වසර 20කට පෙර සමුගත් ප්‍රේමදාස ජනපති
ජනාධිපති ප්‍රේමදාස අද හිටියා නම්...
දුරදක්නා නුවණින් යුත්, රට ගොඩනැගිය හැකි අභීත දේශපාලනඥයන් රටකට බිහිවන්නේ කලාතුරකිනි. ඒ ගැන හොඳින් අවබෝධ කරගත් මිනීමරු පිරබාහරන් 1993 වසරේ මැයි පළමු වැනිදා අභීත ජන නායකයකුගේ හඬ සඳහටම නිහඬ කළේය. ඒ ජනහද දිනූ ජන නායකයා රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාය.
දේශපාලනඥයන් රටකට බිහි වන්නේ කලාතුරකිනි. ඒ ගැන හොඳින් අවබෝධ කරගත් මිනීමරු ප්රභාකරන් 1993 වර්ෂයේ මැයි පළමු වැනිදා, එනම් ලෝක කම්කරු දිනය දා ඒ අභීත ජන නායකයාගේ හඬ සදහටම නිහඬ කළේය.
කොස්ගොඩ හෑගල්ලේ රිචඩ් රණසිංහ සහ බටුවිට ජයසිංහආරච්චිගේ එන්සිනා හාමිනේ යුවළගේ පුංචි කැදැල්ලට කුළුඳුල් දරු සම්පත ලෙස 1924 වසරේ ජුනි 23 වැනි දින අලුත් සාමාජිකයකු එකතු වූයේය. ඔහු පින්බර පුතෙකි. රිචඩ් මහතා ඔහුට රණසිංහ ප්‍රේමදාස යනුවෙන් නම තැබීය.
ප්‍රේමදාස උපතින්ම බෞද්ධයෙකි. ඩයස් පෙදෙසෙහි පූර්වාරාම විහාරස්ථානයේ අධිපතිව වැඩ විසූ වැලිතර පඤඤනන්ද මහ තෙරුන් වහන්සේ වෙතින් මූලික ගුරුහරුකම් ලැබුවේ රටේ වැදගත්, සදා නොමැකෙන මතකයක් ලියා තැබීමටය. කොළඹ වේල්ලවිදීයේ හාවඩ් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ ප්‍රේමදාස පසුව මරදානේ ලෝරන්ස් විද්‍යාලයෙන් මෙන්ම ශාන්ත ජෝශප් විද්‍යාලයෙන් වැඩිදුර අධ්‍යාපනය හැදෑරුවේය.
වේල්ලවීදියේ හේවාවිතාරණ දහම් පාසලේ පියදාස පලන්සූරිය මහතා යටතේ දහම් අධ්‍යාපනය ලැබූ ප්‍රේමදාස, වැඩිදුරටත් දහම් අධ්‍යාපනය හැදෑරීමට බම්බලපිටිය වජිරාරාමයට ඇතුළත් වූයේය. එහිදී ගරුතර පැලෑනේ වජිරාඥන සහ ගරුතර නාරද ස්වාමීන් වහන්සේලාගේ ගුරුහරුකම් මැද රටේ වැදගත් පුද්ගලයකු වීමේ අඩිතාලම ගොඩනඟා ගත්තේය.
මතට විරුද්ධව
රිචඩ් රණසිංහ පවුල දුප්පතාගේ දුක හඳුනන, අන් අයගේ දුකට පිහිට වන පවුලකි. පුංචි ප්‍රේමදාස ද ළාබාල වියේ සිටම අන් අයට පිහිටවන්නකු විය. තරුණ ප්‍රේමදාස 1939 වර්ෂයේ ශාන්ත බස්තියමේ ශ්‍රී සුචරිත වාග් වර්ධන ළමා සමාජය ආරම්භ කරමින් ප්‍රදේශයේ ළමා පරපුර යහමඟට ගැනීමට විශිෂ්ට සමාජ මෙහෙවරක නියෑළිණි. එමෙන්ම ශාන්ත බස්තියම ග්‍රාමයේ පුංචි පේළි ගෙවල්වල ජීවත් වූ දරුවන්ට නිසි අධ්‍යාපනයක් ලබාදීමට මූලිකත්වය ගෙන කටයුතු කළේය. ඉනිදු නොනැවතුන ප්‍රේමදාස ප්‍රදේශයේ තරුණයන් එකතු කරගනිමින් ප්‍රදේශයේ සුරාසල් වැසීමට පෙරමුණ ගත්තේය.
තරුණ ප්‍රේමදාසගේ සමාජ මෙහෙවර ගැන පැහැදුණු කම්කරු නායක ඒ. ඊ. ගුණසිංහ මහතා ප්‍රේමදාස තරුණයාට දේශපාලනයට එන්නැයි ඉල්ලීමක් කළේය. ඒ අනුව ක්‍රියාකාරි දේශපාලනයට පිවිසිණු ප්‍රේමදාස ශාන්ත බස්තියම නාගරික ආසනයට කම්කරු පක්ෂයෙන් තරග කළේය. එහෙත් ඔහු එම මැතිවරණයෙන් පරාජය විය. නමුදු 1950 වර්ෂයේදී එම අසුන සඳහා පැවැති අතුරු මැතිවරණයෙන් විශිෂ්ට ලෙස ජය ගනිමින් කොළඹ මහ නගර සභාවට තේරී පත් විය.
ප්‍රේමදාසයන්ගේ දූර්දර්ශී දේශපාලන ගමන් මඟ අවබෝධ කර ගත් එවකට එක්සත් ජාතික පක්ෂ නායකයෝ හේ එජාපයේ සමාජිකයකු බවට පත් කරගැනීමට තීරණය කළෝය. ඒ 1955 වර්ෂයේදී ය. එම වර්ෂයේදීම හෙතෙම කොළඹ නගර සභාවේ උප නගරාධිපති ධුරයට පත්කෙරිණි. ප්‍රේමදාස 1956 වර්ෂයේදී රුවන්වැල්ල ආසනයෙන් ප්‍රථම වරට පාර්ලිමේන්තු මැතිවරණයකට ඉදිරිපත් විය. එම මැතිවරණයෙන් හේ පරාජයට පත් වුවද දේශපාලන ගමන නතර නොකළේය. පරාජය තම ජයග්‍රහණයක් කරගත් ප්‍රේමදාස තව තවත් ජනතාවගේ හදවත් තුළට කතා කළේය. එහි ප්‍රතිඵලයක් ලෙස 1960 වර්ෂයේ මාර්තු මස පැවැති මැතිවරණයෙන් මැද කොළඹ ආසනයෙන් තුන් වැනි තැනට මනාප ලබාගැනීමත් සමග පාර්ලිමේන්තුවේ දොරගුළු විවර විය. 1966 වර්ෂයේදී එවකට පැවැති එක්සත් ජාතික පක්ෂ රජයේ පළාත් පාලන උප ඇමැතිවරයා වූ හෙතෙම, 1968 වර්ෂයේදී පළාත් පාලන අමාත්‍ය ධුරයට පත් විය.
හිසට වහලක් හිතට නිවනක්
කොළඹ පැල්පත් නිවාස නැති කිරීම ඔහුගේ එකම අභිලාෂය විය. එහෙයින්ම මාලිගාවත්ත ප්‍රදේශයේ වගුරු බිම් ගොඩ කර තට්ටු නිවාස ඉදිකරමින් නව නිවාස සංකල්පයක් මෙරට දේශපාලනයට හඳුන්වා දුන්නේය. ඉන් මුඩුක්කුවල අපාදුක් විඳපු දුගී ජනතාවට අංගසම්පූර්ණ නිවාසයක් හිමි විය. හෙතෙම කොළඹ නගරය සුන්දර නගරයක් කිරීමට විශාල මෙහෙවරක නිරත විණි. ඊට කෘතගුණ සැලකූ කොළඹ ජනතාව 1970 මැතිවරණයේදී එජාපය පරාජය වුවද ප්‍රේමදාසට මැද කොළඹින් වැඩිම මනාප ලබාදෙමින් ජයග්‍රහණය කරවූයේය.
එදා එජාපය පරාජය වුවද අද මෙන් ඔවුනොවුන් එකිනෙකා ඇඟිල්ල දික් කරගත්තේ නැත. තම පක්ෂයේ වැරැදි අවබෝධ කරගනිමින් කඩිනමින් නිවැරැදි කරගැනීමට ඔවුන් පසුබට නොවූහ. ඡේ. ආර්. ජයවර්ධනයන් සමග එජාපයට නිසි දූරදර්ශී නායකත්වයක් ලබාදුන් ප්‍රේමදාස ගම් නියම්ගම්වලට යමින් ජනතාවගේ හදවත්වලට කතා කළේය. එවකට පැවැති රජයේ අදූරදර්ශී පාලනය රටවැසියාට අවබෝධ කර දුන්නේය. එහි ප්‍රතිඵලයක් ලෙස 1977 මැතිවරණයේදී අතිවිශිෂ්ට ලෙස එජාපය ජයග්‍රහණය කරා මෙහෙය වූයේ ප්‍රේමදාසය. ඊට කෘතගුණ සැලකූ ඡේ. ආර්. එජාප රජයේ අගමැති ධුරය ප්‍රේමදාස මහතාට ලබාදීමට පසුබට නොවිණි.
ඔහුට ලැබුණු අගමැති ධුරයෙන් නිසි ප්‍රයෝජන ගත් ප්‍රේමදාස රටේ සංවර්ධන ක්‍රියාවලියට මහඟු දායකත්වයක් ලබාදුනි. "ගම්උදාව" වැනි නිවාස ව්‍යාපෘතීන් හඳුන්වාදුන් හෙතෙම ජාත්‍යන්තර කීර්තියට පවා පත් විය. අනතුරුව 1988 වර්ෂයේ ජනාධිපතිවරණයට තරග කළ ප්‍රේමදාස, ශ්‍රී ලංකා ප්රජාතන්ත්ර ජන රජයේ දෙවන ජනාධිපති ධුරයට පත් වූයේ අති විශිෂ්ට ජනතා ප්‍රසාදයෙනි.
1988 වර්ෂය වන විට උතුරත්, දකුණත් එකම ගිනි ගොඩකි. වරෙක හේ මෙසේ ප්‍රකාශ කර තිබිණි.
"මට ලැබී තිබෙන්නේ දෙකොන ඇවිළුණු විලක්කුවක්. නමුත් මම මේ සියලු ගින්දර නිවනවා."
ඉන්දියන් හමුදාව රට තුළ හොල්මන් කරමින් තිබිණි. එතුමා නායකත්වයට පත්ව වැඩි කාලයක් යැමට මත්තෙන් ඉන්දියන් හමුදාව මෙරටින් පිටමං කළේ කශේරුව කෙළින් තබාගෙන වැඩ කරන නායකයෙක් ලංකාවට බිහි වී ඇති බව ලොවටම කියාපාමිනි.
මෙරට දේශපාලනයට පිවිසුණු බෙහෝ දෙනකු තම පියවරුන් හෝ ස්වාමිවරුන් ගොඩනඟාගත් දේශපාලන රාමුව ඔස්සේ දේශපාලනයට පැමිණි බව නොරහසකි. එහෙත් එවැනි දේශපාලන පවුල් පසුබිමක් ප්‍රේමදාසට නොතිබිණි. ඔහුට ඔක්ස්ෆර්ඩ්, කේම්බ්‍රිඡ් සරසවිවලින් ලබාගත් ආචාර්ය උපාධි නොතිබිණි. හේ උගත් දැනුම හා නිරන්තරයෙන්ම පොතපත පරිශීලනය කරමින් සමාජය නමැති තක්සලාවෙන් බොහෝ දේ ඉගෙන ගත්තේය. ඔහුගේ සාර්ථකත්වයට ප්‍රධානම හේතුව එයයි.
දුප්පතාගේ හිතවතා
ප්‍රේමදාස මහතා තරම් දුප්පත් ජනතාවට සේවය කළ වෙනත් ජන නායකයකු නොවීය. දුප්පත් ජනතාවගේ හදගැස්ම හොඳින් හඳුනාගත් හෙතෙම මෙරටින් දුගී බව තුරන් කිරීමට කළ මෙහෙවර අති උතුම්ය. ජනතාවගේ දේශපාලන මතිමතාන්තරවලින් ඔහුට ඵලක් නොවිණි. සියලු දෙනාටම එකම හැන්දකින් බෙදන න්‍යායක් ඔහුට තිබිණි. එමෙන්ම නෑ, බෑ යන්න එතුමාගේ ශබ්දකෝෂයේ නොතිබිණි. සෑම විටම කළ නොහැකි දේ නොව කළ හැකි දේ පිළිබඳව පමණක් සොයා බලන ලෙසට නිලධාරීන් උපදෙස් දුන් නිහතමානී ජන නායකයෙකි.
ඔහුට අවශ්‍ය වී තිබුණේ ජනතාවට සැබෑ නායකයකු වීමට මිස, ලොක්කෙක් වීමට නොවේ. තමන්ගේ පෞද්ගලික නිදහස ගැන නොසිතමින්, රට ජාතිය ගැන පමණක් සිතමින් අවංකව සේවය කළ නායකයකු වී නම් ඒ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා පමණි. එතුමා තම රාජකාරිය දේව කාරියක් ලෙස සලකමින්, එතුමාගේ සැප ගැන නොසිතමින් කටයුතු කළ නායකයෙකි.
කොතරම් කාර්යබහුල ජීවිතයක් ගත කළ ද, ප්‍රේමදාසගේ දේශපාලන ජීවිතයේ තිඹිරි ගෙය බදු සුචරිතයට දිනපතාම පැමිණීමට ඔහු අමතක නොකළේය. එහිදී සියලුම රාජකාරි වැඩ නිම කරමින් පසු, දිනපතා පත්තර සියල්ලම කියෑවීම ඔහුගේ රාජකාරියේ එක් කොටසක් කරගෙන තිබිණි.
රටට දැයට සංස්කෘතියට කළ මෙහෙවර
ජනතා සේවයටම කැප වූ ප්‍රේමදාස සෑම දිනකම රටේ කුමන හෝ ප්‍රදේශයක සංවර්ධන කටයුත්තක නිරත වෙති. කල්මැරීමට ඔහු අකමැතිය. අද කළ යුතු දේ අදම කිරීම ඔහුගේ දර්ශනයයි. ඔහුගේ සංකල්පයක් යටතේ ක්‍රියාත්මක වූ ගම්උදාව වැනි නිවාස ව්‍යාපෘති කෙරෙහි නිරන්තරයෙන්ම සොයා බැලුවේය. දුප්පත් ජනතාවට නිසියාකාරව ජනසවිය ලබා දෙනවාද, පාසල් දරුවන්ට නොමිලේ ලබාදුන් නිළ ඇඳුම් සහ දිවා ආහාර වැඩසටහන සාර්ථකව කෙරෙනවාද යන්න නිරන්තරයෙන්ම සොයා බැලුවේය. මෙරට උඩුදුවමින් පැවැති රැකියා ප්‍රශ්නයට නිවැරැදිව පිළියම් යෙදුවේ එතුමාය. ඒ ඇඟලුම් කම්හල් දෙසීයේ ව්‍යාපෘතියක් ආරම්භ කරමිනි.
එදා ඇතැම් දේශපාලනඥයෝ සුද්දන්ට ජංගි මහනවා යෑයි වහසි බස් දොඩවමින් ඔහුගේ සංවර්ධන ක්‍රියාවලියට අකුල් හෙළුව ද, ඉනිදු ආධෛර්යමත් නොවූ හේ ඔහුගේ වැඩපිළිවෙළ සාර්ථකව දියත් කළේය. එහි ප්‍රතිඵල එදාට වඩා අද භූක්ති විඳින බව මොනවට පසක් වන්නේ මෙරට ආර්ථිකයට විශාල විදේශ විනිමයක් ගලා එන්නේ ඇඟලුම් කර්මාන්තය හාරහ වීමෙනි.
රාජ්‍ය පාලකයකු ලෙස ආගම දහමට මුල් තැන දෙමින් අන්‍ය ආගම් කෙරෙහි ගෞරවය දක්වමින් කළ ආගමික මෙහෙවර අතිවිශාලය. බුද්ධ ශාසන අමාත්‍යාංශය ඇති කිරීම, දළදා මැඳුරේ පියස්සට ඉහළින් රන් වියනක් ඉදිකිරීම, ශ්‍රී මහා බෝධීන් වහන්සේ වටා රන් වැටක් නිර්මාණය කිරීම, භාරත බෞද්ධ ජනතාවට බුද්ධගයා ගම තනාදීම සහ වෙහෙර විහාර ඉදිකරමින් බුද්ධ ශාසනය වෙනුවෙන් ඉටු කළ මෙහෙය සුළුපුටු නොවේ. කලාකරුවන්ට නිවාස සහ විශ්‍රාම වැටුප් ක්‍රමයක් හඳුන්වා දුන් ඔහු, ටවර් රඟහල පදනම වැනි කලාගාර ආරම්භ කරමින් මෙරට කලා ක්ෂේත්රය පෝෂණය කිරීමට විශාල කාර්යභාරයක් ඉටු කළේය.
ප්‍රේමදාස මහතාගේ ජීවිතය පිළිබඳ විවිධ තරාතිරම්වල පුද්ගලයන් සමග අපි කතා කළෙමු. ඔහු ජීවත් වූ ශාන්ත බස්තියම් පෙදෙසෙහි ඔහු ළඟින් ඇසුරු කළ පුද්ගලයන් සමග ද අපි කතා කළෙමු. ඔවුන් ප්‍රකාශ කළ සියලුම කරුණු මේ ලිපියට අන්තර්ගත කර තිබුණද, ඒ ප්‍රදේශයේ ව්‍යාපාරික යෙකු ලෙස කටයුතු කරන්නෙකු කියූ කතාව මෙසේ සටහන් කර තැබීමට අපි අදහස් කරමු.
"ප්‍රේමදාස මහත්තයා රට භාර ගන්නකොට රට එකම ගිනිගොඩක්. එවැනි වාතාවරණයක වුවද රටේ විශාල සංවර්ධනයක් ඇති කිරීමට එතුමාට පුළුවන් වුණා. කිසිවිට යුද්දෙ, යුද්දෙ කියලා බඩු මිල ගණන් ඇරියෙ නැහැ. රටේ ජනතාවට සහන ලබාදුන්නා. පොඩි මිනිහ ගැන හිතපු එකම ජන නායකයා එතුමා පමණයි. එතුමාගේ නමට කැළලක් ඇති වුණා නම්, ඒ එතුමාගේ වටේ හිටපු අය නිසයි. ප්‍රේමදාස මහත්තයාගේ බලය පාවිච්චි කරමින් එතුමාගෙ වටේ සිsටි පුද්ගලයන් විවිධ සමාජ අකටයුතුකම් කළා. එහි දෝෂාරෝපණය සෘජුව එල්ල වුණේ ප්‍රේමදාස මහත්තයාට. ඒ නිසයි එතුමාගේ යුගයේ රටේ හොඳ දේවල් වගේම නරක දේවලුත් වුණා කියන්නේ.
එතුමා ජාති ආගම් භේදයකින් තොරව එක හා සමානව ගමේ මිනිස්සුන්ට පිහිට වුණා. ඔහු ගමට එනකොට අඳුරන කවුරුහරි පාරෙ හිටියොත් වාහනය නවත්වලා මොකද පේන්නවත් නැත්තෙ, දැන් මොකද කරන්නෙ. මගෙන් මොකද වෙන්න ඕනෙ කියලා අහන්න තරම් ඔහු නිහතමානි වුණා.
අදත් මෙරට පක්ෂ විපක්ෂ බොහෝ දෙනා රණසිංහ ප්‍රේමදාස ජනාධිපති සිටියා නම් අපේ රට මොනතරම් දියුණු ද...? කියන තත්ත්වයට පත්ව සිටියි. අප රටට හා ජාතියට ඕනෑම දෙයක් වටින්නේ එය නැති වුණාට පසුව බව රණසිංහ ප්‍රේමදාස චරිතයෙන් පෙන්වාදී ඇත.