වසන්තය_සමග_හිනැහී_මරුද_සිටියා!

NEWS1

Member
Mar 16, 2011
712
59
0
ජීවිතයේ තරුණ කාලය මොන තරම් පිවිතුරුද? මොන තරම් සුන්දරද? මොන තරම් අවිහිංසකද? මේ හැම සුබ ලකුණක්‌ම, මේ හැම වටිනාකමක්‌ම ඔවුන්ගේ ආදර කතාව තුළ නොඅඩුව තිබුණා. දෙදෙනා දෙමාපියන්ගේ ආශිර්වාදය මැද නම් ප්‍රසිද්ධ කර, එක වහලක්‌ යට ජීවත්වන්න ඇඟිලි ගනිමින් පෙරමඟ බලා සිටියේ විරාඡ්ගේ විශ්වවිද්‍යාලයේ කටයුතු සියල්ල අහවර වනතුරු. 2012 මැයි මාසයේ එක වහලක්‌ යටට එන්න සියල්ල සූදානම් වුණේ ඒකයි....

ඒත් මේ ආදරයට කිසි වැට කඩුල්ලක්‌ තිබුණේ නැහැ. සාම්ප්‍රදායිකව ජීවිතය හෝ ආදරය දිහා බලන්න මොවුන්ට වුවමනාවක්‌ තිබුණේත් නැහැ. ආදරය මැදින් ඔවුන් ජීවිතයට ගලාගෙන යන්න දුන්නේ සුන්දර මිටියාවතක්‌ ඔස්‌සේ හැඩ ගමනින් ගලාගෙන බහින රුවැති ගංගාවකට වගේ. ඒa ගංගාව රිසි සේ පහත් තැනින් ගලාගෙන ගලාගෙන පහළට ඇදී ගියා. යොවුන් ආදරයේ මිහිර මෙන්ම තරුණ වියේ නිදහස අප්‍රමාද ලෙස ඔවුන් භුක්‌ති විඳින්නට පටන් ගත්තේ ඒකයි. දෙදෙනාම යමක්‌ කමක්‌ තේරෙන වයසේ සිටි නිසාත්, දෙදෙනාම ආදරය කරන උගත් දෙදෙනකු බැවිනුත් දෙමාපියෝ කිසි විටෙකත් ඔවුන්ට බාධාකාරී ලෙස තීරණ ගත්තේම නැහැ
.
 

NEWS1

Member
Mar 16, 2011
712
59
0
පසුගිය 16 වැනිදා මේ නව යොවුන් ආදරවන්තයෝ දෙදෙන තම තමන්ගේ හිතවතුන් හිතවතියන් පිරිසක්‌ සමඟ නිදහසේ වසන්ත සමයේ සිරිසුව විඳින්න පුංචි එංගලන්තයට ගියේ එහෙමයි.

විරාඡ් - අමාලි ඇතුළු මේ තරුණ තරුණියන් පිරිස නුවරඑළියේදී නවාතැන් ගත්තේ පුංචි නිවාඩු නිකේතනයක. වසන්ත සමයේ සුන්දරත්වය මෙන්ම සුවදායක බව රිසිසේ විඳිමින් ඔවුන් අප්‍රමාණ ලෙස විනෝද වෙන්නට පටන් ගත්තා. පරිසරයේ සුවදායක බව ඔවුන්ට
රුකුල් දුන්නා නිසැකයි. නුවරඑළියේ අවට කඳුවැටිවල නිල්ල හමන සුළඟේ සිසිලස ඉහට ඉහළින් නැඟෙන හිරුගේ උණුසුම හැම අතින්ම පෙනෙන දසුන්වල මිහිරියාව ආදී මේ හැම එකකින්ම මේ තරුණ පිරිස මන්මත් වී සිටින්නට ඇති.

දිවා කාලය කෙමෙන් කෙමෙන් ඉක්‌ම ගොස්‌ සුවදායක ශාන්ත සවස්‌ කාලය එළැඹෙන විට මේ තරුණ පිරිස නිවාඩු නිකේතනයේ එළිමහනක එකතු වන්නට ඇති. බාබකියු උදුනක පිළිස්‌සෙන මස්‌ කෑල්ලක මාළු කෑල්ලක හෝ සොසේජස්‌ කරලක රස බලමින් උණුසුම් තේ හෝ කෝපි කෝප්පයක රස බලන්නට ඇති. උණුසුම තවදුරටත් සොයන සමහමරු පලහන ලද මස්‌ කැබැල්ලක්‌ සපමින් බීර බෝතලයක හෝ ඊටත් වඩා උණුසුම් මධුවිතක පහස සොයන්නටත් ඇති.

යහළු යෙහෙළියෝ මෙවන් උණුසුම් උදුනක්‌ හෝ ගිනිමැලයක්‌ වටා එක්‌රොක්‌වී අත්තල නඟමින් ගීයක්‌ දෙකක්‌ මුමුණන්නටත් ඇති.
 

NEWS1

Member
Mar 16, 2011
712
59
0
තරුණ තරුණියෝ මේ වසන්ත සුන්දර සමයේ සවස්‌ යාමයේ නුවරඑළිය වන් පරිසරයක විනෝද වන අයුරු ගැන අටුවා ටීකා කුමටද.... ඔවුන් එහි ඔවුන්ගේම ලෝකයක පැය කිහිපයක්‌ උණුසුම් වෙමින් සිටින්නට ඇති....

මේ උණුසුම් සාදය මැදියම් රැයේ නිමවන්නට ඇත්තේ පරිසරයේ ශීතල ඔවුන්ගේ හදටත් කීරිගස්‌වන තරමට දැඩි වූ නිසා බව නිසැකයි. නුවරඑළියට මැදියම් රැයේ ශීතල ගැන උවමන් කුමටද? අමාලි - විරාඡ්ට තව තවත් තුරුලු වන්නට ඇති. දෙදෙනාගේම හදවත්වල උණුසුම එක හදවතක්‌ සේ එකට එක්‌වන්නට ඇති.... එහෙත් පරිසරයේ ශීතල මකා දමන්නට ඒ උණුසුම ප්‍රමාණවත් නොවන්නටත් ඇති. තවත් මස්‌ කෑල්ලක්‌ මාළු කෑල්ලක්‌ සොසේජස්‌ කරලක්‌ පුළුස්‌සා ගත් බාබකියු උදුන ඔසවා ගෙනවිත් තම කුඩා කාමරයේ ඇඳ අසල තබාගෙන උණුසුම් වන්නට විරාඡ් සිතන්නට ඇත්තේ ඒ අනුවයි.

ඒත් දෙයියනේ ඒ උණුසුම ආත්ම ගණනක්‌ එකට පතාගෙන ආ තම අවිහිංසක ආදර කැදැල්ල මරු වසඟයට ගෙන යන්නට තරම් සැහැසි වේ යෑයි ඔහු මොහොතකටවත් නොසිතන්නට ඇති....

ඔවුන්ට හිමි පුංචි කාමරයේ සයනය මත එකට ගුලිවී බාබකියු උදුනේද උණුසුම ලැබ ශීතල පලවා හරින්නට උත්සාහ කරමින් නිදි දෙව්දුව සොයා ගිය මේ සොඳුරු ආදරවන්තයන්ගේ අවසන් සිහිනය ඉටු නොවූයේ ඇයි.... සැබෑ නොවූයේ ඇයි.... නිදි දෙව්දුව සොයා යහන්ගත වූ මේ දෙදෙනා පිළිගැනීමට එහා කෙළවරේ ඇය නොසිටියේ ඇයි.... ඇය වෙනුවට මාරයාගේ දියණිය සිය රුදුරු නිය විහිදුවමින් දෑස්‌ විලිස්‌සමින් වියරුවෙන් සිනාසෙමින් බලා සිටින්නට වූයේ ඇයි....
 
Last edited:

NEWS1

Member
Mar 16, 2011
712
59
0
තවත් සුන්දර පෙම් පුවතක අවසානය එසේ අසුන්දර අවාසනාවන්ත නිමේෂයකින් කෙළවර වූයේ උණුසුම සොයන කාට කාටත් ඉතා වැදගත් එහෙත් නොදන්නා කතාවක අලුත් ප්‍රවේශයක්‌ පාඩමක්‌ ලෙස ගෙනහැර පාමිනි..... ඒ ගැන මට අලුත් විස්‌තර කිහිපයක්‌ කියා දුන්නේ නුවරඑළිය නගරාධිපති චන්දන කරුණාරත්නයි.

මේ තරුණ යුවළ මුහුණදීල තියෙන්නේ ඉතාම අවාසනාවන්ත සිද්ධියකට. මේක හරිම කනගාටුදායක අකල් මරණයක්‌. මෙයාලට මරු කැඳවලා දුන්නේ මෙයාලගේම නොදන්නාකම... නොසැලකිල්ල.... මේ විදියට නුවරඑළියට එන සමහර අය නොදන්නාකම නිසා අනතුරට පත්වෙනවා.

වසන්ත සමයේදී විනෝද වන්න නුවරඑළියට එන සමහරු පුංචි පුංචි බාබකියු ලිප් පාවිච්චි කරනවා. තමන්ට වුවමනා මස්‌ කෑල්ලක්‌, මාළු කැල්ලක්‌, සොසේජස්‌ කරලක්‌ තමන්ම පුළුස්‌සාගෙන කනවා. මේ සඳහා සකස්‌ කළ අලුත් පන්නයේ බාබකියු ලිප් අද නුවරඑළියේ තියෙනවා. ඉතා පහසු මිලකට මිලදී ගන්නත් පුළුවන්. මේ ලිප්වලට යොදල තියෙන්නේ ගල් අඟුරු.
 

NEWS1

Member
Mar 16, 2011
712
59
0
නුවරඑළියේ අය ගෙවල් හදන්නේ හෝටල් හදන්නේ පිටත සීතල ඇතුළට නොඑන විදියට. පිටතින් වා කවුළු ඇතුළට තියන්නේ නැහැ. එහෙම කාමරයකට අර වගේ ගල්අඟුරුවලින් ඇවිලෙන උදුනක්‌ ගෙනත් තියල දොර වහගත්තාම වෙන්නේ ඉතාම ඉක්‌මනින් කාමරය ඇතුළේ තියෙන ඔක්‌සිජන් ටික අර ගල්අඟුරු මගින් උරාගෙන දහනය කරන එකයි. ඊළඟට ඒ අඟුරු ඔක්‌සිජන් දහනය කරල පිට කරන්නේ කාබන් මොනොක්‌සයිඩ්, කාබන්ඩයොක්‌සයිඩ් වැනි ශරීරයට අහිතකර වායු වර්ග කිහිපයක්‌. මේ කාමරයටත් වෙලා තියෙන්නේ ඒකයි. පිටතින් වායුවක්‌ ඇතුළට එන්න ක්‍රමයකුත් නැහැ. පැයකින් විතර ඇතුළේ ඔක්‌සිජන් ඉවර වුණා. විෂ වායුව කාමරයට පිරුණා. මේ දෙදෙනා අවාසනාවන්ත ලෙස උදේ වන විට සයනයේම මියගොස්‌ සිටියා....

මම කියන්නේ නුවරඑළියට එන අය මාධ්‍යවලින් මේ ගැන දැනුවත් වෙන්න ඕන... කාමරවල තියනවා සෞඛ්‍ය ආරක්‍ෂිත ගිනි උදුන්. පුළුවන් තරම් ඒවා පාවිච්චි කරනවා මිස වෙන වෙන විකල්ප ක්‍රම නොසෙවිය යුතුයි.
 

NEWS1

Member
Mar 16, 2011
712
59
0
විරාඡ්ලාගේ අමාලිලාගේ ෙ€දවාචකයෙන් පසු නුවරඑළියේ මම දන්න කිහිපදෙනකුටම කතා කළා. ඒ හැමෝම කිව්වේ හරි පුදුම කතාවක්‌...

ඔය වගේ මරණ නුවරඑළියට අමුතු දේවල් නොවෙයි. ඕවා හැම කාලෙම වෙනවා. මීට කලිනුත් වෙලා තියෙනවා.... නොදන්නාකම නිසා....

මරණය අප කරා මොන මොහොතේ ළඟාවේද කියා අපි නොදන්නා බව ඇත්ත. අමාලිට විරාඡ්ට වුණත් වෙලා තිබුණේ ඒක වෙන්න ඇති.... එහෙමය කියලා මේ ප්‍රශ්නවලට විසඳුමක්‌ ඇත්තෙම නැද්ද....

පිටතින් වාතය ඇතුළට නොඑන කාමර ඇති හෝටල් තවම නිරුපද්‍රිතව නුවරඑළියේ තිබෙනවා නොවේද? අහිතකර වායු වර්ග පිට කරන බාබකියු උදුන් තවම නුවරඑළියේ වෙළෙඳපළවල විකුණන්නට තිබෙනවා නොවේද?.... මේ සියල්ල මෙසේ සිදුවෙද්දී අපි තවමත් දොස්‌ කියන්නේ නොදන්නාකමට....

විරාඡ් හා අමාලි පතාගෙන ආ අයුරින් පසුගිය 18 වැනිදා මුළු යක්‌කලම හඬවා එකම කනත්තකදී අවසන් ගමන් ගිය බව මට අසන්නට ලැබුණා. ඒ තමයි ඔවුන්ගේ ආදර අන්දරයේ අවසානය. ඒ අවසානය නව ආරම්භයක ප්‍රවේශයක්‌ විය යුතුය කියලයි මට හිතුණේ.
 

NEWS1

Member
Mar 16, 2011
712
59
0
අපි හිතන්න ඕන නුවරඑළිය ගැන.... වසන්ත සමයට නුවරඑළියට එන සිය දහස්‌ ගණනක්‌ ජනතාවට කෑම බීම ආහාරපාන උණුසුම රාත්‍රි නවාතැන් සපයා ජීවත්වෙන අය හුඟක්‌ ඉන්නවා තමයි.... ඒක එහි යන අප හැමෝටම පහසුවක්‌ වනවාත් තමයි. ඒක ඇත්ත. ඒත් මේ ආකාරයේ නොදන්නා දේවල් ගැන කියාදෙන වැඩපිළිවෙළකුත් නුවරඑළියට අවශ්‍යමයි. එහෙම නැතිනම් කරන්න වෙන්නේ අර වගේ වායු සමීකරණ ක්‍රමවේද නැති කාමර තිබෙන හෝටල තහනම් කරන එක. ඒත් නැත්නම් අහිතකර වායු පිටකරන මෙවැනි ගිනි උදුන් ගැන මීට වඩා තද පියවරක්‌ ගන්නා එක. ඒත් මේ කිසිවක්‌ ජනතාවගේ යහපතට වන දේවල් මිස කැකිල්ලේ තීන්දු විය යුතු නම් නැහැ කියලයි මට අන්තිමේ හිතුණේ.

විස්‌තර හා පින්තූර
වැලිවේරිය - ලක්‍ෂ්මන් පයාගල

බුලිත ප්‍රදීප් කුමාර
 

NEWS1

Member
Mar 16, 2011
712
59
0
මුළු ලිපියම එක තැන දාන්න බැරිඋනා .
මොකද හරියට පෙන්නේ නැති නිසා
කාට හරි අපහසුත්වක් උනානම් සමාවෙන්න

උපුටා ගත්තේ දිවයින පත්තරරෙන්​
 

NEWS1

Member
Mar 16, 2011
712
59
0
machan pehedili ne ne...
mokak..merila?
kawda? mokak hethuwenda?

පොස්ට් එක මුලදී හරියට වැටුනේ නැහැ .
දැන්නම් ටිකක් විතර හරි ගියා
එකයි මුලදී පැහැදිලි නැති උනේ