වලස්මුල්ලේ අභය හිමිගේ අනිච්ඡ අඳෝනාව

Skylark

Member
Feb 4, 2010
2,371
87
0
ජිංතක ජිල්ලබකිට;21519243 said:
ඔබගේ ප්‍රශ්නය වැරදියි. බුදු පියානන් කිසිම තැනක "සියල්ල අනිත්‍යයි " කියා දේශනා කර නැහැ. බුදු පියාණන් දේශනා කලේ "සබ්බේ සංඛාරා අනිච්චා " කියායි. සංස්කාර වලින් හට ගන්න දේ අනිත්‍යයි කියායි. ඔබේ වැරදි ප්‍රශ්නය වැරදියි කියන්නටවත් හැකියාවක් නැති අය ඒ වැරැද්ද උඩ හිටගෙන බට-අභය ගේ වියවුල් අනිඡ්චය තොරොම්බල් කරන්නට දැඟලීම අතිශයින් ශෝචනීයයි.

(අනිත් කරුණ නම් ඔය අංක ආදිය අයිති වන්නේ ප්‍රඥප්ති ගණයට. ඒවා සංස්කාර ධර්මයන්ගෙන් හට ගත්තක් නෙවෙයි. :D:D )

පින්වත් ජිංතක ජිල්ලබකිට,

බුදු පියානන් කිසිම තැනක "සියල්ල අනිත්‍යයි" කියා දේශනා කර නැතැයි කියන්න එපා. එය නිවැරදි කරුණක් නොවෙයි. බුදු පියානන් සියල්ල යැයි කීවේ කුමකට දැයි විමසා බලන්න.

Skylark
 
ex-muslim Ahmed

Well-known member
  • Mar 7, 2009
    3,368
    771
    113

    bump
     
    Madyastha

    Member
    Mar 11, 2017
    121
    11
    0
    "සංස්කාර" කියන්නෙ මොනවද කියල පැහැදිලි කරන්න පුලුවන්ද ?

    මෙව්වට උත්තර නෑ මුන්ට. ඇතිවෙනකොටම නැති වෙනව කියයි දැන් මුං :D
     
    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    650
    113
    අකුරු හරබ නොකර හැකිනම් එම ධර්මයේ අඩුපාඩුවක් පෙන්වන්න.

    EIJWs2O.jpg

    ela mcn uba hari...... :yes:
     
    • Like
    Reactions: thelaa rox

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    what matters is intentions. My belief is that Abhaya thero may be wrong but he is not doing a mega damage as Samanthabadra does.

    as far as i know he became a monk in his forties and he can be corrected by positive engagement unlike Samanthabadra.
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,368
    771
    113
    what matters is intentions. My belief is that Abhaya thero may be wrong but he is not doing a mega damage as Samanthabadra does.

    as far as i know he became a monk in his forties and he can be corrected by positive engagement unlike Samanthabadra.

    Damage is Damage. intentionally mis-interpreting lord Buddhas words, and the Dukka , Anicca and Anatta, one of the fundamental basis of Buddhism is, in fact a mega damage. I think Abhaya's mis-representation of Buddhism is more damaging than Samanthabadra. Lord Buddha saw in advance that these kind of jokers who are "full of themselves" would invariably invade Buddha Sasana, and do the utmost damage to Buddhism: Lord Buddha very clearly stated this in Saddamma pathiroopaka sutta.
     
    Jul 5, 2012
    1,773
    265
    0
    පින්වත් ජිංතක ජිල්ලබකිට,

    බුදු පියානන් කිසිම තැනක "සියල්ල අනිත්‍යයි" කියා දේශනා කර නැතැයි කියන්න එපා. එය නිවැරදි කරුණක් නොවෙයි. බුදු පියානන් සියල්ල යැයි කීවේ කුමකට දැයි විමසා බලන්න.

    Skylark

    පිංවත් ස්කයිලාක්,

    සියලු සංස්කාරයෝ යන අරුතිනුයි මම සියල්ල අනිච්ච නොවේයි කියා ලියා තිබෙන්නේ. වරදක් ඇත්නම් මට පෙන්වා දෙන මෙන් ඉල්ලමි.
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    ජිංතක ජිල්ලබකිට;21564795 said:

    මෙම කරුණ ගැනද විස්තර අඩංගු ලිපියක් ලියමිනුයි මම ඉන්නේ. ලිවීම ආරම්භ කලාට තවම අවසන් කර නැහැ. අවසන් කෙරුමට තව දින කිහිපයක් ගත වේවි. එය පළ වූ විට කියවා බලා අපැහැදිලි තැනක් තිබුනොත් දන්වන්න.

    Skylark
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    ජිංතක ජිල්ලබකිට;21484014 said:
    ඔබේ profile picture එකෙන්ම ගොඩක් දේ කියවෙනව.
    අනාත්ම දිරවන්නේ නැහැ නේද? ආයි මැරිලා උපදින නොබිඳෙන ආත්මයකට කැමතියි නේහ්?:lol:

    ඒක නිසා බුදුන් උපන්නේ ඔස්ට්‍රේලියාවේ බටහිර මුහුදෙ කියා ඔප්පු කර ලෝ පතල කීර්තියක් අත් කරගත් මීවනපලානේ සිරි සත්තම ගුරුන්නාන්සෙගේ බන මෙතන කියන්න එපා පිංවත.

    :rofl::rofl::rofl:
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    ජිංතක ජිල්ලබකිට;21519243 said:
    ඔබගේ ප්‍රශ්නය වැරදියි. බුදු පියානන් කිසිම තැනක "සියල්ල අනිත්‍යයි " කියා දේශනා කර නැහැ. බුදු පියාණන් දේශනා කලේ "සබ්බේ සංඛාරා අනිච්චා " කියායි. සංස්කාර වලින් හට ගන්න දේ අනිත්‍යයි කියායි. ඔබේ වැරදි ප්‍රශ්නය වැරදියි කියන්නටවත් හැකියාවක් නැති අය ඒ වැරැද්ද උඩ හිටගෙන බට-අභය ගේ වියවුල් අනිඡ්චය තොරොම්බල් කරන්නට දැඟලීම අතිශයින් ශෝචනීයයි.

    (අනිත් කරුණ නම් ඔය අංක ආදිය අයිති වන්නේ ප්‍රඥප්ති ගණයට. ඒවා සංස්කාර ධර්මයන්ගෙන් හට ගත්තක් නෙවෙයි. :D:D )

    පින්වත් ජිංතක ජිල්ලබකිට,

    බුදු පියානන් කිසිම තැනක "සියල්ල අනිත්‍යයි" කියා දේශනා කර නැතැයි කියන්න එපා. එය නිවැරදි කරුණක් නොවෙයි. බුදු පියානන් සියල්ල යැයි කීවේ කුමකට දැයි විමසා බලන්න.

    Skylark

    ජිංතක ජිල්ලබකිට;21564795 said:
    පිංවත් ස්කයිලාක්,

    සියලු සංස්කාරයෝ යන අරුතිනුයි මම සියල්ල අනිච්ච නොවේයි කියා ලියා තිබෙන්නේ. වරදක් ඇත්නම් මට පෙන්වා දෙන මෙන් ඉල්ලමි.

    පින්වත් ජිංතක ජිල්ලබකිට,

    මෙම කරුණ ගැනද විස්තර අඩංගු ලිපියක් ලියමිනුයි මම ඉන්නේ. ලිවීම ආරම්භ කලාට තවම අවසන් කර නැහැ. අවසන් කෙරුමට තව දින කිහිපයක් ගත වේවි. එය පළ වූ විට කියවා බලා අපැහැදිලි තැනක් තිබුනොත් දන්වන්න.

    Skylark

    පින්වත් ජිංතක ජිල්ලබකිට,

    ආදාළ කරුණ සම්බන්ධ විස්තර අඩංගුව පළ වූ පහත ලිපි දෙක ඔබ දකින්න හා කියවන්න ඇතැයි සිතනවා:

    නිත්‍ය දේ ගැන ත්‍රිපිටකයේම සඳහන් බැවින් 'සියල්ල අනිත්‍යයි' කීම නොගැළපේ යැයි වලස්මුල්ලේ අභය හිමි නොගැළපෙන්නක්ම පැවසීම
    http://www.elakiri.com/forum/showthread.php?t=1800141

    වලස්මුල්ලේ අභය හිමිගේ ත්‍රිකෝණ පටලැවිල්ල
    http://www.elakiri.com/forum/showthread.php?t=1799505

    එම පළමු ලිපියට අනුව "සියල්ල අනිත්‍යයි" යන්න බුදුරජානන් වහන්සේ පවසා ඇති කරුණක් බව ඔබ දකින්න ඇති. ඊට අනුව බුදු පියානන් කිසිම තැනක "සියල්ල අනිත්‍යයි" කියා දේශනා කර නැතැයි කීම නොගැළපෙන්නක් බව ඔබට වැටහෙන්න ඇතැයි සිතනවා.

    එසේ උවත් ඔබ ලියා ඇති කරුණු වලට අනුව ඔබට අර්ථ වශයෙන් එම කරුණ වැරදුණාද, නැත්නම් වැරදුණේ නැති දැයි මට පැහැදිලිව පෙනෙන්නේ නැහැ. එහි යම් අපැහැදිලි බවක් ඇත්තේ "සියලු සංස්කාරයෝ යන අරුතිනුයි මම සියල්ල අනිච්ච නොවේයි කියා ලියා තිබෙන්නේ." යැයි ලියා ඇති කරුණෙත් යම් වචන පැකිලීමක් සිදුව ඇති දැයි හිතෙන නිසා. එම කෙටියෙන් පවසන ලද්ද පැහැදිලි ලෙස ලියැවී නැති බවයි මට පෙනෙන්නේ. නමුත් ඔබ ආරම්භයේදීම මෙසේ පවසා තිබෙනවා නොවැ:

    <quote>
    බුදු පියාණන් දේශනා කලේ "සබ්බේ සංඛාරා අනිච්චා " කියායි. සංස්කාර වලින් හට ගන්න දේ අනිත්‍යයි කියායි.
    </quote>

    ඒ නිසා මම අනුමාන කරනවා අර්ථ වශයෙන් ඔබට එම කරුණ වැරදුණේ නැතිය නමුත් වචන වශයෙන් නොගැළපෙන්නක් පැවසුණු බව. කෙසේ නමුත් එම කරුණේදී නිවැරදි වචන සහ නිවැරදි අර්ථ ගැන ඔබට මේ වන විට පැහැදිලි වැටහීමක් ඇතැයි සිතනවා. එහිදී යම් අපැහැදිලි බචක් ඇති වන්නේ අපි සමහරක් විටෙක "සියල්ල" යැයි හිතන්නේ බුදුරජානන් වහන්සේ සබ්බ සූත්‍රයේ පවසා ඇති දේට නොවන නිසා. ඉතින් යම් අයෙක් යම් තැනක "සියල්ල" යැයි ලියුවාම ඒ කොයි අර්ථයෙන්ද යන පටලැවිල්ල ඇති වෙනවා. එකම කෙනා එක තැනක "සියල්ල" යන්න එක් අර්ථයකිනුත් තවත් තැනක එම වචනයම තවත් අර්ථයකිනුත් භාවිතා කලොත් අන් අයට හරිම අමාරුයි ලියූ කෙනා ඒ ඒ තැන අදහස් කරන ලද්දේ කවරක් දැයි දැනගන්න.

    "වලස්මුල්ලේ අභය හිමිගේ ත්‍රිකෝණ පටලැවිල්ල" යන ලිපියේ එම පටලැවිල්ල සිදුවන ආකාරය ගැන තවත් විස්තර අඩංගුයි. වලස්මුල්ලේ අභය හිමි "සියල්ල" යන්න භාවිතා කිරීමේදී අර්ථයෙන්ම බුදුරජානන් වහන්සේ සූත්‍ර වල පවසා ඇති අර්ථයට වෙනස් අර්ථයක් නිවැරදි අර්ථය යැයි හිතා ගැනීම නිසා හොද හැටි දහම් පද පටලවා ගෙන ඇති ආකාරය එම ලිපියෙන් දැක්වෙනවා.

    එහිදී ඔබට වැටහෙනවා ඇති සියල්ල අනිත්‍යය නම් ත්‍රිකෝණයකට පාද තුනක් ඇතැයි යන්නත් අනිත්‍යය වෙන්න ඕනෑ බවක් පැවසීම මුළාවට කාරණාවක් බව. ඔබත් ඉහත ප්‍රඥප්ති ගැන පවසා තිබෙනවා. ඒ ආකාරයටම ත්‍රිකෝණයකට පාද තුනක් ඇතැයි යන්නත් ප්‍රඥප්තියක් මිසක් සියල්ල යන්නට ගැනෙන දෙයක් නොවෙයි නේ. ඉතින් වලස්මුල්ලේ අභය හිමි දහම් පටලවා ගෙන අනිච්ච යන්න අනිත්‍යය නොවේ යැයි පවසමින් අන් අයව මුළාවට පත් කරන්නේ ඔහොමයි.

    සබ්බ සූත්‍රයේ සඳහන් පරිදි සියල්ල යන්නට මනසත්, මනසට අරමුණු වන ධර්මත් ඇතුලත් නොවැ. ඉතින් යම් අයෙක් පටලවා ගෙන හිතන්න පුළුවන් ත්‍රිකෝණයකට පාද තුනක් ඇතැයි යන්න ප්‍රඥප්තියක් තමයි, ඒත් ඉතින් ඒක මනසට අරමුණු වන ධර්මයක් නොවැ, ඒ නිසා ත්‍රිකෝණයකට පාද තුනක් ඇතැයි යන ප්‍රඥප්තියත් සියල්ලට ඇතුලත් වෙන්න ඕනෑ නේද කියා. එහෙම පටලවා ගෙන ඒ අය හිතන්න පුළුවන් "සියල්ල අනිත්‍යයි" ලෙස ගත්තොත් ත්‍රිකෝණයකට පාද තුනක් ඇතැයි යන ප්‍රඥප්තියත් අනිත්‍යයි කියලයි ඉන් කියැවෙන්නේ, ඒක වෙන්න බැරි දෙයක් නේ, ඒ නිසා අනිච්ච යන්න අනිත්‍යය ලෙස කීම වලස්මුල්ලේ අභය හිමි කියන්නා සේම වැරදියි නේද කියා. ඉතින් ඒ විදිහට පටලවා ගන්නා අයත් අනිච්ච යන්න අනිත්‍යය නොවේ යැයි හිතමින් මුළාවේම කල් ගෙවනවා වෙන්න පුළුවන්.

    Skylark
     
    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    650
    113
    මේකට ඔන්ලයින් ඇවිල්ල සේරම දන්නව වගෙ දර්ම දේශනා කරන එවුන්ට හාමුදුරුවො ඉස්සරහට ගිහින් තමන්ගෙ ප්‍රශ්නෙ අහල විසදගන්න තරම් කොන්දකුත් නෑ කියන දේ තේරුම් ගන්න තරම් මොලේකුත් නෑ.........
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    ආර්ය සල්ලෙඛය ගැන වලස්මුල්ලේ අභය හිමිගේ බමුණු විස්තර කිරීම
    http://www.elakiri.com/forum/showthread.php?t=1806487

    වලස්මුල්ලේ අභය හිමිගෙන් ආදරයට නව අරුතක්
    http://www.elakiri.com/forum/showthread.php?t=1805845

    නිත්‍ය දේ ගැන ත්‍රිපිටකයේම සඳහන් බැවින් 'සියල්ල අනිත්‍යයි' කීම නොගැළපේ යැයි වලස්මුල්ලේ අභය හිමි නොගැළපෙන්නක්ම පැවසීම
    http://www.elakiri.com/forum/showthread.php?t=1800141

    වලස්මුල්ලේ අභය හිමිගේ ත්‍රිකෝණ පටලැවිල්ල
    http://www.elakiri.com/forum/showthread.php?t=1799505

    වලස්මුල්ලේ අභය හිමිගේ අනිච්ඡ අඳෝනාව
    http://www.elakiri.com/forum/showthread.php?t=1793843

    අභය හිමිගේ බට සුද්ධය
    http://www.elakiri.com/forum/showthread.php?t=1793694

    වලස්මුල්ලේ අභය හිමි සීලය හොරකමක් සේ දැකීම
    http://www.elakiri.com/forum/showthread.php?t=1793647

    තෙරුවන් ගුණ පටලැවිල්ල - "මම අහපු ඇති දෙයක් නැති බනක් තියෙනවා පල්ලෙහා ලින්ක් එකේ"
    http://www.elakiri.com/forum/showthread.php?t=1788777

    Skylark
     
    deadrang

    Member
    Oct 11, 2010
    8
    1
    3
    හිමි නමගේ පැහැදිලි කිරිම නිවරදි...වචන හරබ අනවශ‍යයි...පැහැදිලි කිරිමයි වැදගත්...අපට දුකක් හො සතුටක් ගෙන දෙන්නෙ අකුරක් නිසද?ලොල්....අනිච්ච සි0හලට අනිත්ය ලෙස ගත්තට වරදක් නැත නමුත් එහි අර්තය සියලුදේ පවතින් නැ ලෙස ගැනිම වැරදිය...නමුත් කුඩා කල සිට සමාජගත කර ඈත්තෙ වරදි විදිහටයි
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    හිමි නමගේ පැහැදිලි කිරිම නිවරදි...වචන හරබ අනවශ‍යයි...පැහැදිලි කිරිමයි වැදගත්...අපට දුකක් හො සතුටක් ගෙන දෙන්නෙ අකුරක් නිසද?ලොල්....අනිච්ච සි0හලට අනිත්ය ලෙස ගත්තට වරදක් නැත නමුත් එහි අර්තය සියලුදේ පවතින් නැ ලෙස ගැනිම වැරදිය...නමුත් කුඩා කල සිට සමාජගත කර ඈත්තෙ වරදි විදිහටයි

    language is irrelevant but the content is the relevant
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    මේකට ඔන්ලයින් ඇවිල්ල සේරම දන්නව වගෙ දර්ම දේශනා කරන එවුන්ට හාමුදුරුවො ඉස්සරහට ගිහින් තමන්ගෙ ප්‍රශ්නෙ අහල විසදගන්න තරම් කොන්දකුත් නෑ කියන දේ තේරුම් ගන්න තරම් මොලේකුත් නෑ.........

    ඕන තරම් Q & A වැඩසටහන් තියෙනවා විවෘතවම. ඕනැම කෙනෙක්ට පුලුවන් ඔන්ලයින් ප්‍රශ්ණ අහන්න. හැබැයි මුන් දන්නවා මුන් ගලේ පහරලා වහගන්න බැරිව ඉන්නෙ කියලා. ඒක නිසා ප්‍රශ්ණ අහන්නෙ නැහැ. පොන්නයො වගේ කැලෑ පත්තර ගහ ගහ ඉන්නව ඉතින්.
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    තවත් එක් මැටි හරකෙක් කළුබෝවිල ආනන්ද නමින් නිර අපේක්ෂත්වයේ අභිවෘද්ධිය ලබයි!
    http://www.elakiri.com/forum/showthread.php?t=1836732

    27459943_1638086126237632_7874084645102998122_n.jpg

    --

    වලස්මුල්ලේ අභය බමුණාගේ ප්‍රෝඩා එළිදරව්ව!

    වලස්මුල්ලේ අභය බමුණාගේ සෝ-වහං
    http://www.elakiri.com/forum/showthread.php?t=1835776

    වමනේ යන කක්කා යන භාවනා
    http://www.elakiri.com/forum/showthread.php?t=1833185

    චතුරාර්ය සත්‍යය ප්‍රකම්පනය වන බවට මෝඩ බමුණු මතයක්
    http://www.elakiri.com/forum/showthread.php?t=1825216

    ථේරවාදී ආර්ය එකමුතුව: වලස්මුල්ලේ අභය පාපී භික්ෂුවගේ අනිච්ච අර්ථ විකෘතිය
    http://www.elakiri.com/forum/showthread.php?t=1815802

    "I Love You" - මෝඩ බමුණන් ගැන ගෙතූ කථාවක්
    http://www.elakiri.com/forum/showthread.php?t=1815386

    පච දේශකයින් මැද අයෙක් බබළයි! (වලස්මුල්ලේ අභය හිමි ජනතාව මුලා කරන බව සහ එහිමියන් යටතේ පැවිදි වූවෙකු ගෙවන දෙබිඩි ජීවිතය Youtube පරිශීලකයෙකුගේ විස්තර කිරීමක්)
    http://www.elakiri.com/forum/showthread.php?t=1814306

    ත්‍රිපිටකෙත් බැරි බට-අභය හිමි - Video
    http://www.elakiri.com/forum/showthread.php?t=1812342

    වලස්මුල්ලේ අභය හිමිගේ 'යන්නේ කොහෙද මල්ලේ පොල්' කථා ගැන සහ විටෙක අනාර්යය යැයි ද, තවත් විටෙක ආර්යය යැයි ද ලෙස භාවනාවක් පටලැවීම ගැන Elakiri පරිශීලකයෙකුගේ අත්දැකීම්
    http://www.elakiri.com/forum/showthread.php?p=21996020

    ආර්ය සල්ලෙඛය ගැන වලස්මුල්ලේ අභය හිමිගේ බමුණු විස්තර කිරීම
    http://www.elakiri.com/forum/showthread.php?t=1806487

    වලස්මුල්ලේ අභය හිමිගෙන් ආදරයට නව අරුතක්
    http://www.elakiri.com/forum/showthread.php?t=1805845

    නිත්‍ය දේ ගැන ත්‍රිපිටකයේම සඳහන් බැවින් 'සියල්ල අනිත්‍යයි' කීම නොගැළපේ යැයි වලස්මුල්ලේ අභය හිමි නොගැළපෙන්නක්ම පැවසීම
    http://www.elakiri.com/forum/showthread.php?t=1800141

    වලස්මුල්ලේ අභය හිමිගේ ත්‍රිකෝණ පටලැවිල්ල
    http://www.elakiri.com/forum/showthread.php?t=1799505

    වලස්මුල්ලේ අභය හිමිගේ අනිච්ඡ අඳෝනාව
    http://www.elakiri.com/forum/showthread.php?t=1793843

    අභය හිමිගේ බට සුද්ධය
    http://www.elakiri.com/forum/showthread.php?t=1793694

    වලස්මුල්ලේ අභය හිමි සීලය හොරකමක් සේ දැකීම
    http://www.elakiri.com/forum/showthread.php?t=1793647

    තෙරුවන් ගුණ පටලැවිල්ල - "මම අහපු ඇති දෙයක් නැති බනක් තියෙනවා පල්ලෙහා ලින්ක් එකේ"
    http://www.elakiri.com/forum/showthread.php?t=1788777

    වලස්මුල්ලේ අභය බමුණාගේ ප්‍රෝඩා එළිදරව්ව!

    Skylark
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    පින්වත් ජිංතක ජිල්ලබකිට,

    ආදාළ කරුණ සම්බන්ධ විස්තර අඩංගුව පළ වූ පහත ලිපි දෙක ඔබ දකින්න හා කියවන්න ඇතැයි සිතනවා:

    නිත්‍ය දේ ගැන ත්‍රිපිටකයේම සඳහන් බැවින් 'සියල්ල අනිත්‍යයි' කීම නොගැළපේ යැයි වලස්මුල්ලේ අභය හිමි නොගැළපෙන්නක්ම පැවසීම
    http://www.elakiri.com/forum/showthread.php?t=1800141

    වලස්මුල්ලේ අභය හිමිගේ ත්‍රිකෝණ පටලැවිල්ල
    http://www.elakiri.com/forum/showthread.php?t=1799505

    එම පළමු ලිපියට අනුව "සියල්ල අනිත්‍යයි" යන්න බුදුරජානන් වහන්සේ පවසා ඇති කරුණක් බව ඔබ දකින්න ඇති. ඊට අනුව බුදු පියානන් කිසිම තැනක "සියල්ල අනිත්‍යයි" කියා දේශනා කර නැතැයි කීම නොගැළපෙන්නක් බව ඔබට වැටහෙන්න ඇතැයි සිතනවා.

    එසේ උවත් ඔබ ලියා ඇති කරුණු වලට අනුව ඔබට අර්ථ වශයෙන් එම කරුණ වැරදුණාද, නැත්නම් වැරදුණේ නැති දැයි මට පැහැදිලිව පෙනෙන්නේ නැහැ. එහි යම් අපැහැදිලි බවක් ඇත්තේ "සියලු සංස්කාරයෝ යන අරුතිනුයි මම සියල්ල අනිච්ච නොවේයි කියා ලියා තිබෙන්නේ." යැයි ලියා ඇති කරුණෙත් යම් වචන පැකිලීමක් සිදුව ඇති දැයි හිතෙන නිසා. එම කෙටියෙන් පවසන ලද්ද පැහැදිලි ලෙස ලියැවී නැති බවයි මට පෙනෙන්නේ. නමුත් ඔබ ආරම්භයේදීම මෙසේ පවසා තිබෙනවා නොවැ:

    <quote>
    බුදු පියාණන් දේශනා කලේ "සබ්බේ සංඛාරා අනිච්චා " කියායි. සංස්කාර වලින් හට ගන්න දේ අනිත්‍යයි කියායි.
    </quote>

    ඒ නිසා මම අනුමාන කරනවා අර්ථ වශයෙන් ඔබට එම කරුණ වැරදුණේ නැතිය නමුත් වචන වශයෙන් නොගැළපෙන්නක් පැවසුණු බව. කෙසේ නමුත් එම කරුණේදී නිවැරදි වචන සහ නිවැරදි අර්ථ ගැන ඔබට මේ වන විට පැහැදිලි වැටහීමක් ඇතැයි සිතනවා. එහිදී යම් අපැහැදිලි බචක් ඇති වන්නේ අපි සමහරක් විටෙක "සියල්ල" යැයි හිතන්නේ බුදුරජානන් වහන්සේ සබ්බ සූත්‍රයේ පවසා ඇති දේට නොවන නිසා. ඉතින් යම් අයෙක් යම් තැනක "සියල්ල" යැයි ලියුවාම ඒ කොයි අර්ථයෙන්ද යන පටලැවිල්ල ඇති වෙනවා. එකම කෙනා එක තැනක "සියල්ල" යන්න එක් අර්ථයකිනුත් තවත් තැනක එම වචනයම තවත් අර්ථයකිනුත් භාවිතා කලොත් අන් අයට හරිම අමාරුයි ලියූ කෙනා ඒ ඒ තැන අදහස් කරන ලද්දේ කවරක් දැයි දැනගන්න.

    "වලස්මුල්ලේ අභය හිමිගේ ත්‍රිකෝණ පටලැවිල්ල" යන ලිපියේ එම පටලැවිල්ල සිදුවන ආකාරය ගැන තවත් විස්තර අඩංගුයි. වලස්මුල්ලේ අභය හිමි "සියල්ල" යන්න භාවිතා කිරීමේදී අර්ථයෙන්ම බුදුරජානන් වහන්සේ සූත්‍ර වල පවසා ඇති අර්ථයට වෙනස් අර්ථයක් නිවැරදි අර්ථය යැයි හිතා ගැනීම නිසා හොද හැටි දහම් පද පටලවා ගෙන ඇති ආකාරය එම ලිපියෙන් දැක්වෙනවා.

    එහිදී ඔබට වැටහෙනවා ඇති සියල්ල අනිත්‍යය නම් ත්‍රිකෝණයකට පාද තුනක් ඇතැයි යන්නත් අනිත්‍යය වෙන්න ඕනෑ බවක් පැවසීම මුළාවට කාරණාවක් බව. ඔබත් ඉහත ප්‍රඥප්ති ගැන පවසා තිබෙනවා. ඒ ආකාරයටම ත්‍රිකෝණයකට පාද තුනක් ඇතැයි යන්නත් ප්‍රඥප්තියක් මිසක් සියල්ල යන්නට ගැනෙන දෙයක් නොවෙයි නේ. ඉතින් වලස්මුල්ලේ අභය හිමි දහම් පටලවා ගෙන අනිච්ච යන්න අනිත්‍යය නොවේ යැයි පවසමින් අන් අයව මුළාවට පත් කරන්නේ ඔහොමයි.

    සබ්බ සූත්‍රයේ සඳහන් පරිදි සියල්ල යන්නට මනසත්, මනසට අරමුණු වන ධර්මත් ඇතුලත් නොවැ. ඉතින් යම් අයෙක් පටලවා ගෙන හිතන්න පුළුවන් ත්‍රිකෝණයකට පාද තුනක් ඇතැයි යන්න ප්‍රඥප්තියක් තමයි, ඒත් ඉතින් ඒක මනසට අරමුණු වන ධර්මයක් නොවැ, ඒ නිසා ත්‍රිකෝණයකට පාද තුනක් ඇතැයි යන ප්‍රඥප්තියත් සියල්ලට ඇතුලත් වෙන්න ඕනෑ නේද කියා. එහෙම පටලවා ගෙන ඒ අය හිතන්න පුළුවන් "සියල්ල අනිත්‍යයි" ලෙස ගත්තොත් ත්‍රිකෝණයකට පාද තුනක් ඇතැයි යන ප්‍රඥප්තියත් අනිත්‍යයි කියලයි ඉන් කියැවෙන්නේ, ඒක වෙන්න බැරි දෙයක් නේ, ඒ නිසා අනිච්ච යන්න අනිත්‍යය ලෙස කීම වලස්මුල්ලේ අභය හිමි කියන්නා සේම වැරදියි නේද කියා. ඉතින් ඒ විදිහට පටලවා ගන්නා අයත් අනිච්ච යන්න අනිත්‍යය නොවේ යැයි හිතමින් මුළාවේම කල් ගෙවනවා වෙන්න පුළුවන්.

    Skylark

    පින්වත් ස්කයිලාක්,

    "ත්‍රිකෝණයට පාද තුනක් ඇත", "1+1=2", "චතුරාර්ය සත්‍යය" ආදිය ප්‍රඥප්ති, එසේ නැතිනම් පැණවීම්. ඒවා සබ්බ සුත්‍රය අනුව සියල්ලට අයිති නොවන බව පෙන්වාදීමට ඔබට බොහෝ පින්.

    නමුත් ප්‍රඥප්ති හෝ පැණවීම් මනසක ඇතිවන ඒවා නිසා මනසකින් තොරව අපට හසු නොවන නිසා ඒවා ඒ ඒ අවස්තාවේ මනසේ ඇතිවී (ඒ ගැන නොසිතන විට) නිරුද්ධ වන බැවින් ප්‍රඥප්ති වශයෙන් ගත්තද ඒවා අනිත්‍යයි යනුවෙන් ගැනීම වැරදිදැයි පහදා දෙන්නේ නම් ඔබට පින්.