වසර 34කට පසු අමරසිරි මැරූ ඝාතකයා කොටුවෙයි

Draco Malfoy

Well-known member
  • Feb 9, 2019
    8,432
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.

    අනියම් ඇසුරක් නිසා CEB ඉංජිනේරු ආචාර්ය අමරසිරි මැරූ ඝාතකයා වසර 34කට පසු කොටුවෙයි​


    collage.jpg


    අනියම් ප්‍රේම සම්බන්ධයක් මුල් කරගෙන ඇති වුණු ආරවුලක් මත විදුලිබල මණ්ඩල මූලස්ථානයේ සේවයේ නිරතව සිටි ඉංජිනේරුවකු වන ආචාර්ය ඩබ්. අමරසිරි නමැති අයකු අතුරුගිරිය පොලිස් වසමේ පනාගොඩ ඇඹුල්ගම පාරේ වැලිපිල්ලෑව ශ්‍රී සුමන මාවතේ නිවෙසකට ගෙන්වාගෙන ඝාතනය කර, සිරුර කොටස්වලට කපා බැරලයක බහා වළ දැමූ අපරාධයක් සම්බන්ධයෙන් චෝදනා ලැබ 1990 වසරේ සිට වසර 34ක් තිස්සේ අධිකරණය මඟහැර සැගවී සිටි, එම අපරාධය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනයද නියම වී සිටි ප්‍රධාන සැකකරු පූගොඩ මණ්ඩාවල ප්‍රදේශයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් ඊයේ (18) අත්අඩංගුවට ගනු ලැබීය.


    වයස අවුරුදු 68ක් වන කොළඹගේ සරත්චන්ද්‍ර සුමනසේකර නොහොත් නන්දන සුමනසේකර නමැති මේ සැකකරු පූගොඩ මණ්ඩාවල ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ආයතනයක ආරක්ෂක නිලධාරියකු ලෙස සේවයේ නිරතව සිටියදී දුරකතන ජාල විශ්ලේෂණයකින් අනතුරුව මෙලෙස කොටු කරගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමත් විය. අත්අඩංගුවට ගන්නා විට ඔහු රැකියාවේ නිරතව සිටි ස්ථානය සොයාගෙන ඇත්තේ මෙයට මාස 2-3කට පෙර සිය හිතවතකුගේ මාර්ගයෙන් බවද අනාවරණය වී තිබේ. ඊට පෙර ඔහු දැඩිගමුව ප්‍රදේශයේ රැඳී සිට ඇති බවත්, ඔහු දැඩිගමුවේ සිට පූගොඩ බලා යන්නේ මේ අපරාධය සම්බන්ධයෙන් ඔහුගේ බිරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හසු වීමත් සමඟ බවත් අනාවරණය වී තිබේ. මේ පුද්ගලයා පසුගිය කාලය පුරා පොලිසියට හසු නොවන්නැයි ප්‍රාර්ථනා කරමින් පින්දහම්වල නිරතව සිට ඇති බවත්, පොහොයට සිල් සමාදන් වී ඇති බවත් බණ භාවනාවල නිරත වෙමින් නිරන්තරයෙන් පිරිත් කියමින් සිට ඇති බවත් අනාවරණය වී ඇත.

    මේ තැනැත්තා පනාගොඩ වැලිපිල්ලෑවේ පදිංචිව සිට මිය ගිය පුද්ගලයකුගේ උප්පැන්යකින් සකස් කරගත් ජාතික හැඳුනුම්පතකින් මෙතෙක් කලක් පෙනී සිට ඇති අතර, ඒ ජාතික හැඳුනුම්පත හා උප්පැන්න සහතිකයද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් සොයාගෙන ඇත. මියගිය අයකුගේ උප්පැන්න සහතිකයට මොහුගේ මුහුණ යොදා ජාතික හැඳුනුම්පත සකස් කරගැනීමට එවකට එම ප්‍රදේශයේ සේවය කළ ග්‍රාමසේවා නිලධාරියකුගේ සහ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ සේවයේ නිරත නිලධාරියකුගේ සහයද ලැබී තිබී ඇති බව සැක කරන අතර, ඒ ගැනද විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු තොරතුරු අනාවරණය කළේය.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයේ පොලිස් සැරයන් සම්පත් විසින් (70701) දීර්ඝ කාලයක් තිස්සේ කළ විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙස පසුගිය පෙබරවාරි 9 දා මේ සැකකරුගේ බිරිය අත්අඩංගුවට ගෙන තිබිණි. ඇය ඒ.ඩබ්. කමනී චම්පිකා නමැති 66 හැවිරිදි වියේ පසු වන එක්දරු මවකි.

    මේ අපරාධය සිදු වන්නේ 1989 වසරේ ජනවාරි 13 දාය. ඝාතනයට ලක් වූ ඉංජිනේරුවා සමඟ අනියම් සම්බන්ධයක් පවත්වමින් සිටි ඇය එකල අවුරුදු 32ක කාන්තාවකි. විදුලිබල මණ්ඩලයේ ඉංග්‍රීසි ලඝු ලේඛිකාවක ලෙස ඇය එකල සේවය කර ඇත්තේ ඝාතනයට ලක් වූ ඉංජිනේරුවා සමඟය. ලංගම වේලා සටහන්කරුවකු ලෙස සේවයේ නිරතව සිටි පූගොඩදී ඊයේ අත්අඩංගුවට පත් සිය සැමියා සමඟ ඇය පදිංචිව සිට ඇත්තේ වැලිපිල්ලෑව ශ්‍රී සුමන මාවතේ පිහිටි නිවෙසේය. අනියම් ඇසුර සැමියාට දැනගැනීමට ලැබීමෙන් පසු ඔහු ඇය මඟින් අනියම් සැමියා වූ විදුලි ඉංජිනේරුවා නිවෙසට ගෙන්වාගෙන හිසට මෝල්ග‍සකින් පහර දී, පසුව ගෙල කපා, සිරුරද කොටස්වලට වෙන් කර බැරලයක බහා ඇත. ඒ සදහා ඔහු සිය බිරියගේ සහයද ගෙන තිබිණි.


    ඉංජිනේරුවා මරා දමා පලා ගොස් සිටි මේ යුවළ පොලිසිය මඟින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව පැවති නඩු විභාගයෙන් පසු හෝමාගම මහාධිකරණය විසින් 1990 වසරේදී මරණ දඬුවම පනවා ඇත. මරණ දඬුවම නියම වන විට අධිකරණයෙන් ලද ඇප මත පසු වූ මේ යුවළ සිට ඇත්තේ අධිකරණය මඟහැරය.

    ඉන් පසු වෙනත් නම්වලින් පෙනී සිටිමින් පොලිසියට කට්ටි පනිමින් සිටි බිරිය පසුගිය පෙබරවාරියේදී අත්අඩංගුවට ගෙන ඇත්තේ පාණදුර අළුබෝමුල්ල ප්‍රදේශයේ සිය පුතාගේ නිවෙසේ රැඳී සිටියදීය. තලවතුගොඩ උපන් තැනැත්තියක වන ඇය අධ්‍යාපනය ලබා ඇත්තේ කොළඹ ප්‍රධාන පෙළේ බාලිකා විදුහලකින් වන අතර, ඇයගේ මවුපියන් යමක් කමක් ඇති පවුලක අය බවද සඳහන්ය. ඇය විදුලිබල මණ්ඩලයේ ඉංග්‍රීසි ලඝු ලේඛිකාවක ලෙස සේවයට එක්ව ඇත්තේ පාසල් අධ්‍යාපනයට සමු දී කෙටි කාලයක් තුළදීය. සරත්චන්ද්‍ර සුමනසේකර නමැති ලංගම බස් රථ වේලා සටහන්කරු සමඟ ඇය ප්‍රේම සම්බන්ධයක් ඇති කරගන්නේද මේ කාලයේය. ඒ සම්බන්ධයට ඇයගේ මවුපියන්ගේ කැමැත්තක් නොවූවත් අවසානයේ ඔවුන් දෙදෙනා විවාහ වී පදිංචියට යන්නේ වැලිපිල්ලෑව ශ්‍රී සුමන මාවතේ පිහිටි නිවෙසකටය. ඒ නිවෙස සරත්චන්ද්‍ර සුමනසේකරට අයත් එකකි.

    කැලණියේ පදිංචිකරුවකු වූ ආචාර්ය ඩබ්. අමරසිරි ඉංජිනේරුවකු ලෙස විදුලිබල මණ්ඩලයේ සේවයට එක්ව ඇත්තේද මේ කාලයේය. කඩවසම් තරුණයකු වූ ඔහු සහ කමනී චම්පිකා අතර අනියම් සම්බන්ධයක් ඇති වන්නේ ලඝු ලේඛන කටයුතු සඳහා නිතර දෙදෙනා කාර්යාල කාමරය තුළ තනි වීමේ ප්‍රතිඵලයක් වශයෙනි. සැමියා නැති අවස්ථාවලදී තම ඉංජිනේරු පෙම්වතා වැලිපිල්ලෑවේ නිවෙසට ගෙන්වාගෙන එකට සිටීමට පවා ඇය පෙලඹ සිටියාය. වැඩි කලක් යන්නට මත්තෙන් මේ හැම දෙයක්ම සැමියාගේ කන වැකී ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස 1989 වසරේ ජනවාරි 13 දා සිය බිරියට රැකියාවට යන්නට ඉඩ නොදෙන සැමියා ඇයට පහරවල් කිහිපයක් එල්ල කර ඇය බිය ගන්වා අනියම් සම්බන්ධය ගැන විමසා සිටියේය. එහිදී ඔහු ඇයට තර්ජනය කරමින් පවසන්නේ සැමියා නිවෙසේ නැති බව පවසා ඔහු නිවෙසට ගෙන්වන ලෙසය. සිය සැමියා මහා එපා කරපු පුද්ගලයකු බව දැන සිටි ඇයට ඔහුගේ අණ පිළිපැදීම හැර වෙනත් විකල්පයක් නොවීය. එබැවින් නිවෙසේ තිබුණු දුරකතනයෙන් ඉංජිනේරු පෙම්වතාට ඇමතුමක් ගත් ඇය ඔහු නිවෙසට ගෙන්වාගත්තාය. ඒ පැමිණි ඔහු මරා බැරලයක බහා වළ දමා අඹුසැමි යුවළ පලාගොස් ඇත්තේ බොරැල්ලටය. කුලියට ගත් නිවෙසක ඔවුන් දින කිහිපයක් රැඳී සිට ඇත. මේ අතර ඉංජිනේරුවාගේ තරුණ බිරිය පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත්තේ රැකියාවට ගිය සිය සැමියා දින කිහිපයක් තිස්සේ නිවෙසට නොපැමිණි බවත්, ඔහු ආගිය තැනක් සොයාගන්නට නැති බවත් සඳහන් කරමිනි. සැමියා සේවය කළ විදුලිබල මණ්ඩල මූලස්ථානය අයත් පොලිස් බල ප්‍රදේශය වූ කොම්පඤ්ඤවීදිය පොලිසියට ඒ පැමිණිල්ල කර තිබිණි. එහිදී පොලිස් නිලධාරීන් කළ විමර්ශනයේදී පෙනී ගොස් ඇත්තේ ඉංජිනේරුවාගේ රිය විදුලිබල මණ්ඩලයේ රථ ගාලේ ඇති බවයි.

    ඔහු ඉංග්‍රීසි ලඝු ලේඛිකාවක සමඟ අනියම් සම්බන්ධයක් ඇති කරගෙන සිටි බවත්, ඉංජිනේරුවරයා සමඟ ඇයත් අතුරුදන්ව ඇති බවත් හෙළි වන්නේ පොලිසිය එදා කළ විමර්ශනයේදීය. ඇයගේ ලිපිනය සහ දුරකතන අංකය ඉංජිනේරුවා සිය දින පොතේ සටහන් කර තිබුණු බැවින් බොරැල්ල පොලිසිය ඒ ඔස්සේ ගොස් අතුරුගිරිය පොලිසිය මගින් එම ලිපිනය සම්බන්ධයෙන් යම් සොයා බැලීමක් කර තිබේ. එහිදී පෙනී ගොස් ඇත්තේ ඉංජිනේරුවරයාගේ අතුරුදන්වීමත් සමඟ එම නිවෙස වසා දමා එහි ජීවත්වූ අඹුසැමි යුවළද අතුරුදන්ව ඇති බවයි. ඒ අනුව දීර්ඝ විමර්ශනයකින් අනතුරුව අඹුසැමි යුවළ අත්අඩංගුවට ගෙන බැරලයක බහා වළ දමා තිබුණු ඉංජිනේරුවාගේ මළ සිරුර ගොඩ ගෙන තිබිණි. එකල පුවත්පත්වල ප්‍රමුඛ පුවතක් බවට එම සිදු වීම පත්ව තිබී ඇත.


    මේ අඹුසැමි යුවළ හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගතව සිටි ඔවුන් දෙදෙනා මාස 6කට පසු ඇප මත නිදහස් කර තිබේ. ඒ 1990 වසරේදීය. එහිදී ඔවුන් ඇපකරුවන් ලෙස ඉදිරිපත් කර ඇත්තේ නම් ගම් පවා ව්‍යාජ පුද්ගලයන්ය. ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර ඇප ගත් ඔවුන් එතැන් සිට ජීවත්ව ඇත්තේ සැඟවීය. අධිකරණයේ පැවති නඩු කටයුතු සඳහාද ඔවුන් ඉදිරිපත් වී නැත.

    ඉංජිනේරුවාගේ ඝාතනය සම්බන්ධයෙන් ලඝු නොවන නඩු කටයුත්ත හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වීමෙන් අනතුරුව නීතිපතිවරයා විසින් මහාධිකරණයේ මෙම අඹුසැමි යුවළට නඩු පවරා ඇත. චුදිතයන් නැතිව නඩුව විභාගයට ගෙන එහි තීන්දුව ප්‍රකාශයට පත් කර ඇත්තේ 2019 වසරේදීය. ඒ ඔවුන් දෙදෙනාට මරණීය දණ්ඩණය නියම කරමිනි. එහිදී හෝමාගම මහාධිකරණය විසින් මෙම අඹුසැමි යුවළ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස විවෘත වරෙන්තුවක්ද නිකුත් කර තිබී ඇත. එහිදී මේ සැකකරුගේ බිරිය හෝමාගම මහාධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබීය. ඇය තවදුරටත් සිටින්නේ රක්ෂිත බන්ධනාගාරයේය. ඇය අධිකරණයට ඉදිරිපත් කිරීමේදී අනාවරණය වන්නේ ඇය මරණීය දණ්ඩනයට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර ඇති බවයි.

    ඊයේ අත්අඩංගුවට පත් ඇයගේ සැමියා වන මේ ඝාතනයේ ප්‍රධාන සැකකරු අද හෝමාගම මහාධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයේ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලකී රන්දෙණිය මහතාගේ මෙෙවීමෙන් උප පොලිස් පරීක්ෂකවරුන් වන පියල්, සිල්වා, කාන්තා (උ.පො.ප) මානෙල්, පොලිස් සැරයන්වරුන් වන ගමගේ (40947),සම්පත් (70701) ඇතුළු නිලධාරි කණ්ඩායමක් මේ වැටලීමට සම්බන්ධව සිට ඇත.


    source: https://www.gossiplankanews.com/2024/04/athirugiriya-ceb-killer-nabbed.html

    මේත් එක්ක මට හිතුනෙ ලංකාවෙ අධිකරණ, නීතිය, පොලිසිය කොයිතරම් අකාර්යක්ශමද කියන එක.
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    මැරිච්ච එකා මැරිලා ඉපදිලා පොලිසියට බැදිලා ඌමද කොහෙද ගේමක් ගහලා මිනීමරුවා අල්ලලා තියෙන්නෙ 🤣 ලංකාවෙ අප්පට හිකෙන නීතිය
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,759
    87,164
    113
    ආශ්චර්යමත් රටක
    thajudeen marapu ekawa denagenath allanna beri una neda thawama

    තව කල් තියෙනවා.

    වේස ගූ බයියන්ගෙ පිහිටෙන් ජනාධිපතිත් වෙලා මැරෙන්න ඔන්න මෙන්න වැටිල ඉන්නකොට කියයි ඔන්න අල්ලන්න යන්න ඉන්නකොටම මැරුණා කියලා 🫢
     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,432
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    40+ years


    lanakwe me scene eka bn policiye carelessness and inefficiencies godak thiyenawa bn.
    mun denna bail eka ganna deela thiyena apa kaaroyonge details pawa boru ewa, ewawath check karala na pliciyen.
    marichcha unge id ekakin photo dala hora id hadagena etc. ewa bn patas gala ahuwenna one policiyen 30 years ago unath. ewata modern tech one na.
     
    Last edited:

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,575
    2,401
    113
    me scene eka bn policiye carelessness and inefficiencies godak thiyenawa bn.
    mun denna bail eka ganna deela thiyena apa kaaroyonge details pawa boru ewa, ewawath check karala na pliciyen.


    source please.

    තව ගොඩක් කේස් තියනවා බන් ඔය වගේ අවරුදු ගණන් ගියපු.

    Btk, kaczynski

    zodiac killer තාම හොයාගෙන නෑ 1960 ඉදන්.
     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,432
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    ඛොහොමද දෙගොල්ලොන්ටම කර්මය පඩිසන් දුන්න හැටි..
    dan 68, 66 bn dennata. meka daduwama denna thibbe 30 years ago. mun denna berila idala thiyennema policiyei, law eke carelessness and inefficiencies nisa.

    source please.

    තව ගොඩක් කේස් තියනවා බන් ඔය වගේ අවරුදු ගණන් ගියපු.

    Btk, kaczynski

    zodiac killer තාම හොයාගෙන නෑ 1960 ඉදන්.
    machan main post eke thiyena mama kiwwa tika dala. full article eka kiyawala balanna.
    ------ Post added on Apr 20, 2024 at 1:15 PM
     
    • Like
    Reactions: NRTG

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,575
    2,401
    113
    dan 68, 66 bn dennata. meka daduwama denna thibbe 30 years ago. mun denna berila idala thiyennema policiyei, law eke carelessness and inefficiencies nisa.


    machan main post eke thiyena mama kiwwa tika dala. full article eka kiyawala balanna.
    ------ Post added on Apr 20, 2024 at 1:15 PM

    ado ela bn. mn hthuwe golden state killer sceen eke inefficiencies kyla.

    tfs.
     
    • Like
    Reactions: NRTG

    $onny

    Well-known member
  • May 21, 2012
    3,256
    4,052
    113
    source please.

    තව ගොඩක් කේස් තියනවා බන් ඔය වගේ අවරුදු ගණන් ගියපු.

    Btk, kaczynski

    zodiac killer තාම හොයාගෙන නෑ 1960 ඉදන්.

    Zodiac killerwa hoyanna barida danne golden state killerwa hoyapu vidiyata.Dan nam bari wenna vidiyak ne.
     
    • Like
    Reactions: NRTG

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,304
    1
    59,402
    113
    Kaduwela
    රමණි බර්තොලමියුස් වත් මැරුණේ කාර් එකෙ හැප්පිලා හෝ කාර් එකෙන් එලියට වැටිලා නේද 🥲
    අද්දර ආරච්චි මැරුණම තමයි එළියට එන්නේ කොහොමද මැරුනේ කියලා. 😿
    අද්දර ආරච්චිගේ පුතා රයන් අද්දර ආරච්චි සිංදුවක් කරලා තිබ්බා "අනියම් ප්‍රේමය" ගැන 🥲




    image.png

    image.png

    image.png

    image.png

    image.png
     
    • Like
    Reactions: legib2264 and NRTG