වහල්කම

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    වැඩ කෙරුවෙ එක තැන...
    එක රටක හඩකට....
    ඒ උනාට ඇයි.....
    කොටසක වහල් කම..?
    වැඩ දෙන්නෙ එකටම...
    පඩි දෙන්නෙ වෙනමම....
    ජීවිතයට ඇයි.....
    මෙතරම් වහල්කම......?

    එක රස්සාවක් එකට වැටී කරන අපිටම....
    එකම ශ්‍රමය එකම ලෙසින් පුදන අපිටම....
    හැදි දෙකකිං හැම දෙයක්ම බෙදලා දුන්නම.....
    අගුරු යටින් මතුවේ නැවතත් වහල්කම...

    වැඩ කෙරුවෙ එක තැන...

    මෑන්පවර් පිලිලය පැතිරිලා රට වට....
    ලොක්කො රැකෙයි අපි වැනසෙයි දිනෙන් දිනටම....
    වහලුන් සේ ජීවිතයට තිතක් නැතිකොට....
    යහපාලනෙ රෙද්ද පල්ලෙ ඇඩෙයි අපටම....!

    වැඩ කෙරුවෙ එක තැන...
    එක රටක හඩකට....
    ඒ උනාට ඇයි.....
    කොටසක වහල් කම..?
    වැඩ දෙන්නෙ එකටම...
    පඩි දෙන්නෙ වෙනමම....
    ජීවිතයට ඇයි.....
    මෙතරම් වහල්කම......?

    2Q==
    society-slaves-sell-trades-trade-slavery-08131032_low.jpg

     
    Last edited: