රිච්ටර් මාපකයේ ඒකක 2කට අඩු අගයකින් යුත් සුළු භූචලනයක් වලපනේ සහ බදුල්ල ප්‍රදේශවලින් අද දින අලුයම වාර්තා වී ඇති බව භූවිද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය සඳහන් කරනවා.
එම කාර්යාංශයේ පිහිටි සුනාමි පෙර අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානයේ ප්රකාශිකාවක් සඳහන් කළේ මෙම සුළු භුචලන තත්ත්වය අද අලුයම 3.29 ට පමණ සිදුව ඇති බවයි.
එම භූචලනය මෙරට ස්ථාපිත කොට ඇති භුමාපක වල සටහන්ව ඇති බවත් චලනය තත්ත්පර 06 ක කාලයක් පැවති ඇති බවයි එම ප්‍රකාශිකාව වැඩිදුරටත් සඳහන් කළේ.
මෙම සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ෂණ සිදුකරන බවයි භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය සඳහන් කරන්නේ.
