ගෑනි ගාමන්ට් යන මිනිහා අත්වැඩ දෙන ගෙදරක ඔවුන් දෙදෙනාට දරුවන් ද දෙදෙනෙකි. ඔවුන්ට කලකදී හොඳ බල්ලෙක් හැදීමට උවමනා විය. ඔවූන් බල්ලෙක් ගෙන ලක්ශ එකහමාරක් විතර වියදම් කර ඌට කන්න බොන්න දී නඩත්තු කලෝය. තව ටික දවසකින් ගෑනිට ඇන්තූරියම් වවන පුකේ අමාරුවක් හැදුනි.
එයටද හෙවනක කොටුවක් හදා වවා අවසානයේ වලි කීපයක් ද ගියේ ඇගේ ඇන්තූරියම් අවට ගෑනු සොරාගන්නවා යැ කියමිනි. ඔවුන්ට ඇත්තේ මැටි බිත්ති යන්තම් හුණු වලින් ශේප් කල කුඩා ගෙයකි. දරුවන්ට පොත පත තබාගන්නට ද ඒ හැටි පහසුවක් නැත.
ඔවුන්ට තව ටික කලකදී ස්කූටි සහ ත්රීවීලර් පිස්සු හැදුන අතර පරණ ත්රීවීල් යකඩ ගොඩකට හසුව මාස කීපයක් ඇවෑමෙන් ඔව්හු ඒ යකඩගොඩ වික්කේ එයිනුත් ලක්ශයක් හමාරක් ණය වී අවසානයේ ය. ස්කූටිය නම් මෑතක් වනතෙක් තිබී අහේනිය නිසා එයද විකුණා ඇති සෙයකි.
මා මෙයින් කියන්නේ ඔවුන්ගේ විනෝදය වනාහි එයය. හැමදාම ණය වෙන්නෙ නැතුව යමක් ඉතිරිකරපල්ලාහ් යැයි කීවත් රැලි වලට පුක ඇල්ලීම ඔවුන් සෑහීමකට පත්ව අවසන් වන විනෝදයක් නොවේ.. ණයකරුවන්ගෙන් විටින් විට බැනුම් අහන්නට සිදු නොවේ නම් ඔව්හු කුරාකූඹියෙක්ට පවා වරදක් නැති අහිංසක ජීවිත ය.
අපේ තාත්තා මේ මාදිලි කීපයකට ගොවිතැන උගන්නා උන් ගොඩ දැමීමට උත්සාහ ගත්තේය. තාත්තා ණය පහසුකම් දෙමින් ඇට පවා ලබාදෙමින් ගොස් උපදෙස් දුන්නේය. මුරයක් දෙකක් එලෝලු හරියන්නට විය. සල්ලි ගෙදරට එන්න විය. ඉන්පසු ඒ ගෙදරට ශීතකරණ රෙදි සෝදන යන්ත්ර ටීවී ආවේය.
තාත්තා දුන්න සල්ලි කොටහක් ලැබුණි. එහෙත් ඊළග කන්නයේ වගාවන්ට ඇට ටික ගන්නට පවා ඔවුන් අත පිච්චියක් නැත. ටික කලකින් අර කුඩා ගෙදර පිරුණු බඩුද අතුරුදහන් විය. දේවල් පරිභෝජනය කිරීමට ඇති ආසාව කාටත් බලෙන් නැවැත්වීම නොහැකිය. එහෙත් ඔවුන්ගේ ආසාවන් සම්පූර්ණ කිරීමට අනෙකාට හැමදාම පෙනී සිටිය නොහේ