ජීවිතයේ තරුණ කාලය මොන තරම් පිවිතුරුද? මොන තරම් සුන්දරද? මොන තරම් අවිහිංසකද? මේ හැම සුබ ලකුණක්ම, මේ හැම වටිනාකමක්ම ඔවුන්ගේ ආදර කතාව තුළ නොඅඩුව තිබුණා. දෙදෙනා දෙමාපියන්ගේ ආශිර්වාදය මැද නම් ප්‍රසිද්ධ කර, එක වහලක් යට ජීවත්වන්න ඇඟිලි ගනිමින් පෙරමඟ බලා සිටියේ විරාඡ්ගේ විශ්වවිද්‍යාලයේ කටයුතු සියල්ල අහවර වනතුරු. 2012 මැයි මාසයේ එක වහලක් යටට එන්න සියල්ල සූදානම් වුණේ ඒකයි....
ඒත් මේ ආදරයට කිසි වැට කඩුල්ලක් තිබුණේ නැහැ. සාම්ප්‍රදායිකව ජීවිතය හෝ ආදරය දිහා බලන්න මොවුන්ට වුවමනාවක් තිබුණේත් නැහැ. ආදරය මැදින් ඔවුන් ජීවිතයට ගලාගෙන යන්න දුන්නේ සුන්දර මිටියාවතක් ඔස්සේ හැඩ ගමනින් ගලාගෙන බහින රුවැති ගංගාවකට වගේ. ඒa ගංගාව රිසි සේ පහත් තැනින් ගලාගෙන ගලාගෙන පහළට ඇදී ගියා. යොවුන් ආදරයේ මිහිර මෙන්ම තරුණ වියේ නිදහස අප්‍රමාද ලෙස ඔවුන් භුක්ති විඳින්නට පටන් ගත්තේ ඒකයි. දෙදෙනාම යමක් කමක් තේරෙන වයසේ සිටි නිසාත්, දෙදෙනාම ආදරය කරන උගත් දෙදෙනකු බැවිනුත් දෙමාපියෝ කිසි විටෙකත් ඔවුන්ට බාධාකාරී ලෙස තීරණ ගත්තේම නැහැ.