හෙට දවසේ අප දෙදෙනා
අද වාගෙම හමුවිය යුතුවේ
අද දවසේ මවෙත ගෙනා
මිහිර හෙටත් ගෙන ආ යුතු වේ
කිසි වෙනසක් නැති එකම දෙයක් ඇත
එය මා හද රැදි ආදරයි
මගෙ ජීවිතයම නෞකාවක් නම්
එය ඔබ සුරකින සාගරයයි
හෙට දවසේ....
අද සුපිපෙන මල හෙට නොපිපේවී
ලෝකය දිවයයි වෙනස් වෙලා
එලෙස වෙනස්වන ලොවෙහි අළුත්වන්
ආදරයම මම ඉදිමි බලා
හෙට දවසේ....