වස

**cut

Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    වස_බොන්න_එපා

    වස පානය කිරීමෙන් ජීවිතය ක්ෂණිකව නැති වී යයිද ?


    poison.jpg




    සෑම වාට්ටුවකම පාහේ වස පානය කිරීමෙන් දුක් විදින රොගීන් වෛද්‍යවරුන් වන අප මෙන්ම ඔබද කොතෙකුත් දැක ඇතුවාට සැක නැත. කිසිදු වස වර්ගයක් පානය කිරිමෙන් ක්ෂණිකව මරණයක් ලඟා කර ගැනීමට නොහැකිය. එලෙස වස පානය කළ තැනැත්තන් මිය යනුයේ දින කිපයක්ම හෝ සති කිහිපයකට හෝ ඇතැම් විට මාස කිහිපයකකට පසුවය. ඒ අතර තුරු ඔවුන්ට නොයෙකුත් රෝග ලක්ෂණ වලික් පෙළෙමින් දුක් විඳීමට සිදුවේ.

    පහත දක්වා ඇත්තේ එලෙස විඳීමට සිදුවන දේවලින් අතලොස්සකි .

    * මුඛයේ ආහාර මාර්ගයේ කොටස් වලින් ඇතිවන පිළිස්සීම් නිසා හටගන්නා අධික වේදනාව.
    * එම පිළිස්සීම් තුවාල බවට පත්වී සැරව හා අනෙකුත් තරල වැස්සීම හා ඉන් ඇතිවන දුර්ගන්ධය.
    * ආහාර ගිලීමට අපහසුවීම එමනිසා ආහාර බට මගින් ලබාදිම දිමට සිදුවීම.
    * මුත්‍ර හා මළ පාලනයකින් තොරව පහවීම හා ඉන් ඇතිවන දුර්ගන්ධය.
    * මාංශ පේශි ක්‍රියා විරහිත වීම නිසා ශරීරය අප්‍රානික වීම.
    * ලේ වමනය සිදුවීම.
    * අක්මාවට හානි වුවහොත් ඇඟ ඉදිමිම හා කහ වීම.
    * වකුගඩු නැති වුවෙහොත් මුත්‍රා හරිහැටි පහ නොවීම හා ශරීරය ඉදමීම.
    * හුස්ම ගැනීමට අපහසු වීම එනිසා ඔක්සිජාන් හා කෘතිම ශ්වසනය ලබා දීමට සිදුවීම.

    මෙවැනි රෝග ලක්ෂණ වලින් දුක් විදීම බොහෝ රෝගින් තමා වස පානය කිරිම සම්බන්ධයෙන් පසුතැවිලි වේ. බොහෝ රෝගින් ඉල්ලා සිටිනුයේ තම ජිවිතය කෙසේ හෝ බේරා දෙන ලෙසය.

    ඔබ මීට පෙර වස පානය කොට ජිවිතය නැති කර ගැනීමට තැත් කල තැනැත්තෙකු සමග කථා බහ කළහොත් ඔහු විඳි දුක් කන්දරාව ඔහුගේ වචනයෙන්ම ඔබට අසා දැනගත හැකි වේ.

    ඔබගේ ජිවතය ඔබට මෙන්ම ඔබ ජීවිත් වන අනෙකුත් පුද්ගලයන්ටද ඉතා වටිනේය. මෙබදු වටින ජිවිතයක් මොනයම් හෝ ක්‍රමයකින් නැති කර ගැනීමට උත්සහ නොගන්න.

    ගැටථ නැත්තේ කාහටද?ගැටථ වලට විසදුම ඉන් පැනයාම නොවේ . ඔබට ගැටථවකට මුහුණ පා ඇත්නම් එය විසඳ ගැනීමට ක්‍රමයකින් ගැන සිත යොමු කරන්න. වසපානය කොට ජීවිතය නසා ගැනීමට තැත්කිරීමෙන් තවත් ගැටථවකට ඔබ ජීවිතයම එක් කර නොගන්න.

    වස පානය කළ පුද්ගලයකුට වමනය කර විම
    තම ජිවිතයහානි කර ගැනිමට හෝ අත්වැරදිමකින් වස පානය කිරිමෙන් අනතුරුව එම ශරිරගත වු වස ප්‍රමාණය නැවත පිටතට ගැනීමට බොහෝ පුද්ගලයන් රෝගීන්ට වමනය කිරිමට සලස්වයි.
    මෙසේ වමනය කරවීම බොහෝ වස වර්ග පානයෙන් කිරිමෙන් පසුව සිදු කර යුතු ඉතා හොද ප්‍රථමාධාරයක් වේ. රොගියා ළගම ඇති රෝහලකට ගෙනයන තෙක් ඔහුට වමනය කිරිමට සැලැස්විය මගින් ශරිගත වන වස ප්‍රමාණය අවම කරගත හැක.
    මෙලෙස නියමාකාරයෙන් වමනය කළ යුතු අන්දම මෙසේය.

    • රෝගියා පියවි සිහියෙන් සිටිය යුතුය.
    • වස පානය කර පැය 2ක් වත් ගත නොවී තිබිය යුතුය.
    • රෝගියාට වතුර විදුරු කිහිපයක් බීමට ලබා දෙන්න.
    • ඉන්පසු වමනය දැමිමට සලස්වන්න.
    • වමනය සිදුනොවේ නම් උගුරට ඇගිල්ලක් දමා වමනය කිරිම පහසුකර ගැනීමට සලස්වන්න.
    නමුත් මෙලෙස වමනයකිරිමිට සැලැස්විම සැම අවස්ථාවකටම යෝග්‍ය නොවේ.

    වස පානය කළ පුද්ගලයකුට වමනය කර විම නොකළ යුතු අවස්ථා
    තම ජිවිතයහානි කර ගැනිමට හෝ අත්වැරදිමකින් වස පානය කිරිමෙන් අනතුරුව එම ශරිරගත වු වස ප්‍රමාණය නැවත පිටතට ගැනීමට බොහෝ පුද්ගලයන් රෝගීන්ට වමනය කිරිමට සලස්වයි.
    මෙසේ වමනය කරවීම බොහෝ වස වර්ග පානයෙන් කිරිමෙන් පසුව සිදු කර යුතු ඉතා හොද ප්‍රථමාධාරයක් වේ. රොගියා ළගම ඇති රෝහලකට ගෙනයන තෙක් ඔහුට වමනය කිරිමට සැලැස්විය මගින් ශරිගත වන වස ප්‍රමාණය අවම කරගත හැක.
    නමුත් මෙලෙස වමනයකිරිමිට සැලැස්විම සැම අවස්ථාවකටම යෝග්‍ය නොවේ. පහතදක්වා ඇත්තේ එලෙස වමනය දැමිම සිදු නොකළ යුතු අවස්ථා කිපයකි.

    • රෝගිය සිහිමද ගතියෙන් සිටින විට.
    මෙවිට්‍වමනය කිරිමට තැත් කිරිමෙන් වමනය පෙණහථ කරා ගොස් හුස්ම ගැනිමට අපහසු තා ඇතිවේ.
    • සැර අම්ල හා ක්ෂාර පානය කර ඇති විට.
    මෙවැනි ද්‍රව පානය කිරිමේදි මුඛය, උගුර හා ගල නාලය පිලිස්සි එය ආමාශය ට ගලා යයි. ආමාශයට මෙවැනි සැර ද්‍රව වලට ඔරොත්තු දීමේ හැකියාම ඇත. වමනය කිරිමේදි මෙම ක්‍රව මගිනි ගලනාලයේ සිට මුඛය දක්වා කොටස් නැවත පිලිස්සි යයි. එනිසා මෙවැනිඅවස්ථාවල වමනය නොකළ යුතුය.
    • භූමිතෙල්, පෙට්‍රල්, හෝ ඩිසල් පානය කර ඇති විට.
    මෙම ද්‍රව්‍ය වර්ග වමනය කිරිමේදි පෙනහථ වලට ඇතුථ වුවහොත් විවිධ ශ්වසන ගැටථ ඇතිවේ.
    • වස පැනය කර පැය 2 ක් ඉක්ම වි ඇතිවිට.
    මෙවිට හානියක් නැති වුවද වමනය කිරිමෙන් පලක් නොවේ. පානයකළ වස වලින් බොහෝ කොටසක් ශරිරයට උරා ගෙන තිබීම මීට හේතුවයි.
    මෙවන් අවස්ථාවක් නොවේ නම් රෝගියාට වහාම රෝහලකට ගෙන යනතෙක් වමනය කරවීම උචිත වේ.

    wedananasala


    poison_sign.gif
     
    Last edited:

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    www.elakiri.com>

    Thanks for adding reputation to this user. May you be lucky enough to receive the same Reputation back in turn.
     

    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......

    කාට හරි මැරෙන්නම ඔන නම් හොදම දෙ තමා ජීවත් වෙන එක.මොකද අපි කවදා හරි මැරෙනව. ඒක අදද,හෙටද තව අවුරුදු 60 කින්ද කියන එක දන්නේ නැති වුනාට එකක් දන්නවා.. අනිවා මැරෙනවා..ඉතින් කරන්න තියෙන හොදම දෙ ජීවත් වෙන එක..

    අනික මැරෙන එක කිසිම දෙයකට විසදුවමක් නෙවෙයි.ඒකෙන් තමන්ට තිබ්බ ගැටලුව ඉවර වුනාට තමන්ගෙ මරනයත් එක්ක තමන් ආදරෙ කරන අයට ලොකු ගැටලුවට මූන දෙන්න වෙනවා කියන එකත් මතක තියා ගන්න ඕන..

    (හැබැයි ඉතින් මේ මොනවා කියලත් බැරිනම්,බණ වැඩක් නැත්නම්,මැරෙන්නම ඕන නම් ඉතින් one shot knocked-out ක්‍රමයකට යන්න,වස නම් බොන්න එපා :frown::frown:)
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    • භූමිතෙල්, පෙට්‍රල්, හෝ ඩිසල් පානය කර ඇති විට.:eek::shocked::shocked:
    :lol:
    mewa bonne salli karayo wenna ona:rofl::lol: