වස්ගමුව ජාතික වනෝද්‍යානයට 👣

HimaliHan

Active member
  • Sep 11, 2023
    77
    225
    33
    1697433366179.png

    වස්ගමුව ජාතික වනෝද්‍යානය යනු ශ්‍රී ලංකාවේ ඇති ඉපැරණි මහා වනාන්තර වලින් එකකි. පළාත් තුනක් හා ප්‍රධාන වශයෙන් දිස්ත්‍රික්ක දෙකක් පුරා මේ වනාන්තරය පැතිරී පවතිනවා. එහි මායිම් පහත ලෙස දැක්විය හැකිය

    උතුරු සීමාව - පරාක්‍රම සමුද්‍රය, අඹන් ගඟ
    බටහිර සීමාව - ඇළහැර හා බකමූණ ප්‍රදේශ
    දකුණු සීමාව - මහවැලි ගගේ අතු ගංගාවක් වන දුනුවිල ඔය
    නැගෙනහිර සීමාව - මහවැලි ගඟ

    වස්ගමුව ජාතික වනෝද්‍යානයේ ඇති ක්ෂීරපායී සතුන් අතර අලි ඇතුන්, වලසා, ගෝනා, තිත් මුවා, දිවියා, අදුන් දිවියා, සිවලා, ඕලු මුවා, මීමින්නා, දඩු ලේනා, කබල්ලෑවා, ඉත්තෑවා සහ හාවා යන සතුන් ප්‍රමුඛ වේ. එසේම ලංකාවට ආවේනික කොළ වදුරා, රිළවා සහ රන් හෝතඹුවා යන සතුන්ද මෙහි වාසය කරති.

    1697433219003.png


    නයා, තිත් පොළගා, පිඹුරා සහ ඇහැටුල්ලා
    යන සර්පයන් බහුලව වස්ගමුව තුළදී දැකිය හැකිය. කිඹුලා, කටුස්සා, සිකනලා, තලගොයා හා කබරගොයා යන සතුන්ද මෙහි දැකිය හැකිවේ.
    වැව් හා ජලාශවල ගල් පාඬියා, වලයා, අංකුට්ටා, ලූලා, කාවයියා හා තෙලියා, පුලුට්ටා සහ පෙතියා යන මසුන් ප්‍රමුඛව දැකිය හැකිවේ.
    1697433403002.png

    වස්ගමුව ජාතික වනෝද්‍යානය අද වන විට දේශීය හා විදේශීය සංචාරකයන්ගේ එක් විශේෂ සංචාරක මධ්‍යස්ථානයක් බවට පත්ව හමාරය. මෙහි ඇති විශේෂත්වය වන්නේ රාවණා යුගයේ සිට දුටුගැමුණු, ධාතුසේන හා පරාක්‍රමබාහු යන රජවරුන් සම්බන්ධ වූ ඉතිහාසයට සම්බන්ධ වී තිබීමයි. තවද වස්ගමුව මගින් ඇදෙන්නා වූ දියවර හේතුවෙන් මහවැලි ගංගාව පෝෂණය වීමද මෙම වනාන්තරයෙන් ඉටුවන්නා වූ
    සුවිශේෂී සේවයකි.


    Source: https://hiitravellers.com/wasgamuwa-national-park-sri-lanka-all-you-need-to-know/
     

    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,736
    4,808
    113
    එලකිරි හන්දිය
    වස්ගමුව ජාතික වනෝද්‍යානය බොහෝ සෙයින් ජනප්‍රිය වන්නේ වලසුන් නිසා ය. වලසුන් බහුල ගමුව එසේත් නැත්නම් වලස් ගොමුව පසු කලෙක වස්ගමුව වූ බව සැලයි.

    Anyway TFS bro !
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    වස්ගමු අලි අනිත් පැති වලට වඩා උසයි, කලුයි, දරුනුයි
    මේ ගැන හොද තියරියක් තියනව
    වෙලාවක දාන්නන්


    TFS machan. Balanna yanna hoda udeda hawasada?


    කුරුල්ලො නන් උදෙ - 6 am
    අලි, කොටි නන් හවස - 6 pm

    මේ සාමාන්‍ය තියරිය


    රාවනාග ගුහාව,

    :eek:
    නිල්දිය පොකුණ එහෙම තියෙන්නෙ ඔහේ නේද...
    ඇල්ලෙ නේද :eek:
    ------ Post added on Oct 17, 2023 at 12:05 AM
     

    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    ඇය යන්න ගියා මැකිලා…. සින්දුව රචනා වෙන්න පාදක වෙලා තියෙන්නෙත් වස්ගමු කැලේ ඉද්දි වැහැපු වැස්සක්