මේ ප්‍රශ්නෙට 75% විතර පිලියමක් ලැබෙනවා සියලු බෞද්ධ ජනතාව පන්සල වටා ඒකරාශී වීමෙන් ,ගම කියන සංකල්පය පන්සල මුල් කරගෙන නැවත ගොඩනැගීමෙන් සහ සියලුම නගරවල සිංහල වෙළඳ සංගම් පිහිටුවීමෙන්. දැනට අපේ රටේ ගම කියන දේ හැදිලා තියෙන්නේ නගර සභා ප්‍රාදේශීය සභා මුල්කරගෙන. නිත්‍යානුකුල තත්වය එහෙමම තියෙද්දී පන්සල ගමක මුලස්ථානය උනානම් වඩා වටිනවා. මිට අමතරව ග්‍රාමනිලධාරී කාර්යාලය , පුස්තකාලය , වගේ රජයේ ආයතන අනිවාර්යෙන් ගමේ පන්සලේ පිහිටෙව්වනම් තවත් පන්සලට පලාත්පාලන ආයතන එක්ක වක්‍රව සම්භන්ද වෙන්න පුළුවන් වෙයි කියලයි මට හිතෙන්නේ. මේ විදිහට පන්සල එක්ක හැමෝම මොන විදිහකින් හරි ලින්ක් උනානම් විලෝපිකයන්ට ගමට රිංගන්න ලේසිවෙන එකක් නැහැ. ග්රාමාරක්ෂක භටයෝ සේවය කරේ කොටින්ගෙන් කරදර ප්‍රදේශ වල උනාට ලංකාවේ හැම ගමකටම ස්වෙච්චා ග්රාමාරක්ෂක (අවි රහිත ) වැඩපිළිවෙලක් පන්සල මුලික කරගෙන ආරම්භ උනානම් හොඳ වෙයි කියල මගේ පුද්ගලික අදහස.