වසන්තව_මරලා

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,739
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    යකෝ අපි වලත්තයෝ නෙමේ.. ඒක මේ නිකන් එදා ආතල් එකට කලේ... සෙල්ලම ලෙල්ලම උනා අන්තිමේ:dull:
    සෙල්ලම ලෙල්ලම උනා අන්තිමේ

    dawasak mamai, mage gf, ape akka, eyage husband bus eke awa.. bahinna yanakota ekek akkage kakulen allala.. uth beela hitiye.. antimata uta dunna weri hedennama.. bus eke issaraha hitapu ekek thama uta dunne munatamai gehuwe.. passe aiya bus ekata negala uta ayeth keliya..
     

    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    radio එකේ කිව්වා බන් army Special Force එවුන් set එකක් ගෙන් ප්‍රශ්න කරනවා කියලා උන්නම් සීනි බෝල ලෝල්ලෝ නෙමේ බන් :lol: LOL

    ප්‍රොෆෙෂනල් ලෙවල් එකක් තියෙනවලුනෙ බන්. මූට අනුව ඒ ලෙවල් එකේ නැතුව ඇති බන් ආපු උන්. රෑට පොල් කඩන්න ගිය ගමන්ලුනේ ඇවිල්ල තියෙන්නේ. මටත් කොටයිද දන්නේ නෑ ප්‍රො ලෙවල් එකෙන්.:lol:
     

    Elakiri Pora

    Well-known member
  • Feb 7, 2012
    1,158
    380
    83
    ලක්බිම/ලoකාදීප
    කැලැත්තැවෙ සොයිසා ගැන දන්න කෙනෙක් කියපන්කො.මන් අදමයි ඔය නම ඇහුවෙ

    දොස්තර ඇල්ෆ්‍රඩ් සොයිසා නොහොත් කැලැත්තෑවේ සොයිසා

    පිනි අහුරු හිම කැටමෙන් පොළොවට පතිතවන ඉරිමා උදෑසනක පුංචි කොලු පැටියෙක් පොත් ටිකද තුරුළු කොට අතින් ගෙන දිවගියේ පාසල් යාමට ය. හැමදාම පොල්රුප්පාව මැදින් විහිදුණු අඩිපාරේ දිවයන පොඩි එකාට එදා මුහුණ පාන්නට සිදුවන්නේ සිත් රිදවන සුළු අකරතැබ්බයකට ය.

    “මීට පස්සේ මේ වත්ත උඩින් යන්න ගියොත් අඬු කඩනවා.” වැඩිහිටියාගේ තර්ජනාංගුලිය පොඩි එකා වෙත එසවෙන්නේ කෝපයෙන් යුතුව ය. කඳුළු පිරුණුු දෑසින් යුතුව තැතිගෙන ගෙදරට ආපසු දිව ගිය පොඩි එකා අම්මාගේ ඇඳීවතේ එල්ලීගෙන ඉකි බිඳින්නට වන්නේ ය. ඇයද මහත් වේදනාවෙන් තම පුත්‍රයා සිප සැනසුවාය.

    “ඇයි අම්මේ මට බැන්නේ එයා” කඳුළු අතරින් දරුවා විමසුවේය.

    “අපි දුප්පත් හින්දනේ පුතේ” අම්මා සුසුම් හෙළමින් ආදර බසින් සැනසුවාය.

    දුප්පත්කමේ ආදීනව කොතරම් ද යන්න ඔහු බාල වියේදීම සිතට ගත්තාය.

    “මම කවදාහරි පෝසත් වෙලා මේ ඉඩම් සල්ලි වලට ගන්නවා.” පුංචිකමට එතරම් දැඩි බවකින් ඒ ළපටි සිත පිරී ගියේය. පසු කලෙක ඔහු එය මිලට ගත්තේය. සොයිසා කෙනෙකුට අයත්ව තිබූ එම ඉඩම මැදින් ගිය දිනෙක ඔහු බැනුම් ඇසුවේය. ඔහුද සොයිසා කෙනෙකි. වෙනසකට තිබුණේ දුප්පත් කම පමණි. එහෙත් මෙරට සොයිසා පරපුර ඉතා ධනවත් පරම්පරාවක්ව සිටි බව කවදත් ප්‍රකටය.

    කෙසේ වුවද නැති බැරිකම බාධකයක් කොට නොගත් මේ කොළු පැටියා අධිශ්ඨාන ශීලීව ජීවිතය ජය ගත්තේය. 1940 වසර වන විට මෙරට අධ්‍යාපනය හමාර කළ ඔහු ඇමෙරිකාව බලා පිටත්ව ගියේ වැඩිදුර අධ්‍යාපනය ලැබීමේ අරමුණ ඇතිවය. 1915 වසරේදී කොළඹ - මීගමුව පාරේ කඳාන නගරාසන්යේ නාගොඩ ග්‍රාමයේ උපන් එළියාදුර ඇල්ෆ්‍රඩ් සොයිසා තරුණයා යළි සිරිලකට පා තබන්නේ කෝටිපති වෛද්‍යවරයෙකු ලෙසින්ය.

    වසර දෙකක් පුරා රජයේ වෛද්‍ය සේවයට තම මෙහෙවර ඉටුකළ ඔහු නොබෝ කලකින්ම රජයේ සේවයට ආයුබෝවන් කියමින් ගම්පහ දෙල්ගොඩ නගරයේ වෛද්‍ය සායනයක් ඇරඹුවේ ය. යහමින් මුදල් ඉපයීමට ආශාව ඔහු තුළ කැකෑරෙමින් තිබීම නිසාම ඔහු විසින් පෞද්ගලික ඩිස්පෙන්සරියක් මෙලෙස ආරම්භ කරන්නට සිතුවා විය හැකිය.

    එලෙස වසර 16 ක් පුරාම තම වෛද්‍ය සායනය පවත්වාගෙන ගිය වෛද්‍ය සොයිසාට විවිධ තරාතිරමේ පුද්ගලයන් මෙහිදී ඇසුරු කරන්නට ලැබීම ඔහුගේ අනාගත ඉරණම සැලසුම් කරන්නට මඟ පෑදුවේ ද යන්න දෛවෝපගත සිදුවීමක් වූයේ එලෙසය. මෙවන් නානාප්‍රකාර සමාජ තරාතිරම් වල මිනිසුන් අතර ඔහුට මුණ ගැසුණු, ඒ කාලයේ නම ගිය අපරාධකරුවන් ද බොහෝමයක් විය. ගම්පහ වැලිවේරිය වැනි ප්‍රදේශ වල නම්දරා සිටි අපරාධකරුවන් හා ඇසුරට වැටී සොයිසා ඔවුන් හා කුළුපඟ ඇසුරක් ගෙන යන්නට සමත් වූහ.

    ගම්පහ ඩැනී, රාගම ජයලත්, රදාවානේ ජයවර්ධන , කිරිඳිවැල නෙල්සන්, කඳානේ පොට්ට ජෝශප් වැනි එකල නම ගිය අපරාධකරුවෝ ඒ අතර සිටියහ. මෙම බොහෝ අපරාධකරුවන් කිනම් හෝ අපරාධයක යෙදී සිටියදී තුවාල ලද විට රහසිගතව සොයිසා වෙත පැමිණ ප්‍රතිකාර ගැනීමට පුරුදුව සිටියේය. ඔහු අපරාධකරුවන් හා ඇසුරට වැටුණේ එම වෛද්‍ය ප්‍රතිකාර හරහාය.

    1958 වසර පමණ වන විට සැලකිය යුතු ධනස්කන්ධයකට හිමිකම් කියූ වෛද්‍ය සොයිසා ට ඒ වන විට ප්‍රසිද්ධියත් ධනයත් බලයත් ගලා එමින් තිබිණි. කෙමෙන් වෛද්‍ය වෘත්තියට ආයුබෝවන් කියූ ඔහු ව්‍යාපාරික ලෝකයට අවතීර්ණ වීමට සිතුවේය. රේන්ද ව්‍යාපාර හෙවත් මත්පැන් තැබෑරුම් ව්‍යාපාරයට අත තැබූ ඔහුගේ ටෙන්ඩර් වෙන්දේසි පටිපාටියට ඔහුගේ ධනය හා බලය යෙදෙව්වේය. මෙවැනි ව්‍යාපාර හමුවේ ව්‍යාපාරිකයන් අතර දැඩි තරඟ කාරීත්වයක් ගොඩ නැගෙමින් තිබිණි.

    ඒනිසාම ඔහු මැරයන්ගේ පිහිට පැතූහ. මේ වන විට ඉහළ සමාජයේ නම් දැරෑ සුපතල චරිතයක් වූ “ඔසී කොරයා” ගේ ඇසුර ද සොයිසා ට නොඅඩුව ලැබිණි. මෙලෙස ආ ගමන් මඟ තුළ ඇල්ෆ්‍රඩ් සොයිසා තම ව්‍යාපාරික ලෝකය දික්විජය කරමින් තිබුණු අතර රේන්ද නැතහොත් මත්පැන් ව්‍යාපාරය තුළ ඉදිරියෙන්ම සිටි ඔහුගේ තැබෑරුම් ප්‍රමාණය පුත්තලමේ සිට අනුරාධපුරය දක්වා ව්‍යාප්ත කරගෙන තිබුණේය. සෙමින් කතා කරන ප්‍රසන්න පෙනුමක් ඇති ජැන්ඩියට අඳින පළඳින සොයිසා ට කා අතරත් සුහද

    පිළිගැනීමක් හා සමාජ තත්ත්වයක් නිරායාසයෙන්ම ගොඩනැගී තිබුණෙන් ඔහු විවිධාකාරයේ ව්‍යාපාර වලට අත ගැසුවේය. මෙකළ වන විට රජරට ගොවි බිම් ප්‍රතිසංස්කරණය කිරීමේ දැවැන්ත මෙහෙවරක් රජය විසින් ආරම්භ කළ යුගයක් විය. මේ නිසා ඔහු කැළෑ ඇස්වැද්දීමට අවැසි ට්‍රැක්ටර් බුල්ඩෝසර් හා කැටපිලර් කිහිපයක් මිලට ගෙන ඒවා කොන්ත්‍රාත් ක්‍රමයට යොදවමින් සාර්ථක ලෙස ලාබ ලැබුවේය. කලක් ගත වන විට එම ව්‍යාපාර අනුරාධපුර, පුලියන්කුලම කැලැත්තෑව, මහවැව හා ගල්කුලම වැනි ප්‍රදේශවල ද ව්‍යාප්ත කළ ඔහු එම කැළෑ ඉඩම්වල කඳවුරු බැඳ සේවකයන් ද එහි යෙදෙව්වේ පූර්ණකාලීන ව්‍යාපාරික ලෝකයේ කිරුළ දැරීමේ අභිප්‍රාය ඇතිව ය.

    කැලැත්තෑව ප්‍රදේශයේ රජයේ ඉඩම් අක්කර 400 ක් පමණ ලබාගත් හෙතෙම එහි ගොවිපොලක් ඇරඹුවේය. අනුරාධපුර නගර මාධ්‍යයේ තිබූ ඔහුගේ තැබෑරුම අසලම ඔහු තම කාර්යාලය පවත්වාගෙන යනු ලැබිණි. පිටතට පෙනෙන්නට නීත්‍යානුකූලව කටයුතු කෙරුණත් ඔහුගේ ව්‍යාපාර අතර හොර රහසේ කසිප්පු ජාවාරම ද ගංජා වගාවද ජයටම කරගෙන ගියේය. ඔහුගේ මේ සියලු ජාවාරම් වලට හොර රහසේ අනුබලදුන් අතිජාත ගෝලබාලයන් දෙදෙනෙකු සිටීම සොයිසාට මහත් අස්වැසිල්ලක් වන්නට ඇත. ජාඩියට මූඩිය සේ පෑහුණු විලී මාමාත් කළු ඇල්බට් යන සේවකයින් දෙදෙනා තම ස්වාමියා වෙනුවෙන් ඕනෑම දෙයක් කිරීමට සූදානම් වී සිටියහ. රාගම ප්‍රදේශයේ පදිංචිකරුවන් වූ විලීමාමා සහ කැලැත්තෑව ප්‍රදේශයේ ගොවියකු වූ කළු ඇල්බට් හා එක්ව “ලොක්කාගේ” මේ සියලු අබිරහස් දිවි හිමියෙන් රැකගනිමින් සුවච කීකරු සේවක දෙපලක් ලෙස කටයුතු කරමින් සිටියහ. මේ අතර ධනයෙන් බලයෙන් හා සමාජ තත්තවයෙන් අනුරාධපුර ප්‍රදේශයේ කිරුළු නොපළන් රජකු සේ මහත් අභිමානයෙන් තම තේජස විදහා පාමින් සිටි ඇල්ෆ්‍රඩ් සොයිසා ට ප්‍රදේශයේ දේශපාලනඥයෝ මෙන්ම පොලිසියේ උසස් නිලධාරීන්ගේ ද අවනත බවක් බොහෝ විට දක්නට ලැබුණේ මේ නිසා ය.

    එක්තරා දවසක රා රේන්දයක් තරඟ කාරී ලෙස වෙන්දේසි කිරීමේ දී යාපනයේ ද්‍රවිඩ ව්‍යාපාරිකයකු ද එයට ඉදිරිපත්ව සිටියේය.

    පරාජය භාර ගැනීමට අකමැති වූ සොයිසා කළේ මුදල් දී ව්‍යාපාරිකයා නිහඬ කිරීමය. එහෙත් එම මුදල් කන්දරාව රැගෙන නිරුපද්‍රිතව ගමෙන් පිටව යාමට ව්‍යාපාරිකයාට ඉඩ ලැබුණේ නැත. තම සහචරයන් යොදා අතරමඟදී ව්‍යාපාරිකයා මංකොල්ල කෑමට ද ඔහු ඉඩ සැලැස්වූයේය. ඔහු එම මංකෝල්ලය සැලසුම් කළේ මෝටර් රථයක් සොරකම් කර එම රථය මංකොල්ලය සඳහා යොදා ගනිමිනි. එම මෝටර් රථය එකල ජනපි‍්‍රය ක්‍රිකඩ් ක්‍රීඩකයෙකු වූ සී අයි සී ගුණසේකර මහතාට අයත් එකකි.

    එයින් නොනැවතුණු ඔහු තම ගොවිපළේ විශාල වලක් හාරා එය තුළට මෝටර් රථය දමා වැසුවේය. තව දුරටත් ඒ මත කුඹුරක් සාදා පැලක් තැනවූයේ මෝටර් රථයත් සමඟම එම රහසද වල පල්ලට ගියේ යැයි සිතාය. තම ස්වාමියාගේ විශ්වාසය දිනූ ගෝලබාලයින් දෙදෙනා හැරුණු විට ඔහු යටතේ සිටි තවත් සේවකයෝ කිහිප පොලක් සේවයේ යෙදී සිටියහ. තලංගම පදිචිකරුවකු වූ පී.කේ.ඩී. පෙරේරා ද කොටහේනේ පදිංචිකරුවකු වූ ජූලියස් සුන්දර සාගර ද සොයිසාගේ වැඩබිම්වල සේවය කළ අය වූහ.

    යම්තරමක උගත්කමක් ද ලබා තිබුණු පී.කේ. ඩී පෙරේරා යන අය ටික කලක් ගත වන විට සොයිසාගේ අපරාධ කටයුතු පිළිබඳ කිසියම් අකමැත්තකින් පසුවිය. එක්තරා දිනෙක ඔහු ගමට යාමට තම වැටුප් ඉල්ලා සිටියේය. මේ පිළිබඳව ඇති වූ යම් කතාබහකින් පසු අටදරු පියෙකු වූ පී.කේ.ඩී පෙරේරා අබිරහස් ලෙස අතුරුදන් විය. පසුව අනාවරණය වූ පරිදි ඔහුව විලී මාමාගේ වාඩියේදී කළු ඇල්බට් විසින් මෝල්ගසකින් හිසට පහර දී මරා පුළුස්සා දමන්නේ කිසිදු සාක්ෂියක් හෝ ඉතිරි නොකරමිනි. කාර්මික සහයක වූ ජූලියස් සන්දර සාගරට ද උරුම වන්නේ සාක්ෂි නැති මරණයක් පමණි. වැටුප් ඉල්ලා ගමට යාමට සූදානම් වුවහොත් කාට හෝ උරුම වන්නේ අවසන් ගමන යාමටය.

    එක් අතකින් එය ඔහුගේ “රාජධානියේ” රහස් අවශේෂ ලෝකයට කාන්දුවීම වැළැක්වීමට ඔහු විසින් සිතා මතාම ගත් තීරණයක් ද විය හැකිය. “හොඳින් බැරි නම් නරකින්” යන තේමාව පෙරදැරිව දිවි ගෙවූ ඇල්ෆ්‍රඩ් සොයිසා තමන් අතින් මරණ වරෙන්තුව ලැබූ බොහෝ දෙනෙකු මරා දැමුවේ ද කිසියම් සැලසුමකට අනුවය. ඇතැම් මිනිසුන් මරා දැමුණේ සර්ප විෂ ශරීර ගත කිරීමෙනි. උග්‍ර විෂ සහිත සර්පයන් ඔහු ළඟ සිරකරගෙන සිටියේ අවශ්‍ය මොහොතකදී ප්‍රයෝජනයට ගැනීමටය.

    උන්ට පහර දී ප්‍රකෝපකර මරා දැමීමට අවැසි කෙනෙක් වෙතොත් බලහත්කාරයෙන්ම එකී සත්වයා සිටින බඳුනට අත දැම්මවීම එක් ක්‍රමයකි. ඇතැම් අයකුට බලෙන් වස පොවා තිබූ අතර පසුව එල්ලා දමා තිබුණි. එවන් තිරස්චීන අපරාධයන් සිදු කරමින් “කළු අධිරාජ්‍යක” කිරුල දැල්වූ ඇල්ෆ්‍රඩ් සොයිසාගේ කල දසාව නරක් වීමට වැඩි කලක් ගත නොවීය. එම අතරතුර ඒ වාඩියේම වැඩපළ කළ නවක සේවකයකු වූ ජයසේන නමැති තරුණයා පී.කේ.ඩී. පෙරේරා තරුණයා මරාදමනු ඇස් දෙකෙන්ම දුටුවා ය. එයින් බියට පත්වූ ඔහු රැකියාව හැරදමා යාමට හිතා ගත්තේය. කෙසේ හෝ පූරුවේ පිනකට ජයසේනට ගෙදර යෑමට හැකිවූයේය. වැඩි කතාබහක් නැති තමන්ගේ පාඩුවේ කල දවස ගෙවූ ජයසේන ගැන කිසිවකු එතරම් තැකීමක් නොකළ නිසා ඔහුගෙන් තමන්ට හානියක් නොවන බවට ඇල්ෆ්‍රඩ් සොයිසා සිතන්නට ඇත. පසු කලෙක නඩු විභාග වලදී ප්‍රබල සාක්ෂියක් වූයේ ජයසේනය.

    මෙලෙස තම ධනය බලය යොදවාගෙන අමු අමුවේ තමන්ට එරෙහි වූ මිනිසුන් මරා දැමූ ඇල්ෆ්‍රඩ් සොයිසා ට තම ඉරණමට තමන්ට එරෙහිව ද දිනයක් එන බව ඔහු නොදත්තේය. අනුරාධපුර ප්‍රදේශයේ නිවෙසක් තනා තම අනියම් බිරියත් සමඟ සුහද දිවියක් ගත කළ ඔහු නිතරම සුදු පැහැති කොට කලිසමකින් හා ටීෂර්ට් එකකින් සැරසී බූට් සපත්තු පැළැඳ ඩබල් බැරල් ගිනි අවිය පිටෙහි එල්ලාගෙන තම ගොවිපොළ වටා නිතර ඇවිදනු දකින්නට හැකිවිය.

    පොලිසියේ ඇතැම් ලොක්කන් සොයිසා සමඟ එකට විස්කි බිව්ව ද පොලිසියට බැඳුණු අලුත් නිලධාරියෙකු සමඟ සොයිසාගේ ගැටුම ඉතා ප්‍රබල විය. නලින් දෙල්ගොඩ නම් පොලිස් නිලධාරියා සොයිසාගේ කසිප්පු ගුදමට දැල එලන තුරු කිසිවකු එයට අත නොතැබීමට තරම් ප්‍රවේසම් වූහ. මෙයින් නාගයකු සේ කිපී සිටි සොයිසා තරුණ පොලිස් නිලධාරියා වනසා දැමීම සඳහා තුන් හතර වතාවක්ම උපක්‍රම යෙදුවේය.

    වරෙක ඔහුගේ යතුරු පැදිය වාහනයක ගැටීමට සලසා ඔහු මරා දැමිමට සැලසුම් කළ ද ඒ හැම එකක්ම ව්‍යවර්ථ විය. මේ වන විට මෙම අපරාධ පිළිබඳ රහස් පොලිසියට ඉව වැටී තිබුණේය. ක්‍රමයෙන් බොහෝ අපරාධ පිළිබඳ විමර්ශන කටයුතු ආරම්භවීමත් සමඟ ඇල්ෆ්‍රඩ් සොයිසාගේ මහා අධිරාජ්‍ය දෙදරා බිඳී යෑමට පටන් ගත්තේය. සන්දර සාගරගේත් පී.කේ.ඩී. පෙරේරාගේත් පවුල් වල අය ඔවුන් සොයමින් හැඬූ කඳුළින් පසු වෙද්දී සොයිසා කියා සිටියේ තමන්ද ඔවුන්ව සොයමින් සිටින බවයි.

    කෙසේ හෝ අපරාධයක් සදා වසන් කර තැබිය නොහැකිය යන්න සනාතන දහම අනුව එකී දෙදෙනාගේ ඝාතනවලට වගකිව යුතු බව බල පරාක්‍රමයෙන් ප්‍රමුදිතව සිටි දොස්තර ඇල්ෆ්‍රඩ් සොයිසා පොලිස් අත්අඩංගුවට පත්වූයේ දෙවියන්ගේ කැමැත්ත පරිදිය. සොයිසා පොලිස් අත්අඩංගුවට පත්වීමෙන් පසු ඔහුට විරුද්ධව සාක්ෂි දීමට ඉදිරිපත්වන්නේ ඔහු යටතේ සේවය කර පසුව ඉන් ඉවත්ව ගිය සේවකයන්ම වීම සුවිශේෂී කරුණක් විය. ඔහුගේ ධන බලයට ඔහු එළිපිට සිටියදී විරුද්ධවීමට බියේ සිටි සියලු මිනිසුන් පසුව ඔහුට විරුද්ධව තමන් දන්නා දේ කීමට ඉදිරිපත් වූයේ වැල නොකැඩීය.

    වසර 10 ක් පුරා ආසන්න කාලයක් සිය කැලැත්තෑව රාජධානිය තුළ සිදු කළ මිනිස් ඝාතන එකිනෙක එළියට ඇදෙන්නට විය. තම සේවක පී.කේ.ඩී. පෙරේරාගේ ඝාතනය සිදුකර එතැනට ඩීසල් දමා පුළුස්සා තිබූ බවට සාධක මතුවිය. රස පරීක්ෂකවරයා විසින් එම ස්ථාන පරීක්ෂා කර බලා එහි පස හා ඩීසල් මිශ්‍රව තිබීම නිසා ඒ බව අධිකරණයට හෙළිකරන ලදී. ඒ අනුව ලබාගත් සාක්ෂි හා තොරතුරු 1966 නොවැම්බර් 18 වන දින මධ්‍යම රාත්‍රියේදී පී.කේ.ඩී පෙරේරා ඝාතනය කර පුළුස්සා දමන ලද බවට පැමිණිල්ල විසින් සැකයකින් තොරව හඳුනා ගන්නා ලදී.

    සන්දර සාගර ඝාතනය කළ ස්ථානය සොයා ගැනීමට විමර්ශන කණ්ඩායම බලවත් වෙහෙසක් දැරූ අතර එය එතරම් සාර්ථක නොවූ නිසා නඩු විභාගයේදී එය ඔප්පු කිරීමට තිබූ බලවත්ම බාධකය වූයේ එයයි. මෙම ස්ථානයේ තිබී හමුවූ හම්පටියක කොටස් ගලපා සැදු සම්පටියකින් නිර්මාණය පෙන්වන ලදුව සාක්ෂි දෙමින් හැඬූ කඳුළින් යුතුව එය තම පියාගේ බවට හඳුනාගත්තේ පී.කේ.ඩී පෙරේරාගේ වැඩිමහල් පුත්‍රයා වූ සුමනදාස ය. මෙහිදී ඉතා දැඩි පරිශ්‍රමයන් දරා පෙරේරාගේ ඝාතනය සියැසින් දුටු “ජයසේන” සොයා ගනු ලැබුවේ 1967 අපි‍්‍රයෙල් 15 වැනි දිනකදී රත්නපුර ප්‍රදේශයේ කඩයක වැඩ කරමින් සිටියදීය. එය විමර්ශකයන්ට ප්‍රබල ජයලග්‍රහණයක් වූයේ ඔහුගේ සාක්ෂිය ඉතා බරපතළ එකක් වූ නිසාය.

    ඒ අනුව පී.කේ.ඩී. පෙරේරා සහ ජූලියස් සන්දර සාගර යන දෙදෙනා ඝාතනයට කුමන්ත්‍රණය කිරීම, ඝාතනයට අනුබල දීම හා ඝාතනය කිරීම යන චෝදනා ගොනු කරමින් පොලිසිය විසින් විත්තිකරුවන්ට විරුද්ධව අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරන ලදී.

    පහළ උසාවියේ පැවති නඩු විභාගය සඳහා සොයිසා ට විරුද්ධව සාක්ෂි 200 කට අධික ප්‍රමාණයක් ඉදිරිපත්වී තිබිණි. තම යටහත් සේවකයන් විසින්ම තමන්ට එරෙහිව චෝදනා ගොනු කරන අයුරු ඉතා සන්සුන් ඉරියව්වෙන් යුතුව ඇල්ෆ්‍රඩ් සොයිසා බලා සිටියේ විත්ති කූඩුවේ සිටය. ඇතැම් විට තම ධනය බලය යොදා ප්‍රබල සාක්ෂිකරුවන් තමන් අතට ගැනීමට සොයිසා සැලසුම් කළද ඒවා ව්‍යවර්ථ වූයේය. දොස්තර සොයිසාගේ බලවත්කම කෙසේද යත් ඔහු අනුරාධපුර රිමාන්ඩ් බන්ධනාගාරයේ ගතකළ කාලය තුළ පවා නිදැල්ලේ ගත කිරීමට ලැබුණේ නිලධා

    රීන්ගේ ගැති බව නිසාය. විස්කි බ්‍රැන්ඩි බොමින් බන්ධනාගාරය තුළ ඔහු ගෙවන දිවිය අනාවරණය වීමෙන් පසු විශේෂ පරීක්ෂණයක් පවත්වා තත්ත්වය වෙනස් කිරීමට කටයුතු යෙදුණු අතර දූෂිත නිලධාරීන්ගේ සේවයද අත්හිටුවීමට සැලසීය. සොයිසාවද අනුරාධපුරයේ සිට බෝගම්බර හිරගෙදරට මාරු කරන ලදී.

    1970 මැයි මස 12 වැනිදින මාස 06 ක් පුරා පැවති නඩු විභාගයකින් පසු ජූරියේද තීන්දුව මත පී.කේ.ඩී පෙරේරා ඝාතනය කිරීම සම්බන්ධයෙන් විත්තිකරුවන් වරදකරුවන් කරන ලදී. ඒ අනුව එළියාදුර ඇල්ෆ්‍රඩ් සොයිසා නොහොත් දොස්තර සොයිසා, පියතාරගේ අරනෝලිස් නොහොත් පියදාස නොහොත් කළු ඇල්බට් ද, වැලිසරගේ විල්සන් ප්‍රනාන්දු යන විත්තිකරුවන්ට දඬුවම් නියම විය. ඔහු මහාධිකරණ තීන්දුවෙන් පසු ඇපැලක් ඉදිරිපත් කළ ද තීන්දුව එය ම විය.

    ඉන්පසු අඳුරු මරණ දඬුවම් කුටිය තුළ දෙවියන් යදිමින් කාලය ගත කළ දොස්තර සොයිසා කළ පව් ඔලෝගුවද පොදි බැඳගෙන 1971 ජනවාරි 05 වැනිදා හිමිදිරි උදෑසන 08.05 ට මරණීය පෝරකයට පා තැබුවේ කතෝලික ආගමේ සුප්‍රසිද්ධ ගීතිකා ද මහ හඬින් කියමිනි. දොස්තර ඇල්බට් සොයිසා මරා දමා හරියටම දින 05 න් කළු ඇල්බට් නොහොත් අරනෝලිස් අප්පුට ද නියම කළ මරණීය දණ්ඩනය නියම විය. විලී මාමා නොහොත් වැලිසර ලියන්ගේ විලියම් ජීවිතාන්තය දක්වා සිරගෙට නියම වූයේ ඔහුගේ වියපත් බව හා රෝගී බව ගැන සානුකම්පිතව සලකාය. 1983 වර්ෂයේදී ඔහු අවසන් හුස්ම හෙළුවේ සිරගෙදර දඬුවම් විඳිමින් සිටියදීමය.

    ධනය බලය තම ආත්මය කරගනිමින් මිනිස් ජීවිත තුට්ටුවකට මායිම් නොකරමින් තම අසම්මත රාජධානිය තුළ ඔටුණු පළඳිමින් ජීවිතයේ ආශ්වාදය සෙවූ දොස්තර සොයිසාට සියලු දේ අතහැර දමමින් බියකරු මරණය මතක් වෙද්දීය. කෙතරම් අපරාධ කළ ද බියගුළු මිනිසකු වූ ඔහු පොලිසිය අත්ඩංගුවට පත්වන විට ජනේලයකින් පැන දිවගොස් සැඟවුණේ අසල නිවෙසක ඇඳක් යටය. ඉන් ඉවතට ගන්නා විට මළ මුත්‍ර පහවී ඇඳුම් අපවිත්‍රවී තිබුණු බව පැවසේ.

    මහත් උත්සාහයෙන් ජීවිතය ඇරඹූ දොස්තර සොයිසා ධන කුවේරයෙකු සේ ජීවිතය ජය ගත්තේය. එහෙත් ධනයම ජීවිතය කරගත් ඔහු අවසානයේ මනුශ්‍යත්වය පළවා හැරි අමනුශ්‍යයකු සේ වියරුව කටයුතු කිරීම නිසා ඔහුගේ අවසානය සැබෑ ලෙස ඛේදාන්තයක් විය. එවන් මිනිසකු තුළ සිදුවූ මෙවන් විපර්යාසය සමාජ විද්‍යඥයින්ට අදටත් විසඳිය නොහැකි ගැටලුවක් නොවනු නොඅනුමානය.

    කැලැත්තෑවේ ද්විත්ව මිනීමැරුම හා එම මිනීමැරුම හා බැඳුණු නඩු විභාගය ශ්‍රී ලංකා අපරාධ ඉතිහාසයේ සුවිශේෂි ස්ථානයක් හිමිකර ගන්නකි. ඉතා සංවිධානාත්මකව සිදුකළ අපරාධ රැසක සුලමුල මෙමඟින් අනාවරණය වීමත් මෘත ශරීරයක් නොමැතිව මිනීමැරුම් චෝදනා අධිකරණය හමුවේ ඉදිරිපත් කර චූදිතයන් පෝරකයට රැගෙන යාමටත් මෙම අපරාධ විමර්ශනය කළ නිලධාරීන්ට හැකිවිය.


    Source : Dinamina 2012 June 12
     
    Last edited:

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    කරාතේ වසන්ත ඝාතනයේ තොරතුරු රැසක් හෙළිවෙයි
    ( චිරාන් ජීවන්ත ) 2015-10-26 17:34:55


    අනුරාධපුර මුදිතා මාවතේ පිහිටි රාත‍්‍රී සමාජ ශාලාවේ හිමිකරු වූ වසන්ත සොයිසා නොහොත් කරාතේ වසන්තගේ ඝාතනයට සම්බන්ධ තවත් සැකකරුවන් 15 කට අධික පිරිසක් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය විමර්ශන මෙහෙයවනවා.

    පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප‍්‍රකාශ කලේ සිද්ධිය සම්බන්ධයෙන් දැනට අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් 08 දෙනාගෙන් සිදුකළ ප‍්‍රශ්න කිරීම් වලදී වැදගත් තොරතුරු රැසක් අනාවරණ වූ බවයි.

    සැකකරුවන් ඝාතනයට පෙර අනුරාධපුර නගරයේ නිවාඩු නිකේතනයකදී මත්පැන් සාදයක් පවත්වා ඇති බව ප‍්‍රශ්න කිරීම් වලදී අනාවරණ වූ බවයි රුවන් ගුණසේකර මහතා ප‍්‍රකාශ කළේ.

    අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරීම සඳහා දැනට පත් කර ඇති පොලිස් කණ්ඩායම් වලට අමතරව අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කිත්සිරි හේරත් මහතා ඇතුලූ කණ්ඩායමක් ද පත් කර තිබෙනවා. ඒ උතුරුමැද නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදියි.

    සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අතුල වීරසිංහ මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ අනුරාධපුර මූලස්ථාන ප‍්‍රධාන පොලිස් පරීක්ෂක නන්දසිරි ජයපද්ම මහතාගේ මෙහෙයවීම මත පොලිස් කණ්ඩායම් 03 ක් පරීක්ෂණ මෙහෙයවනවා.

    සමාජ ශාලාවේ දේපළ විනාශ කිරීම සඳහා සැකකරුවන් භාවිත කළ ලී පොලූ කපාගෙන ඇත්තේ අනුරාධපුර මල්වතුඔය අසබඩින් බව පරීක්ෂණ පවත්වන පොලිස් කණ්ඩායම් විසින් හෙළි කර ගෙන තිබෙනවා.

    සිද්ධියට සම්බන්ධ සෙසු සැකකරුවන් ප‍්‍රදේශයෙන් පළා ගොස් ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම් ක‍්‍රියාත්මකයි.
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    මට ෂුවර් අපේ වලතර god මේකට සම්බන්ධයි,,ඕකට තට්ටයෝ පේන්න බෑ.. මන්නෙන් කොටනව කිය කියා හිටියේ. මූ සෙට් එකක් එක්ක බැහලා මන්න පාරවල් වැනුවා වෙන්න බැරිද?:shocked:
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මට නම් පෙන්නේ මෙහෙම සීන් එක.. ඕක කරවල තියෙන්නේ එකෙක් මචන් ඔය අපු උන් ටික උසි ගන්වල.. කොහොම නැතත් ඔය අපු ඇයෝ ඔක්කොම ටික මට්ටු වෙනවා.. ඕකට 20 ගිය කියන්නේ දැනටම ගියපු ඔක්කොම ඇයෝ හැම හැම තැන් වලම කිය කිය ඇති කරේ අපි කියල..

    මුන් ඔක්කොම අහු උනත් හෙමොටම හිරේ ලගින්න වෙන්නේ නැ. ඔතැනින් උපරිම 12 හිරේ දාව්. එකෙනුත් ජිවිත කාලෙම හිරේ යන්නේ උපරිම 3නෙක් හරි 4දෙන්ක හරි. අනිත් අය අව්රුදු 2ක් 3ක් ඇදල ඒවි.. ඔන්න බලහන් බොරු නම්,,

    අහු නොවී murder එකක් දෙන්න නම් යන්න ඕන තනියම. තමගේ තාත්ත එක්ක ගියත් අහු වෙන්න ඉඩ තියනව..

    ඔන්න බලහන්, මම කිව්වා දේ හරි..

    ... දැනටම කරපු ඇයෝ 8 මාට්ටුලු.. මහා මොළ කරුත් දන්න්වලු. අනිත් ගොන්නු ටිකත් තව දවස් 3නකින් මාට්ටු. ඒ මිනිහගේ ඔලුවට මැරෙන්න පොරෝ පාර ගහපු එකත් මට්ටුලු.. නඩු දල අනිත් යෝ පොඩි දඩුවමක් විදලා එනවා.. ඔය මහා මොළ කරුයි, පොරොවෙන් ගහපු එකයි, තව 2නෙක් විතර තමයි බර දඩුවම් විදින්නේ..
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    :lol: මටත් මේ ගුටි කන සීන් මතක් වෙලා මගේ අත් දැකීමක් මතක් උනා.. කියම්දෝ නොකියම්දෝ කියලා උන්නේ... :rofl:

    මීට අවුරුදු 3කට වගේ ඉහත අපි කොල්ලෝ 6/7ක් බීලා රෑ බඩු මදි වෙලා ටවුන් එකේ "මචන්" බාර් එකට යන්න ගියා යාළුවෙක්ගේ වෑන් එකේ.. කට්ටියටම හොඳට වැදිලා හිටියේ.හිටපු එක කොල්ලෙක් බිවුවේ නෑ... ඔතන සෙට් එකේ හිටියා එක කොල්ලෙක් පොර ටවුන් එකේ තදයෙක්... මුළු ටවුන් එකම දන්න බුවෙක්... බයක් තිබ්බේ නෑ ඉතින්... ඔන්න "මචන්" එක ලඟට එද්දිම ලස්සන ගෑණු ළමයි දෙන්නක් ගියා පයින්. බස් නෑ එවෙලේ.. පයින් අදිනවා... අපිත් බීලා හිටපු නිසා ආ නංගී.. වගේ උසුළු විසුළු කලා වෑන් එකේ ඉස්සරහටම යද්දිම...

    කෙල්ලෝ දෙන්නා පාස් වෙද්දිම මොකද්ද හු@#$^& කියන්නේ කියලා ඇහුනා... තාප්පෙටම කෙලපි ඉතින්... අපිටත් ගතක් ආවා කවුද යකෝ අපේ ටවුන් එකේ අපිට සද්දේ දාන්නේ කියලා...:growl: අපිත් ගැම්මට මොකද්දා හු$%^ කියන්නේ කියලා ගේමට එන්ටර් උනා. වෑන් එක ඩ්‍රයිව් කලේ අර තදයා.. මූ එක පාරට බ්‍රේක් ගහලා රිවස් කරපි කෙල්ලෝ යන හරියට....:cool:

    කෙල්ලො දෙන්නා පස්සෙන් කොල්ලො දෙන්නෙක් යනවා ටිකක් ඇඟ පත තියෙන.. මුන් දෙන්න ආවේ නැතැයි වෑන් එක ළඟට.අපිත් නතර කරලා බැස්සා... එකෙක් එතන තිබ්බ ත්‍රීවීල් එහෙක මැද පටියක් ගලෝලා ගත්තා කියහන්කෝ..:baffled: කවුද විහිළු කරපු එකා..? වරෙන් ඉස්සරහට..:( තොපි නිසා අද කෙල්ලෙක්ටත් පාරේ යන්න නෑ.. මම PSD එකේ මොකෙක් උනත් කමක් නෑ කවුද විහිළු කරපු එකා කියල ඇහුවා.. අපෙත් ගෑස් බැස්සා.. තදයා ගේමට එන්ටර් වෙලා බහින් බස් වීමක් උනා... පස්සේ ශේප් කලා නෑ අයියේ අරකයි මේකයි කියලා... අම්මට සිරි මූ අර පටියෙන් නෙළුවේ නැතැයි සෙට් එකටම... මට පස්සට වැදුනේ... :lol: අපිත් එක්ක නොබිපූ එකා හෙනම හොඳ කොල්ලෙක්.ඌත් ගුටි කෑවා අපි නිසා...:(:lol:

    මූ අපිට අන්තිමේ සද්දේ දාලා ගෙවල් වලට පලයන් කිව්වා.. අපි බලු වෙලා ආවා..:( වෙරිත් බැස්ස ඉතින්..:lol::lol::lol:
    Maivila penawa ban :D honda wade kellekta ada pare yanda bari umbala wage wal haththa hinda thama ;)
    Umba liyala thiyena widiyata thama hina yako :D
     

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia

    උඹ සේරම දන්නවා ඌ ගැන
    :shocked:බිල් පවා දන්නව:shocked:


    සුද්ද සිංහලෙන් කිව්වේ ඔතන මගේ යාලුවෝ වැඩ කරනවා කියලා සිංහල තේරෙන්නේ නැති එකට මට කර කරන්න දෙයක් නෑ. ‍මොනව නැතත් ජංගියක් ඇදගනින් ගෑනු වගේ කට කතා පතුරනවට වඩා එ්ක හොදයි
     

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    parallax කියන හැටියට නම් ඌ හොඳ එකෙක්ලු
    සමහරවිට ආදරෙන් පොලු වලින් හුරතල් කලාද දන්නෙ නැහැ
    :lol:

    ඌට එක එකා ඔය කතා කියන්නේ තාත්තා හින්දනේ. තාත්තා හැම‍ෝම දන්න ඇල්ෆ්‍රඩ් සොයිසා. උඹ ඔය කියන ඒවා එකක් හරි ඔප්පු කරහංකෝ බොරුවට දගලන්නේ නැතුව. උඹට නම් පොලු පාර ල්සසනට හම්බවෙලා තියෙනවා වගේ රිදෙන්න ඒකනේ පච අරින්නේ. උඹ ලොවෙත් ස්ත්‍රී ලිංගයක් කියලමයි මට හිතෙන්නේ ඇරපු බොරු කන්දරාවේ හැටියට‍. මට ඌව සුද්ද කරන්න නෙමෙයි ඕනේ උනේ උඹලා ‍වගේ ගෑනු වගේ චරිත මේ කිරියෙත් ඉන්නවා කියලා පෙන්නන්න. එක විස්ස කරලා කියන එවුන්. මේකේ අනුරාධපුර එවුන් ඕනේ තරම් ඉන්නවා OwlX,Josee උන් කියයි වසන්ත සොයිසා තියා මොකෙක් වත් අනුරාධපුරේ චන්ඩිකම් දානවද කියලා
     

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    වෙන්න බැහැ බං.. හොඳ මනුස්සයෙක්ට කවදාවත් ඔච්චර ගැන්සියක් ඇවිත් කෙලින්නෙ නැහැ..:no: අනික මුන් සාමාන්‍ය සෙට් එකක් වගේ පේන්නෙ.. නැත්තං පොලු අරන් එන්නෑ.. කඩු, කිරිච්චි, පිස්ටල් අරන් වැඩේට බහිනව මිසක.. එහෙම නාවෙ උන් ගාව බඩු නැති නිසා.. අනිවාර්යෙන්ම මුන් මොකක් හරි බලු වැඩක් කරන්න ඇති..:sorry:

    දැන් වැඩේ එලි වෙලා තියෙන්නේ Town එකේම තව Restaurant කාරයෙක්ගේ ගේමක
     

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    එහෙ මිනිස්සු සතුටු උනාට සමහර උන්ට උගෙන් වාසි තිබිලා තියෙනවා
    උන්ට මල මූ මලාට


    ක්ලාස් ඇරිල යන කෙල්ලෝ අරං ගිහිං Club එක‍ට දැම්මා. ලොල්. උඹ ඔය ඉන්දියන් Film බලන එක නතර කරහං. බඩියා උඹත් පිලිගන්නවද බං මේ බොරු. :lol::lol::lol::lol::lol::lol::lol:
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    එහෙ මිනිස්සු සතුටු උනාට සමහර උන්ට උගෙන් වාසි තිබිලා තියෙනවා
    උන්ට මල මූ මලාට

    අන්තිමට බලපු ෆිල්ම් එකේ නම කියපන් :lol:
     

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    ජොසී;19180863 said:
    People would rather believe than know.

    සිරා! L-Smoker කියන එකා නම් ගංජා ගහලද කොහෙද බං.

    ඔතන ගණිකාවෝ නැති දවසට
    පාරේ ක්ලාස් ඇරිලා යන කෙල්ලෝ බලෙන් උස්සන් එන
    සීන් එකක් තියෙනවා
    උස්සලා ඔතනට එන ලොක්කන්ට විකුණලා
    ලක්ෂයක් එක්ක ගෙදරට දෙනවලු
    එකපාරක් කෙල්ලෙක් උස්සලා
    ඒකිගේ තාත්තයි අයියයි ඇවිත්
    උන් දෙන්නට මූ ගහලා කකුල් කඩලා තිබ්බා
    තව පාරක් කෙල්ලෙක් උස්සලා
    පස්සේ වාහනේකට යටකරලා තිබ්බා
    මූ හෙන අමුතු එකක්
    පාරේ මිනිහෙක් මූට ඔළුව නැවේ නැත්තම්
    මඟදිම ගහනවාලු ඔලු පැලෙන්න
    ගොඩක් උන් මූ එද්දි වෙන කොහෙ හරි පාරකට හැරෙනවාලු
    මම හොඳටම දන්න යාලුවෙක් ගෙ වයිෆ්වත්
    මූ බලෙන් උස්සලා විකුණලා තිබුනා
    ඌ පොලිසි ගියාට වැඩක් උනේ නැහැ
    වයිෆ් පන්සල් ගිහින් එද්දි තමා උස්සලා තිබ්බෙ
    ඇඳුම් වල එහෙම් ලේ වැක්කෙරිලා තිබුනා
    ඌ ඇඳුම් පෙන්නුවා මට
    ඒ ගැනිට මානසික ප්‍රථිකාරත් දුන්න
    උන් දැන් කිරිබත් හදනවා ඇති

    සාමාන්‍යයෙන් මිනිහෙක් ගහලා මරන එක පව්
    මරනවා නම් එක පාර ඔලුවට වෙඩි තියලා මරන්න ඕන
    ඒට් මෙහෙම එකක් නම් ගහලා මැරුවට කමක් නැහැ
    මූ කෙල්ලෝ කීයක් උස්සලා ඇද්ද


    මෙහෙම දේවල් වෙලා තියෙනවද බං මෙහේ? මූ ඉන්දියන් Film බලල ඔලුව නරක් වෙච්ච එකෙක්. :lol::lol::lol::lol::lol::lol:
     

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    Danne na ban oya siddiya gana wadiya...
    Uge kal kiriyaawa kohomada kiyana danneth na...
    Habai ape aagama anuwa eka deyak kiyanna puluwan.
    Naraka deyak kala kenaata eeka kawadaa ho return wenawa.
    Honda deyak kala kenaatath ehemai.
    Ee nisa mama nam hithanawa thaman kala deyak return wenna athi kiyala.

    ඒක පිලිගන්නවා මචං සල්ලි හොයපු විදිහ වැරදි ඒත් මේකේ ඉන්න එවුන් අතින් දාලානේ කියලා තියෙන්නේ බං. ඒක ගැන මං කිව්වේ. හරියට අනුරාධපුර කියන්නේ භීෂනය පිරුණු කෙල්ලෙක්ට පාරේ බැහැලා යන්න බැරි පැත්තක් වගේනේ බං. ෆන්පුරේට එන්නම ඕනේ මෙහේ ආතල් බලන්න
     

    L-Smoker

    Member
    ඌට එක එකා ඔය කතා කියන්නේ තාත්තා හින්දනේ. තාත්තා හැම‍ෝම දන්න ඇල්ෆ්‍රඩ් සොයිසා. උඹ ඔය කියන ඒවා එකක් හරි ඔප්පු කරහංකෝ බොරුවට දගලන්නේ නැතුව. උඹට නම් පොලු පාර ල්සසනට හම්බවෙලා තියෙනවා වගේ රිදෙන්න ඒකනේ පච අරින්නේ. උඹ ලොවෙත් ස්ත්‍රී ලිංගයක් කියලමයි මට හිතෙන්නේ ඇරපු බොරු කන්දරාවේ හැටියට‍. මට ඌව සුද්ද කරන්න නෙමෙයි ඕනේ උනේ උඹලා ‍වගේ ගෑනු වගේ චරිත මේ කිරියෙත් ඉන්නවා කියලා පෙන්නන්න. එක විස්ස කරලා කියන එවුන්. මේකේ අනුරාධපුර එවුන් ඕනේ තරම් ඉන්නවා OwlX,Josee උන් කියයි වසන්ත සොයිසා තියා මොකෙක් වත් අනුරාධපුරේ චන්ඩිකම් දානවද කියලා


    සුද්ද සිංහලෙන් කිව්වේ ඔතන මගේ යාලුවෝ වැඩ කරනවා කියලා සිංහල තේරෙන්නේ නැති එකට මට කර කරන්න දෙයක් නෑ. ‍මොනව නැතත් ජංගියක් ඇදගනින් ගෑනු වගේ කට කතා පතුරනවට වඩා එ්ක හොදයි
    උඹ ඌව සුද්ද කරන්නේ ඇයි ඔය තරම්?
    උඹ කියන්නේ උගේ කිසිම වැරැද්දක් නැද්ද?
    වසන්ත ගැන ඇත්ත කියන උන් සේරම ගෑනු, උඹ විතරයි පිරිමි
    බලපන් මේ ත්‍රේඩ් එකේ කීයක් නම් වසන්ත ගැන කියලා තියද?
    උඹ ඌට හොඳ කියනවා nonstop

     
    Last edited:

    L-Smoker

    Member
    සිරා! L-Smoker කියන එකා නම් ගංජා ගහලද කොහෙද බං.



    මෙහෙම දේවල් වෙලා තියෙනවද බං මෙහේ? මූ ඉන්දියන් Film බලල ඔලුව නරක් වෙච්ච එකෙක්. :lol::lol::lol::lol::lol::lol:
    වසන්තගේ පැටව් මරු කියෝනවා
    :lol:
     

    L-Smoker

    Member
    ඒක පිලිගන්නවා මචං සල්ලි හොයපු විදිහ වැරදි ඒත් මේකේ ඉන්න එවුන් අතින් දාලානේ කියලා තියෙන්නේ බං. ඒක ගැන මං කිව්වේ. හරියට අනුරාධපුර කියන්නේ භීෂනය පිරුණු කෙල්ලෙක්ට පාරේ බැහැලා යන්න බැරි පැත්තක් වගේනේ බං. ෆන්පුරේට එන්නම ඕනේ මෙහේ ආතල් බලන්න
    භීෂණයක් නෙමේ වසන්ත කියන්නේ අනුරාධපුරේට පිලිකාවක්
    දැන් දුන්න ගේම් පත්තු වෙලා, කෙලුනා ඌට
    මිනිස්සු නිකම් ඌට බනිනවා නෙමේ
    හැම එකාම දන්නවා ඌ දස කැරියෙක් කියලා

    උගේ ක්ලබ් වල බඩු ගහපු
    කොල්ලෝ ගහපු උන්ට තමා
    ඌ මැරුණ එකෙන් පාළුව
    :lol::lol: