වල්ගයෙන් සිටගෙන ගුවන්ගතවන යානා
මාතෘකාව දැකලා පුදුම වෙන්න එපා මේ කියන්න යන්නේ VTOL(vertical take-off and landing ) ගුවන් යානා ,තේරෙන විදයට කිව්වොත් සිරස්ව එහෙම නැන්තම් සෘජුව ගුවන් ගත කල හැකි සහ ගොඩබැස්සවිය හැකි ගුවන් යානාවල මූලාරම්භය ගැනයි.වර්තමානයේදී තිබෙන VTOL වර්ගයේ ගුවන් යානා සමග සසදද්දී මුල් කාලීන vtol මුලාකෘති බොහෝ වෙනස් බව පහත ඡායාරූප දකිද්දී ඔබට අවබෝධ වනු ඇත.ඊට හේතුව මුල් කාලීන VTOL යානා, නාසී ජර්මනිය විසින් තැනූ ලොව ප්‍රථම vertical take-off and landing වර්ගයේ ගුවන් යානය මත පදනම් වීමයි.දෙවන ලෝක යුද්ධයෙන් පසුව සෝවියට් දේශය සහ ඇමෙරිකා එක්සත් ජනපදය ජර්මනියේ තාක්ෂණය සහ ඔවුන්ගේ තාක්ෂණික සංකල්ප සොරාගත් අතර vertical take-off and landing වර්ගයේ යානය ද එලෙස ඇමෙරිකා එක්සත් ජනපදය විසින් සොරාගත් ජර්මානුවන්ගේ අදහසකි.
ගුවන් යානා සිරස්ව ගුවන් ගත කිරීම සහ ගොඩබෑම යන සංකල්පය දෙවන ලෝක යුද සමයේ නාසීන් විසින් සැලසුම් කල එකකි.ඒ දෙවන ලෝක යුද සමයේ අවසන් කාලයේදීය.නාසීන් විසින් සැලසුම් කලේ සිරස්ව ගුවන් ගත කල හැකි පසුපස කොටසින් පොලොව මත සිටුවා තබා ගුවන් ගත කල හැකි යානයකි.මෙවැනි යානයක් නිර්මාණය කරන්නට නාසීන් ක්‍රියා කරන්නට ඇත්තේ 1944 වසරේ මිත්‍ර හමුදා යුරෝපා මහද්වීපයට ගොඩබැසීම(නොමැන්ඩියට ගොඩබැසීම) සහ ජර්මන් භූමියට මිත්‍ර හමුදා බෝම්බ හෙළීම නිසා නාසීන්ගේ ගුවන් පථ භාවිතා කිරීම අනතුරුදායක ක්‍රියාවක් වීම නිසාය.නමුත් නාසීන්ගේ මෙම ලොව පළමු සිරස්ව ගුවන් ගත කල හැකි/ගොඩබෑ හැකි ගුවන්යානය සංග්රාම භූමියට ගෙනයන්නට ඔවුන්ට ඉඩක් ලැබෙන්නේ නැත.ඒ මෙම යානා නිපද වූ සහ ඒවා අත්හදා බැලූ වා උමං සහිත කර්මාන්තශාලා පිහිටා තිබූ ප්‍රදේශවලට මිත්‍ර පාර්ශ්වික හමුදා ළඟාවූ නිසාය.ඒ නිසා ඔවුන්ට මෙම යානයේ මූලාකෘතිය සම්පූර්ණ කරගන්න ඉඩක් ලැබී නැත.නාසීන්ගේ යානය අසාමාන්‍ය එකකි.එහි පියාපත් නොතිබූ අතර වල්ගයත් නියමු කුටියත් අතර පිහිටා තිබූ ප්‍රචාලක මගින් යානය ඉහලට ගමන් කිරීමට බලය සැපයුනි.මෙම යානය එහි පසුපස භාගයෙන් සිටුවා තබා ගුවන් ගත කිරීම සිදුකිරිමට සැලසුම් කර තිබිණි.
ඔන්න එහෙනම් අපි ලිපියට ආරම්භයක් ගත්තා.මේ ලිපියෙන් VTOL යානා සම්බන්ධ නූතන ඉතිහාසය හෝ ඒවාහි තාක්ෂණික පසුබිම ගැන කතා නොකරනු ඇත.(ඒ ගැන එළකිරියේ ගුවන් යානා ඉංජිනේරුවෝ කියන්නේ නැතැයි.අනික නොදන්න දේවල් ගැන කතා කරන්නේ මොකටද නේද. දැනටමත් සමහරු මගේ ලිපිවලට අකැමැත්තෙන් ඉන්නේ.අපි ජංගි ත්‍රෙඩ් නොදාන හින්දා වෙන්න ඇති.)
දෙවන ලෝක යුද්ධය අවසන් වීමෙන් පසුව නැගෙනහිර ජර්මනිය සෝවියට් දේශයේ ආධිපත්‍යට නතුවීමත් සමග බටහිර යුරෝපය සෝවියට් පාලනයට තතු වීමේ සහ ආක්‍රමණයකට ලක්වීමේ අවදානමක් තිබෙනවා මෙන්ම ගුවන් තොටුපොලවල් භාවිතා කිරීම අන්තරායදායි වීමේ අනතුරක් තිබෙන බව වටහා ගත් එක්සත් ජනපදය හමිංබර්ඩ් නමින් ව්‍යාපෘතියක් 1947 දී ආරම්භ කරන ලදි.එහි අරමුණ ඕනෑම ස්ථානයක සිට ගුවන් ගත කල හැකි යානයක් නිර්මාණය කිරීමයි.එහි අරමුණ වූයේ හමුදාමය සහ වාණිජ ක්ෂේත්රයට එම යානා එක් කරගැනීමයි.එසේම සබ්මැරීනවල සිට ගුවන් ගත කල හැකි ප්‍රහාරක යානයක් ගැනද එහිදී කතාබහට ලක්විය.
එහිදී කන්වයර් සහ ලොක්හීඩ් සමාගම් වලට VTOL වර්ගයේ මූලාකෘති නිර්මාණය කිරිමට අවසර ලබාදුන්හ.ඔවුන් XFY-1 සහ XFV-1 යන මූලාකෘති නිපදවන ලදි.මෙම යානා ටෝර්බෝ එන්ජිමක්( අවරපෙති සහිත ) සහිත වූ අතර එහි අවරපෙති යුගල ප්‍රතිවිරුද්ධ දිශාවලට භ්‍රමණය විය.ඊට අමතරව ජෙට් බලයෙන් ගුවන් ගත විය හැකි යානයක් නිපදවන ලදි(Ryan X-13 Vertijet).XFY-1 යනු වල්ගයෙන් සිටගෙන සිරස්ව ගුවන් ගත වූ සහ සිරස්ව ගොඩබෑ පළමු ගුවන් යානයයි.XFY-1 යානය "Pogo" යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන ලදි.
මේ තිබෙන්නේ ප්‍රංශයේ නිපදවූ මණ්ඩලාකාර පියාපතක් සහිත VTOL වර්ගයේ ගුවන් යානයකි(Coléoptère).මෙය 1950 දශකයේදී නිපදවා අත්හදා බැලූවකි.මෙතෙක් කාලයකට නිපදවූ අතිශයින් අරුම පුදුම හැඩයක් සහිත ගුවන් යානය මෙය බවට සැකයක් නැත.
Coléoptère
රයන් සමාගමද 1953 දී X-13 නමින් VTOL වර්ගයේ යානයක් නිපදවන ලදි.මෙය කලින් කී VTOL වර්ගයේ ජෙට් බලයෙන් ක්‍රියාත්මක වන යානයයි.නමුත් මෙය දියත් කිරීම සහ ගොඩබෑම අනෙක් VTOL මූලාකෘති තරම් පහසු නොවීය.
X-13 Vertijet යානයේ එන්ජිම
කෙසේනමුත් හමිංබර්ඩ් ව්‍යාපෘතිය දුෂ්කර එකක් විය.මෙම වල්ගයෙන් සිටගෙන ගුවන් ගතවන යානාවල ක්‍රියාකාරීත්වයට අවශ්‍ය වූ අවශ්‍යතා නාවික සහ ගුවන් හමුදා සමග ගැලපුණේ නැත.අවසානයේදී එම සැලසුම් අතහැර දමන ලද අතර වල්ගයෙන් සිටගෙන ගුවන් ගතවන යානා සඟරා සහ විද්‍යා ප්‍රබන්ධ නවකතා පොත්වලට සීමා විය.නමුත් සිරස්ව ගුවන්ගත කිරීම සහ ගොඩබෑම කල හැකි යානා නිර්මාණය කිරීම සහ අත්හදා බැලීම විවිධ රටවල දිගින් දිගටම සිදු කෙරුණු අතර පසුකාලයේදී එම තාක්ෂණය සාම්ප්‍රදායික ප්‍රහාරක ගුවන් යානාවලට බද්ධ කර භාවිතා කිරීමට තරම් දියුණු විය.ඒ සම්බන්ධව මෙම ලිපිය ඔස්සේ කතා නොකරනු ඇත.
1951 මැයි මාසයේදී ලොක්හීඩ් සහ කන්වෙයර් සමාගම් VTOL වර්ගයේ ගුවන් යානා සැලසුම් කරන්නට ,නිපදවන්නට සහ අත්හදා බලන්නට එක්සත් ජනපද රජය සමග ගිවිසුමකට එළඹෙන ලදි.පිළිවෙලින් ලොක්හීඩ් සහ කන්වෙයර් සමාගම් XFV සහ XFY යන යානා නිපදවන්නට එකඟ විය.මින් කන්වෙයර් සමාගම භාරගත් XFV යානය ඩෙල්ටාකාර තටු ,ප්‍රතිවිරුද්ධ දිශාවලට භ්‍රමණය වන අවරපෙති සහිත ටර්බෝපොප් එන්ජිමකින් සමන්විත විය.1954 නොවැම්බර් මස 2දා යානය පළමු සිරස් ගුවන් ගතවීම සහ ගොඩබෑම සිදුකල අතර එය 1959 නොවැම්බර් වන තෙක් අත්හදා බැලීමේ ගුවන් ගමන් සිදුකර තිබේ.නමුත් එහි එන්ජිම සහ පාලන පද්ධතිය අපේක්ෂා කල මට්ටමට ගෙන ඒමට නොහැකිවූ බවයි කියවෙන්නේ.
1952 වසරේදී SNECMA නම් ප්‍රංශ සමාගම ජර්මන් ඉන්ජිනේරුවෙක් වු වොන් සබොරොස්කිගේ නිර්මාණය කල සංකල්පමය VTOL ගුවන් යානයක් යථාර්තයක් බවට පත් කරන්නට උත්සාහ කරන ලදි.ඒ ඉහළ කාර්ය සාධනයක් සහිත වර්ගයේ සටන්කාමී ගුවන් යානයක් නිර්මාණය කිරීමයි.මෙම යානයේ C.450-01 Coléoptère නමින් හැඳින්විය.එය මණ්ඩලාකාර පියාපතක් සහිත විය.එය පළමුවරට ගුවන් ගත වූයේ 1959 මැයි මාසයේදීය.මෙහි එකම මූලාකෘතිය 1959 ජූලි මාසයේදී කඩා වැටුණු අතර ඉන්පසු ව්‍යාපෘතිය අතහැර දමන ලදි.
1953දී ජෙට් බලයෙන් ක්‍රියා කරන VTOL වර්ගයේ ගුවන් යානයක් නිපදවන්නට Ryan නම් සමාගමට එක්සත් ජනපද ගුවන් හමුදාවෙන් අවස්ථාවක් හිමිවිය.එයට ලැබුණු නම X-13ය.මෙහි මූලාකෘති දෙකක් නිපදවූ අතර 1957 ජූලි 28-29 කාලයේදී X-13 යානය වොෂින්ටන් නගරයෙන් ගුවන් ගත වී පොටොමැක් ගඟ තරණය කර පෙන්ටගනයේ ගොඩ බසින ලදි.
Convair Model 49
මෙය කන්වෙයර් සමාගම ඉදිරිපත් කල විප්ලවකාරී VTOL වර්ගයේ ගුවන් යානා සංකල්පයකි.එය පාබල හමුදාවලට සමීප ගුවන් ප්‍රහාරක සහාය ලබාදිය හැකි අයුරින් සැලසුම් කර තිබිණි.නමුත් කන්වෙයර් සමාගමේ මෙම අපුර්ව යෝජනාව ප්‍රතික්ෂේප කල එක්සත් ජනපද ගුවන් හමුදාව තවත් විප්ලවකාරී හෙලිකොප්ටර් මොඩලයක් වූ Lockheed AH-56A Cheyenne වෙත අවධානය යොමු කරන ලදි.
වම්පස:මෙහි දැක්වෙන්නේ පරණ තාලයේ VTOL වර්ගයේ ගුවන් යානා සංකල්පයකි.මෙය 1960 දශකයේ බ්‍රිතාන්‍ය සඟරාවක පළවූවකි.
Source: Darkroastedblend.com
-HarshaLulzSec-

VTOL වර්ගයේ යානා නිර්මාණය කිරීමට හේතු
- ගුවන් පථයක් අවශ්‍ය නොවීම-සාම්ප්‍රදායික ගුවන් යානා ගුවන් ගත වන්නේ සහ ගොඩබාන්නේ ගුවන් පථයක් යොදාගෙනයි(තිරස්ව).නමුත් නූතන VTOL තාක්ෂණය සහිත ගුවන් යානාවලට සිරස්ව ගුවන්පථයක් නොමැතිව මෙන්ම සාම්ප්‍රදායික ක්‍රමයටද(තිරස්ව) ගුවන් ගත කල හැකිය.
- සාම්ප්‍රදායික යානාවලට ගොඩබෑමට නොහැකි ප්‍රදේශවල මෙහෙයුම් කටයුතු කිරීමේ හැකියාව.
- ගුවන් ඡායාරූපකරණය සහ වීඩියෝපටිගත කිරීමේ හැකියාව-මෙම හැකියාව බහුලවම යොදාගන්නේ නියමුවන් රහිත ඔත්තු බලන යානාවලය.ගොඩබිම් ඉලක්ක වෙත ගුවන් ප්‍රහාර එල්ල කරන අයුරු වීඩියෝ පටිගත කිරීම් ලෙස දකින්නේ VTOL තාක්ෂණය සහිත යානා නිසාය.එම යානා සතුරු ප්‍රදේශයට ඉහලින් ස්ථානගත කර ඡායාරූප ගැනීම සහ විඩියෝගත කිරීම් සිදුකරයි.
Focke-Wulf Triebflügel
ගුවන් යානා සිරස්ව ගුවන් ගත කිරීම සහ ගොඩබෑම යන සංකල්පය දෙවන ලෝක යුද සමයේ නාසීන් විසින් සැලසුම් කල එකකි.ඒ දෙවන ලෝක යුද සමයේ අවසන් කාලයේදීය.නාසීන් විසින් සැලසුම් කලේ සිරස්ව ගුවන් ගත කල හැකි පසුපස කොටසින් පොලොව මත සිටුවා තබා ගුවන් ගත කල හැකි යානයකි.මෙවැනි යානයක් නිර්මාණය කරන්නට නාසීන් ක්‍රියා කරන්නට ඇත්තේ 1944 වසරේ මිත්‍ර හමුදා යුරෝපා මහද්වීපයට ගොඩබැසීම(නොමැන්ඩියට ගොඩබැසීම) සහ ජර්මන් භූමියට මිත්‍ර හමුදා බෝම්බ හෙළීම නිසා නාසීන්ගේ ගුවන් පථ භාවිතා කිරීම අනතුරුදායක ක්‍රියාවක් වීම නිසාය.නමුත් නාසීන්ගේ මෙම ලොව පළමු සිරස්ව ගුවන් ගත කල හැකි/ගොඩබෑ හැකි ගුවන්යානය සංග්රාම භූමියට ගෙනයන්නට ඔවුන්ට ඉඩක් ලැබෙන්නේ නැත.ඒ මෙම යානා නිපද වූ සහ ඒවා අත්හදා බැලූ වා උමං සහිත කර්මාන්තශාලා පිහිටා තිබූ ප්‍රදේශවලට මිත්‍ර පාර්ශ්වික හමුදා ළඟාවූ නිසාය.ඒ නිසා ඔවුන්ට මෙම යානයේ මූලාකෘතිය සම්පූර්ණ කරගන්න ඉඩක් ලැබී නැත.නාසීන්ගේ යානය අසාමාන්‍ය එකකි.එහි පියාපත් නොතිබූ අතර වල්ගයත් නියමු කුටියත් අතර පිහිටා තිබූ ප්‍රචාලක මගින් යානය ඉහලට ගමන් කිරීමට බලය සැපයුනි.මෙම යානය එහි පසුපස භාගයෙන් සිටුවා තබා ගුවන් ගත කිරීම සිදුකිරිමට සැලසුම් කර තිබිණි.
ජර්මනියේ පරාජයෙන් පසුව මෙම සැලසුම් ඇමෙරිකා එක්සත් ජනපදය සතු වූ අතර ඒ අනුව යමින් ඇමෙරිකානුවන් 1950 දශකයේදී VTOL වර්ගයේ ගුවන් යානා නිෂ්පාදනයට පිවිසියෝය.
ඔන්න එහෙනම් අපි ලිපියට ආරම්භයක් ගත්තා.මේ ලිපියෙන් VTOL යානා සම්බන්ධ නූතන ඉතිහාසය හෝ ඒවාහි තාක්ෂණික පසුබිම ගැන කතා නොකරනු ඇත.(ඒ ගැන එළකිරියේ ගුවන් යානා ඉංජිනේරුවෝ කියන්නේ නැතැයි.අනික නොදන්න දේවල් ගැන කතා කරන්නේ මොකටද නේද. දැනටමත් සමහරු මගේ ලිපිවලට අකැමැත්තෙන් ඉන්නේ.අපි ජංගි ත්‍රෙඩ් නොදාන හින්දා වෙන්න ඇති.)
දෙවන ලෝක යුද්ධය අවසන් වීමෙන් පසුව නැගෙනහිර ජර්මනිය සෝවියට් දේශයේ ආධිපත්‍යට නතුවීමත් සමග බටහිර යුරෝපය සෝවියට් පාලනයට තතු වීමේ සහ ආක්‍රමණයකට ලක්වීමේ අවදානමක් තිබෙනවා මෙන්ම ගුවන් තොටුපොලවල් භාවිතා කිරීම අන්තරායදායි වීමේ අනතුරක් තිබෙන බව වටහා ගත් එක්සත් ජනපදය හමිංබර්ඩ් නමින් ව්‍යාපෘතියක් 1947 දී ආරම්භ කරන ලදි.එහි අරමුණ ඕනෑම ස්ථානයක සිට ගුවන් ගත කල හැකි යානයක් නිර්මාණය කිරීමයි.එහි අරමුණ වූයේ හමුදාමය සහ වාණිජ ක්ෂේත්රයට එම යානා එක් කරගැනීමයි.එසේම සබ්මැරීනවල සිට ගුවන් ගත කල හැකි ප්‍රහාරක යානයක් ගැනද එහිදී කතාබහට ලක්විය.
එහිදී කන්වයර් සහ ලොක්හීඩ් සමාගම් වලට VTOL වර්ගයේ මූලාකෘති නිර්මාණය කිරිමට අවසර ලබාදුන්හ.ඔවුන් XFY-1 සහ XFV-1 යන මූලාකෘති නිපදවන ලදි.මෙම යානා ටෝර්බෝ එන්ජිමක්( අවරපෙති සහිත ) සහිත වූ අතර එහි අවරපෙති යුගල ප්‍රතිවිරුද්ධ දිශාවලට භ්‍රමණය විය.ඊට අමතරව ජෙට් බලයෙන් ගුවන් ගත විය හැකි යානයක් නිපදවන ලදි(Ryan X-13 Vertijet).XFY-1 යනු වල්ගයෙන් සිටගෙන සිරස්ව ගුවන් ගත වූ සහ සිරස්ව ගොඩබෑ පළමු ගුවන් යානයයි.XFY-1 යානය "Pogo" යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන ලදි.
වම්පස XFY-1 යානයද දකුණුපස XFV-1 යානයද පෙන්වා ඇත
කන්වෙයර් සමාගමේ XFY-1 යානය
කන්වෙයර් සමාගමේ XFY-1 යානය
1954 ලොක්හීඩ් සමාගමේ XFV-1 යානය.XFY-1 යානය, XFV-1 තරම් සාර්ථක නොවීය(සැල්මන්)
XFV-1 යානයේ නියමු කුටියේ සමීප දර්ශනයක්
XFV-1 යානයේ නියමු කුටියේ සමීප දර්ශනයක්
මෙම ව්‍යාපෘතිය 1960 දශකය දක්වා ක්‍රියාත්මක විය.පහත දැක්වෙන්නේ Bell Boeing V-22 Osprey යානයේ මුත්තා වන Bell VTOL X-22 යානයයි.
Bell Boeing V-22 Osprey
මේ තිබෙන්නේ ප්‍රංශයේ නිපදවූ මණ්ඩලාකාර පියාපතක් සහිත VTOL වර්ගයේ ගුවන් යානයකි(Coléoptère).මෙය 1950 දශකයේදී නිපදවා අත්හදා බැලූවකි.මෙතෙක් කාලයකට නිපදවූ අතිශයින් අරුම පුදුම හැඩයක් සහිත ගුවන් යානය මෙය බවට සැකයක් නැත.
Coléoptère
රයන් සමාගමද 1953 දී X-13 නමින් VTOL වර්ගයේ යානයක් නිපදවන ලදි.මෙය කලින් කී VTOL වර්ගයේ ජෙට් බලයෙන් ක්‍රියාත්මක වන යානයයි.නමුත් මෙය දියත් කිරීම සහ ගොඩබෑම අනෙක් VTOL මූලාකෘති තරම් පහසු නොවීය.
X-13 Vertijet යානයේ එන්ජිම
X-13 යානය පෙන්ටගනයේ නිලධාරීන් ඉදිරියේ සාර්ථක පියාසර කරන අයුරු
කෙසේනමුත් හමිංබර්ඩ් ව්‍යාපෘතිය දුෂ්කර එකක් විය.මෙම වල්ගයෙන් සිටගෙන ගුවන් ගතවන යානාවල ක්‍රියාකාරීත්වයට අවශ්‍ය වූ අවශ්‍යතා නාවික සහ ගුවන් හමුදා සමග ගැලපුණේ නැත.අවසානයේදී එම සැලසුම් අතහැර දමන ලද අතර වල්ගයෙන් සිටගෙන ගුවන් ගතවන යානා සඟරා සහ විද්‍යා ප්‍රබන්ධ නවකතා පොත්වලට සීමා විය.නමුත් සිරස්ව ගුවන්ගත කිරීම සහ ගොඩබෑම කල හැකි යානා නිර්මාණය කිරීම සහ අත්හදා බැලීම විවිධ රටවල දිගින් දිගටම සිදු කෙරුණු අතර පසුකාලයේදී එම තාක්ෂණය සාම්ප්‍රදායික ප්‍රහාරක ගුවන් යානාවලට බද්ධ කර භාවිතා කිරීමට තරම් දියුණු විය.ඒ සම්බන්ධව මෙම ලිපිය ඔස්සේ කතා නොකරනු ඇත.
XFY-1 Pogo සහ XFV-1
1951 මැයි මාසයේදී ලොක්හීඩ් සහ කන්වෙයර් සමාගම් VTOL වර්ගයේ ගුවන් යානා සැලසුම් කරන්නට ,නිපදවන්නට සහ අත්හදා බලන්නට එක්සත් ජනපද රජය සමග ගිවිසුමකට එළඹෙන ලදි.පිළිවෙලින් ලොක්හීඩ් සහ කන්වෙයර් සමාගම් XFV සහ XFY යන යානා නිපදවන්නට එකඟ විය.මින් කන්වෙයර් සමාගම භාරගත් XFV යානය ඩෙල්ටාකාර තටු ,ප්‍රතිවිරුද්ධ දිශාවලට භ්‍රමණය වන අවරපෙති සහිත ටර්බෝපොප් එන්ජිමකින් සමන්විත විය.1954 නොවැම්බර් මස 2දා යානය පළමු සිරස් ගුවන් ගතවීම සහ ගොඩබෑම සිදුකල අතර එය 1959 නොවැම්බර් වන තෙක් අත්හදා බැලීමේ ගුවන් ගමන් සිදුකර තිබේ.නමුත් එහි එන්ජිම සහ පාලන පද්ධතිය අපේක්ෂා කල මට්ටමට ගෙන ඒමට නොහැකිවූ බවයි කියවෙන්නේ.
XFV-1 & XFY-1
Coléoptère
1952 වසරේදී SNECMA නම් ප්‍රංශ සමාගම ජර්මන් ඉන්ජිනේරුවෙක් වු වොන් සබොරොස්කිගේ නිර්මාණය කල සංකල්පමය VTOL ගුවන් යානයක් යථාර්තයක් බවට පත් කරන්නට උත්සාහ කරන ලදි.ඒ ඉහළ කාර්ය සාධනයක් සහිත වර්ගයේ සටන්කාමී ගුවන් යානයක් නිර්මාණය කිරීමයි.මෙම යානයේ C.450-01 Coléoptère නමින් හැඳින්විය.එය මණ්ඩලාකාර පියාපතක් සහිත විය.එය පළමුවරට ගුවන් ගත වූයේ 1959 මැයි මාසයේදීය.මෙහි එකම මූලාකෘතිය 1959 ජූලි මාසයේදී කඩා වැටුණු අතර ඉන්පසු ව්‍යාපෘතිය අතහැර දමන ලදි.
Coléoptère
X-13
1953දී ජෙට් බලයෙන් ක්‍රියා කරන VTOL වර්ගයේ ගුවන් යානයක් නිපදවන්නට Ryan නම් සමාගමට එක්සත් ජනපද ගුවන් හමුදාවෙන් අවස්ථාවක් හිමිවිය.එයට ලැබුණු නම X-13ය.මෙහි මූලාකෘති දෙකක් නිපදවූ අතර 1957 ජූලි 28-29 කාලයේදී X-13 යානය වොෂින්ටන් නගරයෙන් ගුවන් ගත වී පොටොමැක් ගඟ තරණය කර පෙන්ටගනයේ ගොඩ බසින ලදි.
X-13
Convair Model 49
මෙය කන්වෙයර් සමාගම ඉදිරිපත් කල විප්ලවකාරී VTOL වර්ගයේ ගුවන් යානා සංකල්පයකි.එය පාබල හමුදාවලට සමීප ගුවන් ප්‍රහාරක සහාය ලබාදිය හැකි අයුරින් සැලසුම් කර තිබිණි.නමුත් කන්වෙයර් සමාගමේ මෙම අපුර්ව යෝජනාව ප්‍රතික්ෂේප කල එක්සත් ජනපද ගුවන් හමුදාව තවත් විප්ලවකාරී හෙලිකොප්ටර් මොඩලයක් වූ Lockheed AH-56A Cheyenne වෙත අවධානය යොමු කරන ලදි.
VTOL වර්ගයේ යානා සංකල්ප කිහිපයක්
නූතන සංකල්පමය ගුවන් යානාවලද සිරස්ව ගුවන් ගත කිරීමේ සහ ගොඩබෑමේ අදහස නොනැසී පවත්වාගන්නට ඒවාහි සැලසුම්කරුවන් ක්‍රියා කර ඇති ආකාරය.