වස්ගමුව ජාතික වනෝද්‍යානය යනු ශ්‍රී ලංකාවේ ඇති ඉපැරණි මහා වනාන්තර වලින් එකකි. පළාත් තුනක් හා ප්‍රධාන වශයෙන් දිස්ත්‍රික්ක දෙකක් පුරා මේ වනාන්තරය පැතිරී පවතිනවා. එහි මායිම් පහත ලෙස දැක්විය හැකිය
උතුරු සීමාව - පරාක්‍රම සමුද්‍රය, අඹන් ගඟ
බටහිර සීමාව - ඇළහැර හා බකමූණ ප්‍රදේශ
දකුණු සීමාව - මහවැලි ගගේ අතු ගංගාවක් වන දුනුවිල ඔය
නැගෙනහිර සීමාව - මහවැලි ගඟ
වස්ගමුව ජාතික වනෝද්‍යානයේ ඇති ක්ෂීරපායී සතුන් අතර අලි ඇතුන්, වලසා, ගෝනා, තිත් මුවා, දිවියා, අදුන් දිවියා, සිවලා, ඕලු මුවා, මීමින්නා, දඩු ලේනා, කබල්ලෑවා, ඉත්තෑවා සහ හාවා යන සතුන් ප්රමුඛ වේ. එසේම ලංකාවට ආවේනික කොළ වදුරා, රිළවා සහ රන් හෝතඹුවා යන සතුන්ද මෙහි වාසය කරති.
නයා, තිත් පොළගා, පිඹුරා සහ ඇහැටුල්ලා යන සර්පයන් බහුලව වස්ගමුව තුළදී දැකිය හැකිය. කිඹුලා, කටුස්සා, සිකනලා, තලගොයා හා කබරගොයා යන සතුන්ද මෙහි දැකිය හැකිවේ.
වැව් හා ජලාශවල ගල් පාඬියා, වලයා, අංකුට්ටා, ලූලා, කාවයියා හා තෙලියා, පුලුට්ටා සහ පෙතියා යන මසුන් ප්රමුඛව දැකිය හැකිවේ.
වස්ගමුව ජාතික වනෝද්‍යානය අද වන විට දේශීය හා විදේශීය සංචාරකයන්ගේ එක් විශේෂ සංචාරක මධ්‍යස්ථානයක් බවට පත්ව හමාරය. මෙහි ඇති විශේෂත්වය වන්නේ රාවණා යුගයේ සිට දුටුගැමුණු, ධාතුසේන හා පරාක්‍රමබාහු යන රජවරුන් සම්බන්ධ වූ ඉතිහාසයට සම්බන්ධ වී තිබීමයි. තවද වස්ගමුව මගින් ඇදෙන්නා වූ දියවර හේතුවෙන් මහවැලි ගංගාව පෝෂණය වීමද මෙම වනාන්තරයෙන් ඉටුවන්නා වූ
සුවිශේෂී සේවයකි.
Source: https://hiitravellers.com/wasgamuwa-national-park-sri-lanka-all-you-need-to-know/
