වැදගත් ලිපියක් අන්තර්ජාලයේ සැරිසරනකොට දැක්ක. එක ඔයගොල්ලොත් එක්ක බෙදා හදා ගන්න හිතුවා. මේකේ වැරදි අඩු පාඩු තියනවා. නමුත් 95% විතර හරි.
කොන් දෙකෙන් ගහුවාම ළඟට එන සහ අෑත්වන වශී කෝටුව
වශී ගුරුකම්වලට අංග තුනක් තියෙනවා. ඒ රීතිය, නීතිය සහ න්‍යාය. මේවා මේ විදියට දක්වන්න පුළුවන්.
රීතිය තමයි වස්කවි කියනවානම් සෙත්කවි කියන්න බෑ. සෙත්කවි කියනවානම් වස්කවි කියන්න බෑ. නීතිය වෙන්නෙ ඇදුරා පස්පවින් වැළකීම. න්‍යාය තමයි කිලි ආහාර ගන්න හොඳ නෑ කියන එක. මේ ටික හරියට කරන ඇදුරෙක්ගේ ගුරුකමක් කවදාවත් වරදින්නේ නෑ.
ගුරුකම්වලදී වශී ගුරුකමට හිමිවෙන්නේ විශේෂ තැනක්. වශියක් කියන්නේ කෙනකුගේ කැමැත්ත ලබාගැනීමක්. මේක කරන්නේ ස්පර්ශයෙන්, කැවීමෙන්, පෙවීමෙන්, තරංග මගින්. තරංග කියන්නේ වශීකරගත යුතු කෙනාගේ නමට කරන හඬ කැවීම. මේ වශී ගුරුකම්වලදී යන්ත්‍ර ඇඳීම ගොඩාක් වැදගත්.
වශියක් හරියට කරන්න සාමාන්‍යයෙන් හොඳ සූදානමක් කරන්න ඕන. ඊට පස්සෙ ජප කිරීම. සාමාන්‍යයෙන් ජප කිරීමේ කාර්යයට පැය ෙදාළහක් විතර ඕන. වශියක් සාර්ථක වන්නේ දිෂ්ටි කරන වාර ගණන අනුවයි. ඒ කියන්නෙ දිෂ්ටි මන්තර කීම. සාමාන්‍යයෙන් එක දිෂ්ටි මන්තරයකින් වාර විසි එකක් දිෂ්ටි කරන්න ඕන. මේ දිෂ්ටි කරන මන්තර ඉතා විශාල ප්‍රමාණයක් තියෙනවා. නමුත් කොච්චර ගොඩක් තිබුණත් දිෂ්ටි කරන්න ගන්නෙ දිෂ්ටි මන්තර පහක් හරි හයක් හරි විතරයි.
වශියක් කරන්න ඉස්සෙල්ලා කේන්දරේ බලන්න ඕන. ඒකෙන් කරන්නේ ග්‍රහ අපල උපද්‍රව තියෙනවාද කියලා බලන එක. බැරිවෙලාවත් එහෙම තිබුණොත් ඒවා අයින් කරන්න ඕන. එහෙම නොකළොත් ඒ අපල හින්ද වශියේ බලය අඩුවෙන්න පුළුවන්. ඒ වගේම සුබ හෝරාවල්, නැකැත පක්‍ෂියා හඳුනාගන්න පුළුවන්.
යන්ත්‍රයක් අඳින්න කලින් රාහු කාල අතාරින්න ඕන. ඒ වගේම තමයි පැයෙන් පැයට ඉන්න හොඳ සුබ ග්‍රහයෝ ගැන අඳුනගන්න ඕන.
දින හතට ග්‍රහයො හත්දෙනෙක් ඉන්නවා. රාහු කාලය දවසට පැය තුනයි. දිවා කාලය එක හමාරයි. රාත්‍රි කාලය පැය එකහමාරයි. ඒ වගේම ඉතාම වැදගත් කාරණයක් තියෙනවා. ඒක තමයි මරු සිටින දිශාව හඳුනාගෙන ඒකට පිටුපෑම. ඒ එක්කම පක්‍ෂියා රජකරවන වෙලාවට වැඩ කටයුතු පටන් ගන්න ඕන. ඒක කේන්දරේ බැලුවහම පුළුවන්. මෙතැනදී විශේෂයෙන් මේ දේ කියන්න ඕන. තමන්ගෙ පක්‍ෂියා රජකරවන වෙලාවට වැඩකිරීම හරිම වැදගත්. ඉස්සර කාලෙ රජවරු, ප්‍රභූවරු ගමන් බිමන් ගියේ පක්‍ෂියා රජකරවන වෙලාව බලලා.
වශී යන්ත්‍ර අඳිනකොට පුර පක්‍ෂයට, අව පක්‍ෂයට කියලා වෙනසක් නෑ. නමුත් හොඳම වර්ගයේ වශියක් නම් පුර පක්‍ෂයට යන්ත්‍ර ඇඳීම කරන්න ඕන. ඒ වගේම ජප කිරීම, පැලඳවීම කරන්නත් ඕන.
සාමාන්‍යයෙන් ජප කිරීම කරන්නේ වාර එකසිය අටෙන් පටන් අරගෙන. නමුත් ජප කිරීම් වාර ගාණ වැඩිවෙන තරමට ලැබෙන ප්‍රතිඵලත් සාර්ථකව වැඩිවෙනවා. මේ ජප කිරීම් කරන්න දෙකෙන් වැඩිවෙන විදියට. ඒ කියන්නෙ දෙවරක් කියන විදියට. ඕනෑම යන්ත්‍රයක් දහස් වාරයක් ජප කරනවා නම් ලැබෙන ප්‍රතිඵලය අන්තිම ඉහළයි.
වශී ගුරුකම් වුණත් කරන විදියක් තියෙනවා.
ඉස්සෙල්ලාම පුටුවක් අරගන්න ඕන. ඒ පුටුවට යකඩ ඇණ ගහලා තියෙන්න බෑ. ඒ වගේම වැල් වියපු ලී පුටුවක් වෙන්නත් ඕන. පුටුවක් නැත්නම් ලීවලින් බැඳගත්තු තටුවක් වුණත් සුදුසුයි. ඊළඟට රතු රෙද්දක් හරි කෙහෙල් කොළයක් හරි පුටුවට දාන්න ඕන. උඩට වියනක් බැඳීම ඉතා හොඳයි. ඊළඟට වතුර නොයන විදියට ඇස්ස ගහපු තැඹිලි ගෙඩියක්, ඉදුණු අන්නාසි, කෙසෙල් ගෙඩි නවයක්, බෙලි, දිවුල්, උක්ගස්, අඹ, පලතුරු වර්ග හතක්, කැවිලි වර්ග හතක්, එළඟිතෙල්, මී පැණි, පිනිදියර, ඇට වී, පස්වර්ගයක් බැද දමා බුලත්, කපුරු, හඳුන්කූරු, සුදු හඳුන් කුඩු, හඳුන්තෙල් තියන්න ඕන. ඊට පස්සෙ පොල්තෙල් පහනක් දල්වලා සුවඳ මල් වර්ග පහක් තබා ඒ මතට පිනිදියර ඉස මල් බුලත් තටුව හදාගන්න ඕන.
මේ විදියට හදාගත්තාට පස්සෙ තටුවට පහළින් ආසනයක් තබා, අඟුරු කබලක් ගෙන පොල්කටු අඟුරු දමා, තටුවට තුන්වරක් වැඳ, ඉරිදා අතහැරලා අනෙක දිනයක උතුර බලා වශී ගුරුකම්වලට වඩා හොඳ සිකුරු හෝරාව තෝරාගෙන රාහු කාලය මඟහැර ජප කිරීම පටන් ගන්න ඕන.
මෙතැනදී ඉස්සෙල්ලම කරන්න ඕන වශී යන්ත්‍රය දිෂ්ටි මන්ත්‍රවලින් ජප කරන එකයි. මං ළඟ දැනට පාවිච්චි කරන දිෂ්ටි මන්තර දෙසීය ෙදාළහක් තියෙනවා. ඒ ඒ වශීවලට බලය ලැබෙන විදියට අවශ්‍ය කරන දිෂ්ටි මන්තර තෝරාගැනීම තමයි ඉතාම වැදගත් වෙන්නේ.
මේ කියන්නේ දිෂ්ටි මන්තර කීපයක්. ගුරු ජීවම, මහා ශ්‍රී රාම දිෂ්ටිය, නවනීල දිෂ්ටිය, ගිනි නව නීල දිෂ්ටි, අටකොන දිෂ්ටි, මදන දිෂ්ටිය, ඊරි යන්ත්‍ර මන්ත්‍ර දිෂ්ටිය, මහසෝන් දිෂ්ටිය, සූනියන් යක්‍ෂ දිෂ්ටිය, සුරගුරු දිෂ්ටිය, කොඩිකාර වෛශ්‍ය දිෂ්ටිය.
මේ විදියට දිෂ්ටි මන්තර තිබුණට ඒ හැම දිෂ්ටියකටම කලින් කරන්න ඕන දිෂ්ටියක් තියෙනවා. ඒකම කියන්න ආරම්භක දිෂ්ටිය කියලා. ඒක මේ විදියයි.
* ශ්‍රී රාම දිෂ්ටිය
* මදන දිෂ්ටිය
* මෝහිණී දිෂ්ටිය
මෙතැනදී මෙන්න මේ දේ විශේෂයෙන් කියන්න ඕන. මේ මෝහිණී දිෂ්ටිය වශී ගුරුකම්වලට හුඟාක් වැදගත් වෙනවා. ඒ ජීවම නැතුව වශී ගුරුකම් කරන්න බෑ. ඒකයි ඇත්ත.
මේ මදන දිෂ්ටි ගත්තොත් තියෙනවා දිෂ්ටි වරම් දහයක්. මෝහිණී දිෂ්ටිය යත්තොත් ඒකටත් තියෙනවා දිෂ්ටි වරම් දහයක්.
වශී කරන ක්‍රම ගැන කතා කළොත් ඒකට ක්‍රම තුනක් තියෙනවා. එක ක්‍රමයක් තමයි නූල පැන්නීම. දෙවැනි ක්‍රමයි තමයි ශරීරයේ තෙල් ගෑම. ඉතුරු ක්‍රමය තමයි කැවීම හරි පෙවීම හරි කිරීම.
මෙතෙන්දි මේ නූල පැන්නීම අද කාලෙ අසාර්ථකයි. මොකද අද හැමෝම පාවහන් දානවා. පාවහන් දාපු කකුල්වලට මේ නූල් ජීවම බලපාන්නේ නෑ. අනිත් ක්‍රම දෙක සාර්ථකයි.
සාමාන්‍යයෙන් වශී ගුරුකමක් කරපු වෙලාවෙ ඉඳලා මාසයක් ඇතුළත ප්‍රතිඵල දෙනවා. අපි දවස් විසි එකක් තමයි කාලය දෙන්නෙ. ඒ අතර කාලයේ වශිය වැඩ කරනවා. සමහර වශී ජප කරලා ඉවරවෙනවත් එක්කම ප්‍රතිඵල දීලා තියෙනවා. ඒ වගේ සිදුවීම්, කතානම් අනන්තයි. අප්‍රමාණයි. හැබැයි සමහර වශී දින තිහ පන්නවා ප්‍රතිඵල දෙන්නෙ. ඒක ශාස්ත්‍රයේ සාමාන්‍ය දෙයක්. එතැනදී අපි කරන්නේ ඒ වශිය ආපහු අලුත් විශේෂ ක්‍රමයකට නොමිලේම කරලා දීම.
වශියක් කියලා සාමාන්‍යයෙන් අපි හඳුන්වන්නෙ ගෑනු පිරිමි වශියකට. හැබැයි ඒ අර්ථය ඊට වඩා ගොඩක් දුර යනවා. ගෑනු පිරිමි අයට අමතරව පිරිමි - පිරිමි, ගෑනු ගෑනු, සතුන්, වශීකරන ගුරුකමුත් තියෙනවා. ඒ වගේම සර්වජන වශිය කියලා විශේෂ එකකුත් තියෙනවා. මේ වශිය හරි වැදගත්. මේ සර්වජන වශියෙත් එක එක කොටස් තියෙනවා. රස්සාවක් ලබාගන්න. උසස්වීමක් ලබාගන්න. පඩි වැඩිකරගන්න වගේ එක එක අංශවලින්. ඒ වගේම නඩුහබවලින් දිනන්න.
මේ අතර තව විශේෂ වශියක් තියෙනවා. ඒ තමයි එක්තරා ගහකින් නියමිත දිගින්, පළලින් යුතු කෝට්ටක් කඩාගෙන එහි දෙකෙළවරට බල පිහිටුවන වශිය. මේ කෝටුව එක කොනකට වශී කරන්නෙ ළඟට ගෙන්වා ගැනීමේ වශිය. අනිත් පැත්තට මතුරන්නෙ ආපසු හරවා යැවීමේ වශිය. කෝටුව ළඟට ගෙන්නන පැත්තෙන් කාට හරි තට්ටු කළාම නෑ, බෑ නොකියා හිටු කියලා ළඟටම එනවා. ඊට පස්සෙ ආපහු යවන පැත්තෙන් තට්ටු කළාම බෑ, බෑ නොකියා හැරුණු පයින් යන්නට යනවා. මේවා ඉතින් සුබ ගුරුකම් පරපුරේ රහස්.
අපේ පරපුරට අවුරුදු තුන්සීයක් පැරැණි ඉතිහාසයක් තියෙනවා. ඒ පරපුරේ හතරවැනි පරම්පරාවෙ තමයි මම ඉන්නේ.
මේ සර්වජන වශියට එකසිය අට ජප කිරීම හරියන්නෙ නෑ. දහස් වාරය ජප කිරීම තමයි අවශ්‍ය වෙන්නේ. දාහෙන් පස්සෙ එක්දාස් අට. මේ වශියට ජීවම කරන වාර ගාණ වැඩිවෙන තරමට හොඳයි. දිෂ්ටි මන්තර වැඩිපුර කියන තරමට හොඳයි. වැඩිපුර ෙදාළ පිදේනි දෙන තරමට හොඳයි.
හොඳ පැත්තට කරන යන්තර මන්තරවලදී පස්පවින් වැළකීම කරන්න ඕන. ඒ වගේම නාලා පිරිසුදු වෙන්න ඕන. බුදුන් වැඳලා, දෙවියන්ට පිං දීලා, තමන්ගේ ඉෂ්ට දේවතාවා සිහි කරන්නත් ඕන. ඊට පස්සෙ තමයි ගුරුකම පටන් ගන්න ඕන.
වශී ගුරුකම්වලට ගන්නෙ සිකුරු හෝරාව. සිකුරු ග්‍රහයා ඉන්න වෙලාවක් අල්ල ගන්න ඕන. ඒ දේ ඒ විදියට කෙරුවොත් කවදාවත් වරදින්නෙ නෑ. හරියටම හරි.
විශේෂයෙන් කියන්න ඕන දේ මේකයි. වශී ගුරුකම්වලට හරි වෙලාව හැමතිස්සෙම හදාගන්න ඕන. හදාගත්තු තටුවට පහන පත්තු කරලා තුන් සැරයක් නමස්කාර කරන්න ඕන. ඒ විදියට කරලා අංගසම්පූර්ණ කරන සර්වජන වශිය පලඳින අයත් ඊට කලින් නාලා පිරිසුදු වෙලා තම තමන්ගේ ආගම අනුව පුද පුජා පවත්වන්න ඕන. ඒ වගේම දවස් තුනක්, හතක් අතර කාලයකට කිලි නොවැදී පස්පව්වලින් වළකින්න ඕන.
වශීවල වැදගත් දේ මේකයි. දිෂ්ටි ටික කියලා ඉවර වුණා. ඒ දිෂ්ටි නවත්තලා තමයි වශී මන්තරෙන් මතුරන්න ඕන. ඒ දිෂ්ටි නවත්වන්න ජපකරන මන්තරත් හත්වර, විසිඑක්වර, කියන්න ඕන. ඒ වගේම තමයි ගෙන්නපු දිෂ්ටිය අරින එක. එහෙම නොකෙරුවෙත් ඒ දිෂ්ටිය එහෙමම තියෙනවා. ඒක හොඳ නෑ. ඒකට වෙනම මන්තර තියෙනවා.
අන්තිමට කරගත්තෙ යන්ත්‍ර ප්‍රාණය කිරීම. යන්ත්‍ර වැඩ කරන කොට ප්‍රාණපුට කිරීම. ඒත් කරපු ඒවට ප්‍රාණයක් දීම. ඒක නොකළොත් ඒ යන්ත්‍රයේ ජීවයක් නෑ. එතැනින් පස්සෙ තමයි දෙවියන්ට පිං දීලා ගුරුකමේ වැඩ අවසන් කරන්නේ.