ඔව් වෙන්න පුළුවන්
එත් දකුණු ආසියාවේ විතරද බං බුද්ධාගම තියෙන්නේ
බුද්ධාගම ලෝකෙපුරා පැතිරුණ විද්‍යාවක්


මේ මුලින්ම උබට කියන්නේ කතාකරන්න ඉගනගනින් යකෝ පකෝ නොකිය, එතකොට සිගරිය ඊජ්ප්තුවේ පිරමීඩ,අයිෆ්ල් කුළුණ බූමිකම්පාවෙන් පස්සේ ඇති වෙච්චදේවල්ද,මේක අනිත්1ස්ථිරවම කියන්නේ නැ ඒක මතයක් විතරයි ,මෙහෙම ගියොත් තව අවුරුදු 1000ක් ගියහම කියයි අර පාකිස්තානේ බූමිකම්පාවෙන් පස්සේ ඇති වෙච්ච දූපත,
පාකිස්තානයේ රජකල Nawaz Sharif රජතුමාගේ නිර්මාණයක් කියලාඅනේ යකෝ...
කිවුවට තරහ වෙන්න නං එපා. ස්වාභාවිකව ඇතිවන යම් පිහිටීම් යම් විශේෂිත ලක්ෂණ තියෙන්න පුලුවන් මෙම ආදම්ගේ පාලම මිනිස් නිර්මාණයක් නොවේ. මම නං විශ්වාස කරන්නේ රාමායණය යනු වාල්මිකී විසින් ලියනු ලැබු එක් මනඃකල්පිත ප්‍රභන්ධයක් වන අතර රාවණා යනු එහි එක් චරිතයක් පමණයි. රාවණා යනු එම කතාවේ දුෂ්ඨයා ය. චිත්‍රපටියක් වුවත් රසවත් කිරීමට එහි දුෂ්ඨයාට විශේෂිත බලතල එම කතා රචකයා ලබා දෙනවා. මෙම කතාවේත් දුෂ්ඨයාට යම් විශේෂිත හැකියාවන් ලබා දීලා තියෙනවා. ඔලු 10ක් තියෙන ගුවන් යානා පාවිච්චි කරන කෙනෙක් විදියට.
රාවණාට දඬුමොණර නම් ගුවන් යානයක් තිබීම අපේ සිංහලයාට විශේෂ වුනා මක් නිසාද යත් aviation පටං ගත්තේ ලංකාවෙන් කියා උදම් අනන්න පුලුවන් නිසා. පසුව ඔය රාමායණය සිංහල ජනශ්‍රතිය සමග මිශ්‍ර වුනා.
ලංකාවේ ඉතිහාසය ගැන නිල වශයෙන් පිලිගන්නේ මහාවංශය, දීපවංශය, චූලවංශය යන ග්‍රන්ථයි. මේවායේ ඇති දෑ 100% නිවැරදි නොවීමට පුලුවන. නමුත් මෙහි ඇති දෑ ලංකාවේ ඇති පුරාවස්තු සමඟ correlate වන නිසා අප හට එම ග්‍රන්ථ පිලිගැනීමට පුලුවන.
රාවණා රජ සමයේ තිබුණා යැයි කියන ඔය දඬුමොණරය, පලිඟු දොරවල් යෙදූ මහා මාලිගා සහිත සුපිරි ශිෂ්ඨාචාරයේ නටඹුන් ලෙස අඩුම ගනනේ ඇණයක් වත් තවම හම්බවෙලා නෑ නේද? ලංකාවේ විජය රජුට පෙර ජනාවාස තිබුනා යක්ෂ නාග ගෝත්‍රිකයන් ලෙස. බුදුබණේත් සඳහන් වන්නේ එලෙසයි. ලංකාවේ බලංගොඩ මානවයා වැනි ප්‍රාග් ඓතිහාසික ගොත්‍රික ජනාවාස තිබුන බවට සාක්ෂි එමට ඇත නමුත් ඒවා රාමායණය වැනි වීරකාව්‍යයක් සමඟ පටලවා ගන්න එපා ඒවායේ රාමායණයේ සඳහන් වන ආකාරයේ සුපිරි සනාවාස නොවේ.
රාමායනය වැනි රසවත් ග්‍රීක වීර කාව්‍ය පවා ඇත නමුත් බටහිර මිනිසුන් වීරකාව්‍ය හා ඉතිහාසය යනු එකක් නොව දෙකක් ලෙස සලකිමට තරම් බුද්ධිමත්ය. අවාසනාවකට ලංකාවේ මෑතක සිට රාවණා ෆැන්ටසියක් ව්‍යාප්ත වෙමින් ඇත. බෞද්ධයන් වන අපට ඉන්දියානු මිත්‍යා විශ්වාස ඔලුවට දමා ගැනීමට අවශ්‍ය නැත.
රාවණා ෆැන්ටසියේ අතරමං වූ අය මට බැනීමට ද ඉඩ ඇත ඒ වගේම රෙපුත් කැපීමටද ඉඩ ඇත. නමුත් මා හට මගේ මතය ඉදිරිපත් නොකර සිටිමටද නොහැක.![]()
බම්ප් හෙළයෝ
රාවණා ගැන දන්නේ නැති අයට...
http://www.mediafire.com/download/6wpswpdm1oph3yk/Koggala_Nilame_Book_1.pdf
මේ පොත කියවල බැලුවොත් රාවණා ගැන හිතන් හිටපු දේවල් අලුතෙන් හිතන්න වෙයි...
සීත එළියඅපෝ මචෝ උබට බනින්න තරම් මොඩයො නෙමෙයි, උබ කියන්නේ උබේ මතේ අපි 1 ට ගරු කරනවා, අනික මම රාවණා ෆැන්ටසියේ අතරමං වූ අයෙක් නොවෙමි
උබ කියන ගොඩක් දේවල් ඇත්ත, එත් ඔය මහාවංශයේ දැන් තියන පිටපත ග්‍රන්ථා රුඩ කරේ 1870 වගේ,එතකොට වසර 5000 ට එහා ඉතිහාසය පිළිබදව සාර්ථක තොරතුරු 1 අන්තර් ගත වෙන්න බැ නේද,
අනිත් 1 මහාවංශයේ යක්ක ගොත්ත්‍රීකයන් අමතක කරලා තියනවා, බලන්ගොඩ මානවයා වසර 3500 පරණයි ඒ වසර 3500 ඉදලා විජයාගමනය දක්වා අපේ ඉතිහාසය අදුරුයි බන්, ඒ කල පරිච්චේදය පිලිබදව තමයි ඔය 1 ක 1 මත ඉදිරිපත් වෙන්නේ.
අනිත් 1 ලංකාවේ ගොඩක් ප්‍රදේශ වලින් ඔයා ජනප්‍රවාදයට පණ දෙන්න සාක්ෂි තියනවා බන්
සීත එළිය
රාවණ ඇල්ල
කුරුළුගල(අද රිවිර බලපන්)

සීත එළිය
රාවණ ඇල්ල
කියන්නේ එම ස්ථානයට ජනප්‍රවාදය අනුව ආපු නම් නැතුව නටඹුන් කියල දෙයක් නෑනෙ. බලංගොඩ මානවයා කියන්නෙ ග්‍රෝතික මට්ටමෙන් හිටපු අය ඉතින් වැඩි දෙයක් හොයාගන්න බැරි තමයි. යක්ෂ නාග ගොත්‍රිකයො කියන්නෙත් බලංගොඩ මානවයගෙන් පැවත එන අය නමුත් ඔවුන් කාලයත් සමඟ දියුණු වෙන්න ඇති නමුත් ඔය කියන මහා ආශ්චරියමත් යුගයක් නෙමෙයි.![]()
මේ මුලින්ම උබට කියන්නේ කතාකරන්න ඉගනගනින් යකෝ පකෝ නොකිය, එතකොට සිගරිය ඊජ්ප්තුවේ පිරමීඩ,අයිෆ්ල් කුළුණ බූමිකම්පාවෙන් පස්සේ ඇති වෙච්චදේවල්ද,මේක අනිත්1ස්ථිරවම කියන්නේ නැ ඒක මතයක් විතරයි ,
මෙහෙම ගියොත් තව අවුරුදු 1000ක් ගියහම කියයි අර පාකිස්තානේ බූමිකම්පාවෙන් පස්සේ ඇති වෙච්ච දූපත,
පාකිස්තානයේ රජකල Nawaz Sharif රජතුමාගේ නිර්මාණයක් කියලාඅනේ යකෝ...

උබට යකො පේන්නෙත් පකො කියලා නම් ඇහේ දෝශයක් මහත්මයා


කව්ද ගරු මහත්මයානනි, පකෝ කියල තියෙන්නේ මෙතනඋබට යකො පේන්නෙත් පකො කියලා නම් ඇහේ දෝශයක් මහත්මයා
![]()
අහක යන නයි කරේ දාගෙන කනෝ කනෝ කියන්න එපා ඉතින් යකෝ. පුදුම ඇම්මක්නේ තියෙන්නේ මුට .. හරියට රාවනාගේ අම්මට යකෝ කිව්ව වගේ![]()







