වලේ නොවැටී වැඩ්ඩෙක් වගේ ක්‍රෙඩිට් කාඩ් පා
ක්‍රෙඩිට් කාඩ් අරන් කෙළවගෙන තියෙන කෙනෙක්ට ක්‍රෙඩිට් කාඩ් කියපු ගමන් මතක් වෙන්නේ තමන්ව ගිලින්න කට ඇරගෙන ඉන්න රාක්ෂයෙක් වෙන්න පුලුවන්. ක්‍රෙඩිට් කාඩ් නැති කෙනෙක්ට ක්‍රෙඩිට් කාඩ් කියනකොට දැනෙන්නේ ‘ආසයි බයයි’ හැඟීමක් වෙන්න පුලුවන්. හැබැයි ක්‍රෙඩිට් කාඩ් කියන්නේ ඇත්තටම ඔබව විනාස කරන මර උගුලක්ද? සාමාන්‍යයෙන් ‘මම ක්‍රෙඩිට් කාඩ් එකක් ගන්නවා’ කියල කියනකොට වටේ පිටේ ඉන්න අය උපදෙස් දෙන්නේ ගන්න එපා කියලා. මෙතනින් කීප දෙනෙක් කියනවා ‘ගන්න එපා බං, මමත් අරන් එරිලා ඉන්නේ’ කියලා. හැබැයි ඇත්ත කතන්දරේ තමයි ක්‍රෙඩිට් කාඩ් පාවිච්චි කරන්න හොඳ පරිචයක් තියේ නම් ක්‍රෙඩිට් කාඩ් කියන්නේ වාසිදායක ගනුදෙනුවක් කියන එක. හැබැයි පුතෝ ඔබත් එහෙමට විනයක් නැති මනුස්සයෙක් නම් ඔබට ක්‍රෙඩිට් කාඩ් අරන් යන්න වෙන්නෙ හොම්බෙන්!
අපි බලමු කොහොමද වැඩර් කෙනෙක් වගේ ක්‍රෙඩිට් කාඩ් පාවිච්චි කරන්නේ කියලා!
1. ඕන ගොනෙකුට ක්‍රෙඩිට් කාඩ් ගන්න පුලුවන්ද?
ඔව්. ඕන ගොනෙකුට ඒ ඒ බැංකුවේ ඒ ඒ ක්‍රෙඩිට් කාඩ්පත් වලට අදාළ සුදුසුකම් සපුරලා තියෙනවනං ක්‍රෙඩිට් කාඩ් එකක් ඉල්ලුම් කරන්න පුලුවන්. ඊට පස්සේ ඒ අයට අවශ්‍ය සියලුම සුදුසුකම් හරියට තියෙනවා නං කාඩ් එක ෂුවර්. ආසයි නේ?
2. ආසයි වගේම බයයි හලෝ!
ක්‍රෙඩිට් කාඩ් කියන්නේත් අර බුදුහාමුදුරුවෝ කිව්වා වගේ සර්පයෙක් තමයි. වලිගෙන් ඇල්ලුවොත් බඩු, බෙල්ලෙන් අල්ලගත්තොත් ගොඩ. ඇත්තටම ක්‍රෙඩිට් කාඩ් එකක් පාවිච්චි කරන්න සුදුසු වෙන්නේ තමන්ගේ එදිනෙදා ජීවිතය සම්බන්ධයෙන් හොඳ කලමණාකාරීත්වයක් තියෙන, ලේසියෙන් අහුවෙන්නේ නැති, ලේසියෙන් පෙළඹවීම් වලට යටත් වෙන්නේ නැති, හොඳ විනයක් තියෙන්න මනුස්සයෙක් කිව්වොත් හරි. ඔබත් අන්න එහෙම කෙනෙක්නං අදම ගිහින් ක්‍රෙඩිට් කාඩ් එකක් ගත්තට පාඩු නෑ!
3. පොලී ගෙවලම එපා වෙනවා!
ක්‍රෙඩිට් කාඩ් එකක් ගන්න කලින් හොඳට මතක තියාගන්න. ක්‍රෙඩිට් කාඩ් කොම්පැණියක් ඔබට කාඩ් එකක් විකුණන්නේ ආදරේට නෙවෙයි, තමන්ගේ වාසියට. අවුල් වුනාද? අවුල් වෙන්න දෙයක් නෑ. ඕක නරක දේකුත් නෙවෙයි. මොකද තමන්ට වාසියක් ගන්න නම් පාරිභෝගිකයාට වාසියක් ලබාදෙන්නත් ඒ අයට සිද්ධ වෙනවා. ඒක තමයි ක්‍රෙඩිට් කාඩ් එකෙන් ඔබට තියෙන වාසිය. වෙනත් වචන වලින් කියනවා නං ගොනෙක් ක්‍රෙඩිට් කාඩ් ගත්තහම ක්‍රෙඩිට් කාඩ් කොම්පැණිය පෝසත් වෙන අතරම ඥාණවන්තයෙක් ක්‍රෙඩිට් කාඩ් එකක් ගත්තහම තමන්ගේ වාසිය අරගෙන අමාරුවේ නොවැටේ ජොලියේ ඉන්නවා.
දැන් අපි හිතමු ක්‍රෙඩිට් කාඩ් එකක් ගත්තා කියල. ඔන්න ඒකෙන් වියදම් කරලා බඩුත් ගන්නවා. දැන් මොකැයි කරන්න ඕන? දවස් 55 ට කලින් හෝ ඒ වෙනකොට ගෙවන්න මුලු මුදලම. ගොඩක් දෙනෙක් කරන්නේ බැංකුවෙන් එවන ස්ටේට්මන්ට් එකේ ගෙවන්න කියලා ලොකුවට පෙන්නන ගාණ ගෙවලා දාන එක. ඒ කියන්නේ අවම වශයෙන් ගෙවන්න ඕන ගාණ. අන්න එතකොට වෙන්නේ රජෝ ඉතුරු ගාණට කණ පැලෙන්න පොලී වදිනවා. ලොකු ගාණක් වියදම් කරපු එකෙක් අවුරුදු ගාණක්ම ගෙවලත් ඉවරයක් වෙන්නේ නැත්තේ ඒකයි.
4. හිතුවද ඔලුව කොම්පියුටරයක් කියලා!
ඔළුව කොම්පියුටරයක් කියලා හිතාගෙන තමන්ගේ මූල්‍ය කටයුතු මනෝමයෙන් කරන්න යන අයට සාමාන්‍යයෙන් වෙන්නේ බඩු බනිස් වෙලා රෝලෙන් දුවන්න වෙන එක. කවදාවත් ණය ගෙවලා ඉවරයක් නෑ. ඔබ ලෝකේ අංක එකේ ගණකාධිකාරීවරයෙක් වුනත් කමක් නෑ, ක්‍රෙඩිට් කාඩ් විතරක් නෙවෙයි ඔබේ ජීවිතයේ දෛනික අය වැය ලියන්න. නැත්නම් දැන් ඕවට හරියන ස්මාට්ෆෝන් ඇප්ලිකේෂන් වුනත් තියෙනවා. මේ ආකාරයට ඔබට ක්‍රෙඩිට් කාඩ් පතින් වියදම් කරන මුදල ගැන අවධානයෙන් ඉන්න පුලුවන්. එතකොට ඒ ඒ වියදම් වල දිනයත් එක්ක වාර්තා තියාගන්නකොට පොලී හැදෙන්න කලින් ගෙවලා දාන්න පුලුවන් වෙනවා. අන්න එතකොට හිතේ සැනසීමෙන් ඉන්න පුලුවන්.
5. වියදං කරපුවා ගෙවන්න බැරිනං?
ගෙවන්න බැරිනං ගොනෙක් වගේ ක්‍රෙඩිට් කාඩ් එක හැම එකකටම දික් කරන්න යන්නේ නැතුව ඉන්න ඕන! මෙන්න මේක අයිති වෙන්නේත් අර කියපු විනය කතන්දරේට තමයි. තමන් හැමවිටම දැනගන්න ඕන මාසේ අන්තිමට තමන්ට උපයන්න පුලුවන් ගාණ. එතකොට ක්‍රෙඩිට් කාඩ් එකේ ණය සීමාව ඒ වගේ කීප ගුණයක් තිබුණත් ඔබ වියදම් කරන්න ඕන ඒ උපයන ගාණට සරිලන්න තමයි. දැන් උපයන සම්පූර්ණ ගාණට හරියන්න වියදම් කරලා හරියන්නේත් නැහැනේ. හැම විටම දෙයක් ගන්න වුවමනා වෙනකොට හිතලා බලන්න ඒ වියදම මාසේ අන්තිමට තියෙන වෙනත් වියදම් අවසාන කලාට පස්සේ පියවන්න පුලුවන්ද කියලා. පුලුවන් නම් කිසි ගැටළුවක් නෑ, පොරක් වගේ ක්‍රෙඩිට් කාඩ් එක දික් කරන්න!

...ඕක ගෙඩිය පිටින් අනිවා.lk එකෙන් උස්සපු එකක් ඒත් අවුලක් නෑ ප්‍රශ්න තියේනම් අහපන් දන්න පොරක් කියයි

..කරගෙන යමන් මච්න්. මේක පට්ට වැදගත් උනා