වස වැඩිම එළවළු පළතුරු මොනවද

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    වස වැඩිම එළවළු පළතුරු මොනවද

    වස් විස නැතුව දැන් ආහාර නිෂ්පාදනය කරන්න ප්‍රවණතාවයක් තිබුණත් හිතන තරම් ඒක සාර්ථක නෑ වගේ පෙන්නේ.එහෙම කියලා හැමදාම වස වලින් නාවපු එළවළු පළතුරු කන්න තමයි වෙන්නේ.වස විස නොගහා වගා කරන්න නම් අපේ පාරම්පරික ඥානය පාවිච්චි කරන්න වෙනවා.ඒත් ඉතින් සුද්දන්ගේ ඥානයට වඩා දෙයක් අපේ උන් වටින්නේ නෑ.පාරම්පරික ඥානය සැගවිලා තියෙන්නේ අපේ භාෂාව ඇතුලේ.ඒත් මව් භාෂාවට තැනක් නැති ලංකාව වගේ රටක,බස මරාගෙන යන යුගයක ඔය කියන පාරම්පරික ඥානයත් වැඩි කල් නොගිහින් සොයා යන්නවත් නැතිවෙයි.

    මහා පරිමාණයෙන් වගා කරන ප්‍රදේශවල ඉන්න අය දන්නවා ඇති වස විස වැඩිපුරම භාවිතා කරලා වගා කරන බෝග වර්ග..

    සාමාන්‍යයෙන් අපේ පරිභෝජනයට,එහෙම නැත්නම් අලෙවි කරන්න වගා කරන බෝග බොහොමයකට වස විස යොදනවා.ඒත් ගොවියෝ තමන්ගේ ,තම පවුලේ ආහාරය සඳහා වස විසෙන් තොරව වෙනම බෝග වගා කර ගන්නවා කියන එක රහසක් නෙමෙයි.

    වැඩිපුරම වස විස වලට නිරාවරණය වෙන එළවලු පළතුරු මොනවද කියලා දන්න අය කියමු බලන්න.
     
    asela1

    Well-known member
  • Feb 12, 2010
    953
    461
    63
    bandaragama
    කැරට්
    ලීක්ස්
    ගෝවා
    තක්කාලි
    මේවට තමයි වැඩිපුරම කෘමිනාශක ගහන්නෙ.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    කැරට්
    ලීක්ස්
    ගෝවා
    තක්කාලි
    මේවට තමයි වැඩිපුරම කෘමිනාශක ගහන්නෙ.

    අර්තාපල් ?
     
    TISSA1

    Well-known member
  • Jun 24, 2017
    410
    262
    63
    දැන් වස විස ගහන්නේ නැති එළවළුවක් /පළතුරක් නෑ. කෝස්, දෙල් උනත් වෙළද පලට එද්දී කල් තියාගන්න එක එක ජරාව දාල තමා එන්නේ. ගෙදර හැදෙන දෙයක් කෑවොත් මිසක් කඩෙන් අරන් වස /විස නැති කෑම ගත්ත කියන්නේ තනිකර බොරුවක් බන්. එළවලුව කොහොම හරි ශේප් කරගත්තත් හාල් ????
    අපි නම් දන්නා එකෙක්ට කියල වී පොඩි ප්‍රමාණයක වගාවක් දාල තියනවා. ලොකුවට බෙහෙත් ගහන්නේ නෑ, ඒකනිසා පොඩි පලදාවක් තමා ලැබෙන්නේ, නමුත් ලැබෙන ටික වස නැති බව දන්නා නිසා දිගටම කරගෙන යනවා. අපේ පැත්තේ එවුනුත් ඒක දන්නා නිසා පොඩි එවුන්ට /ගොඩක් වයසක කට්ටියට දෙන්න කැඳක් එහෙම හදන්න හාල් ටිකක් ගන්න එන්නේ අපේ ගෙදරට. ඒවගේ එකෙක්ට හාල් ටිකක් දුන්නම හිතට ලොකු සතුටක් එනවා. ඒ සතුට පාඩු වුනත් ඊලග කන්නෙත් කොහොම හරි කරන්න කියල පොලබවනවා බන්.
     
    • Like
    Reactions: Red-Cat

    හාල් නම් අවුලක් නෑ බන්.කුඹුරු තියෙනවා නේ.එළවලු තමයි ප්‍රශ්නේ.

    කඩෙන් ගේන කෙසෙල්,ඇපල් වගේ කිසිම පළතුරක් මම නම් කන්නේ නෑ.
     
    basnayaket

    Member
    May 30, 2018
    698
    42
    0
    දැන් වස විස ගහන්නේ නැති එළවළුවක් /පළතුරක් නෑ.
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    artapal ala waga karaddi aleta panuwa
    enne nati wenna kurator kiyala ekak
    danawa, eka hoda na
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,925
    1
    58,221
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මම හිතන්නෙ වස වැඩිම අර්තාපල්/කැරට් වගේ අල වර්ග වල. ඒ ගස් නෑවෙන්න බෙහෙත් ගහනවා. වැස්සොත් ආයෙත් බෙහෙත් ගහනව. කොලවලට වැතෙන බෙහෙතුයි පොලොවට වැටෙන බෙහෙතුයි ඔක්කොම අලේ තැන්පත් වෙනව ඇති. කොහිල/නෙලුම් අල කියන්නෙත් කුණුවතුර / වස එකතුවෙන වගුරුබිම් වල හදන ජාති.
     
    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113
    Ahala thiyana widiyata gowa thama wisama.mama eka parak miris wagakarapu idamakata giya.nikan hima watila wage kola pata gaha suduma sudu wela gahala thibba beth walata.apita lagatawath yanna epa kiwwa ayithi karaya.
     
    willpower

    Well-known member
  • Oct 21, 2011
    8,666
    5,781
    113
    Upcountry 👑
    වස විස නැති එළවලු වලට නම් කොස් ,දෙල්,කෙසෙල් මුව වගේ දේවල් තමයි. ගෝව වල බෙහෙත් ගොඩක් ගහනවලු.