද....? :cool:

eye.jpg

මුලින්ම අපි බලමු පියවි ලෝකයේදී අප දෑස් වස්තූන් හදුනාගන්නා ආකාරය.අප දෑස් යම් වස්තුවක් දකින්නේ දිගක් හා පලලක් ඇති ද්වීමාන ආකාරයකටයි. මෙහිදි අප දෑස් වලට ගැඹුර පිලිබද අවබෝධයක් නැත .එහිදි අප දකින්නේ ජයාරූපයකදි දක්නා මෙන් ද්විමාන රූපයකි .නමුත් එකිනෙකට පරතරයක් සහිතව පිහිටි අප දෑස් මගින් දක්නා ලද එම රූපය අපගේ මොලය වෙත සන්නිවේදනය කිරීමෙන් අනතුරුව මොලය විසින් වම් සහ දකුණු ඇසින් දක්නාලද වු එම රූපසටහන් එකලස් කොට එහි ගැඹුර පිලිබද යම් නිශ්චයක් ලබාදෙයි. එවිට අප හට එම වස්තුවේ ගැඹුර පිලිබද අවබෝධයක් ලැබේ.. :yes:

asd.jpg

හරි ඔන්න ඕක තමයි 3D කියන්නේ ..
දැන් අපි බලමු කොහොමද 3D කණ්නාඩියක් ගෙදරදීම හදා ගන්නේ කියලා ...

මේක නිකන් ළමයෙක් හදනවා වගේ .. සරල චූ ..ටි වැඩක් :shocked:

1)පරණ කන්නාඩියක් හෝ කණ්නාඩියක් හැඩයට කපාගත් කාර්ඩ් බෝර්ඩ් එකක් , Sun glass එකක්
2)රතු පාට හා ලා නිල් පාට මාකර් පෑන් හෝ cello pane කොලයක්
3)විනිවිද පෙනෙන ප්ලාස්ටික් කඩදාසියක් (cello pane කොල ගන්නවා නම් අවශ්‍ය නැත)
4)කතුරක්​

හදාගන්න විදිය තියනවා මේ video එකේ .
මේක හෙන ලේසියි .. :D

1. මුලින්ම ඔයාල අයින් කරපු Sun glass එකක් ගන්න (ලෙන්ස් දෙක අයින් කරන්න ). Sun glass එකක් නැති අය kard board එකක් අරගෙන කන්නාඩියක් විදිහට හදා ගන්න.

2. ඒකට රතු පාට සහ නිල පාට cello pane කොලයක් ගානට කපල රැලි නැති වෙන්න අලවන්න. එක සැරයක් ඇලවුවට මදි. අලවපු එකට උඩින් තව එක සැරයක්(ඔක්කොම දෙපාරක්) ඇලවුවට පස්සේ තමයි නියමෙට Filter වෙන්නෙ.
(කන්නාඩිය දැම්මට පස්සෙ වම් ඇහැට එන්න ඕනෙ රතුපාට පැත්ත මතක තියාගෙන අලවන්න)

වැඩේ කොච්චර ලේසිද බලන්න...​

Photo_0238.jpg

දැන් තමයි හොඳම වැඩේ තියෙන්නෙ මේකට ගැලපෙන (3D Support කරන) software එක Download කර ගන්න එක .
හොඳටම 3D වැඩ කරන්නෙ PowerDVD 12 වල සහ KM player එකේ . ඒක නිසා ඔයාලට ඒ දෙකෙන් එකක් download කර ගන්න වෙනවා. :yes:

PowerDVD 12:

KM player Latest Version :

දැන් ඔන්න කණ්නාඩියත් හරි .. එහෙනම් හොද කොලිටි 3D video එකක් Download කරගෙන බලමු .. :cool:

මෙන්න මෙතන තියනවා පට්ට 3D video ටිකක් .. මේ වගේ තව හොද video තියනවා නම් මෙතන දාන්නත් අමතක කරන්න එපා හොදේ .. :love::D:love:

හැබැයි කොල්ලෝ මෙහෙම එකකුත් තියනවා . මේ Video පට්ට Quality වගේම ටිකක් ලොකු downloads ..
අපේ ලංකාවේ internet speed එක ටිකක් speed නිසා මේවා download කරගන්න ටිකක් වෙලාව යාවි සමහර අයට .. :dull:

Download කරන කොට HD 1080p High Quality එකෙන්ම ගන්න .. :love:

මේ වගේ තව හොද video තියනවා නම් මෙතන දාන්නත් අමතක කරන්න එපා හොදේ .. :D:D

කොහොම උනත් සමහර කොල්ලොන්ට නිකං කාර්ඩ් බෝඩ් කන්නාඩිය දාගෙන බලන්න නිකන් නොන්ඩි වගේ නම් රු 250 වගේ ගානකට e bay එකෙන් ගෙන්න ගන්නත් පුළුවන් .
නැත්නම් town එකේ රු 300 ඉදලම තියනවා සාමාන්‍ය 3D Glasses . :yes::yes:

$T2eC16Z,!)!E9s2fDPj5BRO4uegKow~~60_12.JPG

සැ.යු

ප්‍රථම වරට 3D කණ්නාඩියක් භාවිතා කරන විට ඇස් රිදෙන එක සාමාන්‍ය දෙයක් .
පස්සේ ඇස ඒකට හුරු උනහම හරි යනවා . :D

ත්‍රිමාණ තාක්ෂණය එ අකාරයට වේගයෙන් දියුණු වුවද ඇතැම් වෛද්‍යයවරුන් පෙන්වා දෙන පරිදි
මෙයින් මොලය‍ට හා ඇසට අධික වෙහෙසක් ඇතිකරන බව පැවසේ.

මන්දයත් සමාන්‍ය ක්‍රියාවලියෙන් බැහැරව මෙම කෘතිම සැකැස්ම තේරුම් ගැනීමට යැමේදි අපගේ මොලයට මෙන්ම
ඇසටද අධික වෙහෙසක් ගෙන දෙන බව ඔවුන් පවසයි.... :cool:

______________________________________________

මේ අහපියවූ .. උබලා මේක බලලා හිමින් සැරේ මාරු උනොත් මට ඊළඟ පාර thread එකක් දාන්න හිතෙන එකක් නැති වෙයි .. :no:
උබලගේත් අදහස් දක්වලම යන්න . මොනවත් කියන්න නැත්නම් මට බැනල හරි යන්න ... :shocked:
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අද පත්තරේටයි, Cylone Today පත්තරේටයි නේද දුන්නෙ.. මාත් දැක්කා ඇඩ් එකක් දානවා.. ඊයෙ නම් අද පත්තරේ විකිනෙන්න ඇති විකාරෙන්.. මං උදේට පත්තර සෙට් එකම ගන්නවා.. ඒ නිසා මුදලාලියා මගේ ටික අරන් තියල තියෙනවා.. මටත් එකක් හම්බවුණා.. ඒත් මං ගාව තියෙනවා ප්ලාස්ටික් එකක්.. ඕවට හරියන ෆිල්ම් නම් ලොවෙත් බාන්න බෑ බං.. පට්ට සයිස්නේ.. 3D එපාවෙනවා Film එකේ Size එක දැක්කම..

    වටින ලිපිය කොල්ලා.. ජය වේවා!
     
    • Like
    Reactions: Anuja methsara

    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    අද පත්තරේටයි, Cylone Today පත්තරේටයි නේද දුන්නෙ.. මාත් දැක්කා ඇඩ් එකක් දානවා.. ඊයෙ නම් අද පත්තරේ විකිනෙන්න ඇති විකාරෙන්.. මං උදේට පත්තර සෙට් එකම ගන්නවා.. ඒ නිසා මුදලාලියා මගේ ටික අරන් තියල තියෙනවා.. මටත් එකක් හම්බවුණා.. ඒත් මං ගාව තියෙනවා ප්ලාස්ටික් එකක්.. ඕවට හරියන ෆිල්ම් නම් ලොවෙත් බාන්න බෑ බං.. පට්ට සයිස්නේ.. 3D එපාවෙනවා Film එකේ Size එක දැක්කම..

    වටින ලිපිය කොල්ලා.. ජය වේවා!

    color glasses walin balana 3D movies wala color quality awl ban, hoda ekak balanna film hall ekakata yanna oni, ewage technology eka wenas
     
    xeroace

    Member
    Mar 25, 2013
    254
    16
    0
    Everywhere
    machan oya glasses walin wadi wela balanna epa.as walata honda naha.3D glasses jaathi 2k thiyanawa.Anaglyph and Polarised kiyala.oya jaathiyata kiyanne Anaglyph.Real 3D eka thamai polarised eka.ewa thamai movie theaters wala saha tv wala use wenne.ewa as walata awulak naha.uba oken eka digata balanna epa as deka sawuththu wela yai.
     
    ඔව් කොල්ලෝ මේ movie එකක් down කරන්න හොද internet speed එකක් ඕන .
    8 Mbps වත් .. :dull:
    මගේ line එක නම් 12 mbps එනවා කිසි ගේමක් නැතිව මටනම් අවුලක් නැහැ .. :D

    3d witarada dan ubata adu?:rofl:

    යකෝ මම කිවුවේ නැහැ මට එක විතරයි අඩු කියලා ..
    මම උබලත් එක්ක මගේ අදහස බෙදා ගත්ත එක කරේ .. :yes:
    උබ ඉතින් ගල් වැද්දෙක් වෙන්න ඇති . මට ඒකට කරන්න දෙයක් නැහැ :lol::rofl:

    color glasses walin balana 3D movies wala color quality awl ban, hoda ekak balanna film hall ekakata yanna oni, ewage technology eka wenas

    ඔව් කොල්ලෝ .. 3D වල නියම කොලිටියම එන්නේ නැති උනත් මෙතැනදී සියලුම දේවල් සුපිරියට තියනම් 50 % කට වඩා හොද අත්දැකීමක් ගන්න පුළුවන් .. :D

    machan oya glasses walin wadi wela balanna epa.as walata honda naha.3D glasses jaathi 2k thiyanawa.Anaglyph and Polarised kiyala.oya jaathiyata kiyanne Anaglyph.Real 3D eka thamai polarised eka.ewa thamai movie theaters wala saha tv wala use wenne.ewa as walata awulak naha.uba oken eka digata balanna epa as deka sawuththu wela yai.

    thank you කොල්ලෝ කියල දුන්නට .. :yes:
    කොහොමත් මේක දීර්ඝ කාලීනව කරන එක නම් එච්චර හොද මදි ඇති .. :rolleyes:
    බලමු ඉස්සරහට තාක්සහය තව දියුණු වෙනකොට දුර්වලතා ගොඩාක් මග හැරිලා යාවි :cool:
     
    xeroace

    Member
    Mar 25, 2013
    254
    16
    0
    Everywhere
    thank you කොල්ලෝ කියල දුන්නට .. :yes:
    කොහොමත් මේක දීර්ඝ කාලීනව කරන එක නම් එච්චර හොද මදි ඇති .. :rolleyes:
    බලමු ඉස්සරහට තාක්සහය තව දියුණු වෙනකොට දුර්වලතා ගොඩාක් මග හැරිලා යාවි :cool:

    elazz...owu aniwa future ekedi owata wisandum ei :)
     
    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    යකෝ කණ්නාඩිය දන්නෙත් නැතුව මට මේවා 3D පේනවනේ? :oo: