වලපනේ භූචලනයක්

supunmalkanthi

Well-known member
  • Dec 19, 2016
    648
    757
    93
    140945841_226650642273921_8643172031783393915_o.jpg


    රිච්ටර් මාපකයේ ඒකක 2කට අඩු අගයකින් යුත් සුළු භූචලනයක් වලපනේ සහ බදුල්ල ප්‍රදේශවලින් අද දින අලුයම වාර්තා වී ඇති බව භූවිද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය සඳහන් කරනවා.
    එම කාර්යාංශයේ පිහිටි සුනාමි පෙර අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානයේ ප්‍රකාශිකාවක් සඳහන් කළේ මෙම සුළු භුචලන තත්ත්වය අද අලුයම 3.29 ට පමණ සිදුව ඇති බවයි.
    එම භූචලනය මෙරට ස්ථාපිත කොට ඇති භුමාපක වල සටහන්ව ඇති බවත් චලනය තත්ත්පර 06 ක කාලයක් පැවති ඇති බවයි එම ප්‍රකාශිකාව වැඩිදුරටත් සඳහන් කළේ.
    මෙම සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ෂණ සිදුකරන බවයි භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය සඳහන් කරන්නේ.
     

    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    මට වර්ජින්ස්ලා දෙන්නේ නැති එකට මහ පොලව කම්පා වෙනවා