සරලව කියනවා නම් 5 වසර ඉන්න එකෙක්ට A/L බයෝ කියල දෙන වගේ වැඩක් කරන්න වෙලා තියෙන්නේ. ප්‍රශ්න සියල්ලටම මෙන්න උත්තරේ. මේක දාන්නේ උඹට වඩා මේක බල අනිත් උන්ගේ දැනුම තකා.
ඉස්සෙල්ලම හොයන්න නිරුක්ති කියන්නේ මොකක්ද කියල.
ලෝකේ මොන බාශාවක් තිබුනත් ඒ හැම භාශාවකම හැම වචනේකටම නිරුක්තියක් තියෙනවා. අපි හිතමු යම් කිසි පුදගලයෙක් යම් කිසි භාණ්ඩයක් අලුතින්ම හදල ඒකට අලුත්ම නමක් දුන්න කියල, ඒ නම හැදෙන්න ඒ අවස්ථාවේ මිනිහගේ සිතුවිලි ඉබේ ක්‍රියාත්මක වෙන්නෙ නැහැ, එතැනදී යම් කිසි ලෝක ධර්මතාවක් වැඩ කරනවා. ඒ භාන්ඩෙ නම හැදෙන්නෙම එම භාණ්ඩයේ ගති ගුණ වලට අදාළ නිරුක්තියත් එක්කමයි. යම් හෙයකින් එසේ නොවුනහොත් ඒකට පවතින්න බැහැ. මේවා බුද්ධාගම නෙමෙයි විශ්ව ධර්මතා.
අන්න ඒ වගේ මේ ලොව සියලුම භාෂා වල සියලුම වචන වලට නිරුක්තියක් තියෙනවා.
දැන් බලමු නිරුක්ති පටිසම්පදා ඥානය කියන්නේ මොකක්ද කියල. මේක 100% පිහිටන්නේ බුදු කෙනෙකුට විතරයි. බුදු කෙනෙක් හිටියොත් ඕනෙම සංකීර්ණ වචනයක් ස්ටෙප්ස් 10, 15 කින් හරි බෙදල නිරුක්තිය දේශනා කරයි. නමුත් අනෙකුත් අයටත් යම් යම් මට්ටම් වලින් පිහිටන්න පුළුවන්.
මේ කරුණු නොදන්න අඳ බාලයන්ට වචනෙක නිරුක්තිය කිව්වම මැජික්. අපි මොහොතකට උපකල්පනය කරමුකෝ වහරක හාමුදුරුවන්ගේ නිරුක්ති වැරදි කියල. හැබැයි මේ ලෝකේ සියලුම වචන වල 99% වඩා තියෙන්නේ මුල් වචනෙට කිසිම සම්බන්ධයෙක් ඇතැයි කියා සාමාන්‍ය මනසකට නොතේරෙන, නොදන්න කෙනෙකුට "මේක නම් විහිළුවක්" වගේ හැඟෙන නිරුක්ති තේරුම් තමයි.
නොදන්න මිනිස්සුන්ගේ ගුණ අගුණ හොයන්න ගිහින් නිකන් අපාගත නොවී, දැන්වත් හිතින් සමාව අරගෙන තමන් අහන තැනකින් බණක් අහගෙන හිටපල්ලා. නිරපරාදේ අපාගත නොවී.