ව්‍යංගයෙන් කියපු සිංහල lust සිංදු 👅💦

greenthunder

Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880
    113


    පෙර ආත්මයක, එක රාත්‍රියක
    මධු කුසලානේ දෙතොලේ රැඳෙව්වේ
    ඒ ඔබයි සොඳුරේ.... ඔබයි සොඳුරේ....

    පෙර ආත්මයක, එක රාත්‍රියක
    සොමි සඳපානේ රසුදැල් සෙලෙව්වේ
    ඒ ඔබයි මිහිරේ.... ඔබයි මිහිරේ....

    ම්ම්ම් ම් ම්ම්ම් ම් ම්ම්ම් ම් ම්ම්ම් ම්


    දෑතට බරවී දෑතට හිරවී
    එක්වුණු තිසරැන් රංගන පෑවේ
    ආදර වීණා සත්සර රාවෙන්
    මත්වණු කොවුලා සිත් ලෙස නෑවේ

    මධුර අතීතේ දැනුනු සුසීතේ
    ජීවන ගමනේ ගිම සැනසෙව්වේ
    ඒ සුව සහනය සිහිවේ


    පෙර ආත්මයක, එක රාත්‍රියක
    මධු කුසලානේ දෙතොලේ රැඳෙව්වේ
    ඒ ඔබයි සොඳුරේ....

    ඔබයි මිහිරේ....

    ම්ම්ම් ම් ම්ම්ම් ම් ම්ම්ම් ම් ම්ම්ම් ම්



    නෙත්මිණි පිබිදී පැහැසර විහිදී
    සියොළඟ ගිලුනා විශ්මිත එළියේ

    සිත් ලෙස සුවසේ අත්ගෙන එකසේ
    අප සැරිසැරුවේ පෙම් සැණකෙළියේ

    භවයෙහි පෙරදි ආ මග වැරදී
    කොයිබද ඔබ මේ ප්‍රිය දේහිනියේ
    මා ඔබ දෙඅතක තනියේ

    පෙර ආත්මයක, එක රාත්‍රියක
    මධු කුසලානේ දෙතොලේ රැඳෙව්වේ
    ඒ ඔබයි සොඳුරේ.... ඔබයි සොඳුරේ....

    පෙර ආත්මයක, එක රාත්‍රියක
    සොමි සඳපානේ රසුදැල් සෙලෙව්වේ
    ඒ ඔබයි මිහිරේ.... ඔබයි මිහිරේ....

    ම්ම්ම් ම් ම්ම්ම් ම් ම්ම්ම් ම් ම්ම්ම් ම්
    ම්ම්ම් ම් ම්ම්ම් ම් ම්ම්ම් ම් ම්ම්ම් ම්