වහරක බණ කියන්නේ මොකක්ද?

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42

    අර රාවනා සෙට් එක වගේ, ෆිල්ම් වල කෑලි දදා වීඩියෝ හද හදා මිනිස්සු බයකරනවා.
    මුන් කියන්නෙ මුන් හදාගත්ත විකාර. අර නිවාතාපයා කියනවා පිලිකා, පිලි=රෙදි, ඇදුම් කොටට ඇන්දම තමයි පිලිකා හැදෙන්නෙ කියලා.
     
    • Like
    Reactions: Rontmir

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    හැමෝම negative response දාල තියෙන නිසා balance වෙන්න positive response එකක් දාන්න හිතුව :-)

    මේ මහත්තය, වහරක අභයරතනාලංකාර ස්වාමින්වහසේ විසින් අනිච්ච යන්නට ආන්දෝලනාත්මක විග්‍රහයක් කරමින් දේශනා කල ධර්මය... මුල් කාලයේ සහ දැනටත් නොයෙකුත් ස්වාමින් වහන්සේලා මේ දහම දේශනා කරනව. මේ තුල ඇති ආන්දෝලනාත්මක හා තාර්කික ස්වභාවයත්, නොයෙකුත් ස්වාමින් වහන්සේලා විසින් ත්‍රිපිටකය ගෙනහැර දක්වමින් කල දේශනා නිසාත් බොහොමයක් අය (අන්‍ය ආගමික අය ඇතුළුව) සීග්‍රයෙන් මේ දහමට නැඹුරු වීම අපි පසුගිය කාලයේදී දකින්න ලැබුණ.

    ඉතින් මෙහෙම වාතාවරණයක් තුල එතෙක් බුද්ධාගම තම ජීවිකාව කරගත් පිරිසට, නොයෙක් අත්තනෝමත ඉදිරිපත් කරමින් බුද්ධාගමේ විද්වතුන් යැයි කියාගන්නා පිරිසට සහ සමහර අන්‍යාගමික පිරිස් වලට විශාල පහරක් එල්ල වුණා. ඉතින් අනික් හැම දේටම වගේ මේකටත් දැඩි විරෝධයක් සමාජයේ සමහර කොටස් තුලින් එල්ල වුණා. එහි ප්‍රතිඵල හැටියට තමයි ඔය උඩ මහත්තයෙක් දාලා තියෙන video එක වගේ දේශනා වල මූලික අර්ථය වෙනස් වෙන ආකාරයට කොටස් කඩල අතර මැදට නොයෙක් විවේචනාත්මක කොටස් එකතු කරල (කුණු හරුප ඇතුළුව) හදපු video. හැබැයි වහරක ධර්මය follow කරපු අයගෙන් ඒ කාලේ මේවට ප්‍රති-විරෝධයක් එල්ල නොවුන තරම්. දැන් නම් ඉතින් මෙහෙම video හැදෙන්නෙ නැහැ මගෙ හිතේ... මොන විරෝධතා එල්ල උනත් ත්‍රිපිටක පරිශීලනය සාමාන්‍ය මිනිස්සු අතර ජනප්‍රිය කරපු බණ, වහරක බණ කිව්වොත් මම හිතන්නෙ මම වැරදි නැහැ...

    කොහොම නමුත් ආගම ධර්මය කියන්නෙ තම තමන්ට පෞද්ගලික දෙයක් කෙනෙක්ට ඒක ජීවිකාව වෙනකොට, තව කෙනෙක්ට ඒක status එක maintain කරන tool එකක් වෙන්න පුළුවන්, තවකෙකුට ඒක විමුක්ති මාර්ගය නැත්නම් එකම ගැලවීම වෙන්න පුළුවන්. මගේ අදහස නම් කෙනෙක් ධර්මය විමුක්තිය සඳහා follow කරනව නම්, පුළුවන් හැම source එකක්ම පාවිච්චි කරල තමන්ගෙ අවබෝධය වැඩි දියුණු කරගන්න එක තමයි වැදගත් වෙන්නෙ. බණ වල වැරදි හොයන එක ධර්මාවබෝධයෙන් පස්සේ කරන්න පුළුවන්නෙ :D.


    වහරක ස්වාමින්වහසේගේ එක අනිච්ච විග්‍රහයක්:


    මෙ කතාව නම් හරි
    අපිත් මෙ වහරක ගැන දැනගෙන අවුරුදු 3 වගෙ කාලයක් වෙනව
    මුලින්ම ආර්න්‍ය සේනසන හාමුදුරු කෙනෙක් හම්බවෙලා තමයි බන ඇහුවෙ අපි මෙච්චර කල් අහපු බනත් එක්ක අපිට නොදැනුන සැනසිමක් දැනුන
    දිගටම එ බන එ හාමුදුරුවො ආශ්‍රෙ කලා
    පස්සෙ තමයි දැන ගත්තෙ ඔය වහරක ස්ව්මින් වහන්සේ ගෙ ගොලයො කියල
    අහලම බෑලුවොත් වෙන්සක් තෙරෙනව
    එඩිට් විඩියො හදපු එව නම් තනිකර මඩ ගැහිල්ලක් නෙ
     

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113

    මේ යථාර්තයනෙ මහත්තය, මම හිතුවෙ වහරක බණ අහන/කියන අය අනික් අයට අඩම්තේට්ටම් කරල බයකරනව කියල අර ඉස්සර කාලෙ ආගම් ව්‍යාප්ත කලා වගෙ... යථාර්තයට කව්රුවත් බය වෙන්න ඕනි නැහැනෙ. අනික ඔය දේශනා වලම තියෙනවනෙ කොහොමද ඒ බයෙන් නිදහස් වෙන්නෙ කියල. මෙහෙම ගත්තොත් ඔය සමහර බටහිර රටවල අලවිකරන සිගරට් පෙට්ටි වල තියෙන photos වලින් කරන්නෙත් මේ වගේම බය කිරීමක්නෙ. මේක බය කිරීමකට වඩා යථාර්තය පෙන්වා දීමක් නොවේද?
    1700457357636.png


    තව දෙයක්, ඔබතුමා බය ගැන worry වෙනවනම් මේ ගැන මොකක්ද කියන්න තියෙන්නෙ? පෙනෙන යථාර්තයට වඩා නොපෙනෙන දෙවි කෙනෙකුට බය උනාට කමක් නැද්ද? ;-)

    • Matthew 10:28 (NIV): Do not be afraid of those who kill the body but cannot kill the soul. Rather, be afraid of the One who can destroy both soul and body in hell.
    • Psalm 33:8 (NIV): Let all the earth fear the Lord; let all the people of the world revere him.
    • Luke 1:50 (NIV): His mercy extends to those who fear him, from generation to generation.
    and so on...
     
    Last edited:
    • Like
    Reactions: lankalk

    ll-MegaMind-ll

    Well-known member
  • May 13, 2011
    4,531
    699
    113
    Dharmayaiobai.org
    මෙ කතාව නම් හරි
    අපිත් මෙ වහරක ගැන දැනගෙන අවුරුදු 3 වගෙ කාලයක් වෙනව
    මුලින්ම ආර්න්‍ය සේනසන හාමුදුරු කෙනෙක් හම්බවෙලා තමයි බන ඇහුවෙ අපි මෙච්චර කල් අහපු බනත් එක්ක අපිට නොදැනුන සැනසිමක් දැනුන
    දිගටම එ බන එ හාමුදුරුවො ආශ්‍රෙ කලා
    පස්සෙ තමයි දැන ගත්තෙ ඔය වහරක ස්ව්මින් වහන්සේ ගෙ ගොලයො කියල
    අහලම බෑලුවොත් වෙන්සක් තෙරෙනව
    එඩිට් විඩියො හදපු එව නම් තනිකර මඩ ගැහිල්ලක් නෙ
    mea banina ekewath bana hariyata ahana un neve, ehn mehen kaalak ahala buranawa. oka thama anthimata ithuru wenne.