හැමෝම negative response දාල තියෙන නිසා balance වෙන්න positive response එකක් දාන්න හිතුව
මේ මහත්තය, වහරක අභයරතනාලංකාර ස්වාමින්වහසේ විසින් අනිච්ච යන්නට ආන්දෝලනාත්මක විග්‍රහයක් කරමින් දේශනා කල ධර්මය... මුල් කාලයේ සහ දැනටත් නොයෙකුත් ස්වාමින් වහන්සේලා මේ දහම දේශනා කරනව. මේ තුල ඇති ආන්දෝලනාත්මක හා තාර්කික ස්වභාවයත්, නොයෙකුත් ස්වාමින් වහන්සේලා විසින් ත්‍රිපිටකය ගෙනහැර දක්වමින් කල දේශනා නිසාත් බොහොමයක් අය (අන්‍ය ආගමික අය ඇතුළුව) සීග්‍රයෙන් මේ දහමට නැඹුරු වීම අපි පසුගිය කාලයේදී දකින්න ලැබුණ.
ඉතින් මෙහෙම වාතාවරණයක් තුල එතෙක් බුද්ධාගම තම ජීවිකාව කරගත් පිරිසට, නොයෙක් අත්තනෝමත ඉදිරිපත් කරමින් බුද්ධාගමේ විද්වතුන් යැයි කියාගන්නා පිරිසට සහ සමහර අන්‍යාගමික පිරිස් වලට විශාල පහරක් එල්ල වුණා. ඉතින් අනික් හැම දේටම වගේ මේකටත් දැඩි විරෝධයක් සමාජයේ සමහර කොටස් තුලින් එල්ල වුණා. එහි ප්‍රතිඵල හැටියට තමයි ඔය උඩ මහත්තයෙක් දාලා තියෙන video එක වගේ දේශනා වල මූලික අර්ථය වෙනස් වෙන ආකාරයට කොටස් කඩල අතර මැදට නොයෙක් විවේචනාත්මක කොටස් එකතු කරල (කුණු හරුප ඇතුළුව) හදපු video. හැබැයි වහරක ධර්මය follow කරපු අයගෙන් ඒ කාලේ මේවට ප්‍රති-විරෝධයක් එල්ල නොවුන තරම්. දැන් නම් ඉතින් මෙහෙම video හැදෙන්නෙ නැහැ මගෙ හිතේ... මොන විරෝධතා එල්ල උනත් ත්‍රිපිටක පරිශීලනය සාමාන්‍ය මිනිස්සු අතර ජනප්‍රිය කරපු බණ, වහරක බණ කිව්වොත් මම හිතන්නෙ මම වැරදි නැහැ...
කොහොම නමුත් ආගම ධර්මය කියන්නෙ තම තමන්ට පෞද්ගලික දෙයක් කෙනෙක්ට ඒක ජීවිකාව වෙනකොට, තව කෙනෙක්ට ඒක status එක maintain කරන tool එකක් වෙන්න පුළුවන්, තවකෙකුට ඒක විමුක්ති මාර්ගය නැත්නම් එකම ගැලවීම වෙන්න පුළුවන්. මගේ අදහස නම් කෙනෙක් ධර්මය විමුක්තිය සඳහා follow කරනව නම්, පුළුවන් හැම source එකක්ම පාවිච්චි කරල තමන්ගෙ අවබෝධය වැඩි දියුණු කරගන්න එක තමයි වැදගත් වෙන්නෙ. බණ වල වැරදි හොයන එක ධර්මාවබෝධයෙන් පස්සේ කරන්න පුළුවන්නෙ

.
වහරක ස්වාමින්වහසේගේ එක අනිච්ච විග්‍රහයක්: